Wednesday, January 27, 2016

245. සටහනක් පමණයි





මම සාමාන්‍යයෙන් බ්ලොග් වල පීර පීරා ලිපි කියවන එක කරන්නේ හරිම අඩුවෙන්. එහෙම කියෝන බ්ලොග් හරිම රසවත් උනාම කොමෙන්ටු දන්නා ඉක්මන් වෙන්නෙත් හරිම අඩුවෙන්. මොකද ලියාගෙන යන කෙනා කවුරු උනත් මම කැමතියි මගේ අදහස් වලින් ගැස්සෙන්නේ නැතුව යනවා නම්.

මම නිතර දැකපු බ්ලොග් එකක් ගැන තමයි අද කියන්නේ. ඒ බ්ලොග් එක මම වෙනත් අයගේ බ්ලොග් වල එල්ලිලා ඉන්නවා දැක්කත්, නම නිසාද මන්ද මම ගියේම නැහැ. ඒකෙ නම 'මගේ කතාව'. මම චරිතාපදාන කියවන්න කැමතියි, නමුත් මම ලංකාවේ කෙනෙක් තමන්ගේම ජිවිතේ ගැන කියන දේවල් කියවන්න කලින් දෙතුන් පාරක් නෙවෙයි, හැට පාරක් හිතනවා. මොකද ඒ හැම තැනකම ගොඩක් වෙලාවට තියෙන්නේ තමන් ඉස්මතුවෙන ලියවිලි. ( මමත් ඇතුළුව) එහෙම නොවෙන තැන් හරිම අඩුයි. විශේෂයෙන් බ්ලොත් අවකාශයේ.

ඊයේ මම නිකමට මේ බ්ලොග් එක කියෙව්වා. ඇත්තටම මම මුල ඉඳල ඔක්කොම කියෙව්වා අකුරක් නෑර. කියෝලා ඉවරවෙලා තමයි මේ කවුද කියල බැලුවේ. මට පුදුම හිතුනා!



මම දන්නවා මගේ වගේ හුදකලා බ්ලොග් එකක් නෙවෙයි ඒ බ්ලොග් එක. ගොඩක් අය කොමෙන්ටු දාලත් තියෙනවා දැකල තියෙන නිසා මේ වෙනකොටත් ඒ පැත්තේ ගිහින් ඉන්න අය තමයි වැඩිපුර ඉන්නේ. නමුත් ඒ හැම දෙයක්ම කියෙව්වම මට මේ සටහන නොලියා ඉන්නම බැරි උනා. කොටිම්ම මට මතක් උනේ සන්නස්ගල, වෙන කෙනෙක් නෙවෙයි උපුල් ශාන්ත සන්නස්ගල!

මොකද දන්නවද?

උපුල්ට මෙහෙම උනා නම්..... මේ වෙනකොට පොත් කීයක් කියල විකුනගෙනද?? නිකම්ම නෙවෙයි, අම්මවත් , තාත්තවත් එක්කම..

ඔහුගේ ලියවිල්ල බොහොම අව්‍යාජයි. ඒ වගේම දරුණුයි. හැම වචනයක්ම පපුවට කිඳාබහිනවා. ඔහු ඔහුව ඉස්මතු නොවී, කතාව කියනවා. ඇත්තටම ඒක තමයි කතාවක් කියන විදිය. එතකොට පාටක් නැතුවම අපිට සත්‍ය චිත්‍රය මැවෙනවා. ඔහුට ඕනේ විදියට අපිට සතුරන් ඇතිකරලා නොදී, කතාව ඇතුලම සතුරන් නිශේධ කරනවා... හරිම පුදුමයි!


ඔහුට කරන ගෞරවයක් විදියට මම මේ ලින්ක් එක දාන්නේ. මම හිතන්නේ නැහැ නොගිය කෙනෙක් ඇතිය කියල.

මගේ කතාව.




තාමත් මම හිතනවා.... තාමත්!





45 comments:

  1. හිතුවක්කාරී තාම බ්ලොග් අවකාශෙට ආව විතරයි නෙව..මන් දැකල තිබුනේ නෑ.. ගිහින් බලන්ට ඕනේ ඒ පැත්තේ...

    ReplyDelete
  2. ස්තූතියි, ගියා, කියෙව්වා, රෝලට දාගත්තා.

