Tuesday, July 16, 2013

24. කියන දෙයක් - හිතින් කියන

මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙන දේවල් මොනවද? කොහොමටවත් අපිට කියන්න බැරි දේවල් වලින් එකක් තමයි ඒක !!
මම දැකපු දේවල්, අහපු දේවල් වලින් මම මේ ලියන්නේ... නැත්තම් මගේ නිර්ණායක අනිත් යට වලංගු වෙන්නේ නැති ගොඩට වැටෙන එක පුදුමයක් නෙවෙයි. 

මිනිස්සු අපි එක එක විදියට බෙදල තිබ්බත් මේ සම්බන්ධයෙන් නම් මගේ බෙදුම පටන් ගන්නේ ගෑනු සහ පිරිමි විදියට.... හරිම සම්ප්‍රදායිකයි නේද? මක් කොරන්නද ? මේක මගේ බෙදීම නේ අප්පා...

මගේ දැක්මේ හැටියට නම් පිරිමි හැගීම් අතින් ගුප්තයි... මම මේ කියන්නේ තමන්ගේ හිතේ තියෙන කුණුහරප අදහස උනත් තමන්ගේ මිතුරාට හෝ  මිතුරියට කියල හිනා වෙන එක ගැන නෙවෙයි. මම කියන්නේ තමන්ගේ සියුම් හැගීම් එක්ක කරන ගනුදෙනු වලදී පිරිමි හරිම අභ්‍යන්තරාවර්ති කට්ටියක් කියල... ඔන්න කට්ටියකට කියන්න පුළුවන් නැහැ කියල.. මට එකට කමක්  නැහැ. මම එහෙම කියන්නේ සාධක ඇතුව. මම මෙතන ටාගට් කරන්නේ සංවේදී, ආදරණිය හැගීම් ගැන. හරි හරි ඉතින් කෙලින්ම කියමුකෝ.. මම කියන්නේ ආදරේ ගැන කියල... පිරිමි කියල මම වර්ග කලේ, වෙන මොනවත් හින්ද නෙවෙයි... එයාලට අනන්‍ය උන අනෙත් දේවල් එක්ක මේකත් ලැබෙන දෙයක් කියල මට පේන හින්දයි. ගොඩක් වෙලාවට පිරිමි ආදරේ විග්‍රහ කරන්න දන්නේ නැහැ... ඒ කියන්නේ ඇත්තටම මොන වෙලාවේ, කොයි විදියට දැනෙනවද කියල කියන්න එයාලට පුළුවන් කම හරිම අඩුයි. එයාල නිකන්ම කියනවා 'මම ආදරෙයි'  කියල.... හරියට නිකන් සිගිරි ගල දිහා බලන් සුද්දෙක් කතා කරනවා වගේ...


ගෑනු අපි ඉතින් ( මමත් ඇතුළුව) මෙව්වා හොදට එහෙට මෙහෙට පෙරලලා බලන සිරිතක් තියෙනවා නේ.. හරියට අර ෂොපින් ගියාම ගන්න ඇදුමේ අන්තිම මැහුම  දක්වා චෙක් කරනවා වගේ.... ( ඔන්න මම නම් එහෙම කෙනෙක් නෙවි... උදාහරණෙ කිව්වේ අදහස පැහැදිලි වෙන්න කියලා) අපි ඉතින් මනෝ ලෝකේ නිතර සැරිසරනකොට අහු මුළු ඔක්කොම චෙක් කරනවා. ඔන්න එතකොට අහු වෙනවා... අතන මෙහෙම කිව්වා.... මෙතන මෙහෙම කරා.... ඇත්තටම මොකක්ද අප්පා උනේ කියල.

ඔන්න ඔතන තමයි අවුල වෙන්නේ මම හිතන්නේ. ඔන්න ඔය මනෝ පාරෙන් එලියට එන අපිට පුරස්න ගොඩාරියක් ඔලුවට ඉතුරු කරනවා. ඊට පස්සේ ඉතින් විසුමක් නැහැ අර කොල්ලට! අරෙහෙම කිව්වේ මොකද මෙහෙම කලේ ඇයි .. ප්‍රශ්න කෝටියයි... ඔලුවේ නැති දේවල් ගැන අහනකොට ඉතින් එපා වෙන්නේ නැද්ද?
ප්‍රශ්න  නම් දාහක් ඇහුවත්, හිතේ තියෙන දේවල් නම් දැනගන්න බැහැ අප්පා.... මොකද එක ප්‍රශ්නෙකට උත්තරයක් කියන්නේ තව ප්‍රශ්නෙකට උල්පතක් වගේ....

මේ කොහොම උනත් පිරිමි ගෑනු මේ ජාතියෙන් කොයි කාගේ උනත් හිතේ තියෙන දේවල් නම් උද ඉන්න දෙය්යෝ තිය තමුන්වත් දන්නේ නැති වෙලාවල් තියෙනවා නේ?

මම එහෙම කිව්වේ නිකමට වගේ....

