මේ ලිපියේ කලින් කොටස කියවන්න බැරිඋන අය මෙතැනින් කියවන්න...
මම කලින් කොටසේදී විස්තර කලේ ඩේ කෙයාර් මධ්‍යස්ථාන වල අවශ්‍යතාවය සහ එහි සාමාන්‍ය සේවාවන් වල තත්වය ගැනයි. තව දෙයක් කියන්න ඕනේ. ඒ ලිපියට කොමෙන්ටු දාපු අයගේ අදහස් මේ ලිපියට ගාවගන්න අදහසක් නැත්තේ ලිපියේ මම ලියාගෙන යන්න හිතාගෙන ඉන්න දේ ඕනෙවට වඩා රබර් වෙයි කියල. ඒ හින්දා කොමෙන්ටු දාපු පින්වතුන්ට මම ඒ තැන්වලදී උත්තර දෙන්නම්. ( දැක්කද ලිස්සල යන විදිය. අවුලක් නෑනේ?)
මේ කොටසින් මම ලියන්න හදන්නේ මේ මධ්‍යස්ථාන සහ සේවාව ගැන සංවාදයක් ඇතිකලයුතු කරුණු ගැන.
අපි මෙහෙම කියමු. දිවා සුරැකුම් මධ්‍යස්ථාන කොතරම් තියනවද? ඒවා ඇත්තටම කොයිවගේද? ඒ හැම එකක්ම සමානද?
අපේ රටේ අධ්‍යාපනයට තියෙන සැලකිල්ල ගැන හිතුවම මේ මධ්‍යස්ථාන ගැන කවර කතාද කියලා හිතෙනවා. ඒ නිසා මම රජයෙන් සහ රජයේ සේවාවන් සැපයීමෙන් ස්වායත්තව කතාකරන්න කැමතියි. මේ ඔක්කොම මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන්නේ පුද්ගලික අංශ වලින්. ඒ වගේම දැනට නාගරිකව ගත්තහම වැඩි දුරක් යන්නේ නැතුවම ඩේ කෙයාර් එකක් හොයාගන්න අපහසුවක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ දරුවා බලාගන්න දාන්න තැනක් හොයාගන්න එකට දුරකතර ගෙවාගෙන යන්න වෙන්නේ අඩුවෙන්. නමුත්, දුරින් අඩු වූ පමණින් එයට ඇතුලත් කරන එක නුවණැති වැඩක් කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද ඒවා කොයි වගේද කියලා හොයා බලන්න ඕනේ, ඒ ඒ මධ්‍යස්ථාන එකිනෙකට සමහර වෙලාවට සම්පුර්ණයෙන් වෙනස් නිසා.
වෙනස් කියන්නේ?
වෙනස් කියන්නේ පහසුකම් අතින් සහ සේවාවේ ගුණාත්මක භාවයෙන් හුඟක් වෙනස්! කෙටියෙන් කිව්වොත් සමහර ස්ථාන හරියට වාතාශ්‍රයක් නොලැබෙන කුකුල් කූඩු වගේ තැන්. දරුවෙක්ට දිගු පැය ගානක් ඉන්න තියා වැඩිහිටියෙක්ට නිදාගන්නවත් හොඳ ඉඩක් , පහසුවක් එහි නැහැ. මම දැකලා තියෙන ගොඩක් ස්ථාන ඒ සඳහාම ඉදිකෙරුණු ගොඩනැගිලි නොවෙන නිසා ලොකු ශාලා, උසින් අඩු කොමෝඩ් සවිකරපු නානකාමර/වැසිකිලි , කෑම ගන්නා ස්ථාන ආදියට හරියටම හරියන තැනක් නැහැ. ගොඩක් තැන් වල නිවාස කුලී/බදු පදනම මත ගන්නා ලද පරණ හෝ අලුත් නිවාස. ඒ නිවාස වල කාමර වල ප්‍රමාණයෙන් සමහර දරුවන්ගේ සෙල්ලම් කරන වපසරිය තීරණය කෙරෙනවා. මේ මධ්‍යස්ථාන ගොඩක් වෙලාවට පිහිටලා තියෙන්නේ පාර අද්දර නිසා සමහර නිවෙස් වලට සැලකිය යුතු මිදුලක් හිමිවන්නේ නැහැ. ඒ වගේම සමහර තැන්වල ජනෙල් සහ වා කවුළු වල පිහිටීම අනුව වාතාශ්‍රය ගෙය තුලට එන්නේ අඩුවෙන්. ( ඔබ හිතන්න පුළුවන් මේ මොන මගුලක්ද, ඒ ළමයින්ගේ ගෙදරවත් එව්වා නොමැති වෙන්න පුළුවන්නේ කියල. ඔව්.. එහෙම වෙන්න පුළුවන්. එවන් පරිසරයක නිවසක් ඔබට හිමිනම් ඔබේ ජිවිත තුලත් අනවශ්‍ය ආකාරයෙන් ආතතියක් ඇති බව ඔබ නොදැනීම සිද්ද වෙන දෙයක්. එය ගැනත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම ළමයින් ගොඩක් ක්‍රියාශීලි වන පරිසරයක රස්නය වැඩියි. ඒ නිසා රස්නය පිටවෙන්න ඕනේ.)
ඊටත් වඩා මම අකමැතිම දේ තමයි, ප්‍රධාන පාරක් අසලම ( දොරෙන් එලියට බැහැපු ගමන් ප්‍රධාන පාර) පිහිලටා තිබිල්ල.. ( ඒ මොකද්ද ඒ හරුපේ?) නිකමට ඔබ ප්‍රධාන පාරක් අසල උදේ එනකොට සුදු රෙද්දක් එලලා ඇවිත් හවසට ගිහින් බලන්න ඒකෙ පාට සහ ස්වභාවය? ගන්න දෙයක් නැහැ නේද? දුම සහ දුවිල්ල වලක්වන්න බැහැ නේද? දවසේ වැඩි කාලයක් ඔබේ පොඩි දරුවා මේ දුහුවිල්ල ආඝ්‍රහණය කරමින් ඉන්න එක මම හිතන්නේ පොඩ්ඩක්වත් සෞඛ්‍යමත් ඇති කියලා. එයාලට පිරිසිඳු වාතාශ්‍රයක් අවශ්‍යයි.
