මගේ කැම්පස් එකේ අවසන් කාලේ කැම්පස් එක අද්දරම වගේ තිබ්බ බෝඩිමට හිටිය. සමහර අයට මතකත් ඇති මම ඒ ගැන ලියල තියෙනවා මිට කලින්
අනේ මේ පණ්ඩිත නොවී ඉන්නවා, තමුසේ ලියන හැම මගුලම මෙහෙ එන උන් කියවන්නේ නැහැ. ඊටත් ඔයිට වඩා කොච්චර ජාති වෙන ඒවගේ තියෙනවාද, ඔක්කොම ටැපලෙනවා නේ කියෝන අයට.. ඔව්ව මතක තියන් ඉන්නේ කවුද? -ඕනේ නම් දානවා ලින්ක් ටිකක් පහළින් .. අනුකම්පාවක් හිතෙන උන් එතනට ගිහින් බලාගනී.. හිහ් -
ඒ අපේ අය්ය උඩ තියෙන එක වාක්‍ය දැක්ක ගමන් කියන වාක්‍ය ටික !
ඔන්න එහෙනම්, මම ලිව්ව අර බතලයාගේ කතාව? , ඒ කතාවේ බෝඩිම තමයි අද කතාවෙත් පසුබිමෙන් ඉන්නේ.
එහෙනම් කියන්න ඕනේ නැහැ නේ, අනිවාර්යයෙන් ඔය කතාවේ පැන්ඩා ඉන්නවා කියල.. හෙහ්.. පැන්ඩා නැති කතාවක් ඔය බෝඩිමෙන් හොයාගන්න හරිම අමාරුයි. මොකද, මම කොතනද, පැන්ඩා එතන... පැන්ඩා කොතනද මමත් එතන.. ඒ වගේම මොකක් හරි පිස්සු වැඩක් කොතනද.. අපි දෙන්නම එතන!
පැන්ඩා ගැන නොදන්නා කෙනෙක් ඉන්නවා නම්..... දන්නා අයගෙන් අහගන්න.. මට ලියන්න ගියොත් අන්තිමට ආපු එක ලියන්න වෙන්නේ නැති තරමට ඔය බඩ්ඩ ගැන රස කතා පොදියක් තියෙනවා.
පොඩි දෙයක් ආයෙත් මතක් කරන්නම්, ඔය බෝඩිමට මම එනකොට පැන්ඩා හිටියේ එයාගේ ආකි එකේ එම්. එස්.සී එකට ලෑස්ති වෙමින්.
අනේ ඔය හින්ද මම වින්ද දුකක්! මූ වැඩ කරනකොට මම තමයි අතට පයට කන්ඩ බොන්ඩ දෙන්ඩ ඕනේ... උගේ කොම්පීටරේ මොනවා හරි උනොත් සැනකින් හදල නොදුන්නොත් අල්ලපු කාමරේ වත් මට වසන්න දෙන්නේ නැහැ...
' සැන්ඩි...... මැරෙන මොහොතේත් මම උඹව මතක් කරනවා... මගේ කොම්පීටරේ හදල දුන්නේ නෑ... මම දැන් කොහොමද වැඩ කරන්නේ... හය්යෝ... මම ඉවරෝ...'
සැන්ඩි කියන්නේ මට ඔය පැන්ඩා දාපු නම.
කාටද අප්පා ඔය අදෝනාව අහන් ඉන්න පුළුවන්? අනික් අතට, මුගේ හැටියට මූ මැරිලා පෙරේතියක් වත් උනොත්...? මනුස්සයෙක් වෙලා ඉඳන් මට මෙහෙම වද දෙනවා නම්, අම්මෝ පෙරේතියක් උනොත්? හුහ්... අනේ අම්මෝ... මට බැරියෝ...
ඔහොම හිතල මම දුවගෙන ඇවිත් ඔය බුරුල් වෙච්ච ජැක් එකක් හරිගස්සලා හරි, පොඩි වැඩකෑල්ලක් දාල හරි මේ බඩුවගෙ මේ අදෝනාව නවත්ත ගන්නවා. හම්මේ එතකොට දැනෙන සනීපෙ!
වැඩේ කියන්නේ.. පැන්ඩත් එක්ක එකම කාමරේ උන්ට මේ කිසි කරදරයක් නැහැ. උන් දෙන්නම කොහොමහරි ලොකු ලොකු සීන් දීල පැන්ඩාගේ මේ කරදර වලින් ගැලවෙන්න දන්නවා. උන් දෙන්නත් පැන්ඩාත් එක්ක එකට ඉගෙන ගන්න උන්. ඉන්න තැන පැන්ඩාට පණ දෙන්න කතාකරන මුන් දෙන්න ගැන පැන්ඩාත් දන්නවා. කොහොමත් එකම ජාතියේ පිස්සු තිබ්බ මටත් ඉන්න බැහැ ඔය පිස්සු පැන්ඩා නැතුව...
