Tuesday, July 8, 2014

59. උපේක්ෂාගේ රහස

තකතීරු වැඩක් කරලා හම්බානක නට්ටන් වෙලා , නහය ළඟට ගිලිලා ඉන්න වෙලාවක කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද?

තවත් ඒ වගේම තකතීරු වැඩක් කරන එක!!! 

හෙහ්.. හෙහ්... මොකද දන්නවද? නහය ලඟට ගිලිලා නම් ඉතින් අහවල් දේකට කරදර වෙනවද? ඊට උඩින් කොච්චර ගියත් එකම සෙතේ...
'හොඳ වැඩේ උඹට... හෙහ්.. මම කිව්වා ඔය මගුල ලියන්නේ නැතුව මෙන්න මේ මගුල ලියන්න කියල, ඇහුවද? ඇහැව්වද ??'

ඔන්න මගේ ඇතුලේ උන්නු එකෙක් මට ඔහොම කිව්වා... ඒ හින්ද ( ඌට ඕනේ හින්ද) මම මේ මගුල ලියනවා..

එහෙමමත් නෙවෙයි, කරපු තකතීරු වැඩේට හුඟක් කලින් ඉඳලයි මම මේ වැඩේට තප්පුලන්න පටන් ගත්තේ. කාර් එකේ, බස් එකේ යන ගමනුත් ; ලොම්බ විකන ෆැෂන් හින්ද අමාරුවෙන් යන වෙලාවල් වලදීත් මට අනේක වාරයක් මේක මතක් වෙනවා..

අද ලියනවා, හෙට ලියනවා කිය කියා හිටියට කෝ කොහෙද ලැබුනේ නැහැනේ. මොකද්ද දන්නවද? ඒක සහසක්! සහස තමයි...



'මම හෙන නාකිච්චියක් අනේ!'



හෑ ?????????? මෙච්චරකල් හිතන් හිටියේ මම හරි හුරුබුහුටි, සුරතල් , මාර ලස්සන චුටි කෙල්ලෙක් කියලනේ? අපෝ නැහැ.. මම හෙන නාකිච්චියක්.. මම හිතන්නේ බ්ලොග් ලෝකේ නාකිම පොර කියල 'හිතන්' ඉන්න එකාටත් වඩා මම හෙනම හෙන නාකී...

පපුව අල්ලාගෙන බිමට පාත් වෙන, ඇස් දෙක නිලංකාර වන, හදිසි වතුර තිබහවන ලක්ෂණ පහළවුවොත් , පොඩි සමා කාලයක් ලබාදෙන්නම්.. එහෙම නැති උන් දිගටම කියෝගෙන යං !

මම මෙහෙම කියන්නේ හොඳට හිතල බලල, කිරල මැනලා , සාක්ෂි ඇතුව.. 

මගේ නාකිකම මට තේරුම් යන්න පටන් ගත්තේ.... හැබෑවටම එහෙම වෙනබවක් මට තේරුනේ නැහැ හරියටම, උනේ මගේ ටේස්ට් එක වෙනත් උන්ගෙන් හාත්පසින්ම වෙනස් වෙන එක විතරයි.. හරියට අර ... The Curious Case of Benjamin Button මුවී එකේ වගේ..
මට ඔය රෝග ලක්ෂණ පහලවෙන්න ගත්තේ ( මේක රෝගයක් කියල මට හිතුනේ ඔය මුවී එක හින්ද මිසක්, මම හිතන් හිටියේ මේක මගේ හැටි කියලමයි ) මම පුංචිම පුංචි කාලේ ඉඳල. 

මේ කාරණෙත් කියන්නම ඕනේ... අපේ අප්පච්චි රස්සාවෙන් මැවීසුරෙක් උනාට , කලාකාමී.. චෙක් මේ මොනවා කියනවද? මෙලෝ කලාවක් නෙවෙයි.. කෙලින්ම චිත්‍රපටි පිස්සෙක්, හින්දි-දෙමළ -සිංහල ඕනේ චිත්‍රපටියක් කිව්වොත් ආයේ වෙන මුකුත් ඕනේ නැහැ ඒ දවස්වල.

මේ පිස්සුව කොතරම්ද කියනවනම් රෙකෝඩ් බාර් පිස්සුවක් වැහිලා තිබ්බ මෑතක් වෙනතුරුම. මම බට්ට කාලේ ඉඳන් අපේ අප්පච්චිට තිබ්බ මේ 'උණ' හින්ද එයා , එයාගේ වියදමින්ම රෙකෝඩ් බාර් එකක් දැම්ම. එයාගේ වියදමින් කිව්වේ (කොහොමත් එයාගේ වියදමින් තමයි අපිත් කෑවේ බිව්වේ.. නැතුව මක් කොරන්නද?) එයාගේ තනි කැමැත්තෙන්, අපේ අම්මගේ නිහඬ අනුමතයෙන්.

මේ රෙකෝඩ් බාර් එකේ කොතරම් චිත්‍රපටි තිබ්බද කියල මම නම් දන්නේ නැහැ. මම දන්නේ ඔය ජේ.වී.පී කලබල තිබ්බ දවස්වල ඔය රෙකෝඩ් බාර් එක  වහල , අපේ අප්පච්චි ඔක්කොම කැසට් ටික ගෙදර පෙට්ටි, අල්මාරි පුරා පුරෝලා තිබ්බ කියල අපේ අම්ම කියනවා ඇහිලා තියෙනවා. අන්තිමට ගෙදර හිටපු අය්ය ගැන තිබ්බ බයට අපේ අම්ම ඒවගෙන් කොටසක් පිච්චුව කියලත් අහල තියෙනවා. ඒ කැසට් දැන් තියෙන ඒවා වගේ නෙවෙයි. ඉස්සර තිබ්බ VHS ඒවත් නෙවෙයි. බීටාමැක්ස් !