මම මේ කිව්වේ බාහිර පාරිසරික සාධක. ඔබ හිතන්න පුළුවන් ඒවා ඔක්කොම තියෙන තැන් මාර ගණන් කියලා. මගේ නිරීක්ෂණය අනුව නම් එය පිළිගන්න බැහැ. ටිකක් විතර ඉඩපාඩු තියෙන, ප්‍රධාන පාරෙන් ටිකක් දුර උනාට යහපත් වාතාශ්‍රයක්, ආලෝකයක් තියෙන තැනකට ගෙහිහින් දාන එක මම හිතන්නේ යහපත් අධ්‍යාපනයක් දෙන්න වලිකන එකට හා සමානව අවධානයට ලක්වෙන්න ඕනේ කියලා. මොකද කුකුල් කූඩු වගේ තැන්වලට ළමයින් 'ගාල්' කරන එක අනුමත කරන්න බැහැ මට නම්. මට යෝජනා කරන්න පුළුවන්, ඔබ ඒ මධ්‍යස්ථාන වලට දරුවන් බාරදෙන්න කලින් ඒවායේ සංචාරය කරන්න. ඔබේ පහසුවම 'විතරක්' හිතන්න එපා. මොකද මට එක මවක් කිව්වා ප්‍රධාන පාරේ අද්දරම තියෙන එක්තරා මධ්‍යස්ථානයකට ඇගේ දරුවා බාරදුන්නේ 'ගන්න දාන්න ලේසි' නිසා කියල. මම නම් හිතන්නේ එය මුග්ධ ක්‍රියාවක්! පහසුවම බලන්නේ නැතුව ඒ ස්ථාන වල කලින් සංචාරය කරලා බලන්න ඉඩ, වාතාශ්‍රය සහ පරිසරය බලන්න. එකක් දෙකක් නෙවෙයි දහයක් උනත් ගිහින් බැලුවට පාඩු නැහැ මම හිතන්නේ. ඒ වගේම මේ ස්ථාන වලදී මල් තියෙන මිදුලක් තියෙන එක, සෙල්ලම් කරන උපකරණ ( සෙල්ලම් බඩු , ටයර් හෝ වෙනත් දේවල් වලින් හදපු උපකරණ, ඔන්චිලි, ප්ලේ හවුසස් ආදිය) තියෙන එකත් සැලකිල්ලෙන් බැලුවොත් යම් මට්ටමකට ඔබේ අවශ්‍යතාවයට සරිලන මිලකට හොඳ සේවාවක් ලබාදෙන තැනක් හොයාගන්න එක අපහසු වෙන්නේ නැහැ.
අනිත් කාරනාව තමයි දරුවන් බලාගන්නා අයගේ 'හැකියාව' සහ නිපුණතාවය. මෙතැනදී කොටස් දෙකක් ඉන්නවා. ඒ තමයි දරුවන්ට සින්දු හෝ ක්‍රියාකාරකම් උගන්වන ගුරුවරුන්. ( ගොඩක් වෙලාවට ගුරුවරියන් තමයි ඉන්නේ) අනිත් කොටස තමයි දරුවන්ගේ අනෙකුත් සියලු වැඩ කරන සේවිකාවන් සහ සේවකයින්. මම හැකියාව කිව්වේ, සමහරු ස්වභාවයෙන්ම දරුවන් හා මිත්‍රශීලි සහ කරුණාවන්තයි. ඔවුන්ට වෘතිය සුදුසුකම් නොමැති උනත් ඉතා හොඳින් දරුවන් හා මුහු වෙනවා. නිපුණතාවය කියලා මම කිව්වේ පලවෙනි වතාවට ඩේ කෙයාර් එකක් කරන කෙනෙක් ( කලින් එකක හෝ වැඩ කර නොමැති) නිපුණතාවයෙන් අඩු සහ අවදානම් වෙන්න පුළුවන්. මොකද ඔවුන් එක දරුවෙක් නෙවෙයි බලන්නේ. විවිධ පෞර්ෂයන් තියෙන දරුවන් රැසක් බලාගන්න එක ඇත්තටම ලොකු අභියෝගයක්.
මේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකට නම් ඒ පාලනය කරන අයත් එක්ක පොඩ්ඩක් කතාබහ කරන එකෙන් ඔවුන්ගේ අදහස් දැනගන්න පුළුවන්. හැබැයි මතකයේ තබාගන්න, ඔවුන් ඔබට සුරංගනා කතා කියන්න තියෙන ඉඩ වැඩියි කියලා. ගොඩ දෙනෙක් මෙය හොඳ 'බිස්නස්' එකක් කියලා හිතාගෙන ඉන්න නිසා සේවාවේ 'මාර්කටින්' සුපිරිවට කරන්න ඉඩ තියෙනවා. ඊට අමතරව ඒ මධ්‍යස්ථානයේ සේවාව ලබාගන්න දෙමවුපියන්ගෙන් අහලා බලන්නත් පුළුවන්.
මෙයත් කියන්න ඕනේ. මම දරන මතය අනුව නම් මේ මධ්‍යස්ථාන කියන්නේ කිසිම විටෙක දරුවෙක් බිම වැටෙන්නේ නැති, තුවාල කරගන්නේ නැති, ඉඳහිට හෝ ඔලුව පලාගන්නේ නැති තැන් වෙන්න ඕනේ කියල හිතනවා නම්.... කියන්න තියෙන්නේ Have a life කියල තමයි. දරුවන් වැටුනට මැරෙන්නේ නැහැ. ( වැඩේ කියන්නේ එහෙම ඕනේ කියල පරල වෙන්නේ ගමේ ඇලේ දොලේ බැහැලා , ගස් ගල් උඩ පිනුම් ගහල ඔලු පලාගෙන අඬු කඩාගෙන හිටපු ළමයි දෙමවුපියෝ උනහමනේ! නැද්ද කියන්න?) ඒ නිසා මුළු මධ්‍යස්ථානයේම බිමට ප්ලේ මැට් දාල තියෙන්න ඕනේ කියන අයට නම් මම මේ කියන දේ අදාළ නොවෙන්න පුළුවන්. නමුත් එහෙම ප්ලේ මැට් එලපු මධ්‍යස්තානත් මම දැකලා තියෙනවා. කියන්න තියෙන්නේ ඒ දරුවන්ට ලොකු දෙයක් මිස් වෙනවා කියල විතරයි.
