Tuesday, June 11, 2013

10. කඩෙන් බඩු ගැනීම ...


මෙන්න මේකත් අර මගේ අපූරු  යාලුවට උන වැඩක්! අනේ මන්ද උන වැඩක් කිව්වට එයා විහින් කරගන්න වැඩ!

මගේ යාලුවට අපි දාමුකෝ නමක්... "අමාලි" කියල...
මම මේ කියන දවස්වල අමාලි හිටියේ යාලුවෝ කට්ටියකුත් එක්ක annex එකක් අරගෙන. (එයාගේ ගෙවල් කොළඹ නෙවෙයි) යාලුවෝ හතරපස්දෙනා එක්ක ඉතින් උයාගෙන තමයි කෑවේ. ඇත්ත කියන්න එපෑ , අමලිගේ කැම රසයි.  ඒ උනාට උයන්න ගියාම ගෙවල් දෙකක බඩු  ඕනේ. වලං 6ක් ඕනේ කෑම ජාති 2ක් හදන්න.... අනේ මන්ද no  comments !

මෙයා  ඉතිං  වැඩට ගිහිං  එන ගමන් තමයි උයන්න පිහන්න බඩු ගේන්නේ, ළග තියෙන පොඩි කඩේකින්. ඔන්න එකෝමත් එක සුන්දර නිවාඩු දවසක.... මේ කට්ටියට හිතුණා  සුන්දර නිවාඩු දවස තවත් සුන්දර වෙන්න කියල fried  rice එකක් සුපිරිවට හදන්න! ඉතින් අමාලිත්  පිරිසිදු සිතින්, එක පයින් එකග වෙලා, සල්ලිත් අරගෙන කඩේ ගිහින් අඩුම කුඩුම ගේන්න .... සම්බා හාල්... එළවලු, තව තව ජාති.....
කඩේට ගිහින් ඉල්ලුවලු සම්බා හාල්.... අනිත්වත් ඉල්ලලා.... මෙය වටපිට බල බල ඉදලා ...... 

"මෙන්න නෝනා බඩු ටික....." කියල මුදලාලිත් ෂොපින් කවරෙක දාල දුන්නලු.... මෙයාට සිහියක් නැහැ නේ..... එතකොට තමයි සල්ලි ඇදල  දීල තියෙන්නේ.... සල්ලිත් දීල මිනිහ බදුටිකත් අරගෙන ඇවිත්.
ගෙදර ඇවිත් බඩු අස් කරනවලු....

"මොකද්ද අනේ.... මම මේ මනුස්සයට කිව්වේ සම්බා හාල් දෙන්න කියලනේ.... මේ මොනාද මේ කැකුළු හාලක් දාල තියෙන්නේ......"
බෑග් එකේ තියෙන බඩු එකින් එක අයින්කරනගමන් අමාලි කිව්වලු...



යාළුවොත් ඔන්න දෙස් දෙවොල් තියන්න ගත්තලු මුදලාලිට.....  ඔන්න එතකොටම මුලින්ම කැකුළු හාල් එකක් තිබ්බට බඩුමල්ල අඩියේ තියෙනවලු මෙය ඉල්ලපු සම්බා හාල් මල්ල!
"ඔහ් ...... මේ තියෙන්නේ අපේ සම්බා මල්ල......"
කාටත් ඇතිඋනේ එකම ප්‍රශ්නයක්... 
"කාගේද කැකුළු හාල්?"

ඔන්න ඉතින් එක එක මත පල උනා.....
අන්තිමට නිගමනයකට එලබුනා.. 

මෙය මුදලාලිගේ අත්වැරදීමකින් දමන ලද කැකුළු හාල් මල්ලකි!

කන ජාති හදාගෙන ඉවර වෙලා..... අමාලි කිව්වේ මොනවා උනත් හාල් මල්ල නැවත මුදලාලිට දෙන්න ඕනේ කියල. හැමෝම එකට එකග උනත්, ගෙනියන්න කිසිකෙනෙක් ඉදිරිපත් උනේ නම් නැහැ. අමාලි හරිම හොද කෙල්ල! 
"හරි හරි ප්‍රශ්නයක් නැහැ... මම ගෙනිහින් දෙන්නම්..."
මිනිහ වැඩේ බාරගත්ත. කෑම කාල වැඩි නිසා එදා නම් යන්න බැරි උනා.
පහුවදා  සුපුරුදු විදියට වැඩට යන්න ගියා. කඩේ තියෙන්නේ අමාලි වැඩට යන්න බස් එකට නගින හෝල්ට් එක ලගයි.. 
අහ් ! හෝල්ට් එකට ආවම තමයි මතක් උනේ කැකුළු හාල් පාර්සලේ.....
"කමක් නැහැ හෙට දෙනවා......"