ඔහොම පසුබිමක ජිවත් වෙච්ච මට , බට්ට කාලේ ඉඳල හොදට චිත්‍රපටි බලන්න අවස්ථාව ලැබුනේ කිසිම බාධාවක් නැතුව. මොකද ගෙදර පුරා පුරෝලා තිබ්බ චිත්‍රපටි විතරක්ද? වහල දාපු රෙකෝඩ් බාර් එකේ තිබ්බ උපකරණ ජාතිත් එක්ක අපි වෙනම ටෙස්ට් ලැබ් හදාගෙන වගේ හිටියේ.

අපේ ගෙදර ඒ දවස්වල අර අරූගෙ ගෙදර වගේ, හෙන සෙට් එකක් හිටිය කියල මට මතකයි. අපේ අම්මත්, අප්පච්චිත් කලේ තමන්ගේ ගමේ සමහර නෑයින්ට , ගමේ උදවියට ඉගෙන ගන්න, රස්සාවට යන්න වගේ නොයෙකුත් හේතු හින්ද නගරෙට එන්න ඕනේ උනහම කිසිදු කරදරයක් නැති නවාතන්පොලක් සපයපු එකයි. ඒ හින්ද මට වඩා තුන් හතර ගුණයක් වයස අය්යල, අක්කල රොත්තක් අපේ ගෙදර නිතර රැඳුන . ඒවායේ බලපෑම මට තදින් තිබිල තියෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. උන්ටත් අපේ ගෙදර කියන්නේ නිදහස් පාරාදීසයක්. අපේ අම්ම මෘදු චරිතයක් හින්ද උන්ට ඕනේ විදියට ඉන්න කිසිම බාධාවක් නැහැ.. ඒ හැමදෙටමත් වඩා.. ඇයි බොලේ... ගෙදර චිත්‍රපටි ශාලාවක් නේ!


මට බයක් වත් නොදැනෙන කාලෙක බලපු 'සත්වෙනි දවස' මොකක් හරි හේතුවක් හින්ද මාව බය කළා... කියන්නද මගේ බට්ටම බට්ට කාලේ බලපු චිත්‍රපටි ලිස්ට් එකේ කොටසක්?


  • සත්වෙනි දවස 
  • හංස විලක් 
  • කැඩපතක චායා 
  • හන්තානේ කතාව 
  • අල්ලපු ගෙදර 
  • මාතලන් 
  • පුරන් අප්පු 
  • සරුංගලේ 


මේවා මම බලනකොටත් හම්බානක පරණ චිත්‍රපටි... ඒ උනාට.... මට හිතුනේ මම කෙල්ලෙක් විදියට බලන සිරා චිත්‍රපටි කියල. විශේෂයෙන්ම අල්ලපු ගෙදර, මාතලන්, පුරන් අප්පු කියන්නේ මම අදටත් එක විදියට රසවිදින නිර්මාණ තුනක්.

සිංහල විතරද? දෙමළ ඒවා තිබ්බ, මට මතක 'වික්‍රම්' විතරයි.. නියම චිත්‍රපටියක්. කමල් හසන් ඉන්නේ...
ඒ විතරද? ඇයි අපේ අප්පච්චි හින්දි ඒවාට හෙන ආසයි.


  • මිස් මේරි 
  • කුරුබානි 
  • හාති මෙරේ සාති 
  • ඒක් පූල් දෝ මාලි 
  • බොබී 
  • ජන්ග්ලි 
  • මධුමති 
  • ආරාධනා 
  • අභිමාන් 
  • ගංගා ජමුනා ( මධුබාලා සිටි සියලුම චිත්‍රපටි වාගේ)
  • දෝස්ති ( අමිතාබ් හිටපු සියලුම චිත්‍රපටි වාගේ)
  • ඩිස්කෝ ඩානසර් 
  • පදෝසන් ( අල්ලපු ගෙදර චිත්‍රපටයේ මුල් හින්දි චිත්‍රපටය)
  • මදර් ඉන්දියා 
  • බර්සාත් , ආවාරා ඇතුළු රාජ් කපුර්ගේ සියළුම චිත්‍රපටි වාගේ 
  • හම් කිසිසේ කම් නහි 
  • අමර් අක්බර් ඇන්තනි 
  • හීරෝ 
  • නාගේන් ( ශ්‍රීදේවි හිටපු නාගිනා නෙවෙයි)


රේඛා, අමිතාබ්, දිලිප් කුමාර් , ශම්මි කපුර් , රිෂි කපුර් ,සහිරා බානු...... අහ් ... කියල වැඩක් නැහැ... මට දැනෙන්නේ මම එයාල පුදුම කාලයක් තිස්සේ දන්නවා වගේ... ඇත්තම කියනවා නම් එහෙම තමයි

මට හිතෙන්නේ  - සැකයක්මත් කියන්න බැහැ -  මම කලින් ආත්මෙත් මේ වගේම චිත්තරපටි පිස්සියෙක්/පිස්සෙක් වෙලා ඉඳල , මේ එක චිත්තරපටියක් බලාගෙන ජොලියෙන් ඉද්දි එකපාරටම 'හුටස්' ගාල ගහල යන්න ඇති..! ටීවී එක නෙවෙයි අනේ... පණ කෙන්ද!!!