ඔන්න ඔහොම ගතවෙන සතියක , සති අන්තයේ බෝඩිම පොඩ්ඩක් හිස් උනා. ඒ දවස්වල හෝම් සික් එකසිය ගානට නැග්ගත් , අමාරුවෙන් සති කීපයක් ගෙදර නොගිහින් ඉන්න මට පුළුවන්කම තිබ්බ. බෝඩිමේ මගේ රූමියෝ ටික දෙය්යනේ කියල ගෙවල්වල ගිහින්.
අම්මෝ මගේ රූමියෝ ඔක්කොම ආකියෝ (ආකිච්චියෝ?). උන් එක්ක ඉන්නවා කියන්නේ පිස්සු බාගෙට.. ආකියෝ එක්ක වෙන ඩිග්රියක් කරන එකෙක් ඉන්නවා නම්, මගේ සාතිශය සංවේගය! උන් බස්සෝ ජාතියක් ... ඒ කොහොම උනත් එක ඇත්තක් කියන්න ඕනේ... උන් හරි සුන්දර සත්තු කොට්ටාශයක්!
බෝඩිම හිස් වෙනවා කියන්නේ පැන්ඩාගේත් මගෙත් අමුතු පිස්සු වැඩ වලට තවත් නියම වේදිකාවක් හැදෙනවා කියන එකයි. ඔහොම කිව්වට සමහර වෙලාවට මට ඔය හින්දම බාල්දිත් පෙරළෙනවා...
සති අන්තය කියන්නේ මම මනෝ ගහන පැය ගාන පොඩ්ඩක් වැඩි දවස්. මම ගොඩක් වෙලාවට කරන්නේ දොර අගුල දාගෙන කාමරේ මැද්දේ තියල තිබ්බ අර තඩි පාඩම් මේසේ තනිකර අයිති කරගෙන කවි ලියන එකයි, ඇඳේ හිතු හැටියට පෙරලිලා මගේ ගොරහැඩි හඬින් සින්දු කියන එකයි. සින්දුවේ ජොලිය වැඩි උනහම සමහර වෙලාවට මගේ නැටුමත් පටන් ගන්නවා. කාට බයවෙන්නද? පාලු ගෙදර වළන් බිදිනවා වගේ!
ඔහොම ජොලියක් ගියපු වෙලාවක ඔන්න දොරට තඩිබානවා ඇහුන, මගේ ආතල් එක කුඩුවෙලා ගියා.
"සැන්ඩියෝ..... දොර වහගෙන මොකද අනේ...."
එළියෙන් ඇහුනේ පැන්ඩාගේ ලතෝනිය. ආයෙත් මුගේ මොකක් හරි කැඩිලා. ඒක තමයි මගේ ජොලිය කුඩු කරන්න ඇවිත් තියෙන්නේ.. මම ඉතින් හිතින් බැන බැන දොර ඇරිය.
"ඇයි .... මොකද්ද ඒ පාර? "
"සැන්ඩි... හරි වැඩේනේ.... අපේ කාමරේ....."
"නයෙක්.... පොළගෙක්.... ?" මට එකපාරට මතක් උන එක කියවුනා.
..."අනේ මේ පැන්ඩො .... සර්පයෝ එලවන්න මට බැහැ..."
ඒ අස්සේ මට දැන් හිතෙනවා මගේ ගායනයට මෙහෙ සර්පයෝ ඇවිත් කියල. මුට අගවන්න හොද නැහැ මම ඕකට සම්බන්ධයි කියල.. මම තදින් හිතාගත්ත.
"නෑ නෑ ....."
"එහෙනම්?" දැන් ටිකක් ෂේප්... මගේ සම්බන්ධයක් නැහැ.. ඇති යන්තම්
"අර මිනුෂිගේ ඇඳයට සද්දයක් ඇහෙනවා"
"හෑ ! ^$#%%^ .......... මොන ?"
"මිනුෂි අනේ.... "
"ඔව් ඔව්.. මම දන්නවා එයාව, මම අහන්නේ මොන සද්දයක්ද කියල"
"එනවකො මම පෙන්නන්නම්.."
ඔන්න පැන්ඩා මාවත් ඇදගෙන එයාගේ කාමරේට ගියා.
කාමරෙන් ඇතුලට යනකොටම නහය කඩාගෙන යන සුවඳක් ආව... සුවඳක් කිව්වට ඒක සුවඳක් නෙවෙයි.. ගඳක්.. ! මගේ නහය කොහොමත් ඕනෙවට වඩා සුවඳට සංවේදියි.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ට නොදැනෙන සුවඳක් උනත් මට ටුක් ගාල දැනෙනවා. සිගරට් බිපුවම කොතරම් සෙල්ලම් දැම්මත් මට ඒ කෙනා මගේ ළඟපාතකට ආවොත් දැනෙනවා. ඕක සමහර වෙලාවට මහම කරුමයක්. පාරේ ඈතක තියෙන දුරියන් ගෙඩියක ගඳ/සුවඳ මට අනික් කලින් සහ තදින් දැනෙනවා. දුරියන් වලට වමනෙට එන මට ඕක ඉවසන්න හෙන ගේමක් .දෙන්න වෙනවා.
"පැන්ඩෝ.. තමුසේ නෑවේ නැද්ද? මාර ගදයිනේ...."
පැන්ඩා දැන් ඔරොගෙන බලන් ඉන්නේ හරියට පන්සලේ ඉන්න බහිරවය වගේ.
