ඔමාගේ ලිපිය කියෙව්වම මට වක්කඩ කැඩුවා වාගේ එක එක අදහස් මතක් වේගන මතක් වේගන ආව. ගොඩක් දවස්වලට වෙන්නේ ඒ හිතෙන දේවල් එහෙම්මම හිතෙන්න ඇරලා, ලොකුවට ඔලුව ඇතුලේ සංවාදයක් ගොඩනගලා ආයෙත් ඔලුව නමාගෙන ඔෆිස් වැඩක් කරන එක උනත් මම මේ පාර හිතුවා ඒ මොහොතේම ලියල දන්නා ඕනේ කියල මට හිතෙන දේවල්. නැත්තම් මේ දැන් හිතෙන දේට වඩා සමහර දේවල් ( පොඩි පොඩි සරල තර්ක මිසක් මුලික තර්ක නෙවෙයි) ටික වෙලාවකින් වෙනස් වෙන්න පුළුවන් මටත් පුදුම හිතෙන විදියට.
ඕමා ලියලා තිබ්බ ගලායාමට අනුවම මමත් ලියාගෙන යන්නම්.
මුලින්ම එයාගේ අවධානයට ලක්වෙලා තිබ්බේ ළමයින්ගේ බාහිර ස්වරුපය. ඇත්තටම බැලුවම ලංකාවේ ඉස්කෝලේ ළමයින් කුඩුවේ දාල හදන චිම්පන්සි වගේ. මමත් ඒ කාලේ එහෙම හිටිය නිසා මට මතකයි. නමුත් මගේ මතය නම් ළමයෙක්ට ඉස්කෝලෙකට යුනිෆෝම් එකක් ලැබෙන එක වටිනවා වෙනත් ඇඳුම් වලට වඩා ( ලංකාවේ හැටියට). ඒකෙන් ළමයා හඳුනාගන්න ලැබෙනවා පහසුවෙන්. ලංකාව වගේ රටක ළමයි නිදහසේ හැදෙනවා අඩු හින්දා ඒ ක්‍රමයට පිටින් යන්න ගියොත් ඉතින් වැඩේ කොයිල් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මගෙත් අදහස ළමයාගේ යුනිෆෝම් එක උනත් පොඩි පොඩි වෙනස්කම් එක්ක තිබ්බොත් හොඳයි. කොටින්ම සමහර ඉස්කෝලවල ටයිපටි හිරකරගෙන ඉන්න එක වදයක්. ඊට වඩා සරල යුනිෆෝම් එකක් ලැබෙනවා නම් වටිනවා.
අනිත් දේ තමයි එක එක ෆැෂන් කරන එක. එතැනදී නම් මමත් හිතන්නේ එහෙම නොකලාට කමක් නැහැ කියලා. එක හේතුවක් තමයි ඉස්කෝලවල ඇති-නැති පරතරය ඒකෙන් ( ලංකාවේදී) ඉස්මතුවෙන්න පුළුවන් නිසාත් එයින් අනවශ්‍ය ප්‍රවනතාවයක් ඇතිවෙන්න පුළුවන් නිසාත්. ඕමා ඒ ගැන කියලා තිබ්බ, මට ඕනේ කලේ එය තහවුරු කරන මගේ අදහසත් ලියල දාන්න.
ෆෝන් සම්බන්ධයෙන් නම් මගේ මතය අහසට පොලව වගේ. මම කියන්නේ ෆෝන් ඇත්තටම ළමයින්ට ඕනේ නැහැ. ඒ වෙනුවට වර්බල් කමියුනිකේෂන් ඉතාම වැදගත් කියලා. හදිසි පණිවිඩයක් හරි තොරතුරු හුවමාරුකිරිල්ලකට ඇරුනුවිට දුරකතනක් ළමයින්ගේ විතරක් නෙවෙයි වැඩිහිටියන්ගේ පවා මානුෂික සම්බන්ධතා මැද්දට එනවා. සමහර වෙලාවට 'ඕනේ නම් මට කෝල් කරන්නේ නැතෑ' කියල හිතන දරුවන් දෙමවුපියන්ට නොකියාම එලියට යාම උනත් සැලකියයුතු මට්ටමක තිබෙනවා.
ගුරුවරු වට්ස් ඇප් භාවිතා කරලා කරන සංවාද හොඳයි, ඊට වඩා වටින්නේ වර්බල් කමියුනිකේෂන් කියලයි මම හිතන්නේ. 'පහසුව' කියන දේ උනත් නොදැනීම අපිව අපෙන් ඈත් කරනවා කියලයි මට හිතෙන්නේ. ලංකාවට මෙය එතරම් ප්‍රයෝගික නැහැ. එක ප්‍රභල හේතුවක් තමයි කාගේත් තියෙන නොහික්මුණ භාවය. ඒ කියන්නේ මොකක් උනත් අවභාවිතා කරන්න තමයි වැඩිපුර පෙළඹෙන්නේ. ළමයාගේ සිට වැඩිහිටියා දක්වා පෙනෙන්නට තිබෙන්නේ එයයි. ඒ හින්දා කිහිප දෙනෙක් එකතු කරන ගොම වලින් කිරි කළයම නැතිවෙන්න තියෙන 'බය' මගේ තුලත් තියෙනවා.
විභාග ගැන නම් ඉතින්......
විභාග තිබේ එක හොඳයි. තියන විදිය තමයි නරක.
කොටිම්ම බලන්න ඔමා කියන විදියට, තමන්ගේ ආසන්නතම ඉස්කෝලෙට තමයි ළමයි යන්නේ. ලංකාවේ එහෙමද? පුළුවන් තරම් දුර, තරු පන්තියේ ඉස්කෝලයක් තමයි හොයන්නේ. ඉතින් ඉස්කෝලේ බස් එක තියා ත්‍රීවිල් එකක්වත් එන්නේ නැති ඩොටේ ගෙදර ඉඳන් ලමයව ඒ ඉස්කෝලෙට යවන්න මාර කට්ටක් හැමෝම කන්න ඕනේ. ඉස්කෝල බස් නම් ඔය තියෙන්නේ. නමුත් ඒවා ප්‍රමාණවත් මදි.
විභාග ගැන නම් මට හරියටම වචනයක් කියන්න අමාරුයි. ක්‍රමේ හොඉන්ද නැති බව දන්නවා. නමුත් මට යෝජනා කරන්න තියෙන ක්‍රමේ එක්ක මගෙත් කාලෙන් කාලෙට මතගැටුම් එනවා. දැනට නම් මට හිතෙන්නේ continuous assessment විදියට විභාග පවත්වනවා නම් හොඳයි කියල. හැබැයි ඉතින් මම වගේ ඔහේ ඉඳල විභාග ලියන උන්ට අබ සරණ වෙන්න ඉඩ තියෙනවා.
ඔය මොනවා කිව්වත් ගිරවුන් ලෙස ඉගෙන ගන්න උන් ලකුණු වැඩියෙන් ගන්න තියෙන ඉඩ ලංකාවේ අහුරන්න බැරි, ඒ ජාතියෙන් තමයි ප්‍රශ්න අහන්නෙත්. කොටිම්ම ඔය පොඩි දරුවන්ගේ විෂයන් උගන්නනකොට රබර් ඇට , මදටිය ඇට වගේ දේවල් පවා හඳුනාගන්න ඕනේ උනත් ඕවා අහටවත් දැකලා නැතුව, පින්තුර වලිම්ම ඉගෙනගන්න ළමයින් ඉන්නවා. ඉතින් ඒවායේ පරමාර්ථ ඉෂ්ඨවෙනවාද කියන එක ප්‍රශ්නයක්.