මේ දැනුත් මගේ මේ පිස්සුව මට දැනෙනවා.

මට මතකයි ඉස්සර අපේ අය්යල අක්කල සෙට් එක එකතු වෙලා ඔන්න චිත්‍රපටියක් දාගෙන කට්ටියම කටවල් ඇරගෙන (මමත් ඇතුළුව) බලන් ඉන්නකොට මට ප්‍රශ්න මතුවෙනවා

"මොකද අර ඇන්ටි අඬන්නේ?"

මම අහනවා, ආතල් එක කඩපු තරහට කවුරුහරි 'චික්' ගානවා
"අංකල් නැතුව.... මෙ .. මෙ ... එයාගේ අය්ය නැතුව... පොඩි කාලේදී අතරමන් වෙලා"

ඔන්න මට බය හිතෙනවා තනියෙන් කොහෙවත් යන්න. අතරමන් උනොත්? මට හොඳට මතකයි මම ඔය ප්‍රශ්නේ ඇහුවේ 'හම් කිසිසේ කම් නහි' චිත්‍රපටියේ ස්ටේජ් එක උඩ ඉඳන් නියම කොල්ල සින්දුව කියනකොට ( ක්යා හුවා.. තේරා වාදා ....) යට මේසෙක වාඩිවෙලා උන්නු කෙල්ල අඬනකොට

මුලදී අහන ප්‍රශ්න වලට ඔහොමවත් උත්තරයක් ලැබුනට, පස්සේ නම් උන්ට ප්‍රශ්නෙවත් ඇහෙන්නේ නැහැ ( අපේ ආණ්ඩුව වගේ... හා.. හා.... දේශද්‍රෝහී කතා එපා හරි...)

ඔන්න මගේ චිත්‍රපටි නාකිකම...

කොටිම කියනවා නම්, මම ගිය ආත්මෙත් අවුරුදු 10 විතර ඉඳන් බලපු චිත්‍රපටි වලට තාමත් ආස නාකි පොරක්.. ඔය පිස්සුව කොතරම්ද කියනවා නම්, තවමත් මම ඔය කියපු ජාතියේ චිත්‍රපටි සින්දුවක් එහෙම ඇහුනොත් පරල වෙනවා.. මම දන්නා කාලේ ඉඳන් ITN එකේ යන 'භාරත ගී වින්දන' වරද්දන්නෙ නැතුව බලනකොට මට මෙහෙමත් හිතෙනවා..
'යකෝ.... කෝල් කරන්නෙත් හොට බිම ඇනිච්ච උන් වෙච්චි...'

චිත්‍රපටි ගැන තව ලිව්වොත් වෙන නාකි කම මනින ඒවා ගැන ලියන්න වෙන්නෙම නැහැ...

මෙන්න අනිත් නිර්ණායකය: සින්දු

මම පරණ සින්දු වලට චුන් වෙන නාකි පොරක්! පරණ කියන්නේ සුනිල් ශාන්තගේ නෙවෙයි... සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් , සෝමතිලක ජයමහ ( මගේ සුවිශේෂ ගායකයෙක්!) මම හිතන්නේ මේ සෙට් එකට මම වගේ නාකියෝ විතරක් නෙවෙයි , අලුත් පරපුරෙත් කට්ටිය හෙන කැමතියි. බොරු කියන්නේ මොකටද ඉරාජ් නම් මට පේන්න බැහැ... නාකි උනත් B &S ට කැමතියි.

සිංහල සින්දු වලට වඩා මාව පිස්සු වට්ටන්නේ හින්දි පරණ සින්දු වගේම ඉංග්‍රීසි කන්ට්‍රි මියුසික්.... අම්මෝ.. මගේ දවසම ගෙවෙනකල් මට අහන් ඉන්න පුළුවන් ඒවා......

ටික කලක් ඩුබායි ඉන්නකොට මට අහම්බෙන් එක රේඩියෝ චැනල් එකක් අහු උනා, හරියට නිධානයක් පෑදුනා වගේ! ඒ චැනල් එකේ යන්නේ හින්දි පට්ට පරණ සින්දු...... මම ඕක හවසට අහන්නේ වටේ පිටේ වෙන්නේ මොනවද කියලවත් ගානක් නැතුව!!! ගෝල්ඩ් FM ඒ අතින් සුපිරි.

මට ඉස්සර ලෙඩක් තිබ්බ දෙයක් එක පාරක් දැකපු/කියෝපු ගමන් මතක හිටිනවා. දහම්පාසලේ, ඉස්කෝලේ උනත් පාඩම් දෙන දෙයක් තිබ්බ නම් මම තමයි මුලින්ම දෙන්නේ. මගේ වෙලාවට ඕලෙවල් වලින් පස්සේ ඔය ලෙඩේ නිට්ටාවට සුව උනා නේ.... චික් විතරක්, ඒ ලෙවල් වලට ඒක තිබ්බනම් අද මම නාසා එකේ නොවෑ !! (වෙලාවට උන්ට රොකට් යවන්න තව පින තිබ්බ හින්ද බේරුනා)

ඕක හින්ද වෙන්න ඇති, මම ඒ බලපු චිත්‍රපටි වල සින්දු මට අදත් මතකයි. ඒ වගේමයි කන්ට්‍රි මියුසික් වලින් යන ඕනෙම සින්දුවක් උනත්...