"අනේ මේ.... මගේ නෙවෙයි හලෝ, අර ඇඳ යට ඉන්න එකාගේ ගඳ... අර.. "
මමත් නැමිලා බැලුව... බලනකොට ගුලියක් වගේ හිටියේ මොකද්ද කියල මට එකපාරටම නොතේරුණත්, ගඳ එන්නේ එතනින් බව ගඳේ තීව්‍රතාවයෙන්ම තේරුණාම මම ඉක්මනට ඔලුව ඉස්සුවා.
"මොකෙද්ද?"
"පූස් පැටියෙක්"
"හෑ ? පූස් පැටියෙක් කොහෙන්ද මෙහෙට?"
මම ඇහුවේ පැන්ඩා වගේ එකියක් පුසෙක් ඇති කරනවා කියල හිතන්නවත් බැරි හින්ද.
"මිනුෂි අර හුරතල් කර කර හිටියේ පූසියක්.. එයාගේ වෙන්න ඇති.... අනේ සැන්ඩි.... මුව අම්ම ළඟට ගෙනියමු?"
ඔන්න පැන්ඩාගේ රූමියෝ.. කොහොමත් ඔය වගේ වැඩ කරන්න මිනුෂි දක්ෂයි. එයා පැටව් හම්බවෙන්න හිටිය පුසියෙකුට කන්න දුන්න මට යන්තම් මතකයි. ෂුවර් එකට ඒ පුසී පැටව් දාල මෙතන. ඒත් කෝ දැන් අම්ම පුසී ? අනික් පැටව් ? කන්න දීපු එකේ නම් වැරද්දක් නැහැ.. පව්... උද තට්ටුවක් උන අපේ බෝඩිමට මේ පුසී එන්න ඇත්තේ පඩිපෙළ දිගේ වෙන්නත් පුළුවන්. දැන් ඉතින් ඔව්ව හොයල වැඩක් නැහැ නේ..
මම කලේ කොසුමිටක් දාල ඇතුලේ තිබ්බ රෙදි ගුලිය ඇඳ යටින් ගත්ත එකයි. නහය කඩාගෙන යන සැරක් වගේ එකක් මුළු කාමරේ පුරාමත්, මගේ කන් දෙක බිරිවෙන තරම් මහා කෑගැහිල්ලක් මගේ කන් දෙක පිටිපස්සෙනුත් ආව.. කෑගැහුවේ ඉතින් වෙන කවුද, පැන්ඩා මිසක් !!!
"කෑ ගහන්න එපා හලෝ... මේ සතා බිරි වෙයි!"
අර ගඳගහන රෙදි ගුලිය ඇතුලේ කිළුටු, අසරණ , කේඩෑරි පුස් පැටියෙක් වෙව්ල වෙව්ල හිටියේ මැරෙන්න ආසන්නව වගේ. උගේ ඇස් අපිරිසිඳු කබවලින් වැහිලා තිබ්බ. එක්කෝ ඌ තාම ඇස් ඇරලා නැතුව වෙන්න ඇති. කෑගහගන්න බැරුවද, නැත්තම් ඉපදුනු ගමන් පුස් පැටවුන් ඉන්නේ එහෙමද කියන්න, පුස් පැටියෙක්ගෙ අයිතිකාරයෙක් නොවුණු මම දැනගෙන හිටියේ නැහැ.
"අය්යෝ... සැන්ඩියෝ.... මුට දැන් අපි මොකද කරන්නේ.... අය්යෝ... මු මැරෙයිද සැන්ඩියෝ??......"
ඔන්න දැන් සුපුරුදු පරිදි සයිරන් එක ගහගෙන පැන්ඩා කාමරේ පුරා දුවනවා, වලිගෙ ගිනි අරන් වගේ. මගේ ඔලුව වැඩකරන්නේත් නැහැ එක පාරට මේකිගේ මේ නලාව හින්ද
"පැන්ඩෝ ..... පොඩ්ඩක් කානොගහ ඉන්නවකෝ....."
ඔන්න කාමරේ පුරා දුවන එක නතර කරලා පැන්ඩා එයාගේ ඇඳේ වාඩිඋනා. ඒත් තාමත් කියෝනව
"... අපි කිරි ටිකක් හදල දෙමු"
මම එහෙම කියල ගිහින් මගේ කිරිපිටි බෝතලෙන් සිනි නොදා කිරි එකක් හැදුව, හීතල වතුරෙන්ම. මගේ කිරිපිටි මිසක්, පැන්ඩා උගේ එකෙන් නම් ගන්න කියන්නේ නැති බව මම දන්නවා.. හි.. හි...
මගේ පස්සෙන් එනවා මිසක් පැන්ඩා නෙවෙයි අර පූස් පැටියා බලන්නේ. මම කිරි එක තිබ්බ උගේ කට ගාවින්...
මුහු..... කෝ කිසිම සුබදායක ප්‍රතිචාරයක් නැහැ.
ඒ වෙනුවට උනේ ඇස් දෙක පෙන්නේ නැති මු ඔලුව හරෝනකොටම උගේ කට අස්සෙම වගේ ගහපු මම හදපු කිරි කෝප්පය පෙරලුන එකයි.....