ඉස්කෝලෙන් පස්සේ හමුදා පුහුණුවක්? හික් හික්... ලංකාවෙත් කාලයක් ඔය ප්‍රින්සිපල්ලට දුන්නේ හමුදා පුහුණුව. මොකද උනේ? මට මතකයි ඒ දවස්වල ඕසෙට බුලට් වැල් කරේ දාගත්ත ගුරුවරු කියමින් ඇති පදම් බෙරිහන් දුන්නා. හමුදා පුහුණුව කිව්වම වෙඩි තියෙන එක විතරයි කියලමයිනේ හිතන්නේ. එහෙම හිතන මිනිස්සු, නිකමට හිතන්න තමුන්ගේ ළමයා එහෙම පුහුණුවකට යවනවා කිව්වම ( කොටිම්ම සෙල්ලම් පිස්තොලයක්වත් ළමයින් නොදෙන) , අම්මෝ.. ආණ්ඩු පෙරලෙයි එක රැයින් ! අර ස්වේච්චා වැඩේ නම් මමත් උඩින්ම එකඟයි. ළමයින් පොඩි කාලේ ඉඳලම එහෙම දේවල් වලට යවන්න ඕනේ. අඩුම තරමේ රජයෙන් මැදිහත්වෙලා හරි. මොකද එතරම්ම මිනිස්සු අනුන් ගැන අසංවේදීයි!
අර අන්තිමට කිව්ව ළමයාගේ අම්මගේ, ලංකාවේ වර්ෂන් එක මම කියන්නද?
(ඕමා අර ලමයි එක්ක උන්නා දැක්ක කියල කිව්වා ගමන්)
වටපිට බලමින්, මුනත් කළු කරගෙන
මොරාන්ගේ සිංහල අම්ම: "ආනේ.. ඇත්තද... අපේ ළමයාගේ පිස්සු වැඩනේ.. හි හි හි... ඔය විනොදෙට කරන්නේ. මම ඔන්න ඔහේ යන්න ඇරියා. සල්ලි වැඩක් නැහැනේ අනේ. නේද?"
ඔමා : "අඃ "
මොරාන්ගේ සිංහල අම්ම: " එයා දැන් අර ******* (පොෂ් රෙස්ටුරන්ට් එකක් ලු ඈ ) මැනේජ්මන්ට් ට්‍රේනි යනවනේ. ඔක්කොම ඉන්නේ ඉන්ටනැෂනල් ස්කුල්ස් වලින් අවුට් වෙච්ච ඩිසන්ට් කට්ටිය අනේ. එයාගේ පොකට් මනි වලට ඕනේ ගාන එයා හොයාගන්නවා. ඔයා දන්නවද එයා පලවෙනි සලරි එකට කට්ටිය ඔක්කොම පර්ටියක් දැම්ම අනේ හිල්ටන් එකේ. පාර්ටි එකට ගත්ත ගවුමම තිස්දාහක්. අපි ඉතින් එයාට කාර් එක දීලා තියෙන හින්ද කැමති වෙලාවක යන්නත් පුළුවන් නේ. අනේ.. එදා එය එහනොට පාන්දර තුනයි මෙයා.... ඉස්සර වගේ නෙවෙයි හරි බිසී.."
ඔමා : "යන්නං ඇන්ටි..."
මොරාන්ගේ සිංහල අම්ම: " එයාව අපි යුකේ යවන්නවා අනේ.. මෙහෙ ඉඳල වැඩක් නැහැනේ... එහෙ ගිහින් ඩිග්රි එක කම්ප්ලිට් කරලා...."
ඔමා : "යන්නං ඇන්ටි... බායි.. පරක්කු වෙනව "
බීප්.... බීප්....
හි හි නියමයි උපේක්ෂා.මo දවසෙන් වැඩිහරියක් කරන්නේ මන් දකින විදින දේවල් ලන්කාවට ආදේශ කරලා හිතන එක. ඒ හැම තැනකදිම මන් හිරවෙන්නේ අපේ අයගේ ආකල්ප ඉස්සරහා තමයි.
ReplyDeleteඅමතක වුනා.ලමයි කවුරුත් දුර ඉස්කෝල වලට යන්නේ නෑ. යන්නත් බෑ.තමන් ජීවත්වෙන ප්‍රදේශයේ ඉගෙන ගන්න ඕනේ. ෆෝන් ගැන කිවුවොත් අවභාවිතාව කියන එක තම්‍යි ප්‍රශ්නේ අපේ රටේ.
ReplyDeleteළඟම පාසල හොඳම පාසලනං මෙහේ උනත් ළමයින්ට දුර ඉස්කෝල වලට යන්න ඕනකමක් නෑ. නමුත් ඒ සංකල්ප තියෙන්නෙ ටීවී වල විතරයි. තියෙන එකටම තමයි හැමදාම ගොඩ කරන්නෙ.
Deleteනැහැ. මම කියන්නේ දෙමළ නයන්නෝ ( රට්ටු ඔයාට එහෙම කියනවලු නෙහ් ? උන්ගේ කටවල් කඩන්න එපැයි !) ඒක අර්ධ සත්‍යක්. සමහර ප්‍රාථමික තියෙන ඉස්කෝල මම දැකලත්, අහලත් තියෙනවා හොඳ ඉස්කෝල. මොකද ඒවායේ උගන්නන ගුරුවරු ටියුෂන් වලින් යැපෙන්න හදන්නේ නැහැ. (ගොඩක් අය ) එතකොට ඉස්කෝලෙට වැඩි අවධානයෙන් උගන්නනවා. එහෙම නොකරන ගුරුවරුත් ඉන්නවා. ඒක ගුරුවරුන්ගේ වරදක් නෙවෙයි.
Deleteලොකු පාසල්වල දෙමවුපියන් බලවත් හින්දා ගුරුවරු පවා සමහර වෙලාවට අසරණ වෙනවා. මම මේ ලඟදි ශිෂ්‍යත්වේ ප්‍රතිපල ගැන යන්තම් හොයල බැලුවම, ප්‍රාථමික ඉඳල තියෙන ඉස්කෝලවල ප්‍රතිපල තරු පන්තියේ ඉස්කෝල වලට වඩා ගොඩක් අඩුයි. මම හිතුව මොකද කියල. මට පෙනෙන පැත්ත අනුව නම් තරු පන්තිවල පොඩි පන්තිවල ඉන්න ළමයි වලිගෙ විකාගෙන පාඩම් කරන්නේ නැතුව 'ඇති' කියලා හිතුනා. ඒ අතින් බලනකොට තරු පන්තියේ පාසලක් කියන්නේ නරකත් නැහැනේ??
උසස්පෙළ ගැන නම් වෙනම ලියන හිතන් ඉන්නේ. මොකද ඒක ලොකු වෙනම කතාවක්!
මමනං කියන්නෙ ලංකාවෙ තියෙන අධ්‍යාපන ක්‍රමය අද කාලෙට ගැලපෙන්නෙ නෑ කියල. ඔහේ ගිරවු වාගේ පාඩම් කරල විභාග ලියල ලියල ඒව ඉවර උනාට පස්සෙ තමංගෙ රස්සාවක් කරන එකාට අර ඉස්කෝලෙ ඉගෙන ගත්ත දේවල් වලින් ප්‍රයෝජනයක් තියෙනවද කියල මමනං දන්නෑ.
ReplyDeleteමොනව උනත් ඔමා කියන වෙනස්කම් මෙහේ කරන්න ඉස්සෙල්ල මිනිස්සුංගෙ තියෙන ළිංමැඩි මානසිකත්වය නැතිකරන්න වෙනව. වැඩේ තියෙන්නෙ ඒක කරන්න එකෙක් නැතිකම. හැක්..
සම්පුරණයෙන් එකඟයි. මේ ගැන ලිපියක් ලියන්නම ඕනේ කියල හිතුන. .
Deleteප්‍රසන්න:
Deleteලෝකය වේගයෙන් වෙනස් වෙනවා. ඒ එක්කම යන්න අධ්‍යාපනය හදාගන්න නම් සිලබස් එකකින් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අධ්‍යාපනය කියන්නේ ගුරුවරුන්ගේ කාර්යභාරයක් කියලයි දැන් දැන් දෙමවුපියන් හිතන්නේ. අධ්‍යාපනය තියෙන්නේ ඇත්තටම ඒ දරුවාගේ පරිසරයේ. පොතේ මොකක් ඉගැන්නුවත්, එය යොදාගන්න පරිසරයක් නැත්තම් කොහොමද ඒවා යොදවන්නේ.