මේ අතරතුරේ කියන්න ඕනේ, දරුවන්ට දෙන කෑම ජාති ගැනත් සැලකිලිමත් වෙන්න කියලා. සමහර මධ්‍යස්ථාන පහසුව ගැන හිතලා ක්ෂණික කෑම ගේන එක උනන්දු කරවනවා. ඒ කියන්නේ ක්ෂණික නුඩ්ල්ස්, පේස්ට්‍රි ආදිය. කෑම ඔවුන් විසින්ම ලබාදෙනවා නම් ඒවා මොනවාද කියා සැලකිලිමත් වෙනවා නම් හොඳයි. ගොඩක් වෙලාවට සීරියල් ජාති වෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ සීරියල් හොඳ නැහැ කියල, ඊට වඩා යමක් දෙන්න පුළුවන්. වතුර ගෙදරින් යවන්නේ නැත්තම් බිමට ගන්නා ජලය උණුකර නිවා දෙනවාද කියා සැලකිලිමත් වෙන්න. නැත්තම් ගෙදරින් බෝතලයක් යැව්වට වැරද්දක් නැහැ, නැත්තම් පාලිකාව/පාලකයා ට ඒ ගැන දන්වන්න. ඔබ සැලකිලිමත් වෙන්නේ නැත්තම්, ඔවුන්ද සැලකිල්ලක් නොදක්වන්න ඉඩ වැඩියි.
අනෙකුත් සනිපාරාක්ෂක කටයුතු අතරින් පිරිසිඳු වැසිකිලි සහ කෑම අසුරා තබන පිළිවෙල ආදියත් වැදගත්. දරුවන් ඉන්නා එවන් ස්ථානවල නිතර කෑම බිම වැටෙන නිසා කැරපොත්තන් බෝ වෙන්න ඉඩ වැඩියි. හැබැයි කරපොත්තෙක් දෙකෙක් හිටියට කරන්න දෙයක් නැහැ. උනුත් ජීවින් නේ. ඒ වගේම උන්ව මරන්න යොදවන විස දරුවන්ට මුඛ මාර්ගයෙන් ඇතුළුවෙන්න ඉඩ තියෙන නිසා ඔවුන් ඒ දේවල් පාවිච්චි කරන එකත් අනතුරුදායකයි. කුඩා කොමෝඩ් සවිකර තියෙනවා නම් වඩා හොඳයි. නැත්තම් දරුවා පුරුදු වනතුරු ගෙදර පොටි එක ඔවුන්ට ලබාදෙන්න. මේවා ඇතුලත් කරන්න කලින් ඔවුන් සමඟ සාකච්චා කරන්න. එතකොට අපහසුතාවය සහ අනවබෝධය අවම වෙනවා.
ඒ වගේම ඔවුන්ගේ දෑසේ ක්‍රියාකාරකම් මොනවාද කියල හොයල බලන්න පුළුවන් නම් හොඳයි. ගොඩක් වෙලාවට තරුණ දරුවන් බලාගන්නා අය ඉන්නවා නම් ඔවුන් දරුවන් එක්ක බෝල ගහනවා වගේ සෙල්ලම් කරනවා. මිදුලේ දුවනවා. කෝච්චි යනවා. වැලිසෙල්ලම් කරනවා. තලතුනා අය එහෙම කරන්නේ අඩුවෙන්. ඒ නිසා වයසින් අඩු අය ඉන්නවා නම් වාසි සහගතයි.
තවත් දෙයක්. සමහර මධ්‍යස්ථාන පහසුවට දරුවන් රුපවාහිනියේ නොයෙකුත් වැඩසටහන් නරඹමින් එකතැන රඳවාගන්න උත්සහ කරනවා. එහෙම කරන්නේ පහසුවට. මම නම් දරුවෙක් එහෙම රුපවාහිනියක් ඉස්සරහ කට බලියන් ඉන්නවට ආසා නැහැ. කාටුන් උනත් ඇබ්බැහිවෙනවට වඩා සෙල්ලමක් කරන එක වටිනවා කියලා මම හිතන්නේ. කායික වෙහෙස වැදගත් පොඩි දරුවන්ට. නොයෙකුත් ෆැන්ටසි කාටුන් සමග ජිවත් වෙන්න ඉඩහරින එක නරකයි. එයින් ඩේ කෙයාර් වල කාර්යභාරය බාල වෙනවා. ඊට වඩා එකතැන රඳවන්න නම් චිත්‍ර ඇඳිල්ල හෝ සින්දු කියන එක හොඳයි. නමුත් සමහර දරුවන් ඔහේ ඉන්න කැමති.
මේ හැම දෙයක් ගැනම ඔබ සැලකිලිමත් උනත් දරුවා බාර දුන්නු මුල් කාලයේදී වැඩි දෙනෙක් ඩේ කෙයාර් යනවා කිව්වහම අඬන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අකමැතියි. කවුද කැමති එකම තැනකට වෙලා ඉන්න? විශේෂයෙන් නිරෝගී දරුවෙක්? අනිත් එක දෙමවුපියන්ගේ ආදරය සහ හුරතලේ විඳින්න ආස වයසකදී? මේ නිසා මානසිකව ගොඩක් විඳවනවා සමහර දෙමවුපියන්. මොකද ඔවුන්ට රැකියාවට යන්න බහ හිත හදාගෙන දරුවන් ගේට්ටුව ළඟදී ඇතුලට තල්ලු කරලා එන්න උනහම. මෙතැනදී තත්ත්ව දෙකක් තියෙනවා. සමහර දරුවන් දෙමවුපියන් පිටව ගියපු ගමන් සාමාන්‍ය වෙලා මෙතෙක් හිටපු මුඩ් එක වෙනස් වෙලා සතුටින් ඉන්නවා. තවත් සමහරු එහෙම නැහැ. ඔබේ දරුවා මොන වගේද කියල එක්කෝ එතනින් අහන්න, නැත්තම් සැඟවී හෝ බලා ඉඳල තේරුම් ගන්න. ගොඩක් වෙලාවට එහෙම මුල් කාලේ ඇතුලතදී දරුවන් නලවාගන්න බලාගන්න උදවිය ටිකක් වැඩිපුර අවධානය ලබාදෙනවා. මොකද අලුත් නිසා. නමුත් කාලත් එක්ක ඒ අවධානය අඩුවෙන්න පුළුවන්. මොකද දරුවා තේරුම් නොගත්තට, ඔහු හෝ ඇයගේ පරිසරය විසින් ඒ වෙනස්කම ඔවුන්ගෙන් අපේක්ෂා කරනවා. නමුත් ඔබේ දරුවා එයට සුදානම් නැතිනම්, කොතරම් හිතේ අමරුවක්ද ඇතිවෙන්නේ? මෙය අත්දැකලා තියෙන අය දන්නවා ඒකෙ ප්‍රමාණය. එතකොට මොකද කරන්නේ?
