නැතිවුණිය ඉවසුම්
දකින තුරු ඔබ දසුන්
පුරා දෙවසරක සුසුම්
ඇසුණු පපුවද නොමැත සැනසුම්
ඈතින් එනු දුටද
හිස බිමට බාගෙන උනිද
කීමට යමක් නොතිබුණද
දුටිමි නෙතඟින් ඔබ පාද
අතපය වාරුවෙන්
ගියද ඔබ පසුපසින් සීරුවෙන්
සැලෙන ඔබ අත වේගයෙන්
කීය නොකියා ඔබේ හැඟුමන්
හොරැහින් බලන විටදීත්
වටොරින් එතෙන ඔබ අත්
සිරවුනි මගේ උගුරත්
වටපිට කිසිත් නෑසිත්
පුයර සුවඳක් ඉහිරුන
මෘදු හාදුවෙන් නිමවුන
මොහොතකි යලිත් නොම එන
කටුවකි දැන්ද කකියන
අතීතයේ ඇතැම් සුන්දර මතක වත්මනේ කකියන කටු බවට පත්වෙනවා
ReplyDeleteපැදිපෙල ලස්සනයි
ජයවේ නුවර කුමාරි
ස්තුතියි
Deleteප්‍රථම පෙම කලෙද අවසන්
ReplyDeleteදුක්නොම වන්න සැනෙකින්
මුදේ ඇත තව තෝර මෝරුන්
විදල අල්ලමු හී සැරේකින්
කලෙමි මම පොඩි විහිළුවක්
වෙයි නම් ප්‍රථම ප්‍රේමයක්
බිදුනොත් එවන් බැදීමක්
සදා අමතක කල නොහැක්කක්
නැත කිසි අමනාප
Deleteකීම වන්නට කෝප
මෝරුන් උන්නත් බෝප
තල්මසුන් පමණයි මනාප! ( හිකිස්)
බිඳුනේ නැතිය එලෙසින්
හමුවිය නමුදු විගහින්
කල්තියා සැලසුම් නැතින්
හාදුවද ලැබුනේ සොරෙන්! ( හිකිස්)
හිකිස් හිකිස් ...
Deleteඅති රමණීයයි.
ReplyDeleteස්තුතියි. කාලෙකින් මේ පැත්තේ ඇවිත් වගේ.. හි.. හි..
Deleteපරණ සැමරුම් වර්ථමානයේ වේදනාවක්..
ReplyDeleteචඃ අපරාදේ එදා කියල හිතෙන වේදනාවල්! හික්..
Deleteමොහොතකි යලිත් නොම එන
ReplyDeleteකටුවකි දැන්ද කකියන..
අනුරාගයේ මතක වස්තුව.. මතක වස්තරේ පූජා කරලා අවශේෂ ඔක්කොම ගංගා නම් නදියට හැලුවත් අන්තිමට ඉතිරි වෙච්ච මංඩි ටික වගේ තමයි ඕක..
ලින්කුවට තුති උපේක්ෂා, මටම ලිව්වා වාගේ..
//සිරවුනි මගේ උගුරත්
වටපිට කිසිත් නෑසිත්//
උගුර හිර කරගෙන කෙල ගුලියක්ම ගිලුනා ඒ කෑල්ල කියවද්දී..
ඕකනේ කියන්නේ.. ලින්ක්ස් දාල, බෙර ගහලා ඕනේ අපේ පැත්තට හොරෙක් වත් ගෙන්නගන්න. මක්කා කොරන්නද ඉතින් නේද?
Deleteතව ලියන්නට හිතුනත්, මම ඊට වඩා ලිව්වේ නැහැ. අසධාරනයිනේ නැද්ද? ;-)
කාලයාගෙන් හොරාගත්ත මොහොතක
Deleteඔය මූනට ලං වෙලා
හෙමින්
හොරෙන්
මගේ තොල්,උඹේ තොල් හොයද්දී
උඹේ ඇස් උඹට නොදැනීම පියවුනා.
එහෙම ඇස් පියවෙන්නේ ඇයි?
මට තේරුම් ගන්න බොහොම අමාරු වුනා.
කාලයා ඒ දේ මට තේරුම් කළා.
ඉන් පස්සේ
මගේ ඇස්,මටත් නොදැනීම
පියවෙන්න ගත්තේ
උඹට කලින්මයි..
ඇස් පියවන්න ගිය
මොහොතක ප්‍රමාදයකදී
දවසක්
මගේ ඇස් අද්දර
උඹේ ඇස්
තවත් පිය නොවෙන බව
හීනෙන් වගේ පෙනුනා.
එදා.
මමත් ඇස් ඇරියා.
පිය නොවෙන්නම.
-කරූ
අද මම පෝස්ට් කරපු එකට අමතරව, ඒ ගැනම ලිව්ව තවත් එකක්..
හිකි හිකි බෙර ගැහුවත් මොකොයි හොරෙක් හරි එනෝ නම් ;)
Deleteමේක කියවන මට මතක් වුනේ අර සින්දුව.
ReplyDelete"නොදදා මුවින් හමුවී දෙනෙතින්
මඟ හැර යන්නේ ඇයි මේ ලෙසින්" කියලා තියෙන්නේ අන්න එක.
හාද්දක උණුසුම කටුවක් වෙලා කකියවන්නේ හිත අහිමි වීමේ දුකටද,හිමිවීමේ සතුටද මන්දා.
ඒ සින්දු හරිම සංවේදියි නේද? පදමාලාවේ තියෙන සුභාවිතය එහෙම තමයි. දැන් තියෙන්නේ රත්තරන්, මට බැරියෝ, මලෝ, ඉවරෝ, කියන වචන විතරයිනේ... හැක්
Deleteහාද්දක තියෙන වේදනාව හිමිව අහිමිවන වර්ගයේ එකක්. හපොයි දෙය්යනේ මගෙන් අහන්නේ අර ඉන්නේ වික්ටීම් කෙනෙක්, උගෙන් අහගන්න එකයි