උදාහරණයක් හැටියට දැන් කාලේ දරුවෙක් තනියෙන් සරුංගලයක් හදාගන්න, වෙසක් කුඩුවක් හදන්න, සෙල්ලම් බඩුවක් හදාගන්න තියා ලීයකට ඇණයක් ගහන්නවත් දන්නේ නැහැ. එහෙම දන්නේ නැත්තේ ඒවා 'ඉගැනුම්' විදියට යොදාගන්න අවස්තාව 'දෙන්නේ නැති' නිසා. නැත්තම් එතැන තමයි ගණිතය, විද්‍යාව වගේ දේවල් යෙදවෙන්නේ. ඇණයක් ගහන්න ගියත් හරියට ගහන්න බැහැ අඩුම තරමේ මුලික විද්‍යාව දැනුමක් වත් නැත්තම්! සිලබස් එකකින් කරන්නේ සිද්ධාන්තේ කියල දෙන එක. ඒක දරුවාගේ 'සාමාන්‍ය' ජිවිතයේ යෙදවුමට වගකියන්න ඕනේ පරිසරය.
මානසිකත්වය එකපාරට වෙනස් කරන්න අමාරුයි. අනිත් එක ඒක වෙනස් වෙනකල් සියල්ල නතර කරගෙන ඉන්න එක ප්‍රයෝගික නැහැ. ඕනෙම සමාජයක ඉන්නවා බටපතුරු, නවන්න බැරි බලු නකුටු. කාලයත් එක්ක ආකල්පමය වෙනසක් කරන්න අවශ්‍ය පියවට 'බලධාරීන්' නෙවෙයි, අපි අපිම ගන්න ඕනේ. එකයි මගේ අදහස.
අජිත්:
මම තව මේ ගැන ලියන්න හිතන් ඉන්නේ. ඔබ ලිව්වොත් තමයි වඩා වටින්නේ. මම ඉතින් නොදන්නා දේවල් කියන්න ගිහින් ඇනගන්න බව සිකුරුයි
ඔයාම ලියන්න. මාත් එකක් ලියන්නම්. අර රයිගම් හන්දියත් ලිව්වා හැබැයි කවුරුත් ඇදගෙන ගියේ නැහැ.
Deleteappata! omage post eka miss wela. ekath kiyawalama ennam!!
ReplyDeleteඔමාගේ එක කියවලා බලන්න. මගේ පල් හෑලි වගේ නැතුව ඒ ළමයා සාරවත් ලිපියක් ලියල තියෙනවා.
Deleteඅපි ලිං මැඩි මානසිකත්වයෙක් ගොඩ එන්න ඕනෙ බව මමත් පිළිගන්නවා.
ReplyDeleteඒ එක්කම ඔය ආවේනික දුරවලකම් තියෙන්නෙ අපිට විතරයි කියලා අපි හිතනවා.
නමුත්, අපි ලිබරල් යයි සිතන බටහිර සංස්කෘති වලත් අපිටත් වඩා ලිංමැඩි අදහස් තියෙනවා.
උදාහරනයක් හැටියට. ප්‍රසිද්ධියේ මවක් තම කිරි දරුවාට මව්කිරි දීම සමාජයේ වැඩි දෙනෙක් බලන්නේ නැහැදිච්චකමක් හැටියටයි. නමුත් තණපුඩු පමණක් ආවරණය වෙන ඇඳුමක් ඇඳගෙන ඉතාම කෙටි සායකින් සැරසී සිටින තරුණුයකට අර විරෝධය එල්ල වෙන්නේ නෑ. එහෙම වෙන්න ඕනෙයි කියන එක නවෙයි මම කියන්නේ. මේ කුහකත්වය ගැනයි.
ඕකට නියම වීඩියෝ එකක් ශෙයා උනා ඩූඩයියෙ පහුගිය දවස් වල.ඇත්තටම මට ආඩම්බරයක් දැනුනා අපේ එවුන් ගැන.ගවුම් කරෙන් එබිල බලන එකෙක් උනත් කිරිදෙන අම්මකෙනෙක් දිහා කෙල හලනවා බොහොම අඩුයි.
Deleteඩුඩ් : සමහර අංශ වලින් අපිට ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒ වගේම බටහිර කියන්නෙත් හැම අතින්ම ළිං වලින් මිදිච්ච සුරපුර කියන මිත්‍යාවේ මම නැහැ. අපිත් බටහිර වීමෙන් සියල්ල විසඳෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. ඒක නෙවෙයි විසඳුම.
Deleteමම මෙතන කතාකලේ ( ඔමාගේ ලිපියට උත්තර ලිව්වේ) අධ්‍යාපනය සහ ඒ අදාළ දේවල්. ලංකාවේ අධ්‍යාපනය කියන්නේ ඉස්සර පටන්ම අයිතිවාසිකමක් විදියට තිබිච්ච දෙයක් නෙවෙයි. ඒක ගෞරවයක් විදියටයි සැලකුවේ. බටහිර රටවල් එහෙම හිතුවේ නැහැ මම හිතන්නේ. ( වැරදිද දන්නේ නැහැ මේ කතාව) ඩුඩ් ඔය කියන වීඩියෝව මම අහම්බෙන් දැක්ක. ලංකාව වගේ රටක මවකට, ළමයෙක්ට තියෙන පිළිගනිම 'වෙනස්'. එය සාපේක්ෂයි. ඉස්සර නම් ප්‍රසිද්ධියේ ඕනේ තරම් ගැහැණුන් ලංකාවේ උනත් දරුවන්ට කිරි දීම කළා. දැන් එහෙම තනපුඩු එළියේ දමාගෙන කිරි දෙන්නේ බොහොම කලාතුරකින්. එහෙම දැක්කත් දක්වන ප්‍රතිචාරය තාමත් වෙනස් ( හොරෙන් බලන පිරිමි උන් ඇති, කෙලින්ම මුණට බනින්නේ නැති ගැහැණුනුත් ඇති) තව කාලයක් යනකොට ඒකත් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා අපේ සමාජයේම තමයි වයස 4-5 වගේම 60-70 ගැහැණුන් දුෂණය වෙන්නේ කියන එකත්!
ගස්: වෙන්න ඇති. ඩුඩ් කියන්නේ ඒ වීඩියෝ එක ගැන වෙන්න ඇති.
මම ඔමාගේ එකෙත් ඒ ලිපියේ අන්තර්ගතය ගැන කමෙන්ට් නොකර ආවේ. නමුත් විචාරක තුමා දෙන්න අවශ්‍ය උත්තරය දීලා තිබුණා. මම ඩූඩ් ගැන ආඩම්බර වෙනවා හේතු කිහිපයකින්. එකක් තමයි ලංකාවේ හැම මට්ටමකම පාසල් වල උගන්වලා, මේ අධ්‍යාපන ක්‍රමය ගැන පුළුල් අවුබෝධයක් තියෙන කෙනෙකු වීම, දෙක ලෝකය ගැන විචාර බුද්ධියෙන් බලන කෙනෙකු වීම, පිටරටක ජීවත් වුණත් තමන්ගේ රටේ දේට ගරහන්නේ නැති කෙනෙකු වීම. බොහෝ දෙනක් කරන්නේ පිටරටවල පුරවැසිබව ලබලා ඒ රටේ කෙනෙකු නොවී සිංහලෙන් ලියන්න පුළුවන් කම උපයෝගී කරගෙන තමන්ගේ රටට ගහන එක. මම අපේ රටේ තියෙන දේ 100% හරි කියන්නේ නෑ. නමුත් ඒ වගේ දේවල් වලින් මේවා බලන පාසල් ශිෂ්‍යයෙක් හිටියොත් අපේ රටේ පාලනටයට එරෙහි වෙන තත්වය වලක්වන්න බෑ. ඒ දරුවෝ හිතන්නේ මේ මාමලා/නැන්දලා කියන කතා ඇත්තම කියලා. නමුත් විචාරක මහතා කියනවා වගේ යම් රටක පාසල් වල තියෙන විෂය නිර්දේශය/විනය තීරණය වෙන්නේ ඒ රටේ සංස්කෘතිය අනුව. හොඳම උදාහරණය මෙතන තියෙන මදටිය ඇටේ කථාව. ඒක මේ රටේ ග්‍රාමීය පරිසරයත් එක්ක බැඳිච්ච දෙයක්. ලංකාවේ බහුතරයක් තියෙන්නේ ග්‍රාමීය ප්‍රදේශ ඒ අනුව ග්‍රාමීය පාසැල්. එතකොට මෙතන ගැටළුවක් එනවා සිලබස් එක හැදෙන්න ඕනේ ග්‍රාමීය පරිසරය පදනම් කරගෙනද නැතිනම් නාගරික සුළුතරය පදනම් කරගෙනද කියලා. අපි නිකමට හිතමු ග්‍රාමීය දේ පදනම්ව ප්‍රශ්න ඇහුවා කියලා විභාගයේදී, එතකොට නාගරික සිසුවාට අඩු ලකුණු ලැබෙනවා. ඒ ප්‍රශ්නෙන් සමස්ත සිසුවන් නිවැරදි ලෙස ඇගයීමට ලක් වෙන්නේ නෑ. අපේ රටේ තියෙන්නේ මෙන්න මේ ඝට්ටනය. නාගරික/ග්‍රාමීය ලෙස. මේ රටේ රටවල් දෙකක් තියෙනවා. මම ලංකාව පුරාම ඇවිදලා තියෙනවා. ඉතිං මම තේරුම් ගත්ත දේ තමයි ඒක. මේ රටටම ගැලපෙන්න කිසිම දෙයක් හදන්න අමාරු ඔය නිසා. බදු අය කිරීම ගත්තත් මම කියන දේ තේරුම් ගන්න පුළුවන්.