Don't Cry Joni - එහෙම එකවරින් අහපු ගමන් මතකේ හිටපු සින්දුවක්
SOMEWHERE BETWEEN (YOUR HEART AND MINE) - ඒකත් ඒ වගේ

හැබැයි නාකි හින්දම, කලින් ආත්මෙදි පණ ඇරලා හිටපු 'එල්විස්' ගොය්ය කියන ඕනේ එකක් මට මාර කික් එකේ අහන් ඉන්න පුළුවන්.

මම හිතන්නේ දැන් හොදටෝම ඇති, ඌරෙක් උනත් මඩ නාන එකේ ක්‍රමයක්, වෙලාවක් තියෙනවා නේ....

ඔන්න කර වටක් ගිලිලා, නහයට ඇවිත් තිබිල.. දැන් නළල හරියේ තියෙන්නේ....

සහස කිව්වා..... අපි ගියා 

55 comments:

  1. 'අපිට කොයින්ද මූදු මාළු, අපි යනවැයි මූදු' කියලා තමා කියන්න වෙන්නේ.
    මම නම් ඉස්සර ෆිල්ම් බලලා තියෙන්නේ සිකුරාදා රෑටද කොහෙද මහා රෑ පෙන්වපු චිත්‍රපටි. ඒකත් අසූ අටට කලින්.
    අර චංචල රේඛා, දඩයම වගේ ඒවා මතකයි. මම ඒ කාලේ ජෝ අබේවික්‍රමට පුදුම විදියට බයයිත් එක්ක. ඇයි අර කෙල්ලෙක් උස්සන් ඇඳුමුත් නැතිව තුවක්කුවක් අරන් හෙමනේ ඔය මම බලපු චිත්‍රපටි වල හිටියේ.

    ReplyDelete
    Replies
    1. ජෝ කියන්නේ මට නම් දක්ෂ විකට නළුවෙක්.. ( නළුකම ගැන විතරයි හොඳේ...)

      මම බය උනේ 'රවින්ද්‍ර රන්දෙණිය' ට, මතක නැහැ මොන ෆිල්ම් එකෙදීද කියල.
      දඩයම වෙන්න ඇති... විශිෂ්ඨ රංගනයක්!

      Delete
  2. somewhere between ගීතය මම ආසම එකක්. ඕක පට්ට ගහපු කාලේ මගෙ යාලුවෙක් ගිටාර් එකක් ගසමින් සිංදුවක් කියන වීඩියෝවක් බුකියෙ දාල තිබ්බා. ඌ ඉස්කෝලෙ කාලෙ මගෙ බොක්ක... දැන් දුරයි ඌ ඉන්නෙ ඹ්ස්ට්‍රේලියාවේ. ලංකාවට ආපු අවස්ථාවල හමුවෙන්න බැරි වුනා. ඌට මම ඉල්ලීමක් කළා ඔය ගීතය ගයලා වීඩියෝවක් දාන්න කියල. ඌ මගේ ඉල්ලීම ඉටුකලා ලෙසටම.

    අයියව බේර ගන්න කියල පුච්චපු කැසට් වල තිබ්බේ අහවල් ඒවද?? ;)

    ReplyDelete
    Replies
    1. තාමත් මම ඒ ගීතය ඇහෙනකොට පාවෙනවා. පුදුම ලස්සනක් නේද?

      හි.. හි.. අපේ අම්මලා සාම්ප්‍රදායික පුත්‍රවාදී අහිංසක කෙනෙක්. ඒවගේ තිබ්බේ කිසිම වැරැද්දක් නැති පරණ ෆිල්ම්ස්. ඒ දවස්වල ඉතින් කණාමැදිරි එළියටත් බයයි නේ අපේ අම්මලා.... ඒ විතරක්ද.. අපේ ගෙදර තිබ්බ පොත් ටිකටත් ඔය ඉරණමම ඇත උනේ වෙන කිසිම හේතුවක් හින්ද නෙවෙයි, ඒවගේ කවරේ රතු හෝ රතුවට හුරු හෝ උන හින්ද. එතරම් බයෙන් එයා ඉඳල තියෙන්නේ. අපිට ඕක කිව්වට තේරෙන්නේ නැහැ.

      Delete
  3. ඔය ලිස්ට් එකට දාන්ට තව කොච්චර තියෙනවද? බඹරු ඇවිත්, එය දැන් ලොකු ලමයෙක්, ඇයි ගීත්? ඒකාලෙ අපේ ඉස්කෝලෙ තිබුනා සිනෙරූ කලා සංසදය කියලා සංගමයක්. හැම මාසෙකම නමගිය කලාකාරයෝ පති, කලං, දයා තෙන්නකෝන්, විමල් කුමාර ද කොස්තා ගනල්ලා සිනමා විචාරයක් කරනවා. බඹරු ඇවිත් විචාරය තමයි නැගලම ගියේ. මාලිනීත් ආවද කොහෙද. වේල්ස් එකේ ඕඩියන් එකේ ෆිල්ම් බලපු හැටි තාම මතකයි!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඒ මුවී දෙකත් තිබ්බ. හැබැයි මට ඒ දවස්වල ඒ දෙකම තේරුනේ නැහැ. මම හරිම පොඩියි. මින්ටිසොරිවත් යන වයසේ නෙවෙයි මම හිතන්නේ.