හදිස්සි වෙන්න එපා. එකවරම ඩේ කෙයාර් මධ්‍යස්ථානය වෙනස් කරන්න කලබල වෙන්න එපා. සමහර වෙලාවට මධ්‍යස්ථානයේ වරදක් නොවෙන්න පුළුවන්. කරන්න දේවල් කීපයක් තියෙනවා. අනුපිලිවෙල අනුව නම්, මුලින්ම මධ්‍යස්ථානයේ අයව ඒ ගැන දැනුවත් කරන්න. ඊට පස්සේ තමුන් දරුවාව ගන්න එන බව දරුවාට තේරුම් යනතුරු ඉවසන්න. පාසලේ දරුවාට මිතුරෙක්/මිතුරියක් සොයාදෙන්න. නැත්තම් ඔවුන්ගේ යාලුවා ගැන සොයා බලා පහුවදාට එන බව කියවන්න. යමක් වැටහෙන වයසක නම් ( අවුරුදු 2.5 වගේ) උත්ප්‍රේරකයක් විදියට තරු ලබාදෙන සටහනක් භාවිතා කරන්න. ( ළමා මනෝ විද්‍යාව ඉගෙන ගත් අයෙකුගෙන් වැඩිදුර විස්තර අහගන්න පුළුවන්. මෙතන විස්තර ලියන්න යන්නේ නැහැ.) පාසලේදී/ඒ ස්ථානවලදී කරන ලද දේවල් ගැන දරුවත් එක්ක සතුටින් කතාකරන්න.
තව දේවල් තියනවා, ලියන්න දිග වැඩියි. ඒ නිසා මේ ඇති. කොමෙන්ටු ලියනකොට අනිත්වා කියන්නම්.
තවත් වේලාවකදී ඩේ කෙයාර් එකේ මොකක් හරි අවුලක් වෙන්න පුළුවන්.. දරුවාට නරක අත්දැකීමත් නිසා යන්න ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්. හැබැයි ස්ථානය මාරු කරන්න මුලින්ම යාමෙන් දරුවා තවත් අවුලෙන් අවුලට පත්වෙන්න පුළුවන්. ඒ නිසයි මම කිව්වේ තෝරාගැනීම කරන්න ඕනේ සැලකිල්ලෙන්. පස්සේ මාරු කරන එක යම් තරමකට අවදානම්. හැබැයි මධ්‍යස්ථානය අවුල් නම් වහාම විකල්පයක් හොයන්න.
මේ ටිකත් කියන්න ඕනේ. ඔය කොයි මධ්‍යස්ථානේ උනත් අඩුපාඩු සහ වැරදි තියෙනවා. සමහර දේවල් දරුවන්ට කියාගන්න තේරෙන්නේ නැහැ කියල ඔවුන් දන්නා නිසා නිහඬව ඉන්න පුළුවන්. කොතනත් වැරදි, අතපසුවීම් තියෙන්න පුළුවන්. ඒ නිසා සාධාරණ විදියට හිතන එක වටිනවා. එකම සෙල්ලම් බඩුවට රණ්ඩුවෙන, අනිත් එකා කොයි වෙලෙත් කොනිත්තන, පොඩි දේටත් මර ලතෝනි තියා අඬන , ඉක්මනින් කේන්ති යන ආදී නොයෙකුත් පෞරුෂත්ව රාශියක් එක්ක සිද්ද කරන මේ සේවාව ලෙහෙසි නැහැ.
සමහර ස්ථානවල දරුවන් වෙනස් වෙනස් විදියට තමයි අගයන්නේ. උදාහරණයක් විදියට පෙනුමෙන් හුරතල් දරුවෙක් මොන වැරැද්ද කලත් සද්දනොකර ඉන්න වෙලාවල් වගේම, බලවත් හෝ අඳුනන පවුලක දරුවෙක් වීම නිසාත් ඕනෙම දඟවැඩක් ( බරපතල ) කරලා බේරෙන්න ඉඩ තියෙන එක වෙනත් දරුවෙක්ගේ හිතට තදින් කාවදින්න ඉඩ තියෙනවා. මම දන්නා තරමින් බලාගන්න ඉන්න සේවිකාවන් ටිකක් විතර සැරයි. මම එය වැරදියි කියන්නේ නැහැ. මොකද පොඩි ළමයි ගොඩක් හසුරවන්න එහෙම නැතුව බැහැ. ඒ නිසා පොඩ්ඩක් සැර උනා කියලා පොඩි එකාගේ පැත්ත ගන්න එක හොඳ නැහැ. ශාරීරික දඬුවම් නැතත් ඔවුන් විසින් සමහර දඬුවම් ලබාදුන්නම දෙමවුපියන් ඉවසිමින් ඒවා දිහා බලන්න වෙනවා. නමුත් දරුවාට මානසික හිරිහැරයක් වන ආකාරයට යමක් වෙනවා නම් නිතරම ඒ ගැන සැලකිල්ලක් තියෙන්න ඕනේ.