Deleteඔමාගේ පොස්ට් එක කියවද්දී මගේ මතකයට ආවේ, මම ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ කලේ රැකියාවක් කරපු එක. ඒකෙන් ඔය කිව්වා වගේ මමත් බොහෝ දේ ඉගෙන ගත්තා. මම මගේ දෙමවියන් මුහුණ දීපු ආර්ථික අපහසුතා තේරුම් ගත් කෙනෙකු නිසා ඉපයූ මුදල් අවභාවිත කලේ නෑ. ඒවායින් කොටසක් මගේ අවශ්‍යතා(කඩචෝරු කන්න) වියදම් කළා, ගෙදරට කොටසක් දුන්නා, මගේ උසස්පෙළට අවශ්‍ය ඇඳුම්/සපත්තු මිලදී ගත්තා. මම අදටත් ඒ රැකියාව ගැන සතුටු වෙනවා. නමුත් මට අද තේරෙනවා එහෙම මුදල් ලැබීම වැරදි අතකට කෙනෙකු යොමු කරන්නත් හැකියි නේද කියලා. උසස්පෙළ ඉවර වෙලා පහුවදාම මට රැකියාවක් ලැබුණා. එතැනදීත් මගේ දෙමව්පියන්ට සහ පවුලේ අයට සහයක් වෙන්න මට පුළුවන් වුණා. නාස්තියක් කලේ නැති තරම්. ඒ කාලේ එහෙම පසුබිමක් තිබුණේ නෑ. මගේ දෙමව්පියන් හෝ අසල්වැසියන් මේ ගැන වද වුණේ නෑ. දෙමව්පියන්ට මා ගැන විශ්වාසයක් තිබුණා. අසල්වැසියන්ට මෙය ආගන්තුක දෙයක් වුණේ නෑ. අපේ ගමේ කවුරුත් සංචාරක ව්‍යාපාර පදනම් කරගෙන මුදල් ඉපයීමේ යෙදී ඉන්නවා. ඉතිං මගේ උදාහරණයත් ප්‍රාදේශීයයි. මගේ ගම ගම්බද කියන්නත් බැරි නගරබද කියන්නත් බැරි තැනක්. ග්‍රාමීයම ප්‍රදේශයකට මෙය හෑල්ලුවට කාරණයක් වන්නත් පුළුවන්, නගරබදව කෙනෙක් තවත් කෙනෙක් ගැන විමසීමක් කරන්නේ නෑ. අරූගේ අඩවිය කියෙව්වානම් මේ ගැන තක්සේරුවක් ගන්න පුළුවන්. ඒක මට පේන්නේ ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්, ගම්බද/නගරබද ඝට්ටනය පැහැදිලිව දකින්න පුළුවන් අත්දැකීම් සම්භාරයක් විදියට. වෙනත් රටවල ගියාම අපි දකින වෙනස්කම් තියෙනවා. ඒවා ආදේශ කරන්න කලින් අපේ අය ඒවා ග්‍රහණය කරගන්න අකාරය ගැන හිතා බලන්න ඕනේ. නිකම්ම විරෝධයට මමත් අකමැතියි. මේ තරම් කාලයක් තිබ්බ ලංකාවේ අධයාපනයෙන්ම උගත් සමහරුන් පිටරටවල ඉඳන් අපේ සිස්ටම් එක ඒ ආකාරයට වෙනස් විය යුතුයි කියන දේට මම දැඩි ලෙස විරෝධය දක්වනවා. ඒ අය ලංකාවට අමාරු කාලේ, මග ඇරලා ගිය උදවිය. මේ චෝදනාව මම හැම දෙනාටම එක විදියට එල්ල කරන්නේ නෑ. නමුත් තොප්පිය හරි අය මේ වනවිටත් හිතින් ඒවා දාගෙන ඇති.
සමහර විට මට තොප්පිය දාගන්නත් හිතෙනවා. සුදික. හැබැයි ඔයාගේ ඔය පිටරට විරෝධය සාධාරණ නැහැ. ඔයාගේ මල්ලිත් මේ රටේ නේ ඉන්නේ අහලා බලන්න. එයාගේ ළමයින්ට සලකන්නේ කොහොමද කියල. ලංකාවෙන් ආපු උන්ම මේක කනවා. මම ලියන්නේ නැතුව ඉන්න හිටියත් යහළුවන්ට පහර වදින නිසා මම (සෑහෙන්න බිසී බ්ලොග් සම්මාන උළෙල නිසා ) මේ හේතුව නිසාම මේ ප්‍රහාරය පටන් ගන්නවා. මමත් ඕ ලෙවල් ඩී හයක් ගත්ත නිසා මටත් ටියුෂන් දෙන්න කියල වෙනත් දෙමාපියන් ඉල්ලුව. මමත් දුර්වල ළමයින්ට ටියුෂන් දීල ගානක් හොයා ගත්ත. කඩචෝරු කෑවේ නැහැ. නමුත් මම ටියුෂන් ගියේ නැහැ. රාජකීය විද්යාලේ මම හිටපු පන්තියේ ටියුෂන් නොගිය එකම බූරුවා මම. අන්තිමට අන්තිම මාස හයේ බණ්ඩාර ගාවට ගියා මොකද මට තේරුණා මේ පොව්වනඑවුන්ට විරුද්ධව මට කරන්න දෙයක් නැහැ කියල. ලලංකාවේ අමම්ලා තාත්තලා ටීචර් ල ළමයින්ව විනාශ කරනවා. පොත් කියවල කට පාඩම් කරලා උගත්තු වෙච්ච හරක් ටිකක් පුදුම ඔලුවකින් වැඩ කරනවා. උන්ගාවට යනව තියා කතා කරන්න වත් බැහැ . පොළොවේ නෙමේ ඉන්නේ. සමාජය ගැන කිසිම දැනුමක් නැහැ.