    ReplyDelete
    Replies
    1. නිතර ලියන්නේ නැහැ මම හිතන්නේ. ඒ උනාට ඉඳල ඉඳල ලිව්වත් ඒවායේ සම්බන්ධය, රිද්මය එක විදියටම තියෙනවා

      Delete
  3. ගිහිල්ලා බලලා කියන්නම්

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් එක පටන් ගත්ත අලුත මේ පැත්තේ මේ පැත්තේ ගියා.ඇත්තටම හොද බ්ලොග් එකක්

      Delete
    2. ඕකනේ මගේ වැරැද්ද. මම හොඳ බ්ලොග් කියවන්න ගන්නේ ගොඩක් වෙලාව තියෙන වෙලාවට විතරයි. එහෙම එව්වා එන්නේ ආණ්ඩුවෙන් සහන දෙනවා වගේනේ.. එනවා කිව්වට එන්නේ නැහැ හි හි

      Delete
  4. මමත් ඔය මුලු බ්ලොග් එකම කියවලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. රසවත් නේද හෙන්රි.

      ඒක නෙවෙයි, මොකද දැන් කියන්නේ නැත්තේ??????? චිත්‍රයක් වත් දාන්නකෝ..

      Delete
  5. මටනම් හැම බ්ලොග් එකකටම යන්න වෙන්නේ නෑ.ඒ වුනත් අනිවාර්යෙන්ම කියවන බ්ලොග් කිහිපයක් තියනවා.නිතර කොමන්ට් කරන්නේ ඒ බ්ලොග් වල.බලමු මේකටත් ගිහින්.

    ReplyDelete
    Replies
    1. මේක ඔබ කැමති වෙන ජාතියේ එකක් මම හිතන්නේ.

      Delete
  6. මුලින්ම කියවපු දවසේ මට හිතුනෙත් උඹට වගේම තමයි.. මුල ඉඳන් ඒ වෙනකොට තිබ්බ ඔක්කොම ලිපි කියෙව්වා.. (රහසක් කියන්නද? ආ එක්කෝ ඕනේ නෑ.. හැක හැක හැක..)

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමෙන්ටු දැක්ක ඒ සමහර පොස්ට් වල. අර 'හොරි' ගැන තිබ්බ පෝස්ටුවේද මන්ද.. හැක හැක....

      සහස්?? හා කියන්ට බලන්ට...

      Delete
  7. මම බ්ලොග් අත්පොත් තිබ්බේ එතනින් බොලව්...
    අදටත් ඉඳහිට වැටෙන කොටසක් දැක්කත් කියවන්න යන්නේ උඩ පැනගෙන...
    පුදුම අව්‍යාජව ලියනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තද බොලේ... මම කිව්වේ... මම ඔය ඉඳල හිටලා බ්ලොග් පිරනාකොට තමයි ඇත්තටම සිරාම බ්ලොග් අහු වෙන්නේ. ඒවායේ පෝස්ටු වැටෙන්නේ හරිම අඩුවෙන්.

      Delete
  8. ආලෝකෙන් විතරක් නෙමෙයි පින්තාරු කොරන්න ඇහක්කෙ කියලා ඔප්පු කොරන බ්ලොගක්.. හරිම රසවත් ලියවිල්ලක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔහුට ඒ පර්රණය ලැබුනේ කොහොමද කියලා හොඳින් තේරුම් ගන්න පුළුවන් බ්ලොග් එක හොඳට කියෙව්වොත්

      Delete
  9. ගිහිං එන්නම්.. ඔත්තුවට තුති...

    ReplyDelete
  10. හැම කොටසක්ම කියවා ඇත.ඔබ සමග එකඟයි.

    ReplyDelete
    Replies
    1. අන්තිම එක කියෙව්වම මට රසම රස කඩලගොට්ටක් ඉවර උනා වගේ තේරුනා. අන්තිම එකක් අරගෙන කටේ දාගෙන ආයෙත් කවරේ හරෝ හරෝ පොඩි හරි කුඩක් හොයනවා වගේ මේක අන්තිම ෆයිනල් එකමදෝ කියමින් අලුත් පෝස්ටු හෙව්වා.. හි හි... එහෙම බ්ලොග් අඩුයි

      Delete
  11. මගේ කතාව හුඟ දවසකින් අප්ඩේට් උනේ නැහැ. ඇත්තටම වටිනා බ්ලොග් එකක් මගේ කතාව කියන්නේ.. උපේක්ෂා ලිව්ව මේ පොස්ට් එක කියවල මටත් හිතෙනවා මගේ පොස්ට් වල මම මාව සුදු චරිතයක් කරනවද කියලත්.. ඒ ගැන තව දුරටත් හිතන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවැයි ඉතිං ඔහේගෙ සුද. හැක්..