"ඊ....................යා............ "
පැන්ඩා ආයෙත් අරුගේත් මගෙත් කන්දෙක බීරිවෙන සද්දෙන් මොරදුන්න.
මට එවෙලේ හිතුනේ මුගේ ඇස් දෙක වැහිලා තිබ්බේ කබ හින්ද කියල.
"පව් හලෝ... මුට කන්නත් නැහැ... කිරිබොන්න දන්නෙත් නැහැ...."
පැන්ඩා ඒ අතරේ ජනේලෙන් වටපිට සෝදිසි කළා අම්ම පුසී ඉන්නවද කියල, මොකද අපි සැක කලේ මේ ඇයගේ පුස් පැටියෙක් කියලයි. පුස් පැටියා වෙව්ලනවා. මට දැන් මාර දුකයි. මුගේ ගඳ ඉවසන්න බැරි තරම්.
"මොකද දැන් කරන්නේ සැන්ඩි ?"
"මු මෙච්චර ගඳ මොකද?"
"හේදුවොත් ගඳ අඩු වෙයි"
"හෝදන්න? පිස්සුද පැන්ඩෝ.... පුසොන්ට වතුර ඇලජික්.... වතුරට උන් බයයි.."
එහෙම කිව්වට මට හිතුන මුන් උන්ගේ අම්මල නාවනවා නේද කියල, ලෙවකාල... එකපාරට මට මතක් උනේ පුතිගතතිස්ස හාමුදුරුවන්ට බුදුහාමුදුරෝවෝ මුලින්ම කරපු සත්කාරය....
මතක් වෙලා මම මගේ කාමරේට ගිහින්, මගේ රුමියන්ගේ විසි කරන අයිස් ක්‍රීම් පෙට්ටියක්, ෂොපින් බෑග් ටිකක් අරගෙන ආව...
..."අපි මුව ක්ලින් කරමු... "
මගේ වැඩේට නිහඬවම පැන්ඩා උදව් කළා. පැන්ඩා මගේ අත් දෙකට ෂොපින් බෑග් දෙක ගැට ගහල, මම ලෑස්ති කරපු යන්තම්-උණු වතුර ටික අයිස්ක්‍රීම් පෙට්ටියට දාගෙන ආව.
ෂොපින් බෑග් වලින් ගැටගහපු අත් වලින් මම කලේ පුස් පැටියව පත්තර කොලයක් උඩට අරගෙන උගේ ඇස වල තිබ්බ කබ , කන් වල තිබ්බ කුණු සෝදලා ඇරපු එකයි. බොරු කියන්නේ මොකටද, මට අප්පිරියාවක් දැනුන. ඒත් මම නහය අකුලාගෙන කරපු වැඩේට පැන්ඩා හොඳ සහයෝගයක් දුන්න.. දුන්න හොදම සහයෝගේ මර ලතෝනි නොදී හිටපු එකයි.
පොඩ්ඩක් සුද්ද කලාට පස්සේ තමයි මුගේ ඇත්ත පාට අපිට පෙනුනේ. ඌ කළු මිශ්‍ර අළු පාට පුසෙක්. ඊට පස්සේ මම කලේ පැන්ඩා ස්වේච්චාවෙන් ප්‍රධානය කරපු එයාගේ පරණ ටීෂර්ට් එක උඩින් මුව තියල හදපු කිරි එක ලංකරපු එකයි....
දැන්නේ මුගේ ඇස් දෙක පේන්නේ... අසරණ පුස් පැටියා බස බස ගාල කිරි එක බිව්වා.... අපි දෙන්න අත්දෙක අල්ලාගෙන කාමරේ කිරි කිරි බොලේ නටන්න ගත්තේ සතුටට!! නෑ ... නෑ ... පුස් පැටියයි මමයි නෙවෙයි... පැන්ඩායි මමයි!!
දැන් තමයි නියම කොටස....
කිරි එකත් බීපු පුස් පැටියාගේ ඇඟට විතරක් නෙවෙයි කටටත් දැන් පණ ඇවිත්.... කාමරේ දෙක වෙන්න ඔන්න ලතෝනියක් දෙනවා..... කෑගහනවා කියන්නේ නන්ස්ටොප්!! මහා කන්දොස්කිරියාවක්..
"පැන්ඩෝ .... දැන් නම් ඇති හොදද... මගේ මිෂන් එක ඉවරයි... ඔන්න මම ගියා..."
මම එහෙම කියාගෙන මගේ කාමරේට ගියා. මම කරපු හරිම ඇති හින්දද කොහෙද පැන්ඩාත් මුකුත් කිව්වේ නැහැ... නැත්තම් මට තව බෝලයක් බස්සන්න කල්පනාකරන්න පටන් ගත්තද දන්නෙත් නැහැ.. හි.. හි... මම ඔය විහිලුවට ඔහොම කිව්වට පැන්ඩා හරි හිත හොඳ කෙල්ල... එකම වැඩේ , මුට වෙන එකෙක් වෙනුවෙන් වැඩකරනකොට වෙන උන් ගැන අමතක වෙන එකයි! තේරුණාද මම අදහස් කරපු දේ? හි.. හි...