Deleteලංකාවේ දෙමල සිංහළ මුස්ලිම් , ඉන්දියන්, පකිස්තාන්, චීන - එංගලන්තේ ටියුෂන් පටන් ගත්තේ මේ අය. දැන් කාල දාල තියෙන්නේ. දැන් ඉංග්‍රීසි දෙමාපියනුත් තමන්ගේ ළමයින්ව ටියුෂන් යවන්න පටන් අරගෙන. මේ රටේ කවදාවත් ළමයෙකුගේ ලකුණු මට්ටම හැමෝටම කියල ලමයව උස්සන්නේ නැහැ පන්තියේ. දුර්වල ළමයෙකුගේ හිත අමාරු වෙයි කියල. දෙමාපියන්ට විතරයි කියන්නේ ළමයාගේ තත්වය. තරඟය අඩු කරලා හැබැයි හොඳට උගන්වනවා. කොච්චර හොඳද ඒ ක්‍රමය හැම දරුවෙක් ගැනම හිතන. මම හිටපු සෝවියට් දේශයේ මෙතනින් එහා ගිහින් පාසල් වලට නොම්මරයක් පමණයි දුන්නේ. පාසල් භේදය නැති කරන්න. මගේ බිරිඳ දෙමල ළමයි කීප දෙනෙකුට ටියුෂන් දුන්න. ඒ මව්පියන් කෝල් කර කර ඉල්ලන නිසා. ඒ ළමයි සතියේ දවස් හතම ටියුෂන්. ටියුෂන් යන්නේ නැත්නම් තව මොකක් හරි සංගීත පන්තියක්. කාත් එක්කවත් කතාවක් නැහැ. එළියේ ළමයි සෙල්ලම් ගැන දන්නේ නැහැ. චිත්‍රපටියක් බලන්න පොතක් කියවනං කොටින්ම ජිවිතේ ජිවත් වෙන්න දන්නේ නැහැ. පාටි කියල යන්නේ දෙමල අයගේ උපන් දින පාටි වලාට් විතරයි. මේ ළමයෙක් මගේ බිරිඳගේ ස්වාමියා සිංහල කිව්වම් අහල තියනවා බය නැත්ද සිංහල කෙනෙක් බඳින්න හරි දරුණු මිනිස්සු නේද කියල. සුදු ළමයෙකුට කතා කරන්න දෙන්නේ නැහැ. නරක වෙයි කියල. කළු ළමයෙකුට කතා කරනන් දෙන්නේ නැහැ ජාතිවාදියි. (racist ) ඒ ළමයාගේ හිතේ ඇඳිලා තියෙන්නේ අර පාටි වලදී අහපු ගොන් කතා විතරයි හරිය සිංහල කියන්නේ ඇමසන් වනාන්තරයේ කනිබාල් මිනිස්සු විධිහට. මෙහෙ සමහර සිංහල ළමයි මිට දෙවෙනි නැහැ. ඉස්කෝල වල ටීචර් ලා නිසා යන්තම් සෝෂල් පැත්ත හොඳයි.
මගේ බිරිඳ ඉන්නේ ග්‍රමර් විදුහලක. අර තරඟ විභාග තියල ගණන් එහෙක. එක සිංහල ළමයෙක් ගේ ගණිතය හා විද්‍යාව ඉතා හොඳයි. ඉංග්‍රීසි අන්තිම සවුත්තුයි. ඒ නිසාම ඒ ළමය පන්තියේ කොන් වෙලා. අම්මල තාත්තල චෝදනා කරලා අනික් ළමයි රැසිස්ට් කියල. මගේ බිරිඳ කියනවා මේ ළමය ඕන කමින්ම කොන් වෙලා වගේලු ඉන්නේ. අනික ගොඩක් ආසියානු ළමයි අතරේ පුදුම තරඟයක් ලූ තියෙන්නේ උඩට යන්න. යාලුවට පවා ඉරිසියයිලු.
ලංකාවේ අධ්‍යාපනය කියන්නේ තනිකරම අසාධාරණ තරඟයක් වෙලා ඉවරයි.
මගේ මල්ලිගේ ළමය පළමු වන පන්තියේ ඉඳන් ටියුෂන් යන්නේ. දුව දෙමල භාෂාවත් ටියුෂන් යනවා. අනිත් විෂයන් 500 ට අමතරව. මම ඇහුවම කියන්නේ නැත්නම් ටීචර් ලා ලකුණු දෙන්නේ නැතිලු. බලන කොට පන්තියේ උගන්වන ටීචර් ම තමා ටියුෂන් දාල තියෙන්නේ. ඇයි ලමයට පාසලේම ඉගැන්වුවා නම් හෙන ගහනවද? නැහැ. එතකොට විභාග පාස් වෙන්නේ නැතිලු. අපි ගිය කාලේ මෙහෙම තිබ්බේ නැහැ. මේ තරමට. තඩි රාත්තල් 500 පොත් බෑග් උස්සගෙන ළමා කාලය අහිමි වෙච්ච් පරම්පරාවක් බිහි කරන්න උඹලට ලජ්ජා නැත්ද?
ඔයාගේ කමෙන්ට් එක සහ අජිත් අයියගේ කමෙන්ට් එකත් කියෙවුවා මගේ අදහස ලියන්න යන්නේ නෑ තේරුමක් නැති නිසා.
Deleteමේ රටේ ලොකු රැකියා ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි වෙනත් අතකින් අධ්‍යාපන ප්‍රශ්නයක් වගේ පේන්නේ. ගම්බද අය රජයේ රැකියා වලට පොර කනවා. නගරබද අය පුද්ගලික අංශයේ රැකියා වලට සුදානම් වෙනවා. අර්ධ නාගරික අය දෙපැත්ත ගැනම උනන්දුයි. නාගරික හොඳ පාසල් හොයාගෙන ලෝකේ නැති බොරු කරන්න උත්සාහ කරන්නේ ඇයි ? රැකියා ලැබීමේදී ලැබෙන ප්‍රමුඛතාව නිසා. මම මේ තරගයෙන් කැමැත්තෙන් ඉවත් වුණා. මොකද පුංචි කාලෙම පොඩි එවුන්ට බොරු කියන්න පුරුදු කරන්න අකමැති නිසා. අනික දොස්තර / ඉංජිනේරු හීන මගේ ගාව නැති නිසා. අනික මෙහෙ තියෙන කුහක දේශපාලනය නිසාත්, මේ අධ්‍යාපන ක්‍රමය දියුණු වෙන්නේ නෑ. ලංකාවේ හැම ක්ෂේත්‍රයකම පිටරට කැම්පස් වැහි වහැලා. වෛද්‍ය විද්‍යාවට විතරක් දාන්න දෙන්නේ නෑ. එයාලා නොදන්නවා වුණාට රුසියාවේ/චීනේ/බන්ගලිදේශේ ගිහිං වෛද්‍ය උපාධිය ගන්නවා. එයාලගේ වියදම ලක්ෂ 100 ක් විතර වෙනවා. අපේ රටේ සල්ලි පිටරට යනවා. අනික ලංකාවේ වෛද්‍ය හිඟයක් තියෙනවා. එහෙනම් ඇයි විරුද්ධ් වෙන්නේ. කුහක කම. සල්ලි ටිකක් තියෙන කෙනෙක් එතැනට එනවට. දුප්පත් අයත් ඉඩම විකුණලා හරි ළමයව එතනට යවනවා තිබුණොත්. හැබැයි ඒ ළමයි මෙයාලත් එක්ක පාරට බහින්න එන්නේ නෑ.
Deleteකටපාඩම් කරන අය කොතදී හරි කඩාවැටෙනවා. ඒවා අපි ඔෆිස් වල දකිනවා. ඉතිං ඔෆිස් වල වෙනත් උපක්‍රම භාවිතා කරනවා උඩට යන්න. රටට අවශ්‍ය ආකල්පමය වෙනසක්. ආණ්ඩු මාරුවකින් ඒවා වෙන්නේ නෑ. ඒ බව හොඳටම පැහැදිලියි. නමුත් වර්තමාන අධ්‍යාපන ඇමති තුමාගේ සමහර වැඩ හොඳයි. එකක් තමයි ඕලෙවල් පාස් වුණත් නැතත් දිගටම අධ්‍යාපනය කරගෙන යන්න ඉඩ දීම. අධ්‍යාපනය කියන්නේ විභාග නෙවෙයි කියන තැනට ආවොත් අපි දිනුම්.
සුදික:
Deleteකොමෙන්ටු දෙකටම මම එකවර, කෙටියෙන් යමක් කියන්න කැමතියි. ලංකාවේ විතරක් නෙවෙයි, ඕනෙම රටක ,අධ්‍යාපනයේ ප්‍රශ්න රැකියා ප්‍රශ්න විදියට එලියට එනවා. පස අවුල් උනහම, හැදෙන ගහේ ගෙඩි වලින් කියන්න පුළුවන් වගේ.