8 comments:

  1. කොල්ලෙක්ගෙන් ඕනෑවට වඩා නම් ප්‍රශ්ණ අහන්න යන්න එපා.මොකද රංඩුවකින් කෙළවර වෙන්න පුළුවන්.ගොඩක් වේලාවට කොල්ලෙක් ප්‍රශ්ණ වලට උත්තර දෙන් නැතිව නිෂ්ශ්බ්දව(සම්හර විටක රංඩුවකදී වුනත් )ඉන්න හදනවානම් ගොඩක් විට කෙල්ලො හිතන්නේ එතැන මොකක් හරි හොරයක් තියෙනවා කියලා.ඉතිං ප්‍රශ්ණ කොටියක් අහන්නයි、 නිස්සබ්දව ඉන්නේ එකට ඇරගන්නයි යනවා.කොල්ලෝ ගොඩක් විට නිෂ්ශබ්ද වෙන්නේ ඒ වේලාවට මොනවා කියුවත් කෙල්ලෝ තෙරුම් ගන්නේ නැහැ කියලා හිතන හින්දා..ගොඩක් විට වෙන්නේ කොල්ලෝ ලොජිකලී කියන්න හදන දේ ,හැගීම්බර දෙයක් උත්තරයට හොයන කෙල්ලන්ට තෙරෙන් නැති නිසා කටපියා ගන්න එක හොඳයි කියලා හිත්න එක.

    සමහර මනෝ චිකිස්තකයෝ කියනවා ආදර සම්බඳතාවයක් පටන් ගනිද්දී කොල්ලෝ කෙල්ලන්ට ලකුණු 100ක් මුලින් දීලා සම්බන්ධතාව පවතවාගෙන යද්දී 、කෙල්ලගේ අඩුපාඩු බලලා අර 100න් ලකුණු අඩු කර කර යනවා කියලා.කෙල්ලො එකට මුලින් ලකුණු 0 නොවුනත් 50ක් විතර දීලා ආදර සම්බන්ධතාව තුල කොල්ලාගේ හොඳ තැන් හොය හොය ලකුණු වැඩි කරගෙන යනවාලු.ඒ හින්ද කෙල්ලෝ හොයන්න පෙලෙඹෙන එක වැඩි තමයි.හැබැයි උපේක්ෂා ...කොල්ලො අර කෙල්ලන්ගේ හිතට අල්ලන් නැති ගතිගුණ එහෙම දැක්කාම අර 100 ලකුණු අඩු කරනවා මිසක් ආපහු ජිවිතේට වැඩි කරන එක කරන් නැහැ.ටිකක් පරිස්සමෙන් හොඳේ.......

    ReplyDelete
    Replies
    1. මේ ලකුණු ක්‍රමේ නම් අසාධාරණයි...! නැද්ද ඕකට Z ඉස්කොර් එකක් වත් හදුන්වලා දීල??

      Delete
  2. අයියෝ ඕක සිම්පල් නේ.. පිරිමි ගෑනු කියා ජාති දෙකක් නැතෙයි කියා හිතාගන්

    ReplyDelete
    Replies
    1. හිතුව... කෝ එහෙම එකෙක්වත් මෙතන නැහැ නේ.. මම කිව්වේ පිරිමි :D

      Delete
  3. මුලිම්ම කියන්න ඕනි මට මෙන්න මේ අටමංගල්ලය නොහොත් 'අභ්‍යන්තරාවර්ති' (ඒක කියවන්නත් බෑ අප්පා) කියන එක තේරුනේ නැත.

    කොච්චර උනත් මම විරුද්දයි අර මුලින් කියපු කොල්ලන්ට ආදරේ තේරෙන්නෑ සහ සුද්දෙක් ගලක් දිහා හුටා නෑ සීගිරිය දිහා බලන් කතා කරන එකට සමාන කරපු එකට. තව බොහෝ ඇත. එය පැහැදිලි කිරීමට කොමෙන්ටුවකින් නොහැකියාවක් සමග මෙව්වා එකක් ඇත ;)
    ඒ කොටස හරි අයත් ඉන්නවා වගේම වැරදි අයත් ඉන්නවා. :D

    ReplyDelete
    Replies
    1. හපොයි දෙය්යනේ..... ඒ කියන්නේ 'ඇතුලට නැමුණු අදහස් වලින් යුතුයි.' කියන එකයි....
      introvert වගේ සිංහල වචනයක් ආවේ නැහැ නේ මට කටට!

      Delete
  4. මේකට එක්තරා විදියක උත්තරයක් මම පැරලල් බ්ලොගිං හඳුන්වපු 'සැබෑ වෙනසක්' කියන පෝස්ට් එකේ තියෙනවා. උපේක්ෂා ඒක කියවලා නැතිනම් දැන් ගිහින් බලන්න. ලින්ක් දාන්න ඕනෙ නෑ අර සයිඩ් එකේ ප‍ටුන කියන එකෙන් හොයාගතහැකි.

    ඒ හැර මම මේක ගැන මත ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින්න උත්සාහ කරනවා.

    ReplyDelete
    Replies
    1. බැලුවෙමි.....
      හුහ්.. මාධ්‍ය ප්‍රකාශයක් වගේ නේ අනේ....... හොදා හොදා එහෙනම්...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...