මම පුස් මිෂන් එකෙන් පස්සේ ඇඟත් හෝදගෙන යන්තම් කාමරේට ඇවිත් කලින් හිටපු තැන ගැන කල්පනා කරන්න පටන් ගත්ත විතරයි.. ඔන්න ආව පැන්ඩා ගෙවල් බිඳගෙන සුනාමියක් එනවා වගේ...
"අනේ.. සැන්ඩියෝ..... මරු ... මරු ..... නියමයි සැන්ඩියෝ............... අපේ වැඩේ හරි...."
පැන්ඩා හරියට අර අහස කඩන්වැටෙනවා කියල දිව්ව හාවාද, නැත්තම් ඒ වගේම වෙන පැන්ඩෙක්ද කියන්න දන්නේ නැති තරමට සමානයි...
ඒ උනාට පැන්ඩා ගෙනාවෙනම් අනර්ඝ පුවතක්!
කටට පණ ඇවිත් මොරදෙන සද්දේ ඇහුන පුස් අම්ම ඇවිත් පුස් පැටියව අරගෙන ගිහින්. මම හිතන්නේ ඌට එක්කෝ මුව අමතක වෙලා ගිහින්.. නැත්තම් මැරිලා කියල හිතල දාල ගිහින්...
අදටත් මම මේ සිද්දිය මතක් වෙනකොට අපි දෙන්නගේ නැටුම අමතක වෙන්නෙම නැහැ. සතුටු දවසක්!!
මේ සිද්ධිය මට හැබැයි කාලයත් එක්ක අමතක වෙලා ගියා. ඒත් , මම ඔය බෝඩිමෙන් අයින් වෙලා යන දවසේ පැන්ඩා මට දුන්න ලියුමේ මෙහෙම ලියල තිබ්බ
"සැන්ඩි... පුසාට කල දැඩි සත්කාරය හේතුවෙන් ඔබට සුදු බෝල බබාලා ලැබෙන්න පතමි ....!"
අදටත් මේ ලියුම මගේ ගාව තියෙනවා...
ඔය ප්‍රාර්ථනාවට උඩින් තියෙන්නේ එයාගේ ගර්ලිෂ් වන සිහිනය සහ කෙට්ටු වන සිහිනය.... උගේ කාටුන් හැකියාව නම් කියල වැඩක් නැත!

එතකොට ඒ පාර්තනාව ඉට්ට සිද්ධ වුණෙයි...
ReplyDeleteහපොයි පූසො...
මටත් අර හෙක්ටර් ට වගෙ තමා පූසො පෙන්නන්න බැ
ඕකනේ ඉතින්... මෙච්චර දිගට ලියල තියෙන එකේ, අන්තිම වාක්‍ය ගැනම අහන්නේ?
Deleteමේකනේ වැඩේ... එහෙම වෙන්න නම්
1. මගේ සියලු ජාන නිලීන වෙන්න ඕනේ (සුදු, බෝල...)
2. බඳින සහකාරයට ඔහොම ලක්ෂණ තියෙන්න ඕනේ
3. බඳින සහකාරයට ඔහොම ලක්ෂණ ඔක්කොම ප්‍රමුඛ වෙන්න ඕනේ
4. ඔකොටමත් වඩා ඒ හාදය මාව බඳින්න කැමති වෙන්නත් එපෑ !!
පේනවා නේද... ප්‍රාර්ථනාවක් උනත් කරන්න ඕනේ වෙන විදියට... ඔය ඔක්කොම වෙන්නත් ඕනේ මගේ ජිවිතකාලේ ඇතුලත... ලේසිද?
මේකව බදින එකාට අබ සරණයි!
Deleteහි... හි....
Deleteදැන් ඉතින් අලුත්ම සරණ ඒකනේ !
පැන්ඩගෙ කාටුන් හැකියාව වගේම අකුරුත් ලස්සනයි නෙ.
ReplyDeleteපැන්ඩා කියන්නේ ආකිච්චියක්... නිර්මාණ හැකියාව පුදුමයි... අහන්නත් දෙයක්ද?
Deleteදැන් එතකොට සුදු බෝල බබාලා හම්බ වුනාද ?
ReplyDeleteමොකක්ද බන් අර ඇඩ්රස් එක
Deleteදදගසව් මාවත කියන්නේ මොකක්ද?
උඩ තියෙන කොමෙන්ටුව බැලුවම තේරෙයි ඔය ප්‍රශ්නෙට උත්තරේ...
Deleteහි.. හි... දෑගසව් අනේ.... ඒ අපි හිටපු පාරට කියපු නම...
දැන් හැම එකාටම ඕනේ කතාව පැත්තක තියෙද්දි, අර ප්‍රාර්ථනාව ඉටු වුනාද කියලනේ.
ReplyDeleteසත්තු හදන්න ලෑස්ති වෙන අය ගෙවල් වල බොහොමයි.
නමුත් උන්ට ඇත්තෙන්ම සාත්තු කරන්න වෙන්නේ අහක හිටපු කෙනෙකුට.