මම එහෙම කියන්නේ මේ වගේ මධ්‍යස්ථානවලට විවිධ පවුල් පසුබිම් වලින් දරුවන් එනවා. සමහර දරුවන්ගේ දෙමවුපියන් සල්ලි විසි කලත් දරුවන් හැදෙන්නේ ඔවුන්ට ඕනේ විදියට. භයානක ඒක නෙවෙයි, ඒ දරුවන් අනික් ළමයින්ට ගහන්න ( වැඩිපුරම පිරිමි දරුවන්) , කොනිත්තන්න (වැඩිපුරම ගැහැණු දරුවන්) පටන්ගත්තහම ඊට ලක්වෙන දරුවන්ගේ මානසික තත්වය. බලාගන්න අය වරදකරුට බනින්න හෝ දඬුවම් කරන්න පුළුවන්. නමුත් එයින්ම ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. 'ගැහුවොත් ගහන්න සහ කෙනිත්තුවොත් කොනිත්තන්න' කියන දේ නම් මම හිතන්නේ දරුවෙක්ට ඒ වයසේදී කියල දෙන්න හොඳ නැහැ කියල. නමුත් මේක සාපේක්ෂයි. ( මට මතකයි ඩුඩ් ඔය ගැන පෝස්ටුවක් ලියලා තිබ්බ )
අනික් එක තමයි, එක එක දරුවන් එක එක විසිතුරු බඩු නිවෙස් වලින් ගෙන ඒම නිසා පොඩි පහේ තරඟයක් ඇතිවෙනවා. කොල්ලන් නම් ගැජමැටික් දේවල්, කෙල්ලන් නම් ෆැන්ටසි දේවල් මේ අතර ප්‍රධානයි. සමහර මධ්‍යස්ථාන මේවා ගේන්න දෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක හොඳයි. එතකොට ඒවාට රණ්ඩු වෙන එක අවම වෙනවා.
දැන් මම හිතන්නේ මම කියන්න හිතාගෙන හිටපු කරුණු ඔක්කොම වගේ කිව්වා. ඉතුරු වෙලා තියෙන්නේ මෙච්චරයි...
මේ සේවාව විධිමත් සහ ප්‍රතිඵලදායක කරන්නේ කොහොමද? ඒ වගකීම කාගේද?
මම හිතන්නේ නම්, ඒ වගකීම තියෙන්නේ අපේ අතේ. ඒ තමයි එහෙම හොඳ මධ්‍යස්ථාන වල තියෙන දේවල් සමාජගත කරන එක. නරකත් ඒ වගේම ලියන එක. එහෙම නැතුව 'අනේ ඩේ කෙයාර් නම් නරකම දෙයක්' කියන එක නෙවෙයි. මොකද එහෙම මතයකට එන්න තරම් නරකක් ඒ සේවාවේ තාම නැති හොඳ සේවාවක් සපයන මධ්‍යස්ථාන එමට තියෙනවා. දරුවන් එහෙම ස්ථානයකට භාර දීලා යම් මානසික සහනයකින් රැකියාවක් කරන්න ඔබේ බිරිඳට ඇති ආසාව අහුරන එක පොඩි අසාධාරණයක් වගේ පෙනන නිසා. මේ මගේ පුද්ගලික මතය. ඊට කෙනෙක් විරුද්ධ වෙන්න පුර්ණ අයිතිය තියෙනවා. ඔවුන් කැමැත්තෙන් එයින් අයින් වෙලා දරුවන් බලාගෙන ඉන්න එකත්, ඒ විකල්පය හැර වෙන දෙයක් නොමැතිකමින් අයින් වෙන්න සිද්ධවෙන එකෙත් ඇති වෙනසයි මම කිව්වේ. මට තාමත් මතකයි ඔමා ලියපු අර කුඹුට්ස් වල පවත්වාගෙන යන ක්‍රමය. ඇත්තටම එය කොතරම් ඵලදායි ද?
ඒ වගේම මම යෝජනා කරනවා, මේ වගේ ඩේ කෙයාර් කාර්යාල තිබෙන ප්‍රදේශ ආශ්‍රිතව, එම කාර්යාලවල දරුවන් තබායාමට කැමති දෙමවුපියන්ගේ සුබසිද්ධියට පිහිටුවන්න පුළුවන් නම් පුදුම වටිනවා. එවන් එක පුද්ගලික ආයතනයක් මම දන්නවා. ඔවුන් ඒ වෙනුවෙන් පඩියෙන් කොටසක් කැපුවත්, දෙමවුපියන් ඒ ගැන තෘප්තිමත්. මොකද ඒ කපන පඩියේ කොලිටියට පුහුණු පාලිකාවන් යටතේ ඒවා පවත්වන නිසාත්, ඉතා කෙටි කාලයකින් එයට ළඟාවීමට ඇති හැකියාවත් නිසා. එහෙම උනහම මම හිතන්නේ මාස 5ක් ලැබෙන ප්‍රසුති නිවාඩුවෙන් පස්සේ නැවත රැකියාවට එන අම්මලා ප්‍රමාණයත්, දරුවන් නිසා කලින් ඔෆිස් එකෙන් 'පැනලා යන' අම්මලා/තාත්තලා ගෙනුත් ඵලදායි වැඩක් ගන්නට හැකිවේවි. ඒ හැමටම වඩා රැකියාවේ ඔවුන් දිගු කාලයක් රැඳිලා ඉඳීවි වෙන මුකුත් නැතත්! මෙවන් සේවාවක් විශ්වවිද්‍යාල ආශ්‍රිතව තිබෙනවා. නමුත් පුද්ගලික අංශයේ තමයි වැඩිම ඉල්ලුම තියෙන්නේ. එහෙම උනහම දරුවන්ගේ play mates ලා ගැන ලොකු අවුලක් ඇතිවෙන්නෙත් නැහැ.
ඒ වගේම මම දැකලා තියෙනවා සුපිරි මහල් නිවාසවල මේ පහසුකම තියෙනවා. ඒ නිවැසියන්ගේ දරුවන්ට වෙනම ඩේ කෙයාර් එකක් තිබෙනවා. ඒකත් වටිනවා. ආරක්ෂාව වගේම දුර කතර ගෙවාගෙන යන්න ඕනේ නැති එකත් ලොකු පහසුවක්.
තව ලියන්න හිතාගෙන හිටපු කාරණා තියෙනවා. එව්වා කොමෙටු තුලින් මතුකරන්න.
මගේ පඬි ටෝක් ඉවරයි. අසා සිටි ඔබ සැමට ඉස්කෝතුයි
මටත් ඔය ඔමා ලියපු කුඹුට්ස් වල සිස්ටම් එකටනම් හිත ගියා.. ඒ වුනාට කෝ දැන් ඒවා ලියලා ඔමා ආයිත් මිසින්නේ. මට බයත් මේව ලියල කැන්ඩිත් අන්ත්‍රස්දාන වෙයිද කියලා. හැක්.. ඩේ කෙයාර් එකක් දාන්න හිතන් ඉන්න කෙනෙකුටනං පට්ට වැදගත් මේ ටික.. ඒක නිසා ඕං දානව නෙළුම්යායටත්.. ජය ශ්‍රී!