      Delete
  4. චිත්‍රපටි ගැන කියනවා නම් මටත් හොදටම පිස්සුය...
    ඒත් සිංහල ඒවා නම් දහයක් වත් බලා නැති බව පට්ට සුවර්ය.
    හිංදි පිචෑර් නං පණ ඇරලාය...
    තව බෙංගාල ඒවා ඉංගිරිස් ඒවා ප්රංස ඒවාත් බලන්නේය... ලෙඩේ උග්‍ර වීම නිසා මේ දවස් වල පිචෑර් වලට සබ් දමන්නටද පටං ගෙන ඇත...
    උයා නාකිච්චියෙක් කියල දන්නෙ අද ඊයෙ නෙවී මෙයා...
    හැක්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.... බෙංගාල, ඉරාන එහෙම ඒවා කියල වැඩක් නැහැ... මම ලියන්නම්කො ඒ ගැන වෙනම පොස්ටුවක්ම!

      ෂා... සබ් දානවද? අනේ දාපු ඒවා අපිටත් ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නකෝ...

      හෑ??? දන්නවා කිව්වා... චික්.. මගේ ආතල් එක කුඩු කළා!

      Delete
  5. //දැන් නළල හරියේ තියෙන්නේ....//
    ++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මමත් හිනාවෙන්න හිතලා ආපහු සද්ද නැතුව් හිටියා

      Delete
    2. කෙනෙක් ගිලිලා ඉන්නවා කිව්වම හිනාවෙනවා? අනේ අම්මප...

      Delete
  6. ලියනව නං ඉතිං මාගලක් විතර දිග කමෙන්ට් එකක් ලියන්ඩ පුලුවං. ඒත් මං ටිකක් පෙරේත වෙලා ඒ ටික තියාගන්නව පෝස්ට් එකකට..
    උපේක්ෂයි මායි දෙන්න එක ජාතියෙ බඩු දෙකක් මට පේන්නෙ..

    ReplyDelete
  7. එල ද බ්‍රා.
    කාකාගෙන්නුත් ඇහැව්වා කිව්වෙි නෑ. මැවිසුරැවෙක් කියන්නේ කවුද?

    ReplyDelete
    Replies
    1. කකාගෙන් ඇහුවම කියලා නැත්තේ කකා වෘත්තියෙන් මැවීසුරෙක් නිසානේ බං

      Delete
    2. අපෝ මෙන්න ඇවිත්, හිටපල්ලා මම හදන්න වචනේ.....

      හලෝ මේ.... මම මේක පැයට හැතැම්ම පන්සීය ගානේ වේගෙන් ලිව්වේ. ගුගල් ඉන්පුට් මම ටයිප් කරපු එකට දීපු උත්තරේ බැලුවේ නැහැ... මගේ උපන් ගතිය... නො ඩබල් චෙක්

      Delete
    3. ඉංජිනේරුවෙක් නේද?

      Delete
    4. ස්තුතියි බස්සි
      උපේක්ෂා අක්කන්ඞි දන්නෙ නැතිකමටමයි ඇහැව්වෙි
      ඉවාන් දන්නේ නැ බං ඒ වචනේ තේරැම. කාකාගේ ඡොබ් එක ‍නොදනි.

      Delete
    5. ඔය කියල තියෙන්නේ... :-)

      Delete
  8. ඔය පරණ සිංදු මේනියාව මට තදින්ම තියෙනවා . අපේ එවුන් කියන්නේ උඹ ඉපදෙන්න අවුරුදු විස්සකට විතර කලින් උඹේ මොලේ ඉපදිලා කියලා . මං අහන සහරා පරණ සින්දු පැන්ෂන් ගිය පොරවල්වත් අහලා නෑ ,

    ReplyDelete
    Replies
    1. තිබ්බ මොලේකට ඔය ඇඟ හයි කරන්න හරි අමාරු වෙන්න ඇති... ඒක තමයි ඔතරම් කෙස් ටික නැත්තේ...

      Delete
  9. මටනම් ඕන සිංදුවක් හොඳා බලෙන් කනේ ගහන බස් සින්දු ඇරුනාම.

    හේයි මම ඉරාජ්ගෙ ෆෑන් කෙනෙක් හරිද! බනින්ඩ එහෙම එපා හලි....

    ReplyDelete
    Replies
    1. අහ්..... බස්සියෝ.... දන්නවා දන්නවා...

      හි.. හි... හිතලමයි ලිව්වේ....

      Delete
  10. තාත්ත මොකෙක්ය කිව්ව?.මැවිසුරෙක්?....එතකොට උන්දැ නම ලියන්නෙ මෙහෙම වෙන්ටැති..මැවිසුරු දොන් ජෙරොනිමෝ ද අසවේදු...හරි නම දාගනිං අසවේදු වෙනුවට...

    එතකොට දැන් නළලට ඇවිල්ල තියෙන්නෙ නේද? නුවර මාකට් එක දිහා හම්බ උනොත් උඹ අඳුනාගන්ට අමාරු වෙන එකක් නෑ.....කෝකටත්...නෑ එක්කො ඕන නෑ..හම්බවෙච්ච දවසක කියන්නංකො..

    ReplyDelete
    Replies
    1. මෙච්චර දේවල් කියල තියෙනවා.. අනේ අම්මප ඔතනමනේ අහු උනේ?.... දොන් බොන් කෑලි නැහැ එයාගේ නමට...