      Delete
    2. අම්බලන්ගොඩ:

      මට ඔය ආබාධේ තියෙනවා කියල මම දන්නවා. මම මොකක් හරි පොඩිකාලේ හරි ලොකු කාලේ හරි දෙයක් ගැන කියනකොට, මම මාව සුදනා කරලා ලිවිල්ලක් මට නොදැනුවත්වම කරනවා. සමහර වෙලාවට අපිව අපි විසින්ම ඔසවලා තියන්න හදනවා වෙන්න පුළුවන්. ඒ උනාට ගොඩක් වෙලාවට චාටර් වෙනවා. අපේ උන් දන්නවා මගේ කෙරුවාව. පෝස්ටුව ඇතුලේ මම හා පැටියෙක් වගේ කරලා ලිව්වත් කොමෙන්ටු වලින් නෙලලා හම්බානක. හය්යු මගේ පෙට්‍රල් ටික!!!

      ප්‍රසන්න:
      සුද?? මගේද?? ඔව් අනේ.. මම සුදු වෙලා කියල හැමෝම කියනවා

      Delete
  12. මමත් අහම්බෙන් 'මගේ කතාව' බ්ලොගේට ගොඩඋනේ ඒත් මේ ලඟකදී තමා කියවන්න හම්බුනේ...කියවන්න ආස හිතෙන බ්ලොග් එකක්.

    ReplyDelete
    Replies
    1. එකනේ.. මමත් අහම්බෙන් උනේ. දවස් කීපයක් යනකල්ම ඒ කතාව මගේ හිතේ කම්පනයක් ඇතිකළා. ඒ සමහර සිද්ධි මගේ හිත තදින් අද බැඳ ගත්තා. දුක් නෙවෙයි. ලියුම් රටාව පවා

      Delete
  13. ගිහිල්ල බලල, කියෝල, කොමෙන්ට් කොරලත් තියෙනව.

    ReplyDelete
  14. මමත් ඒ බ්ලොග් එක සම්පුර්ණයෙන්ම කියවලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට කොමෙන්ටුවක් නොදැම්මත් කියෝන අය ඉන්නවා ඇති.

      Delete
  15. අනේ, මං ගැන ලියපු බ්ලොග් එකවත් මං දැක්කෙ නැති හැටියක්...!!
    බොහොමත් ම ස්තූතියි උපේක්ෂා.

    ReplyDelete
    Replies
    1. ඔහ්... දකින්නේ කොහොමද ඉතින් මේ වගේ පාලු ගෙදරක වළන් බිඳිනකොට!

      මට පුදුම මේ පෝස්ටුව ඔබ දැක්කේ කොහොමද කියන එකයි. මම එතන ලින්ක් එකක් දැම්මේ නැති බවට හොඳටම මතකයි. කවුරුහරි ඔත්තුවක් දුන්නද? බොහොම ස්තුතියි ඔබේ මේ නිහතමානී කොමෙන්ටුවට. තව ඉදිරියට ලියනවා නම් අපි හැමෝම කැමතියි

      Delete
    2. ඹබේ සටහන දැකපු කිහිප දෙනෙක් ම මගේ බ්ලොගයට ගොඩවැදිල, ඹබ ගැන කියල තිබුණා.
      ඒ නිසයි ලිංකුව ඉල්ලාගෙන මාත් මේ සටහන කියෙව්වෙ.
      ඒත් ඔබේ මේ සටහන ඇර වෙන මුකුත් ම කියවන්න ලැබුනෙ නැහැනෙ..
      වෙලාවක් අරගෙන කියවනවාමයි.
      බ්ලොග් කලාව හරි ම රසවත්.
      නමුත් දැන් බ්ලොග් කියවන සහ ලියන අය අඩුවෙලා, එයාල මූණු පොතේ පැල් බැඳගෙන කියල මට හිතෙනව.
      මොකද මූණුපොතේ යමක් සටහන් කළා ම ඒක වහා ම අනෙක් අයගෙ ඇහැ ගැටෙනව.
      නමුත් බ්ලොගයක් එහෙම නෙමෙයි නෙ. ඒක අනෙක් අයට පෙන්නන්න ම ඕන..
      අන්න ඒකට හොඳ ක්‍රමවේදයක් හැදුනොත් බ්ලොග් මීට වඩා කියවන්න එන අය වැඩිවේවි.
      නැවතත් බොහොම ස්තූතියි මගේ බ්ලොගයට අලුත් රසික පිරිසක් එකතු කරලා දුන්නා ට..
      මේ "මගේ කතාව" දැන් සතිපතා "සත්හඬ" පත්තරේ කොලමක් හැටියට පළ වෙනවා.