අධ්‍යාපනයේ ප්‍රශ්න තියෙනවා. අංශ කිහිපයකින්ම
1. පාසල් වලට ළමයින් ඇතුලත් කරනකොට
2. අධ්‍යාපනය විදියට දෙමවුපියන් සහ ගුරුවරුන් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන දේ
3. අධ්‍යාපනය සහ වෘතිය නිපුනතාවයේ ඇති නොගැලපීම
4. මුල් ළමාවිය සංවර්ධය ගැන
5. ප්‍රාථමික , ද්විතියික සහ උසස් අධ්‍යාපනය ගැන
මේ හැම දෙයක්ම ලංකාවේදී ලොකු ගැටළු ඇති කරලා තියෙන්නේ.
මම සිලබස් එකේ ඇති 'මදටිය ඇට ' ගැන කිව්වේ උදාහරණයක් විදියට. ඒ උදාහරණෙන් මම අදහස් කලේ මේ වගේ දෙයක්. ඒ කියන්නේ ගොඩක්ම නාගරික ලමයාටත්, ගොඩක්ම ගම්බද ලමයාටත් කියන මේ දෙවර්ගය ඇරුනාම ( මොකද ගොඩක්ම නාගරික ළමයාට ගම්බද අත්දැකීම් පොතෙන් හෝ වෙනත් විදියකින් ගන්න බැහැ , ඒ වගේම ගොඩක්ම ගම්බද ළමයාගෙන් අන්තර්ජාලයේ තොරතුරුවලින් ලබන දැනුම ගැන බලාපොරොත්තුවෙන්න බැහැ ) අතරමැදි දරුවෙක් උනත් ඒ පාඩම්වල අරමුණු කරා යන්නේ නැහැ. කොටිම්ම ඒ උදාහරනෙම ගත්තම, අර්ධ නාගරික ළමයෙක් ඇත්තටම ඒ මදටිය ඇට හොයන්න යන්නේ නැහැ නේද? ( අතිශය නාගරික ළමයාට එය කරන්න බැහැ, අතිශය ගම්බද ළමයා කොහොමත් ඒ ගස් අඳුනනවා) ඇත්තටම ඒ දැනුම සහ අවශ්‍යතාවය තියෙන කොටස ඒ පාඩමේ පරමාර්ථය වටහාගෙන නැහැ නේද?
එහෙම කරන්නේ නැත්තේ දෙමවුපියන් නේද??? ගුරුවරු නේද?? එයාලා එහෙම මනසක් ඇති අය නෙවෙයි නේද? සිලබස් එකකින් 'සියල්ල' කරන්න බැහැ කිව්වේ ඒකයි.
ඔබ OL කරලා රැකියාවක් කරපු එක වටිනවා. දැන් කළා නම් ඔබට රැකියාව දීපු තැනට විරුද්ධව යන්න පුළුවන් ළමා ශ්‍රමිකයෙක් තියාගත්තා කියල! නේද? ඉතින් දැන් කොයිකද හරි? රටේ නීතිය කියන්නේ අවුරුදු 18ට අඩු නම් රැකියා කරන්න තහනම්! ඔබ හිතන්නේ මොකද්ද? නමුත් අගය කරනවා ඔබේ වයසට වගකීමෙන් කරපු වැඩේ ගැන. අද ඒ වයසේ ඉන්න ළමයෙක්ට සල්ලි ලැබුනොත් ඔබ හිතන්නේ මුලින්ම කරන්න ඉඩ තියෙන දේවල් මොනවද කියල? වැඩේ ලේසි වෙන්න මං දෙන්නම් ඔප්ෂන්
1. ස්මාර්ට් ෆෝන් එකක් ගන්න එක
2. රිලෝඩ් දාන එක
3. සිගරට්/බියර් බොන එක
4. ඇඳුම් ගන්න එක
5. ගෙදරට ඔක්කොම සල්ලි දෙන එක
6. ගෙදරට පොඩ්ඩක් දෙන එක
අජිත්:
//අනිත් විෂයන් 500 ට අමතරව.
මට මේ කොටස තේරුනේ නැහැ.
ඔබ කියන්නේ ඔබේ අත්දැකීම්. ඒවා වටිනවා. නමුත් ඒ ඒ සංස්කෘතියට අදාළ දේවල් එක්ක බද්ධ වෙලයි අධ්‍යාපනය හැදෙන්නේ. ඒ රටවලවට ළමයි අවුරුදු 18 වෙනකොට ස්වාධින වෙනවා. අපි තාම ඒ ගොඩේ නැහැ. ( වරදක් ලෙස හෝ හොඳක් ලෙස මම දකින්නේ නැහැ)
//තඩි රාත්තල් 500 පොත් බෑග් උස්සගෙන ළමා කාලය අහිමි වෙච්ච් පරම්පරාවක් බිහි කරන්න උඹලට ලජ්ජා නැත්ද?
දැන් මක්කද කොරන්න ඕනේ?? මම එහෙම නොකර ඉන්න හිතන් ඉන්නේ. තාම ඒ ගැන සහතික වෙන්න පුළුවන්. අනිත් අය ගැන ගැරන්ට් කරන්නට මට හැකියාවක් නැහැ.
ඔමා :
මේ ලිපියේ ඔරිමජිනල් අයිතිකාරිය හැටියට මෙතන යමක් කියන්න අයිතියක් තියෙනවා ඔයාට. අදහස ලියන්න. ගල්, මුල්, මල් ඕනේ එකක්. අනෙකුත් අය ගැන විතරක්ම වදවෙන්න එපා. මේක සයිබර් අවකාශය. ඕනෙම කෙනෙක්ට තමන්ගේ අදහස කියන්න අයිතිය මගේ බ්ලොග් එකේ තියෙනවා. ඔක්කොමල්ලා වැඩිහිටියන් නිසා තමන්ගේ නිදහසේ සීමාව අනෙකෙකු විසින් දිය යුතු නැහැ කියලා මම හිතනවා.
නුවරකුමරි , සොරි එන් පරක්කු වුනාට . ඔය විෂයන් 500 කියල කිව්වේ විෂයයන් ගොඩකට පොත් පත් එල්ලගෙන යනවා දැකලා දුක හිතුන නිසා. විශාල ප්‍රමාණයේ බෑග්. එක හිතේ දුකට ලියවුන දෙයක්. අපේ ළමයින්ට සෙල්ලම් කරන්න දෙන වෙලාව, පොතක් කියවනං දෙන වෙලාව ලංකාවේ ගොඩක් ළමයින්ට නැහැ කියල මම දැක්කා. ශිෂ්‍යත්වේ පේල් වුණාම බනින හැටි, අනිත් ළමයි එක්ක සංසන්දනය කරන හැටි...- සුදික ගේ කොමෙන්ටුවට එකඟ වෙනවද නැත්ද කියල කල්පනා කරමින් ඉන්නේ. ඉයන් නුත් මේ කටහ්වමයි සයිටම් එක ගැන කියන කොට කිව්වේ. ඇත්තටම් උසස් පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාල නොගිය අය ත පෙම ළමයි. ඉතින් මේ පුද්ගලික් විශ්ව විද්‍යාල විරෝධය දැන් ගැලපෙන්නේ නැහැ වගේ. මම හැබැයි නිදහස් අධ්‍යාපනයට පක්ෂ කෙනෙක්. හොඳින් කලපනා කර ලිවිය යුතුලිපියක්.
Deleteපාසැල්වල පහසුකම් සමාන නොවීම, ඒ ඒ පාසල් වැඩි සහ අඩු පිලි ගැනීමක් ලැබීම, වැනි කරුනු නිසා මේ දුර තියෙන පාසල්වලට ලමුන් යැවීමේ උනන්දුව වැඩි කරන්නක්. දුරකතන ගැනනම් මමත් උපේක්ෂා එක්ක එකඟයි.
ReplyDeleteඔමාගෙ පෝස්ටුවත් කියවලා එන්නම්.