අර උඩ පනින අයට අරුන්ට කන්න දෙන්නවත් මතක් වෙන්නේ නෑ.
කියල වැඩක් නැහැ හෙන්රියෝ... මුන් ඒකමනේ අහන්නේ...
Deleteඔය සත්තු බලාගන්න බැරි හින්දමයි අපේ ගෙදර බල්ලෝ සහ පුසෝ හැදුවේ නැත්තේ. ඒත් මාළුවන්ගේ සර්වකාලීන ෆෑන් කෙනෙක් උන අපේ අප්පච්චි මම දන්නා කාලේ ඉඳල පවත්වාගෙන ගියපු මහා විසාල මාළු ටැංකියක්නම් අපේ ගෙදර තිබ්බ. තාමත් තියනවා
හේයි අපිත් මාලු හදනවා බං මෙහෙදිත්. මෙහෙ ගප්පියෙක් ලංකාවේ ෆෝල්ඩ්‍ෆිෂ් කෙනෙකුට වැඩිය ගනං. ඒත් හදනවා දැන් ටැංකි දෙකක මාලු ඉන්නවා තිහක් විතර.
Deleteගෝල්ඩ් ෆිෂ්! හේ.. මම හරි ආසයි උන්ට. අපේ ගෙදර ඉස්සර තිබ්බ ටැංකියේ වැඩිපුරම හිටියේ උන්. මමත් උන්ගේ පීනන විදියට හරි ආසයි. ආලෝක මාළුවෝ කියල ජාතියකුත් හිටිය. උන්ගේ ඇත්ත නම් දන්නේ නැහැ.
Deleteමාළු ටැංකියක් කියන්නේ ආසා හිතෙන විනෝදාංශයක්... නැද්ද? පොඩි ඇබ්බැහිවෙන ගතියකුත් තියෙනවා. හි.. හි...
උපේක්ෂාගේ කතාව ඇත්ත. පුසව කවුරු ගෙනාවත් අන්තිමට සාත්තු කරන්න සෙට් වෙන්න අපේ පවුලට තමයි. සමහර කාලවල ගෙදරට පුසෝ 15ක් විතර එනවා කෑමට.
DeleteWelcome Jeevana...
Deleteහෑ ... 15ක් කිව්වා?
එක අතකට පුදුම වෙන්න දෙයකුත් නැහැ... අපේ ගමේ නැන්දලගේ ගෙදරම හිටිය පූසෝ 17ක්. බල්ලෝ 3ක්. කියල වැඩක් නැහැ...
ස්තුති මේ පැත්තේ ආවට..
අර පින්තුරේ මරු ! අර ලිපිනයයි මුද්දරෙයි පට්ට ;)
ReplyDeleteහි.. හි...
Deleteමුළු ලිව්මම දැම්ම නම් බඩ අල්ලන් හිනා වෙයි... එතරම් ඒවා තිබ්බ..
සත්ව හිංසන....
ReplyDeleteසත්‍ය වශයෙන්ම පැතුමට කුමක් වීද???
ජ ය වේ වා!!!
සත්ව හිංසන? ඇයි වදේ .... ඌ ක්ලීන් කරාටද ?
Deleteපැතුම ගැන උඩ කමෙන්ටුව කියවන්න... හි.. හි..
හොඳ වෙලාවට පූස් බබා අරන් ගියේ. නැත්නම් උපේක්සා එක්ක ඉඳලා පූස් බබාත් විනාශ වෙනවා.
ReplyDeleteඑහෙම වුනා නම් පව්. අපි ඉතින් නොදන්නවැයි සැන්ඩිගේ හැටි මේ වෙනකොට ;)
හි.. හි...
Deleteමටත් පස්සේ හිතුනේ පුස් පැටියා මොරදෙන්න ඇත්තේ
"අම්මියෝ..... මෙන්න මෙතන ඉන්න සැන්ඩිද කව්ද කියන අමුතු එකී මාව මරන්න හැදුවෝ........ කටේ තියන්න බැරි බීමක් දුන්නෝ.... ඉක්මනට ඇවිත් මාව ගෙනියන්ඩෝ ........."
කියල.
අෑ උපේක්ෂා මේවා මේ වහෙන් ඔරෝ අපේ චෙෆාකියට ගහපු ගැහිලි නෙමෛයි නේද?? හැක්
ReplyDeleteහැක්... එව්වා කියන්න බැහැ
Deleteකිව්වට පිළිගන්නේ නැහැ නේ.... ආකියෙක් එක්ක වසන වෙන ජාතියේ එකක්ගෙන් ඇහුව නම් කියයි ඇත්ත. ඒ ජාතියේම එකෙක් නම් කියන්නෙම නැහැ.
