Wednesday, November 19, 2014

118. දිනපොතෙන් කොලයක්...

මගේ දිනපොත කියෙව්වාද ඔබ?

නැහැ නේද තවම?

කොතරම් සැනසුමක්ද එය....




මම එසේ සිතනවිට.... එකෝමත් එක දවසක ඔබ ඇවිත්..

මට තාම මතකයි ඒ වැහිබර දවාල, හැන්දෑවක් සේ විලිබරව උන්නු හැටි.. මගේ හිත වගේම....

"බිනූ... දැක්කද?"
වැවරවුමේ වාඩිවෙලා උන්නු මට, වැව මැද්දේ උන්නු හංසයෝ දෙන්නෙක් පෙන්නමින් ඔබ පටන්ගත් දෙබස?

කවදාවත් නැතුව, කිසිම දෙයක් නොහන්ගා මම කඳුළු සලනකොට, කිසිම අවසරයකින් තොරව මා උරහිසට තදකරන් නිහඬවම මගේ කඳුළු ඇසූහැටි.. ඒ මුරුගසන් වැස්සට පසුව නැවතත් මගේ රුදු තල්ලුවෙන් වෙන්වෙලා , නැවත පසෙකට උනා එදා ඔබ.. අද වගේම!

ඉඩක් ලද හැමවිටම අතින් ඇද , සියුම් විදුලිසර දෙමින් විදා පෑ ඔබේ ඒ ප්‍රේම ප්‍රකාශය කොතරම් මටසිළුටුද ?



ඉඩක් ලද හැමවිටම නොහිතා ඉමි - හිතාමතාම මම එය. එය එතරම්ම කෙනෙකුන් ඉරිසියාකරවන සුළුය. ඇත්තටම අදද මමත් ඔබේ ඒ විලාසයට ඉරිසියා කරමි.  කිමද, එවන් මිහිරක් කිසිවිටක නැවත නොඑනබව මම එදවසම සපථ කරගත්තමි.

කිසිදා කවරෙකුත් නොදුටු, කවරෙකුටත් නොපෙන්නු දේවල් අප - අප අතර රහසක් නොවූ හැටි? ඔබේ ඒ කඳුලුත්, මගේ මෘදු සිනහවත් යන දෙකම ඒ රහස් ගොන්නේ අදත් නොකිලිටව ඇත.

සහෘදයෙක් ලෙස මම ඔබ වෙත සියලු දොරටු විවර කළෙමි. ඔබ වන් සහෘදයෙක් අහිමිකරගනිමින් ප්‍රේම රැහැනට වන් පෙම්බරෙක් ඔබෙන් දකින්නට මම ලොබවුනෙමි. ඇතෙක් බරට වස්තුවද, කියන පමණින් ඉටුකරන පොරොන්දුද ඔබේ පාමුලම තබමින් මම බොරළු පාරක් සොයාගත්තෙමි. ඒ මාවතේ යමින් ඔබේ කිත් යසස් අසන්නට නොආවට කමනු මැන.