පහසුකම් සමාන නොවීම කියන්නේ ස්පෙක්ෂ කතාවක්. සමහර ඔය තරු පන්තියේ කියන ඉස්කෝල වල සහ සමහරක් ජාත්‍යන්තර පාසල්වල අඩුම තරමේ සෙල්ලම් කරන්න ලොකු පිට්ටනියක්වත් නැහැ. ඒ උනාට කම්පියුටර් ලැබ් තියෙනවා. පොඩි දරුවෙක්ට වටින්නේ මේ දෙකෙන් මොකද්ද කියන එකයි කාරණාව.
Deleteහැබැයි මම මෙහෙම එකක් පිළිගන්නවා. තරු පන්තියේ ඉස්කෝලවල තියෙනවා නොයෙකුත් අංශ ළමයින්ට තෝරාගන්න. එතන නම් ළමයාට වාසියක් තියෙනවා. ඊට අමතරව ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනහඳුනුම්කම තමයි රස්සාවකට වගේ යද්දී. ඒ උනාට අපේ රටේ විද්වත්තු ගොඩක් එහෙම ඉස්කෝලවල අය නෙවෙයි ඉස්සර. කැම්පස් යනකල්ම ගමේ ඉස්කෝලේ උන්නු අය. දැන් තමයි තරු පන්තියේ ඉස්කොලෙටම පොරකන්නේ.
Excellent
ReplyDeleteThanks
Deleteගමේ ළමයි දුර පාසල් වලට යන නිසා ගම්බද පාසල් වැසීමේ තර්ජනයට මුහුණපාල තියෙනවා. මෙයට රජයෙන් පියවරක් ගත යුතුයි. දුරකථනය භාවිතයනම් පාසල් ළමයිට කිසිසේත්ම ගැලපෙන්නේ නෑ,අපේ රටේ අධ්‍යාපන ක්‍රමය හොදයි තව ටිකක් ප්‍රායෝගික තත්වට ගෙනාවනම්..
ReplyDeleteරජය විතරක් නෙවෙයි. දෙමවුපියන් විදියට එයාලටත් පුළුවන් එහෙම නොකර ඉන්න. නීතියෙන් විතරක් වලක්වන්න බැහැ. සිලබස් එක ප්‍රයෝගික ඇති මට හිතෙන්නේ. ළමයින්ට ඒවා යොදවන්න පරිසරය නැති එක තමයි ප්‍රශ්නේ.
Deleteඅර විදානෙට වගේ උපේක්ෂටත් උණ හැදිලද දන්නෙ නැහැ විනාඩි ගානෙන් රිප්ලයි දාන්නේ. වෙනද වගේ සුමාන දෙකක් තුනක් පල් වෙනකන් ඉන්නෙ නැතුව.
ReplyDeleteඑකකට රිප්ලයි කළා. ආයේ බලාගෙන හිටියා කොමෙන්ටු වැටෙනකල්. හි හි
Deleteබොහෝ රටවල උසස් අධ්‍යාපනයට විශ්ව විද්‍යාල වලට තෝරාගන්නේ අදාල ක්ශේත්‍රය අනුව පවත්වන බුද්ධි පරීක්ශණයකින්. SAT, UMAT වගේ. ලංකාවෙත් සරම් දේශපාලකයෝ වෙනස් කරන්න ඉස්සෙල්ල යුනිවසිටි එන්ට්‍රන්ස් (UE) කියල විභාගයකින් තමයි බඳවගෙන තියෙන්නෙ. හැම ඉන්ෆමේශන් එකක්ම ගූගල් කරන්න පුළුවන් මේ කාලේ බුද්ධිය මිසක් කඩපාඩම් දැනීමෙන් තෝරගෙන කොහොමත්ම වැඩක් නැහැ කියන එක තේරෙන්න ටිකක් කල් යයි.
ReplyDeleteමටත් හිතෙන්නේ ඒ ක්‍රමය වඩාත් හොඳයි කියලා. ලංකාවෙත් සමහර digree වලට ගන්නේ උසස්පෙළ ප්‍රතිපල වලින්ම නෙවෙයි. ( මොරටුව යුනිවසිටි එකේ IT සහ ආකි උන්) ඒ ක්‍රමය වද්දත්ම ගැලපෙන්න්නේ තමන් යන්න ඉන්න ක්ෂේත්‍රය ගැන යමක් සොයා බලා ඉගෙනගන්න උනන්දුව සහ දැනුම එයින් ලැබෙන නිසා.
Deleteනමුත් ඕකට විරුද්ධ වෙන්න නම් ඕනේ තරම් අය ඉඳීවි
එකඟයි.දේශගුණේට ගැලපෙන්න වගේම පොඩි උන්ට දූවිලි නාන්න හොඳ පාටකින් ඇඳුම් දෙනව නම් හොඳයි.ප්‍රාථමිකෙට නම් දැන් මජං කිට් එකක් ගෙනියන්න ඕනෙ මම හිතන්නෙ.
ReplyDeleteජයවේවා..!!
දුඹුරු, අළු, ලා නිල් වගේ පාටවල් ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ. හි හි.. ප්‍රාතමිකේ ගැන නම් හිතන්නවත් බයයි. ඉස්සර මගේ සුදු ගවුම මතක් වෙනකොට දැන් අපේ අම්ම ගැන පුදුම දුකක් ඇති වෙන්නේ.
Deleteලංකාවේ ඉස්කෝලේ ළමයින් කුඩුවේ දාල හදන චිම්පන්සි වගේ ++++++++
ReplyDeleteමමත් එහෙම හැදුන චිම්පන්සියෙක්. ඒ බවට සාක්ෂි ඕනේ තරම්.
Deleteමුල් ඡේදයේ මුල්ම ටිකට එකඟයි...
ReplyDeleteමට වෙලා තියෙන්නේ හිතට එන ඒවා ඒ වෙලාවේම සටහන් කර ගන්ට බැරි එක.
ඔය කතා ටික සාපේක්ෂයි...
ලියලා තියෙනවා පට්ට...
මටත් ඔය අවුල තියෙනවා. ඒ හින්ද ජිවිතේ පරදුවට තියල ලියල දැම්ම. මේ දවස්වල හම්බානක වැඩ. ඒ කියන්නේ එකක්වත් කරන්න හිතෙන්නේ නැහැ!
Deleteඔතන තව දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට අම්මලා බලන්නෙ තමන්ගෙ ළමයාව ඉස්සරහට දාලා අනික් අය අතරෙ කැපිලා පේන්න. කොටින්ම කිවුවොත් පොශ් වෙන්න. ඒකෙදි වෙන්නෙ ළමයා තැලෙන එක නෙවෙයිද. ඒ වගේ ළමයෙක්ගෙ ඇතුලෙ ඉන්න ළමයා කියන කෙනා ගොඩක් වෙලාවට නෑ. නිකන් රොබෝවෙක් වගේ අම්මලා දක්කන විදිහට යන එකෙක් ඉතුරු වෙනවා.
ReplyDeleteඑහෙම අය තමයි වැඩිපුර ඉන්නේ. හැබැයි සමහර ළමයි ඒවාටම හැඩගැහිලා. ( ඉගෙනුම් චර්යා) ළමයා තැලෙනවට වඩා දෙමවුපියන් අගය කරන්නේ ඒ ළමයින්ගේ හැකියාව ගැන ( අනිත් උන් පෙරලාගෙන උනත් යන්නට පුළුවන්කම) ඕක අපේ කාලෙත් ළමයින්ගේ මම දැකල තියෙනවා. සමහර දෙමවුපියන් ඉස්කෝලේ පදිංචි වෙලා ඉන්නේ. ඒ ලමයිංක මුකුත් කිව්වොත් උදහසට ලක්වෙන්න වෙනවා ගුරුවරුන්ගෙන් උනත් ( ඒ හොද්ද මම කාල තියෙනවා) දෙමවුපියන් බලාපොරොත්තු වෙන්නේ රොබෝවෙක් නේද? ඒ කියන්නේ 'සාර්ථක පොරක්'?
