Tuesday, July 23, 2013

29. මට බැහැ




මම හිතුවේ ඔබ 
මාව අමතක කොට 
බොහෝ කල් යැයි 

අහම්බෙන් මම 
කොහොමදැයි ඇසුවිට 
උනාදෝ යම් , වරද මාගෙන් ?


යහළුකම් මැද 
ගෙවුණු කාලේදී 
නොකී බස් ඇයි  - දැන් කියන්නේ?

වසා දොරගුළු 
නිහඬ වූ මා 
හඬා  පවසමි 

තවත් බැහැ  මට - දුරින් ඉන්නට !!

14 comments:

  1. ඕක තමයි කියන්නේ අමතක කරපු අතීත කතා වලට ආයෙම පණ දෙන්න එපා කියලා....

    ReplyDelete
    Replies
    1. හෙහ්... හෙහ්.... ඔව් අනේ ඉතින් මොනා කරන්නද....

      Delete
  2. අමතක කරලමු පැරණි කතා......

    ReplyDelete
    Replies
    1. ඇන්ටික් වෙනකොට තමයි අගේ වැඩි.. හා නැද්ද? හි.. හි...

      Delete
  3. හුටා .... ඒ කියන්නේ කළුගල් පවා උණුකළ හැකි මහා විශ්මය වේද ප්‍රේමය?

    ReplyDelete
    Replies
    1. ඔන්න උණුකරන්න , වක්කරන්න හදන්නේ ඇයි අනේ? මොකක්? හෙහ්.. ගලක් වගේද පෙන්නේ අහ් ?

      Delete
  4. ඔහොම වෙනවා. ඉතින් මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඔන්න දුන්න මෙලෝ රහක් නැති උත්තරයක්... අනේ අම්මපා... ගුරෙක් වෙච්ච එක තමයි හේතුව! හෙහ්.. හෙහ්...

      Delete
  5. මට පේන හැටියට දැන් ඔක්කොම හරි... ලව් කරන්නයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හහ් ... හා.... එව්වා ඉතින් පස්සට.... කව්ද දන්නේ මෙගා නාට්ටියක්වත්ද කියලා?

      Delete
  6. නියමයි....
    ඉස්සර වෙලාම ගොඩ වැදුනා මෙ පැත්තට...අටමා තමයි පාර කිව්වෙ

    ReplyDelete
    Replies
    1. අනේ බොහොම ස්තුති ආවට, සාදරයෙන් පිළිගන්නවා !
      අටමාටත් ගොඩාරියක් ස්තුති!

      Delete
  7. මදැ කොලා. දැං කාලේ කෙල්ලෙක් එක්ක ප්‍රෙන්ඩ්ෂිප් එකක් තියාගන්නත් බයයි. එන්නෙම් ලව් ඔල්මාදෙ..

    ReplyDelete
  8. හාහ්.... හාහ්....
    එකනේ කියන්නේ... පරිස්සම් වෙන්න කියලා.....

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...