ReplyDeletehttp://nelumyaya.com/?p=2684
Deleteඑහෙනම් ඒකයි සිද්දිය?? මම දැන් මිසින් වෙන්ට එපැයි නේද?
Deleteස්තුතියි නෙලුම්යායට දැම්මට. It's an honor
නුවර කේ. (කේ ෆො කුමාරි) මාර පඬි ටෝක්ස් ටිකක්නෙ දීල තියෙන්නෙ. . ඔච්චර දේවල් දන්න ඒකෙ දාගන්නකෝ ඩේ කෙයා එකක්..
ReplyDeleteඔන්න ඔන්න ඉතින්....
Delete( රහසින් : පඬි ටෝක්ස් දෙන උන් වැඩක් කරනවා දැකල තියෙනවද? අහල තියෙනවද? හික්.... අපි නොදන්න චැස් !)
මන් ඉතින් ඕක නොදන්නව යැ .. අපි නොදන්නා නුවර කේ.
Delete"නිකමට ඔබ ප්‍රධාන පාරක් අසල උදේ එනකොට සුදු රෙද්දක් එලලා ඇවිත් හවසට ගිහින් බලන්න ඒකෙ පාට .."
ReplyDeleteහපොයි මේවා කරන්න අමාරුයි අදකාලේ
කුණු මල්ල දාන්න තියලා තිබ්බ ප්ලාස්ටික් බාල්දි කෑල්ලත් අරන් ගිහින් තිබ්බා අපේ පාරේ :-(
දිවා සුරැකුම් මධ්‍යස්ථාන වැඩි වීමට හේතුව හැටියට NK දකින හේතු මොනවද ?
මම ඔය වාක්‍ය ලියනකොටම හිතුව ඔය ගැන.. හික් හික්.... අනේද කියන්නේ!
Deleteවැඩිවීමට හේතුව තමයි අවශ්‍යතාවය විසින් යොදන ඉල්ලුම! කොතරම් ගොඩක් තිබ්බත් ළමයි ඉන්නවා. ඒ කියන්නේ අලුතෙන් ඕපන් කලත් තව දරුවන් එනවා. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් ඒ සේවාව ලබාගන්න යොමුවෙනවා. ඒ නිසා ඩිප්ලෝමාවක් තිබෙන කෙනෙක් විසින් පටන්ගන්නා මධ්‍යස්ථානය සමහර වෙලාවට නුසුදුසු තැනක, නුසුදුසු අයත් සමගත් පවත්වාගෙන යනවා. හොයන්නේ බලන්නේ නැතුව යවන්න හොඳ නැහැ.
NK
"ඔව්... ඉහලින් යන පන්දුවට හිස නමා නිදැල්ලේ යන්න හැරියා... ලකුණක් නෑ... නැවතත් දිව එනවා......"
Deleteඉල්ලුම වැඩි වීමට හේතුව හැටියට NK දකින හේතු මොනවද ?
හත්ඉලව්වේ!! දුවන්නයි කිව්වේ... පලවෙනි ලිපිය කියෙව්වේ නැතැයි ?
Deleteහුටා නිපන්දුවක් නිපන්දුවක්...
Deleteබෝල දමන්නෙක්..... හැප් කිව්වේ!
Delete//හත්ඉලව්වේ!! දුවන්නයි කිව්වේ... පලවෙනි ලිපිය කියෙව්වේ නැතැයි ?// යකෝ NK ඉලංගකෝන් වත් මේකි විතර සැර නෑනේ. හුහ්..
ReplyDeleteකවුද බොලේ ඉලංගකෝන්? කෝ කොහෙද චන්ඩි ඉන්නේ? ඉන්නවනම්....
Deleteඉන්න විදියට හිටියම ඇති. මම නිකන් ඉන්නවද කියල ඇහුවේ... :-D
මේ ලිපිය නම් ගොඩක් හොඳට විස්තර කරලා තියෙනවා. මේ ලිපිය කියෙව්වම මම දවල් කෙයා ගැන හිතන හැටි වෙනස් උනා ටිකක් :D. මටත් හිතුනෙ දවල් කෙයා ගැන ඔච්චර හොඳට විස්තර කරන කෙනෙක් එහෙම එකක් පටන් ගත්තොත් ඒකට එන ළමයින්ව හොඳට බලාගනිවී කියලා.
ReplyDeleteපළවෙනි ලිපියට මම ලිව්ව කමෙන්ට් එකට නුවර කුමාරි රිප්ලයි කරල තිබ්බෙ තරහෙන් වගේ කියල මට නම් හිතුනෙ :D.
ජය වේවා!!!
අඩේ මම එහෙම තරහෙන් ලිව්වා කියල හිතුනද? එහෙනම් තරහ අවසර.... සොරි ඈ ! මම ප්‍රශ්නාර්ථ නගපු නිසා වෙන්න ඇති. මට ඕනේ කලේ අපි හිතන ඕනෙම දෙයක දෙපැත්තක් තියෙන බව කියන්න විතරයි.
Deleteවිස්තර කරන්න පුළුවන් උනේ මට ඒ පරිසර වලට සහ මේ තත්ත්ව වලට මුණදෙන ගොඩක් දෙනෙක් මුණගැහුන නිසා ගොඩක් තොරතුරු ලබාගන්න පුළුවන් උන හින්දා. නමුත් මම නම් කියන්නේ කොතරම් දැනගෙන හිටියත් ප්‍රයෝගිකව කරනකොට මිට වඩා දේවල් ගැන හිතන්න වෙනවා. පරිපාලනමය ගැටළු නම් කොතරම් ඇතිද. හිතන්න අපේ ගෙදරක මාසයක් දෙකක් ඉඳල හිටපු ගමන් අතුරුදහන් වන සේවිකාවෝ ( දරුවන් බලාගන්න Baby sitters or Servants ලා) නිසා අපි අපහසුතාවයට පත්වෙනවා. ඒ වගේ මේ ස්ථානවල ස්ථිරව කෙනෙක් තියාගන්න එයාල කොතරම් මහන්සි වෙන්න වෙනවා ඇතිද? ඊට අමතරව එක එක දෙමවුපියගෙන් එන ප්‍රශ්න සහ දරුවන්ගේ වගකීම කොතරම් බරපතල ඇතිද?