Deleteමට නම් දිරවන්නෙම නැති වැඩේ තමයි ඕක. අපෙ පුන්චි අම්ම පොඩි උන් දෙන්නට දෙන වදේ දැක්කාම මට එන කේන්තියට නෑකම් බලන්නෙ නැතුව සුද්ද සිංහලෙන් අමතලා එන්නෙ. ලොකු කෙල්ල මේ පාර A/L ලියන්නෙ. එක විෂයට පන්ති හතරකට යවනවා. ගෙදර එන්නෙ රෑ 8 ට. ඒකි හොඳටම ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ කියන එක මූනෙන් තේරෙනවා. මහ එකීට ගානක්වත් නෑ. එහෙම නැතුව බෑලු ස්කෝලෙ අනිත් අම්මලත් එහෙමලු පන්ති යවන්නෙ ළමයිව.
Deleteමක් කිව්වා?? එක විෂයකට පන්ති හතරක්???? හැබෑටම පිස්සු නොහදුනොත් තමයි පුදුමේ. මම හිතන්නේ ඒ ළමයාගේ අම්මට විෂයන් ගානේ ප්‍රශ්නයක් ඇත්තේ. ඒ කියනෙන් OL වලට විෂයන් ගොඩක් තිබිල එකාරටම 3කට අඩු උනාම සාංකාව වගේ ඇති!
Deleteඅපේ අම්මලා නම් දැනගෙන හිටියෙත් නැහැ අපි ටියුෂන් ගියේ කොහෙද කියල. හි හි.... මම AL වලට නම් ටියුෂන් ගියා. ඒකත් අමාරුවෙන් හිත හදාගත්තේ ස්පෝර්ට්ස් වලින් එලෙව්ව හින්ද. ටියුෂන් තියෙන්නේ අපි වගේ දුර්වල ළමයින්ට අප්පා...
අපේ රටේ කිසිම දෙකට ප්‍රතිපත්තියක් නැහැ.අධ්‍යාපනයට උනත් එහෙමයි.ආණ්ඩු වෙනස් උනාම ඔක්කොම වෙනස් වෙනවා. රටක් දියුණු කරන්නේ කොහොමද ඉතින්.
ReplyDeleteපර්තිපත්ති තියෙනවා. නමුත් හරියට එකක්වත් නැහැ. ඒවා පැත්තක තිබියදී වෙනත් දේවල් කරන්නේ. ආණ්ඩුව මත සියල්ල වෙනස් වෙනවා. වැඩිය ඕනේ නැහැ මේ ආණ්ඩු පෙරළියෙන් පස්සෙම බලන්නකෝ මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය? වැල්ලේ ගෑනු වගේ ඔක්කොම!
Deleteඅන්තිම දෙබස තමා හොඳම... :-)
ReplyDeleteහි හි හි
Deleteඊයෙ මට යාළුවෙක් කියනව, එයාගෙ දුව මොනිටිසෝරි ලු. උදේට එයා ගිහිං දානවලු. හවසට මොන්ටිසෝරියෙ වෑන් එකෙන් ගෙදරට එක්කරන් ඇවිත්, දෙමව්පියන්ටම බාර දීල යනවලු. දෙමව්පියො ගෙදර නැත්තං ආපහු මොන්ටිසෝරියටම ළමයව අරං යනවලු. ඒකෙ ඩේ කෙයා එකේ අවුරුදු 13 -15 වගේ ගෑල්ලමයිත් ඉන්නවලු අම්මල ඇවිත් එක්කරං යනකල්. මොකද, දැන් කාලෙ රටේ තත්ත්වෙ භයාණක නිසා...
ReplyDeleteමේක වෙනම කතාවක්.. ඔය හා සම්බන්ධ වෙනත් දෙයක් ගැන මම ටික කාලෙකට කලින් ලිව්වා. ඉතිරි ටික ලියන්න හිතාගෙන ඉන්නේ. ලියමුකො එහෙනම්!
Delete//අපේ රටේ කිසිම දෙකට ප්‍රතිපත්තියක් නැහැ.අධ්‍යාපනයට උනත් එහෙමයි.ආණ්ඩු වෙනස් උනාම ඔක්කොම වෙනස් වෙනවා. රටක් දියුණු කරන්නේ කොහොමද ඉතින්/
ReplyDelete+++++++++++++
පැහැදිලිවම අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ප්‍රාෙයා්ගික නෑ...තාමත් තියෙන්නේ ගුරුවරු හැන්දෙන් පෙවීමම තමයි.අන්තිමට ගිරවු පෝෂණය වෙනව...යමක් හිතල කරනඑකා හැලිල යනව....
සිලබස් ගැන නම් මට කියන්න හරියටම දැනුමක් නැහැ. ප්‍රයෝගික නැහැ කියල කිව්වම නිකන්ම කතාවක් වගේ මිසක් මට එතරම් දැනෙන්නේ නැහැ. පොතේ දැනුම ප්‍රයෝගිකව යොදවන්න ඒ ළමයට අවකාශය දෙන්න ඕනේ ඉස්කෝලෙන් විතරයි කියන එකද? එය වැරදියි නේද? එය පරිසරයෙන් එන්න ඕනේ දෙයක් නෙවෙයිද?
Deleteකියන්න අමතක උනා කතාවක්. මමත් ඉස්සර ඉස්කෝලෙදි හිතල වැඩකරන්න ගිහින් හම්බානක ඇනගෙන තියෙනවා.
Deleteඑක පාරක් අත්වැඩ වලට මැහුම් තියෙන කාලේ, පන්තියේ ළමයෙක් හිටියා එයාගේ අම්ම ගෘහවිද්‍යා ගුරුවරියක්. එයා ගෙනාවා මැහුම් වලට ගන්න උපකරණ දාන්න ගෙදර මහපු කේස් එකක් වගේ එකක්. ගුරුතුමී පන්තිය ඉස්සරහ මාර වරුනාවක් කළා ඒ ගැන. මගේ වයස අවුරුදු 10ක් වත් නැහැ. ඒ උනාට මට ගෙදර මැෂින් එක කජු වගේ. මම කලේ ගෙදර ගියපු ගමන් කාඩ්බෝඩ් ෆයිල් එකක් අරගෙන ඒක වටේ රෙදි තියලා, රේන්ද අල්ලලා, පොකට් මහලා, කාදූ මහලා මැහුවා ඒ වගේම එකක්. හැබැයි ඒ තරම් නීට් නැහැ. මොකද ඒ ළමයාගේ එක මහල තිබ්බේ එයාගේ අම්මනේ. ඕක මම ඊළඟ පාර පෙන්නුවම ගුරුතුමී ඇන්නුව කියන්නේ මාව නොකවුට් වෙන්න, කිසිම නීට් එකක් නැහැ කියල. හි හි.. එහෙම සැලෙන එකියක් නෙවෙයි මම. ඒ නිසා එයාට පෙන්නන එක නතර කළා මිසක් මහන එක නතර කලේ නැහැ. ඔන්න ඕකයි ඉස්සර තත්වේ!
අපිම තමා මේවා වෙනස් කරන්න ඕනේ උපේක්ශා.
ReplyDeleteමුලින්ම තමන් වෙනස් වෙන්න ඕනේ. මමත් ඇතුළුව
Deletehttp://nelumyaya.com/?p=5071
ReplyDeleteඇත්තටම වටිනා ලිපිය ලිව්වේ ඔමා. එයාගේ ලිපිය දානවා නම් තමයි මම වඩාත්ම කැමති
Deleteඒක දැක්කේ නැහැ. අද දාන්නම්. මගේ දුවල දෙන්නට අවු 12 පැන්නම මොබයිල් අරන් දුන්න. ඉස්කෝලෙන් ම කිව්වා රන් දෙන්න පුළුවන් නම් කියල. හෝම්වර්ක් දෙන්නේ (තියෙන්නේ ) අන්තර්ජාලයේ නිසා සහ සමහර වෙලාවට පන්තියේ නොදනන් දෙයක් ගූගල් කරලා බලන්න අවසර තියෙනේ නිසා. මේ අධ්‍යාපන ක්‍රමයට මම කැමතියි. කට පාඩම් කරන ගමන් ම ළමයින්ට කියල දෙනවා දැනුම හොයා යන්නේ කොහොමද, මැනේජ් කර ගන්නේ කොහොමද වගේ දේ.
Delete