ඔන්න වැඩ ඇරිලා හවස එනවා... එන්නේ ඉතින් කොයි වෙලේද  wash  දාන්නේ  කියල නේ......  බස් එකෙන් බැහැපු ගමන් කඩේ දකිනවා.. මතක් වෙනවා... මතක් උනාට වැඩක් නැහැ නේ... පාර්සලේ අරගෙනම ඇවිත් එපෑ කතා කරන්න..... shape  එකේ යනවා. 
තවත් දවසක් ඔහොම ගෙවෙනවා..... තවත් දවසක් ගෙවෙනවා..... ඒ අතරතුරේ හිටපු ගමන් අර කඩේට යන්න වෙනවා වෙන වෙන බඩු ගන්නත්... යනවා.. ඒත් කකුල් හාල් එක ගෙනත් නැති නිසා එනවා....
ඔහොම සතියක් විතර ගෙවිල ගියා.... අන්තිමට සතිඅන්තය ආවා .....
සෙනසුරාදා උදෙන්ම (උදෙන්ම කියන්නේ මෙයාට සෙනසුරාදා එලි වෙන්නේ ටිකක් විතර 10 පහු උනාම) අමාලි නැගිට්ට ගමන් කිව්වා... "අදවත් අර කඩේට ගෙනිහින් දෙන්න ඕනේ අර හාල් ටික" කියල 

අමලිත් ඉතින් සුපුරුදු විදියට ඇඳගෙන කැකුළු හාල් පාර්සලේ තියපු තැනින් අරගෙන පපුවත් ඉස්සරහට ගෙන ගියාලු කඩේට... මොකද  අමාලි දන්නවා එයා කරන්න යන වැඩෙන්  කඩේ මනුස්සය අමාලි ගැන පැහැදෙන බව!

කඩේ ටිකක් විතර සෙනග ඉදලා..... අමාලි දැන් ඉතින් පොර වගේ ගිහින් මුදලාලිට හිනාවක් එහෙම දාල කතා කළාලු ...
"මුදලාලි...මුදලාලි වැරදිලා එක දවසක් අපිට කැකුළු හාල් කිලෝවක් දීල තිබ්බ..... දැන් ටික දවසක්... අද තමයි මට free  උනේ... මම ගෙනාවා ...."
සියලු තොරතුරු කැටිකොට කිව්වා ලොකු හිනාවක් එක්ක... එකපාරටම බය වෙලා වගේ බලන් හිටපු මුදලාලිගේ විශ්මයාර්ථ මුණ කතාව ඉවරවෙනවත් එක්කම වෙනස් උනා...
හැබැයි... ලොකු හිනාවකට....... අමලිට හරි සතුටු හිතිලා... man  ට සතුටුයි නේ කැකුළු හාල් කිලෝව ලැබුන කියල!
"ඒක  තමයි නෝනා මමත් මේ බැලුවේ.... නෝනා එදා අර ඉස්කෝලේ මහත්තයාගේ හාල් කිලෝ එකත් අරගෙන බැග්  එකට දාගෙන යනකොට..... මම දෙක වෙන වෙනම තිබ්බට නෝන දෙකම අරන් යනවා මම දැක්ක... මමත් ඉතින් සද්ද නැතුව හිටිය... වැරදිලා වෙන්න ඇති කියල....."
අමාලිගේ  කන්දෙක අගුල් වැටිලා ඊටපස්සේ මොන කිව්වද දන්නේ නැහැ ලු..........
හාල් කිලෝ එකත් කඩෙන් තියල අමාලි ගෙදර ඇවිත්....

හොදම වැඩේ කියන්නේ... අමලිට ගානක් නැහැ! පහුවදත් ඒ කඩේට ගිහින්.....


6 comments:

  1. අමාලි හොරෙක් නෙවෙ නේ බොල. හාල් ආයෙත් රිටර්න් කලානෙ...

    ReplyDelete
    Replies
    1. හික්.. හික්.....
      අප්පෝ මෙයට තරහ ගිහින් තියෙන තරමක්!
      නැහැ නැහැ අය්යෝ.... එයාගේ හිත පුදුම හොදයි.... ඇත්තටම.. මගේ ඕනේ දුකක්, කරදරයක් උනත් වරුවක් උනත් අහගෙන ඉන්න කෙනෙක්......
      ඔන්න දැන් හරි නේද?

      Delete
  2. ඇත්තෙන්ම එයාගේ චේතනාව හොඳයිනේ, අනික එයා ඇයි ලැජ්ජා වෙන්න ඕනෙ ආයෙ කඩේට යන්න?

    ReplyDelete
    Replies
    1. නෑ අනේ එහෙම නෙවෙයි.....
      මේ මනුස්සයා තියෙන අසිහියට අනුන්ගේ හාල් මල්ලකුත් අරගෙන ඇවිත්... මුදලාලි බලාගෙන ඉන්නකොටම...... මුදලාලිට හිතෙන්න ඇති crack case එකක් කියල :-D

      Delete
  3. හම්මේ මගේ පිස්සු යාලුවන්ගේ පිස්සු වැඩ එක ඩිගට මතක වුනා..කාලෙක ඉදන් කියවන්නෙ..අදයි කොමෙන්ට් කලේ ඔන්න ^_^

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ටුවට. යාළුවො ගැනනම් කතා කර වැඩක් නැත ( උන්ද මම ගැන එසේම කියනු ඇත)

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...