දරුවෙක් බලාගන්න නම්; විශේෂයෙන් තමන්ගේ නොවෙන දරුවෙක්, පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ. ඊටත් වඩා කඩිසර සහ ආකර්ශනීය වෙන්න ( දරුවන්ට) වෙන්න ඕනේ. මට නම් දරුවෙක් බලාගන්න ඕනේ සියලුම ගතිගුණ අඩුවක් නැතුව තියෙනවා කියල හිතන්නේ නැහැ. අනිත් එක ජිවත එක්ක කරන වැඩක් නිසා Delete/Undo buttons නැහැ. අවදානම වැඩියි. මගේ ඉතිහාසය දන්නවා නම්.... මට හේනට මතක බැරි වෙනවා. අම්මෝ බබාලා අමතක උනොත් එහෙම! හි.. හි...
මේ ලිපිය මම ලිව්වේ කාරනා දෙකක් හිතේ තියාගෙන. එකක් තමයි මම මේ ගැන දැනගත්ත දේවල් අනිත් අයට කියන එකෙන් තව කෙනෙක් දැනුවත් වෙන එක. අනිත් එක අපි දරන ආකල්ප වලින් පිටට අපිට හිතන්න පෙළඹවීමක් විදියට.
ස්තුතියි අදහස් දැක්වුවාට.
//අඩේ මම එහෙම තරහෙන් ලිව්වා කියල හිතුනද? එහෙනම් තරහ අවසර.... සොරි ඈ // ඕවට තරහ ගන්නෙ කවුද :D.
Deleteඔව් වගකීම වැඩියි තමා. ඉවසීම, කැපවීම අනිවාරයෙන් තියෙන්න ඕනෙ.
//මට හේනට මතක බැරි වෙනවා. අම්මෝ බබාලා අමතක උනොත් එහෙම! // හැක්.. ඒකත් එහෙමද එහෙනම් මගේ අදහස වැරදියි :D.
ඔයා මේ ලිපි දෙකෙන් බලාපොරොත්තු වෙන කාරණා දෙක, වැදගත් තොරතුරු සහ අපි හිතන්නෙ නැති දේවල් ගැන විස්තර කරලා තියෙන විදිහට ඉෂ්ට වෙනවා කියල මට හිතෙනවා.
ජය වේවා!!!
දෙමව්පියන් ළඟ හෝ අාච්චි සීයා වගේ ළඟම හිතවතෙකු ළඟ තරම් කිසි කෙනෙක් ළඟ ආදරයක් පරිස්සමක් නැ ළමයින්ට නෑ. ඇරත් ගෙදර තුළ පරිසරය, හැඟිම් සහ දෙමව්පිය සබඳතාවය හැදෙන ළමයෙක්ට කිසිම පැහැදිලි කිරිමකට යටත් කළ නොහැකි තරම් වැදගත් කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteඅනිවාර්යයෙන් ඔබ නිවැරදියි.
Deleteමම මේ ලිපියෙන් කියන්න අදහස් කලේ ඔක්කොම ළමයි ඩේ කෙයාර් දාන්න ඕනේ, ආච්චිලා සීයලා ළඟ තියන්න එපා කියලා නෙවෙයි. ඩේ කෙයාර් ගැන තියෙන මිත්‍යා ආකල්ප ගැන කියලා ඒ සේවාවේ සත්‍ය තත්වය කියන්න. මොකද ගොඩ දෙනෙක් මේ මිත්‍යා මතවල එල්බගෙන අසරණ මහලු දෙමවුපියන් දරුවන්ගේ මුරකරුවන් විදියට හිරකරන එකේ තියෙන මෝඩකම තේරුම් කරන්න. ඒ අයගේ ජීවිතවල තිබිය යුතු නිස්කලන්කබව නැති වෙලා මේ ළමයි බැලිල්ල නිසා.
නමුත් කෙනෙක්ට එය කළහැකි නම්, මම මේ කියන ඩේ කෙයාර් සර්විස් එක අවශ්‍ය නැහැ. (මම ඒ ගැන ලිපියේ මුල් කොටසේ මුල්ම ජේදවල කියලා ඇති ) අපි අධික තරබාරුව ගැන කෙනෙක්ට කියාදෙනවිට, ඔහු/ඇය තරබාරු නැත්තම් හෝ තමන් තරබාරු බව දැනගෙන ඊට සුදුසු දෙයක් කරන කෙනෙක් නම් ඒ කියන දේවල් දැනුමට මිසක් ප්‍රයෝගිකව අදාළ කරගන්න අවශ්‍ය නැහැනේ නේද? අන්න ඒ වගෙයි.
තව ටිකක් ලොකු වුනාම අපිට වැදගත් වෙන පෝස්ට් එකක්.
ReplyDeleteටීවී සහ කාටුන් කියන එක සිමා කරන එක ඉස්සර ඉඳන් කරන්න හදන වැඩක් නේ. (ඉස්සර කිව්වේ අපේ කාලේ ඉඳලම හෙහ් හෙහ්..) හැබැයි මම නම් ඔය සැහෙන වැදගත් දේවල් ඉගෙන ගෙන තියෙනවා කාටුන් වලින්. දෙමව්පියන්ට පොඩි උන් ට ලං වෙන්න තියෙන හොඳ ඔප්ෂන් එකක් විදියට තමයි මම නම් කාටුන් ගැන හිතන්නේ. කොටින් ම මම දැන් මෙහෙ ඉඳන් අපේ අක්කගේ පොඩි එකත් එක්ක ඔන්ලයින් ගේම් ගහනවා. මිනිහට ඊට වැඩිය දෙයක් ඕනේ නෑ.. ලංකාවට ගියාමත් එයාට ඕනේ මාත් එක්ක ඉඳන් කාටුන් බලන්න. කාටුන් වල ඉන්න එක එක චරිත ගැන කතා කරන්න. හෙහ් හෙහ් අනාගතේ Stan Lee ල බිහි වෙන්නේ දැන් ඔය බලන කාටුන් නිසා.
තව ටිකක් ලොකු උනහම නේද? හ්ම්ම් හ්ම්ම් දැන් ලොකු මදි ඒ කියන්නේ නේ?