      Delete
    3. මේකට කෙටියෙන් උත්තර දෙන්නේ කොහොමදෝ කියල මම විනාඩි තිහක් විතර කල්පනා කළා...

      පළවෙනියෙන්ම කියන්න ඕනේ මම වගේ ඇච්චෙක් කොහෙද ඉන්ද්‍රජිත් වගේ කෙනෙක්ට රසිකයෝ ගැන වැඩි කරන්නේ. මම නම් අදහන දේ තමයි කියවන 'ඔළුගෙඩි ගාන වැඩිවෙනවට' වඩා 'කියෝන ඔළුගෙඩි ලොකු වෙනවා' නම් වටිනවා කියන එක. මම නම් හරවත් යමක් ලියනවා කියල කියන්න බැහැ. නමුත් මම කැමති සුළුතරයක් අතරේ ගැවසෙන්න.

      ඔබ කියන දේ ඇත්ත තමයි. මුහුණු පොතේ වැඩි අවධානයක් තියෙනවා තමයි. ඉතින් බ්ලොග් එකේ ලියලා, මුණු පොතේ ලින්කුව දාන්න. මට නම් මේ දෙක එකිනෙක ස්වයායත්තව තියාගන්න තමයි වැඩි කැමැත්ත. මොකද මම ලියන ඒවා එක්ක මගේ පුද්ගලික ජිවිතේ ගලපනවට මගේ මනාපයක් නැහැ. මම ඒ ගැන මගේ බ්ලොග් එකේ ලියලා ඇති. ඔබ වගේ ඕකු පෞර්ෂයක් මට නැති හින්ද වෙන්න ඇති. පුද්ගලිකත්වය මම ලොකුවට අගය කරනවා. මම මුණුපොතේ නොදකින්නේ එයයි.


      සුබ ආරංචියක් වගේ ඇහෙන්නේ. ඒ කියන්නේ මගේ කතාව ඔබ දිගටම ලියවෙයි, නැත්තම් පත්තරෙන් බඩු හම්බෙයි!! හි හි.... ඒ මොනවා උනත් බ්ලොග් එකේ දාන්න කියල කාරුණිකව ඉල්ලනවා. මම ලොකු පත්තර ලෝලියෙක් නොවෙයි. නමුත් පොත් පිස්සියක්.... ( ඇති නේ මගේ නයා ඇරිල්ල...)

      Delete
    4. ඒ ඇච්චියේ.. කවුද අනේ ඉන්ද්‍රජිත් කියන්නෙ..??
      මාත් එහෙම කෙනෙක් ව දන්නෙ නැහැනෙ..!!

      Delete
    5. So sorry... not ඉන්ද්‍රජිත් , it should be 'Indranatha' ....

      ( uh.... yantham beruna weda danna hinda)

      Delete
  16. මගේ කතාව . එක දවසකින් කියවා ඉවර කල එකම බ්ලොග් එක . ආරම්බයේ සිට අවසානය තෙක් මනසේ රැදුණු එකම රුව , මගේ තාත්තා !

    ReplyDelete
    Replies
    1. නියමයි. එක හුස්මට කියවන්න අපිව ඇබ්බැහි කරනවා

      Delete
  17. ඒත් එක්ක ම, මා වෙනුවෙන් මෙහි අකුරක් හෝ කෙටූ හැමට මාග් භක්ත්‍යාදරයත් පිරිනමන්න ඕන...!!

    ReplyDelete
    Replies
    1. එය ඉබේම ඔබට ලැබෙන දෙයක්...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...