යලිත් ඒ අතීතෙට දුවන්නට බයයි මට... එතැන මට 'මා' මුණගැසෙයි මට හිතෙයි!



~~~~~බිනූ ~~~~~~

12 comments:

  1. ඒ මොහොතවල් පිපිරිම් නේද?? එච්චර දැනෙනවා..

    ReplyDelete
  2. මතක් වෙනකොටත් පිස්සු වගේ....!! මේ මේ මට බෑ... මට බෑ....!!

    ReplyDelete
    Replies
    1. බෑයි කියල
      බෑයි කියල
      බෑ....

      Delete
  3. //මා -දොරටු විවර කළෙමි. මා- ලොබවුනෙමි. මා සොයාගත්තෙමි. //බස නසන උන් මා ගියෙමි කියා ලිව්වාට, බස සනසන, රස කලතන,ගොම රිටි මැද මිනිමුතු වැනි,ඔබ වැන්නන්,එලෙස ලාබ දෙය නොහඳින්...! මෙතරම් ලස්සන මගේ බසින් පොඩි කාලෙදි ලිව්වා වගේ මම- ගියෙමි,මම-කළෙමි කියාම අපි ලියමුද සහෘදියේ? අප කියවූ, හොඳ පොතපත,අපට හිටපු හොඳ ගුරුවරු හෙමින් හෙමින් ඔබත් මමත් ගොඩ නැගුවේ එහෙම නේද? ගයත්‍රි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොයුරිය..
      නිවැරදි කළා

      Delete
  4. ප්‍රේමයේ විප්‍රයෝගය මට නම් රහක්...කාලෙකින් අත්විදින්නට නොහැකි වූ...

    ReplyDelete
    Replies
    1. නිතර රසවිඳීමෙන්
      රසය නැසී යනු ඇත..

      Delete
  5. ඇත්තටම ඒ දිනපොත තවම නොකියූ එක හොඳයි.. සැනසුමයි..දෙන්නටම..

    ReplyDelete
    Replies
    1. ඔව්...
      සැඟවුණු නොයෙක් දේ ඇත තව..

      Delete
  6. ////"බිනූ... දැක්කද?"
    වැවරවුමේ වාඩිවෙලා උන්නු මට, වැව මැද්දේ උන්නු හංසයෝ දෙන්නෙක් පෙන්නමින් ඔබ පටන්ගත් දෙබස?

    කවදාවත් නැතුව, කිසිම දෙයක් නොහන්ගා මම කඳුළු සලනකොට, කිසිම අවසරයකින් තොරව මා උරහිසට තදකරන් නිහඬවම මගේ කඳුළු ඇසූහැටි.. ඒ මුරුගසන් වැස්සට පසුව නැවතත් මගේ රුදු තල්ලුවෙන් වෙන්වෙලා , නැවත පසෙකට උනා එදා ඔබ.. අද වගේම!////////

    මේක තමයි ජීවිතේ අප කවුරුන් හෝ පසුව කතාකරන යථාර්තය. මම මේ දේවල් උපේක්ෂාගේ පෞද්ගලික අත්දැකීම් යයි හිතන්න උත්සාහ කරන්නේ නැහැ. මාව වරදවා වටහා ගන්න එපා. නමුත් උපේක්ෂා මම හරි පරිස්සම්වුනා ආදරය තුලින් ලබාගත යුතු සියල්ල විවාහයට පෙර අත්දකින්න. මේවා මානසික සහ ශාරිරික කාරනා වුවත්, ඒවා කවදාවත් ගැහැණියක් මල් වගේ රැකගත යුතු යැයි උපාසක මිනිහෙක් බලාපොරොත්තුවෙන දේවල් මල් වගේම ඉතුරුකරා ....