Deleteකාටුන්! මම මේ ගැන පෝස්ටුවක් ලියාගෙන යනවා. ඒ අතරතුරේ වැඩිදුර විස්තර කියන්නම්. පැතුම්, ඔය ළමයින්ගේ ඉගැනුම් තියෙනවා නේද? කාටුන් වලින් 'වැදගත්' දේවල් ඉගෙනගන්නවා කියන්නේ සහතික ඇත්ත. වැඩේ කියන්නේ ළමයින්ට වැදගත් කියන දේවල් කොයි වගේද කියන එකයි. පරිකල්පනය, ආදේශනය, ෆැන්ටසි වලට පුදුම විදියට ආහාර සපයනවා කාටුන් වලින්.
තරහ වෙන්න එපා, මම නම් ඔය වීඩියෝ ගේම් වලට දරුවන්ගේ යොමුව ගැන වැඩි කැමැත්තක් තියෙන කෙනෙක් නෙවෙයි. මම පට්ට ගොඩේ වෙන්න පුළුවන්. අපේ ගෙදරත් පොඩි කාලේ වීඩියෝ ගේම් තිබ්බා, නමුත් ඒවා අභාවයට ගියේ වත්තේ පිටියේ සෙල්ලම් කිරිල්ල ආවට පස්සේ. ඔබේ අක්කාගේ පොඩි එකා ඔබත් එක්ක ඇති බැඳීම මැද්දට වීඩියෝ ගේම් එකක් ආපු එක තමයි අවුල. අපේ අක්කගේ දරුවන් එක්ක මම සෙට් වෙනවා හිටු කියල. මම උන් එක්ක සෙල්ලම් ගෙවල්, වෙසක් කුඩු, සරුංගල් , එක එක නිර්මාණශීලි වැඩ වලට සෙට් වෙනවා. උන්ගේ අම්මා පන බයේ එව්වා කරන්න දෙන්නේ නැහැ. මම නැති වෙලාවට කාටුන් නෙට්වර්ක් එකේ ඇලිලා ඉන්නවා ලු. වීඩියෝ ගේම් එකක් ඉවර උනහම පුදුම මහන්සියක් නේද දැනෙන්නේ? ( මන්ද මට නම් එහෙමයි) මම දන්නා තරමට ඒ මානසික මහන්සිය එතරම් හොඳ නැහැ ස්නායු වලට. අපිට උනත් එකදිගට කම්පියුටර් එකේ වැඩකරනකොට විවේකයක් ගන්න කියන්නෙත්, ෆිසිකල් මහන්සිය රෙකමන්ඩ් කරන්නෙත් මොකද කියල හිතිලා තියෙනවද?
Don't take me wrong, I was not criticizing your personal life :-)
මම අදහස් කලේ දැන් කාලේ ළමයින් ගෙන් ඔය දේවල් ඈත් කරන්න හදන එක තේරුමක් නෑ කියන එක. අපි හැදුන විදිය හරි නැත්නම් ඊට කලින් කාලේ හරි ගැන එයාලට ඒ හැටි වැදගත් කමක් නෑ කියල මට හිතෙනවා. අපේ අක්කගේ පුතාට මට මෙහෙ ඉඳන් ලං වෙන්න තියෙන ලේසිම විදියක් තමයි මිනිහත් එක්ක ඔය ගේම් එකක් ප්ලේ කරන එක.
Delete[Clash Of Clans හෙහ් හෙහ් ඕනනම් ඔයාටත් සෙට් වෙන්න පුළුවන් ]
ගෙදර හිටියනම් ඔය ක්‍රිකට් අතක්, වන් ටූ ත්‍රි බම්බල පී පාරක්, හැංගි මුත්තමක් කරනවා. හැබැයි ඉතින් වෙල් එළිවල දුව පැනල සරුංගල් අරින එක වගේ අපේ කාලේ සෙල්ලං දැන් එයාලට කරන්න වෙන්නේ නෑ නේ. පරිසරයට ගහ කොළට ආදරය කරන එක වගේ දේවල් වෙන විදිවලින් කියල දෙන්න පුළුවන් නේ.
මම අනිත් එක කරන වැඩක් තමයි ඔය පොඩි පොඩි විද්‍යා පරීක්ෂණ වැඩ කරන එක. ඔය විනාකිරි , සෝඩා, වගේ දේවල් දාල පොඩි පොඩි ජිල්පිටිස් වැඩ තියෙන්නේ. අන්න ඒවා.
මිනිහා ඒවා ගැන උනන්දු වෙනවා මාත් එක්ක ගේම් එක ගහන ගමන්. මොකද මම කන්ඩිෂන් දාල තියෙනවා ඒවාගේ ඒවාට.
ගේම් වලට ඇබ්බැහි වීම හෝ ගොඩක් වෙලා ඒක කරන එක වැරදි කියන දේ මම දන්නවා. හැබැයි අඩුම තරමේ ගේම් එකක් සෙල්ලම් කරලා. එකේ තියෙන දේවල් ගැන ඒවා කොහොමද වැඩ කරන්නේ කියන දේ ගැන , නැත්නම් ඔය ටීම් එකක් එක්ක ගේම් එක සෙල්ලම් කරන දේ ගැන වගේ දේවල් දැන් ඉන්න ළමයිට අමුතු දේවල් නෙවෙයි නේද? සාමාන්යෙන් නිතර දෙවෙලේ දකින්න තියෙන දේවල් ගැන එයාල උනන්දු වෙන එක වලක්වන එක හරි නෑ කියලයි මට හිතෙන්නේ..
මම පොඩි කාලේ නම් කවදාවත් කොම්පියුටර් ගේම් එකක් තියා ඔය ටීවී ගේම් එකක් වත් සෙල්ලම් කරන්න හම්බ වෙලා නෑ.
මට හිතෙන්නේ අපේ අම්මලාගේ පොඩි කාලෙයි අපේ පොඩි කාලෙයි අතර තිබුන සමාජ ගැප් එකට වඩා. අපේ පොඩි කාලෙයි අපේ දරුවන්ගේ පොඩි කාලෙයි අතර තියෙන සමාජ ගැප් එක හෙන වෙනස්. ඉතින් ඒ වෙනසට අපිත් හුරු වෙන්න ඕනේ කියල මගේ අදහස.
ක්‍රිටිසයිස් කළත් ඉතින් කියල මට පාන් ද :D