ඔයාට කියන්න, උන්ට මේසයක් ඕනෙමයි.. ඒ මදිවට පතරංග මේසයක්ම තමයි ඕනේ. ඕක උඩ නැත්තේ ඌ විතරයි. අනික් හැම දේම තියනවා. කොයි වෙලෙත් මොනවා හරි කපනවා, එක්කෝ අලෝනවා, එක්කෝ පාට කරනවා. මේසේ උඩ කොයි වෙලෙත් ස්ට්‍රක්චර් එකක්.... ගම් (ගම් කිව්වට අලි ගම්) බෝතල්. ඒ බෝතල් මරු කැඳවනවා.. මොකද ගොඩක් වෙලාවට එව්වා ඇලෙව්වොත් ඇලෙව්වා ටයිප් එව්වා... බැරි වෙලාවත් ඕක උඩට වැටුනොත්, ගම් වලින් ඉන්න තැනම ඇලවෙනවා සදහටම! ( ඔහොම වැඩක් පැන්ඩාට වෙලා තියෙනවා... හි.. හි...)
මම හිතන්නේ දැනට මේ ඇති
ඒ උනාට මම උන්ට හරි ආදරෙයි... උන් හරි සුන්දරයි...
උපේක්ෂා. මොනවද බං ඔය කියන ගම් එක? ඔය ඇලෙව්වොත් ඇලෙව්වාමයි ගම් ගැන දැනගන්න ආසා ඒවායින් කරන්න වැඩ හුඟක් තියෙන නිසා.
Deleteනමක් හරියට දන්නේ නැහැ හෙන්රි.... මට මතක අලි බෝතල්වල දාල තියෙනවා විතරයි. එක්කෝ තඩි ටියුබ්. හාකොබොන්ඩ් වෙන්නත් පුළුවන්. පැන්ඩා ඕවා ගේන්න යන්නේ පිටකොටුවේ.. මමත් ගියා තනියෙන් දවසක් හැබැයි කඩදාසි ගන්න. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්...
Deleteකබිකුශි කබි ගම් ( ඇලොවිවොත් ඇලෙවුවම් අයි. )
Deleteඅපේ මහත්තය මට දීපු ලියුම් ලොට් එකේ තිබ්බ කාටූන් මතක් උනා... ඒත් ඒව මෙහෙම කියන්න විතරයි පුලුවන්.. පොටෝ දාන්න බෑ... පොඩි එවුන් නරක් වෙනව... හි හි
ReplyDeleteදැන් මොන වගේ කාටුන් අදිනවද කියලයි මට කල්පනා වෙලා සිහිමුර්ජා උනේ.. හැක්..
Deleteහෑ ???????????
Deleteඔන්න මම හිනාව කපා ගත්ත.... මට නිකන් කොයිල් වගේ... මොන වගේද හිතා ගන්න බැහැ... හි.. හි..
මොනවා උනත් පරණ මතක හරිම සුන්දරයි.
ReplyDeleteකොම හරි කමක් නෑ පූසට වද දුන්නනේ.
//"සැන්ඩි... පුසාට කල දැඩි සත්කාරය හේතුවෙන් ඔබට සුදු බෝල බබාලා ලැබෙන්න පතමි ....!"//
බෝල බබාලා. කිවම මොනවගේ බෝල බබාලාද? පුට් බෝල, ටෙනිස් බෝල, අනේ කියහන්කෝ බන්.....!
රගර් බෝල වෙන්න ඇති...
Deleteඔය පැන්ඩා කලොත් කරන්නේ ඔහොම ප්‍රාර්ථනාවක් නේ... චෙක්
සතෙකුට ජීවිතේ දුන්න එක ලොකු පිනක්.. තමුන් වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැති අසරන සත්තු ගැන හිතන්න තරම් ඔබ සංවේදී වීම සතුටක්..
ReplyDeleteඒ වෙලාවේ සතුට දැනුනේ ඌට උගේ අම්ම හම්බ වෙලා ඉන්න එකටත් වඩා, ඌව බලාගන්න වගකීමෙන් නිදහස් වෙච්ච එකට වෙන්න ඇති. මේක මගේ අවංක අදහස... ඒත් දැන් සතුටු වෙන්නේ ඔයා කියන දේ හිතල...
Deleteහි.. හි... ඔය වගේ පරිප්පුවක් ආයෙත් මම කෑවා... හැබැයි වෙනස් විදියට. පස්සේ ලියන්නම්
නියම යාලුවෙක්.
ReplyDeleteදැන් සුදු බෝල බබාලා ඉන්නවද?
දැන් එහෙනම් ප්‍රාර්ථනාව ඉශ්ට වෙලා ඇති නේ...
ReplyDeleteමන් නම් ආස බලු පැටවුන්ට :P
ReplyDeleteකාරුණික නිවේදනයයි: මගේ පැතුම ඉටුවී ඇත.... ආයෙත් ඇහුවොත්, ගෙනත් දානවා ගෙදරටම පූස් පැටව් තොගයක්ම !!!!! ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.....
ReplyDelete:)
ReplyDelete:)) thanks
DeleteOnna Henry aiyage blog eke mata deela thibba reply eke track eke thamaa mehaata aawe.. Eddima poos kathaawak.. Mehe hitiya balaliyak matath wadaa wayasayi.. Oo mehaata awith thibbe mama ipadennath kalin kiyala hamoma kiwwe. Kohoma hari 2008 eyaa maruna. E dawas wala nam mata maara upset.. Anthima dawas wala nidaagaththeth mage meseta thiyala thibba putu deken ekaka..
