Friday, October 16, 2015

222. ඉස්පිලි පාපිලි ඇලපිලි හිදැස්






ලියමි මම
නවත්තන්න බැරි තරමටම..
කවි..

ඉස්පිලි අස්සේ හංගන
පාපිලි අස්සේ ගුලිවෙන
ඇලපිලි වල විටෙක ඇමිණෙන
උඹ ඇත
කොම්බුවක, රේපෙක එල්ලීගෙන..

ඒ කවි අතර
වචන එකිනෙක අතරින්
තබන හිඩැසින් බිමට වැටෙන,
උඹ
ආයෙමත් අනිත්
කවියේ මුලට එක්වන

තාලයක් නැති,
හිතෙන තාලෙට ලියවෙන..
නවතන්න බැරි,
හිතින් නවතින උඹ මෙන....




18 comments:

  1. කොම්බුවක එල්ලී ඉදීම
    හිතනවාට වඩා වෙහෙසයි බෝම
    දෑගිලි රිදී හිරි වැටි තිබෙද්දීම
    ඉඳිමි තව තවත් කව වෙනුවෙන්ම

    ReplyDelete
    Replies
    1. කොම්බුවේ ඉන්නේ මොකටද
      ඔය තියෙන පාපිල්ල සැප මදිවද?
      අල්කිරිලි, ඇද ,විශ්මයාර්ථ මගහැර
      ඊළඟ පිටුවේ කොම්බුව යටට එනවද?

      Delete
  2. Ara kathawe eelanga kotasa daanako
    (Balan idala idala bari thana me comment eka daanne)

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න. ඒ කතාව නම් දැම්ම දාන්න අදහසක් නැහැ. බොරු කියලා ඔයාලව බ්ලොග් එකට ගෙන්න ගන්න අදහසක් නැති නිසයි කිව්වේ. සමහර වෙලාවට නොදැම ඉන්නත් පුළුවන්. පසු කාලෙක දාන්නත් පුළුවන්. දැනට නම් කියන්න තියෙන්නේ ඒ ගැන අදහස තාවකාලිකව අතහරින්න කියල.

      Delete
    2. බ්ලොග් එකට දාන්න බැරිනම් හීයක වත් එවන්න පුලුවන්නම්..

      Delete
    3. තෝ ඒ පාර මැරුම් කන්නද හදන්නේ...
      දාපිය ඒ කතාව...

      Delete
    4. Ane ehema karanna epa.
      I'm a pregnant women. Because of that story, I started to ignore most of the little mistakes done by my husband and in-laws. And there are so many things to tell (to change your mind :) ) Didn't see a way to send you an email.

      Delete
    5. මුදියන්සේ: හීයක් නේද? බලමු.

      ලොකු පුතා: රක්‍ෂිතයේ දඩයම් කිරීම තහනම්ය. ඒ උනාට පුළුවන්ය

      Ano friend: අප්පා.. අප්පා... එහෙමද? මගේ හිත වෙනස් කරන්න නම් ඒ කතාව හොඳටෝම මදිය. නමුත් නොලියා ඉන්න එක වැඩිපුරම වදයක් වී ඇත්තේ මටයි. මම ලිව්වත් මෙතන දාන්න විදියක් නැති එක තමයි ප්‍රශ්නේ. බලමු විසඳුමක්.

      බනින්න, එවන්න එකක් දැම්මා. ඒකෙන් ලියල එවන්න කියන්න තියෙන දෙයක්.

      Delete
    6. ලියපං බං.ඒක දැං උඹට අයිති නෑ.. පාඨකයා අතරමං වෙනවා නේද?

      Delete
    7. හ්ම්ම් හ්ම්ම් මට පාඨකයෝ කොයින්ද? උන් කොහොමත් අතරමන් වෙච්ච වෙලාවටනේ මේකට ඇදගෙන වැටෙන්නේ, නැද්ද? හික් හික්.. විහිලුවට කිව්වේ..

      ලියන්නම්. කවදා දායිද නම් දන්නේ නැහැ.. හි හි... බලමු.

      Delete
  3. මේක නියමයි. කවිය සහ කවිය ගැන කවියක් ලිවීම මොලේ සර්කිට් එක වයර් වී ඇති අයුරු අමුතු බවට සාක්ෂියක්. කෝකටත් කියල අධි සැර විදුලි කම්බි ගාවින් යාමෙන් වළකින්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      ලෙඩේ හඳුනාගත නොහැකි තරමට ඔඩු දුවා ඇත. විදුලි කම්බි වදියි කියල ආරක්ෂාවට අංතට්ටුවක් පළදිමි.

      Delete
  4. කොච්චර උත්සහ කරාද..
    කොම්බුවක ඇලපිල්ලක හරි..
    හිඩැසකින් පැනගන්න..
    කොහෙද..
    ආයිම ඇදන් ගිහින් එල්ලනවානේ..
    අලුත් කවියක..

    ReplyDelete
    Replies
    1. හිදැස් තියෙන්නේ වැටෙන්න. ඇදේ දමන්නේ අමුණන්න.

      Delete
  5. ඒවා තමා කවි.................................

    ReplyDelete
    Replies
    1. ඇලපිලි නොමැති? ඉස්පිලි පමණක් ඇති?

      Delete
  6. බලා අවසර - සොයා කල් දැන
    වෙලා හස රැහැනින් - පෙලයි මා
    මුදා සුව දැහැනින්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කවිය ඔබ
      තුන් තිස්පැයක්
      නිදිවරා වෙහෙසී
      සිත දෙගිඩියාවෙන්
      තවම නොලියු
      කවිය ඔබ...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...