      මොකද මාකට් එකේ කතාව? මම ටිකක් , ටිකක් නෙවෙයි හම්බානක ටියුබ් ලයිට් හින්ද, කියන දෙයක් කියමු එහෙනම් මෙතනම... ආයේ මාකට් ගානේ යන්න බැහැ ... නුවර මාකට් තියා නුවර මොන පාටද කියලවත් දැක්කේ නැහැ ගොඩ කාලෙකින්..

      Delete
  11. මොනවා කමෙන්ට් කරන්නද කියල මටත් හිරවුනා.බැලුවම පරණ ච්ත්‍රපට පරණ සින්දු ලෝලියෙක් නොවැ.

    ReplyDelete
    Replies
    1. හිර වෙන්ට එපා අනේ.... හිර උනේ මගේ නාකිකම අහල, මම අර කලන්තේ දාන්න ඔඋළුවන් කියල කියපු ඉසව්වේදීද? ලෝලියෙක් කියන්නේ පිස්සු පිකදු ලෝලියෙක්

      Delete
  12. Replies
    1. සොරි වෙන්ට ඕනේ... ඔව් VHS තමයි. හැදුවා. JVC කියන්නේ ඒ කාලේ අපේ ගෙදර තිබ්බ ප්ලේයර් එක.. හිහ්...

      Delete
  13. මේ සිංහල ෆිල්ම්ස් ඔක්කොම බලලා තියෙනවා. ඒ සෙට් එකෙන් මම වඩාත් කැමති හංස විලක් සහ හන්තානේ කතාව. හින්දි එව්වා සමහරක් බලලා තියෙනවා. මටත් ඉතින් සින්දු, චිත්‍රපට, නාට්‍ය කිව්වොත් මාගල් වගේ කමෙන්ට්ස් දාන්න හිතෙනවා. ඒත් කෝ වෙලාවක්.

    උපේක්ෂා....අපේ ගෙවල්වල සෙනඟ ඉඳලා ඉඳලා පස්සේ එක එක අය අඩුවෙනකොට අම්මාට පුදුම අප්සෙට්. හරි පාළුයි,පාළුයි කිය කිය හිටියා. ටික කාලෙකින් කියන්න ගත්තා දැන් නම් හරිම නිදහස් ළමයෝ. ඔය තියන දෙයක් රත් කරගෙන කාලා නිදහසේ ඉන්නවා කියලා. කාලය මැවු වෙනසක අරුමේ....

    ReplyDelete
    Replies
    1. අනේ දාන්නකෝ මාගල් වගේ කමෙන්ට්... ආසයි කියවන්න.. එක්කෙනෙක් කියන පොඩි දෙයක් ගැන අපිට ලියන්න උල්පත් පෑදෙනවා.. ලියන්නකෝ...

      අපේ අම්මටත් එහෙමයි...
      මමයි, අපේ අක්කයි කැම්පස් යන්න කොළඹ ආවම, අපේ අම්මට දැනිල තිබ්බ තනිකම කොතරම්ද කියනවා නම්.. එයා එයාගේ අන්තිම කැමතිපත්‍රය ලියල.. මට අහු උනා ගෙදර ගියපු වෙලාවක... මම එදා පුදුම විදියට කම්පනය උනා. මෘදු හිතක් තිබ්බත් නොසැලෙන කෙනෙක් උන අපේ අම්මගේ ඒ හැසිරීම මාව තදින් සෙලෙව්වා.

      දැන් නම්, අපේ අක්කගේ ළමයි මෙලෝ සිහියක් නැතුව තුරුල්ලේ ගහගෙන ඉන්නේ..

      Delete
  14. //දැන් නළල හරියේ තියෙන්නේ....//
    ඔය වයසට?? අනේ මන්දා...

    ගීතේ මාගේ ආහාරේ....

    බලාපුවාම මෙයැයි මාර පික්චර් පිස්සෙක් නොවැ... මාගේ නම් සිංහල චිතපටි චාරිකාව ඇරඹෙන්නේ..... ඇගේ ... නෑ නෑ ඒවා ඕන නෑ..

    ජය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. මොකෝ මේ නළල කතාව මෙතරම් අය හයිලයිට් කරන්නේ? මට දැන් සැකයි මොකක් නමුත් වැරද්දක් වෙලා වගේ... කවුරුහරි කියනවද? නැත්තම් මම ඕක අහන්න ගිහිල්ල මගේ බ්ලොග් ලිවිල්ල මාට්ටු වෙනවා...

      හනේ හනේ.... චාරිකාව ඇරඹුවේ එතනින්? මම නම් හිතන්නේ ඉස්සර චිත්‍රපටි නිකන් බැලුවත් ඊට වඩා ඒවා තියෙන්න ඇති... මම දැකල තියෙනවා හැම එකකම ක්ලබ් වල රෙදි නැතුව නටන ඒවා තියෙනවා.. බලන් ඉන්න බැහැ දත් පුට්ටු වෙනවා!

      Delete
  15. මේ අපිත් පට්ට නාකියි හරිද.. හැබැයි සිංහල ෆිල්ම්ස් වලට නෙවෙයි.. අනිත් ඒවට.. මං හිතන්නෙ මං සිංහල ෆිල්ම් 10ක් වත් බලල නැතුව ඇති.. ඒ තරං ආස නෑ...

