Monday, December 1, 2014

124. සුළඟක් කල හදියක්



සුළඟ එන්නට හරිනලද
කවුළු පියනට රිසිලෙස
මගේ කුටියට එබෙන
මුදු රේණුවක කෙමි
නගයි කිවිසුම ආදර.....

වදනකුත් නොදොඩන
සුළං ආපසු නොමයන,
රැඳෙන කුටියක උණුහුම
ලෙහයි කය වසන අතුරණ....


නිමිත්ත : මල්මී - සුළඟ 


17 comments:

  1. හුළඟට අතුරණ ලෙහන්න ඉඩදුන්නාට
    ඉඩනම් දෙන්න එපා ලෙහන්න කය වසන සළු....හුළඟට...!

    ReplyDelete
    Replies
    1. කිසිවක් කියනු සුළඟට
      එපා , නැහැ වරදක් ඒ අත...
      වසාලනු බැරි කවුළුවට
      වරද පවරනු එකවිට

      Delete
  2. ආපෝ අපි යනවා ..... අපි ලැජ්ජා බයට හැදිච්ච ළමයි ...

    ReplyDelete
  3. ආදර හැගුම් ඔහොම තමා...... උපේක්ෂා..... හිත ගත දෙකම කිති කැවෙනවා...... ලස්සනයි..... නිසදැස....

    ReplyDelete
  4. ලෙහයි කය වසන අතුරණ............................ ඒ කියන්නේ රස්නෙයිද???????

    ReplyDelete
    Replies
    1. ඔබ මේ අහන්නේ විහිළුවටද? ඇත්තටද ?

      කය වසන අතුරණ ඉවත් කරන්නේ උණුහුම හින්ද තමයි.

      Delete
  5. ෆෑන් එකක් දැම්මනම් හරිනේ!

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවද? බිල් ගෙවන්නේ බිල් ගේට්ස් ද?

      Delete
  6. හීතල හුළඟකටත් පුළුවන් ගත උණුසුම් කරන්න.. :D පබැඳුමත් ඊට පාදක වූ නිමිත්තත් ඉතා අගෙයි..

    ReplyDelete
    Replies
    1. පිටින් හීතල ඔතා
      එවා තිබුනා යමක්,
      විවර කරනට බැරිය
      පපුව 'දඩි - බිඩි ' නඟයි!
      ගිනියම්ම අතකි එය,
      අයිස් සීතල පෙනෙන

      ..ස්තුතියි

      Delete
  7. කිති කැවෙන පෙම් හැඟුම්...

    අනේ මන්ද හුළඟ ටත් වෙන වැඩ නැද්ද මන්දා...
    -----------

    උපේක්ෂා..

    වචන පේලි නම්අති විශිෂ්ඨ යි..

    අර ෆොටෝ එක නම් එකෙන්ම ගැලපෙනවා...

    හරි ලස්සනයි..හැඟුම් බරයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසවින්දා නම්.... මම හොඳ කවිකාරියක් නෙවෙයි. අහම්බෙන් ලියවෙන ඒවාට කෙනෙක් ආස උනහම දැනෙන්නේ නිරහංකාර සතුටක්.

      Delete
    2. අපිට කවි බැහැනේ.

      එත් ඉතින් ලියන එව්වට කමෙන්ට් එනකොට නම් ලොකු සන්තෝසයක් දැනෙන්නේ.

      Delete
  8. පිහාටුවක් වගේ කවියක්.වෙන ලස්සන මාතෘකාවක් දාන්න.Gayathri

    ReplyDelete
    Replies
    1. 'සුළඟ' තමයි මට ඔලුවට ආපු මාතෘකාව.. නමුත් පාදක වුනු කවියෙත් ඒ නම නිසා මේක දැම්මේ... ඉන්න මම ලියන්නම් එකක්. මා විස්තර නොකළයුතු අදහස ඔබට හසුවන බව මට ස්ථිරයි. ස්තුතියි ගයත්‍රී..

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...