විවාහය කියන්නේ මේ සියලු මානසික සහ ශාරිරික අවශ්‍යතාවයන්ගේ සංකලනයක්. මේ බැරෑරුම් සත්‍යයෙන් අපි කාටවත් බැහැරවෙන්න බැහැ. සමහරු කියයි මම මේ හිරු නොබසින අධිරාජ්‍යයේ සිතුවිලි වෙන තැනකට ආදේශ කරන්න හදනවා කියලා. නැහැ උපේක්ෂා මගේ ඔය අත්දැකීම් මට තියෙන්නේ වසර 28ට කලින්. මම බැන්දෙත් මීට අවුරුදු 26කට කලින්. අපි තාමත් සතුටින් ජීවත් ඉන්නවා. මට හරි දුකයි යතාර්තය වෙනුවට ව්‍යාජ නිර්මලත්වය හිස් මුදුනින් පිලිගන්න සමාජයක් රටේ ජීවත් වෙන එක ගැන. මාව ඕන ආකාරයකින් බ්‍රෑන්ඩ් කරන්න. ආදරය කියන්නේ ලස්සන වචනවත්, සියුම් සියුමැලි හැසිරීම් රටාවත් නොවේ. මා ඉපදුනු මගේ රටේ කෙල්ලෙක් කොල්ලෙක්ගේ අතින් ඇල්ලීම පවා අපරාධයක් ලෙස දකින පුහු සුචරිත සංකල්ප තුල බිහිවෙන්නේ පසුගාමි සමාජ තත්වයන්. ඒකේ ප්‍රතිපලය තමයි ආදරය ඉල්ලන, නිදහසට වැලපෙන කුටුම්බය තුල හිරවූ අහිංසක ස්ත්‍රීන්.

    මේ මගේ පෞද්ගලික අදහස්. මේ තුලින් කාවවත් ඉලක්ක කරේ නැහැ. උපේහ්ෂා ලියපු දේවල් ඔබට තියා මටවත් පෞද්ගලිකව ආදෙශ කර ගත්තේ නැහැ. නමුත් කනගාටුවට කරුන, මේ දේවල් නිදහසේ කතා කලයුතු ලෝකය, පුහු සුචරිතවාදීන් පොරව අතට ගනියි කියන බයට මේ අවසන් ඡේදයත් ලියන්න වීම. මම පොරවට බය නැහැ. නමුත් මම පොරවේ නොකැපෙන ලී මිටට බයයි. ඒ මිට සමාජය මොට කරනවා. ඒ නිසා මම මේ බ්ලොග් සමාජයේ තලයට වඩා අල්ල ගන්න උත්සාහ කරන අර පොරෝ මිටට බයයි. නමුත් මම එදා මෙන් අදත් හෙටත් මගේ බ්ලොගය තුල පමනක් පොරෝ තලයක්ම තමයි. වෙන බ්ලොග්ස්වලට ගිහින් තලයෙන් කැපෙන චූටි බබාලා සනසන්න මගේ ගාව ලේන්සු නැහැ.

    ReplyDelete
    Replies
    1. අරූ...
      ඔබේ මේ කොමෙන්ටුව මට ඉතා වටිනවා. මගේ අදහස් ලිව්වොත් ඔබ ලිව්වා සේ නොවේ ලොකු බෝම්බයක් හෙලුවා සේ වෙයි. නමුත්.. ඔව් මමත් ඒ ගැන ලියන්නම්.

      මෙය කාගේවත් (ඔබේ, මගේ ) පුද්ගලිකත්ව කණ්ණාඩියෙන් නොබැලුවාට ඇත්තෙන්ම ස්තුතියි. වරක් ඇනෝ මිත්‍රයෙක් මගේ පොස්ටුවකට කොමෙන්ටුවක් දාල තිබ්බ මම කොටුවක් පැන්න නේද අහල. එහෙම මිනිසුන් අතර ඔබේ මේ අදහස් කොතරම් නිදහස්ද?

      මම බය මේ වගේ අදහස් ලියන්න නෙවෙයි. කුලප්පුවෙන සුචරිතවාදීන් මගේ මතුකළ අදහස වහගෙන ගොහොරුවක් හදාගෙන එහි ලගින්න ගොහින් සියලු නවමු සුළං රැල් අවහිර කරන පරිසරයට.

      සත්‍ය මොකද්ද දන්නවද අරූ....? අපි ඇතුලතින් ගඳගහන මඩගොහොරු උනත් පිටත කවචයක් මගින් සමාජයේ සුද්දවන්තයින් කියලා ඔප්පු කරගන්න මහන්සි ගන්නවා. ඒක පොදු සමීකරණයක්. ප්‍රසිද්ධියේ පිළිගන්නේ තනි ඉලක්කමේ ප්‍රමාණයක්. පිරිමි නම් ටිකක් හරි විවෘතයි. ගෑනු ගැන නම් කතා කරලා වැඩක් නැති තරම්!

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...