    මේ අත තිබ්බ විතරයි මේ දවස්වල හැදිල තියෙන පිස්සුව ගැන ලියන්න... දැං ඕනෙ නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඒවා හරි ලස්සනයි හිරු...
      මම කිව්වට පුරන් අප්පු බලන්න... රවින්ද්‍ර පුදුම රඟපෑමක්. දැන් ඔය හදන සීනිබෝල ඉතිහාස කතා වගේද? අනේ මන්ද මට දැන් ඒවා පේන්න බැහැ..

      අල්ලපු ගෙදර කියන්නේ මම හරිම ආස එකක්.. මම හුගක් ලොකු කාලේ තමයි දැනගත්තේ ඒක හින්දි කොපියක් කියල. කොපියක් උනත් නියමයි. මාතලන් මුවි එකත් මාරයි... සින්දු හැම එකක්ම මට කට පාඩම්..

      මේක මගේ ඕල් ටයිම් ෆේවරිට් ගණයේ එකක්.. එක එක කාලෙට හැදෙන පිස්සුත් තියෙනවා.. ක්‍රොස් ටීච්, ෆ්ලවර් ඇරෙන්ජ්මන්ට්, හෑන්ඩ් එම්බ්‍රොයිඩරි , හෑන්ඩ් ක්‍රාෆ්ට්... අපෝ තව ලිස්ට් එකක්!

      ලියන්න ලියන්න...

      Delete
    2. /////////එම චිත්‍රපටය අනුකරණය කළේ දෙමළ චිත්‍රපටයක් වුවත්, දෙමළ චිත්‍රපටය අනුකරකණය කළේ බෙංගාලි චිත්‍රපටයකි. එහි නම ‘පරිවර් භාෂ්’ ය. ඒ ඇසුරෙන් කළ දෙමළ චිත්‍රපටය ‘අඩුක්ක වීටු පෙන්’ නමින් විය. නමුත් දෙමළ චිත්‍රපටය අපේ චිත්‍රපටයේ අහලකින්වත් තියන්න බැහැ. එබැවින් අල්ලපු ගෙදර අනුකරණයෙන් නොව ආභාෂය ලබා ගත්තේ ‘පරිවර් භාෂ්’ චිත්‍රපටයෙන් බැව් සඳහන් කළ යුතුයි.////////////////////////

      2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා,,SARASAWIYA

      Delete
    3. ස්තුති මුලාශ්‍රයට... මම අනිත් චිත්‍රපටි එකක්වත් බලල නැහැ

      Delete
  16. මම නම් ඒ නාකි කතාවට එච්චර කලබල වුනේ නෑ. මොනවට කලබල වෙන්නද? නමුත් නාකි කියන්නේ නොහැකි කියන අදහසින් නෙවෙයි නේද?

    ඒක නෙවෙයි. මෙතනින් මගේ හිතට වැදුනේ මෙන්න මේ දේවල්.

    Thu Curious Case of Benjamin Button. අන්න මමත් හුඟක් හිතපු ‍ෆිල්ම් එකක්. අන්න බඩු!

    Don't Cry Johnny! මේක බැලඩ් එකක් කියලයි කියන්නේ. මටත් කොල බොක්කටම වැදුන සින්දුවක් තමයි ඒ.

    Gold FM: මගේ විතරක් නෙවෙයි අපේ ගෙදර හැමෝගෙම වගේ favorite channel එක විශේෂයෙන්ම ගමන් යනකොට පාරෙදි අහන.

    Elvis Presley, Beatles අපිට පරම්පරාවක් කලින් හිටපු වැඩ්ඩො වුනත් මම මාර ආසයි.

    ඒ වගේම තවමත් මගේ ප්‍රියතම සංගීත කණ්ඩායම ABBA

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතින් නාකි කිව්වම මෙතන එනවා වැඩ බැරිදාසද අහන්න! හැකි... හැකි.....

      ඇයි අනේ A Beautiful Mind??? අම්මෝ.. ඉන්ග්ලිෂ් මුවීස් නම් මගේ ලිස්ට් එකේ උඩම, හැබැයි ගොඩක් පරණ ඒවා තියෙන්නේ එකයි...

      අනේ මට ඒ ගැන ලියන්න බැරි උනානේ හෙන්රි.. ඉස්සර අපි නිතර බලපු මුවී එකක් තිබ්බ , එකේ ඉන්නේ පොඩි ළමයි (ලොකු මිනිස්සුන්ට ඇඳලා) ෆයිට් ඔක්කොම යන්නේ අයිස්ක්‍රීම් වලින්... වෙඩිතිබ්බම වදින්නේ අයිස්ක්‍රීම්.. දන්නවද නම? අනේ මට නම මතක නැහැ... ඒ මුවී එක මාර ලස්සනයි!!!

      දෙය්යනේ ABBA !! මට කොහොමද මන්ද අමතක උනේ... හෝ... හෝ.... මගේ පිස්සු වැඩිවෙනවා සින්දු ගැන කිව්වම. අනේ මන්ද මම හරිම ආසයි.... කියල වැඩක් නැහැ... ඇයි Boney M???

      මම බට්ටම බට්ට කාලේ හරි බයයි ඒ පිරිමි කටහඬට, සින්දුව දාපු ගමන් හැඟෙනවා.. හැබැයි හැංගිලා අහගෙන ඉන්නවා... මාර ලස්සන සින්දු නේද? මම සමහර දවස් වලට ඒවා ප්ලේයර් ඒකේ දාගෙන, කාමරේ දොරත් ලොක් කරගෙන නටනවා, වැනෙනවා ති වැටෙනකල්... පුදුම සනීපයක් දැනෙන්නේ එතකොට!