ReplyDeleteදැන් පාඩම් කරනවා කියල නේද ටෝක් එක දීල තිබ්බේ... අනේ මේ... ගිහින් පාඩමක් කරගන්නවද... මගේ පොස්ට් එහෙම කියෝලා පස්සේ මොලේ කොලොප්පම් වෙලා විභාගේ ඇනගත්තා කියල එහෙම කොහේ හරි ලිව්වොත්... අඟහරුවාදා නෙවෙයි සෙනසුරාදා තමයි!
Deleteඋපේක්ෂාගේ තියෙන්නේ ඇඟට් නොදැණී ලියන ස්ටයිල් එකක්. කියවලා ඉවර වෙනකම් තේරෙන්නේ නැහැ. නියමයි සැන්ඩි!!!
ReplyDeleteස්තුති අප්පා... කියෝලා ඉවර උනත් තේරෙන්නේ නැහැ කිව්වේ.... මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියලද? එහෙනම් මම ප්‍රබුද්ධ කෙනෙක්ද? ෂා !! හි... හි...
Deleteහොද වැඩක් කරල තියෙන්නෙ.ඉතින් මමත් පතනව අරක ඉටුවෙන්න කියල.( අර බොල එක )
ReplyDeleteඔන්න ඉතින් මගේ පූස් පින අන්තිමට පවක් වෙන්නයි හදන්නේ..... ගර්ර්..........
Deleteඋපේක්ෂා ... උඹේ කොමෙන්ට්ස් ඔක්කොම තියෙනවා මචෝ මගේ එකේ දාපු . කොමෙන්ට් 200 පැන්නම පෙන්නේ නැතිව යනවා , පහල තියෙන Load More එක click කලාම තමා පෙන්නේ . කොහෙද උඹලට පණිවිඩ දෙන්න mail address එකක්වත් දන්න එකක් යැයි... පුළුවන් නම් මෙලක් දාපන් prageeth99236@gmail.com එකට
ReplyDeleteඅනේ අම්මප ඉවාන් චේ..... මම දැම්ම දැම්ම... කෝ එකක්වත් නැති හින්ද අන්තිමට අතෑරලා දැම්ම වැඩේ... හෙහ්.. මගේ එකම කමෙන්ට් එක එහෙනම් ඇති දහ දොළොස් තැනක! හෙහ්... මම හිතුව මගේ අවුලක් කියල.... ෂරි ෂරි.... කොහෙද උපන් තේකට කොමෙන්ට්ස් 200 පැනල තියෙන එකක්යැ! ගොඩයට මැජික් වගේ...
Deleteඋපේක්ස්හගේ comment එකක් දිගේ පාර හොයාගෙන ආවේ..ලිවිල්ල පට්ට රසයි..පරණ ටිකත් හිමිට කියවන්නම්..ඉස්සරහට ලියන ඒවා බලන්න ෆ්ලොව්ත් කළා..
ReplyDeleteපූසො ගැන කියනවා නම් මට උන් ඇලජික්..මට වඩා මගේ බවුවන්ට..කෑගැහිල්ල තමා එපාම වෙන්නේ..බවුවෝ වෙනුවෙන් නම් ඕන එකක්
එහෙනම් ජයවේවා
සාදරයෙන් පිළිගන්නවා !!
Deleteමමත් වැඩිපුර ආස බල්ලන්ට. ඒත් ඔය දෙකෙන් එකක්වත් ගෙදරදී හදන්නේ නැහැ. බලාගන්න ප්‍රශ්නේ නිසා. ගල් - මල් දෙකම පිළිගන්නවා මම... ඒ හින්ද නරක දෙයක් නම් හොම්බට දෙකක් ඇනල ගියාට අවුලක් නැහැ...හි.. හි..
මේක කියවද්දී මට තනියම හිනා!
ReplyDeleteපොඩි කාලේදී මමත් පැන්ඩා වගේ by proxy පුස් rescue එකක් කරා. :D
කාණුවේ වැටෙන්න ගිය පූස් පැටියෙක් දැකලා හූ තියාගෙන ගෙදර දුවල වැඩට හිටිය එක්කෙනාට කියල ඌව උස්සල යන්ඩ ඇරියා. ඒ දවස්වල මම පූස් පැටවුන් ට ආස උනාට අල්ලන්න බයයි උං ගේ නියපොතු නිසා. මොනවා නැතත් ඉතින් උඩ පැනලා බෙරිහන් දෙන්න නම් පුළුවනි මටත් ඔය පැන්ඩා වගේ!
හිනා? අනේ අනේ.... හිනා වෙලා හරියනවද?
Deleteඔයත් එහෙනම් අච්චුවේ... මොන මර ලතෝනියක් හරි දීල මට කියල වැඩේ කරෝගන්නවා. ඊට පස්සේ ලකුණු එයාට! හුහ්... මට ඒ කාලේ තිබ්බ ජාතික ප්‍රශ්නයක්.. ඒකිගෙන් බේරිලා බෝඩිමට ආව, මෙන්න එතනත් ඒ ජාතියේ පැන්ඩෙක් !! කරපු පින් පව් අනුවනේ ලැබෙන්නේ...
ස්තුති ආවට, කොමෙන්ටුවට