      Delete
    2. ඇයි Boney M???
      ඇයි Bee Gees,
      Brotherhood of Man?
      George Baker Selection/
      Baccara?
      Cool and the Gang?
      Eagles?
      Fleetwood Mac?
      Queen?
      K C & the Sunshine Band?
      Pink Floyd?
      Pussycat?
      Modern Talking?
      Scorpions?
      Smokie?
      Wham?
      The Police?
      UB40 ????????????????????????????

      >>මම බට්ටම බට්ට කාලේ හරි බයයි ඒ පිරිමි කටහඬට, සින්දුව දාපු ගමන් හැඟෙනවා.. හැබැයි හැංගිලා අහගෙන ඉන්නවා... මාර ලස්සන සින්දු නේද?<<
      This is the story of El Lute... A man who was born to be hunted like a wild animal because he was poor...
      Bobby Farrel පොරගේ නම.

      Delete
    3. අනේ දෙය්යනේ....
      UB 40 and Police !!!!!!!! මම හිතුවේ උන්ට ආස මම විතරයි කියල

      මට බෑ හලෝ.... මම එක්කෝ මේ ඔක්කොම ආයෙත් අහන්න පටන් ගන්නවා... හනේ.... How much I miss them????

      Delete
    4. ඩූඩ් කියන්නේ මාත් ආසම සෙට් එකක. දැන්නම් අහන්න වෙලාවක් නැහැ.

      Delete
    5. මමයි රූමයි අපේ ෆස්ට් ඉයර් ප්‍රොජෙක්ට් එකකට කලා චාර්මින් අයිස් කියලා සීරියල් විෂන් ස්ලයිඩ් ෂෝ එකක්. ඒකේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් වලට ගත්තේ පින්ක් ෆ්ලොයිඩ්ලාගේ ද වෝල් කියන ඇල්බම් එකේ ට්‍රැක්ස්. ප්‍රොපා බාගයක් යනකොට ස්ටුඩියෝ එකෙන් නැගිටලා ගියා. තාමත් මලක් දල්ලක් අතට ගත්තම අහන්නේ ඔය ඩූඩ්ගේ ලිස්ට් එක තමයි.
      නුවර ආච්චි, මම ෆස්ට් ඉයර් හිටියේ 1979....කටුබැද්දේ හතරවෙනි තට්ටුවේ..කවුද දැන් නාකි..?

      Delete
    6. දා ගනින් කාර් එකේ 96.6 ලෙජන්ඩ්ස්..ඔය ඔක්කොම අහතැහැකි....

      Delete
    7. චෙෆාකි....උඹ ඒ.එම්.රණසිංහ දන්නවාද. පරණ ආකියෙක් කටුබැද්දේ.

      Delete
    8. ආකියෝ : අහ් එහෙනම් මොකද නොදන්නේ... මට මතකයි.. මට මතකයි... මගේ කලින් ආත්මෙදි ඔය වගේ තැනක උන්නා... හි.. හි...

      Delete
    9. @අරූ...මගේ බැචෙක් හිටියා කේ ඊ එච් ඒ රණසිංහ කියලා. ඒ 1982 අවුට් වෙච්ච බැච් එක...ඒ එම් රණසිංහ අහලා නෑ මචෝ..හොයලා බලන්නං...

      Delete
    10. මෙන්න මෙතන පට්ට පරණ දෙන්නෙක් අලගිය මුලගිය තැන් හොයනවා.... අනේ අනේ... ඒ මදිවට බුදු අම්මේ... අවුට් වෙච්ච අවුරුද්ද බලන්නකෝ... හෙහ්..

      Delete
    11. Welcome to the club.

      මෙන්න තවත් ඔය වගේම එකෙක් හම්බවුනෝ.

      http://dampatadedunna.blogspot.com/2014/07/01.html

      Delete
  17. අපිටත් ටීවී එකක් කියලා එකක් හම්බුන කාලේ බැළුවෙම ෆිල්ම් තමයි.. අහු වෙන ඕන එකක් බැළුවා.. තාමත් එහෙමම තමයි..

    ReplyDelete
  18. ටේලර් ස්විෆ්ට් ට තමයි දැන් වහ වැටිලා ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ශෂී... මම හිතන්නේ පළවෙනි කොමෙන්ටුව වෙන්න ඕනේ මගේ බ්ලොග් එකේ... සාදරයෙන් පිළිගන්නවා

      Delete
  19. අර ගෝල්ඩ් එෆ් එම් කියන එක ඉන්දියන් චැනල් එකක්ද ? අන්න බඩුව. හොයාගන්න ඕනෙ ආතල් එකේ පරණ හින්දි සිංදු ටිකක් අහන්න.. ඉස්සර කොල්ලා කාලෙ මං නින්දට ගියෙ ඔව්ව අහං ඉන්න ගමං..

    ReplyDelete
    Replies
    1. නැහැ... GOLD FM ලංකාවේ..

      ඩුබායි වල තියෙනවා ඉන්දියන් චැනල් බර ගානක්... මට දැන් මතක් වෙන්නේ නැහැ නම. ඒකෙ අපි වැඩ ඇරිලා යන වෙලාවටම යනවා 'රශ් අවර්' කියල වැඩසටහනක් ( දැන් යනවද මන්ද) හරිම සැහැල්ලුයි.. ලංකාවේ ඒවගේ වගේ බාල හුරතල් නැහැ.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...