ජිවිතේ කවදාහරි දවසක, ආපහු හැරිලා බලනකොට.. සමහර කරපු කියපු දේවල් ගැන , හිතපු -දරපු මත ගැන පසුතැවිලි වෙලා තියෙනවද? ඊට වඩා වෙනස් ආකල්ප, ප්‍රතිචාරයක් දෙන්න පුළුවන්කම තිබ්බ නේද කියල හිතිලා තියෙනවද?
මම මෙහෙම කියන්නේ, ජිවිතේ සැන්දෑ කාලය ගෙවන අයට කියල හිතනවා නම් වැරදියි... මම මේ කියන්නේ වයසින් තාමත් විශ්‍රාමික දශකයටවත් පාතබල නැති අය ගැන.. කොටින්ම තරුණ අයට..
මොකටද එහෙම හිතන්නේ?
මොකටද එහෙම නොහිතන්නේ?
ගිය දේ ගියා, තියෙන්නේ ඊළඟට මොකද කරන්නේ කියලයි... මුල ප්‍රශ්නෙත් අහන ගමන් ඊළඟට එන සාධාරණීකරණ උත්තරේ ඒක තමයි.. එහෙම තමයි පොසිටිව් තින්කින් කියන්නේ... ඇත්තටම ඒක එහෙමද? ඒකද පොසිටිව් තින්කින් කියන්නේ?
දෙවනියට කියපු විදියට හිතුවොත්... අපි එහෙම පරණ දේවල් හිතල, හැදෙන්න බලන්න ඕනේ.. ආයෙත් ඒ වගේ සිටුවේෂන් එකකදී වෙනස් තීරණයක් ගන්න.. ඔව් එහෙම හිතන එක වැරදිද?
වැඩේ කියන්නේ.. මට එකම වෙලාවේ, සමාන්තරව ඔය දෙකම හිතෙන එකයි... ඒක වදයක්!
පොඩි කාලේ මම සමහර සිද්ධි වලදී හිතපු විදිය මම මේ ලඟක් වෙනකල් හිතල තිබ්බේ නැහැ. යම් ලොකු හේතුවක් හින්ද, ඒ හැමදේම මම විශ්ලේෂණයට පටන් ගන්නකොට... මට හිතුන.. මම පොඩි කාලේ පුදුම 'පොරක්' නේ කියල!! මම අදහස් කලේ විශිෂ්ට ගතිගුණ තිබ්බ කියල නෙවෙයි... මම අදහස් කලේ මම දැන් දරන ආකල්ප වලට වඩා වෙනස් ආකල්ප මට තිබ්බ කියලයි. කොහොමත් අපි වෙනස් වෙමින් ඉන්න පුද්ගලයෝ මිසක් සදාකාලික සිතුවිලි ඇති ය නෙවෙයි. ඕක අපි පිළිගත්තේ නැතත්, ඇත්ත..
හැබැයි, මගේ හැරවුම් ලක්ෂ්‍යයට එනකල්, මම හිතපු දරපු මතයන් වලින් මම සතුටින් හිටියා, ඇත්තටම මිට වඩා...
ඒත් , මම ඉස්සර කරපු සමහර දේවල් ගැන පසුතැවෙනවා... හැබැයි හොටු පෙරාගෙන අඬල නෙවෙයි.. හිත ඇතුලෙන් හෙමිට එන සද්දයක් 'ටොක් ටොක් ' ගාල තට්ටු කරලා කියනවා 'උපේක්ෂා... ඇයි එහෙම කලේ?' කියල . ඒ හර්ද සාක්ෂියද? නැහැ, උගේ සද්දේ මිට වඩා වෙනස්, සද්දේ වැඩියි.. මම ඌ සද්දෙන්ම අදුරනවා.. මේ වෙනස් කෙනෙක්.
මට දැන් දෙන්න උත්තරයක් නැහැ, මොකද මට එහෙම කරන්න සාධාරණ හේතු ඉස්සරට වඩා පේනවා. නමුත්, මම පසුතැවෙනවා මම ඇයි වෙනස් දෙයක් නොකළේ කියල... සාධාරණිකරණය කළා කියල, උත්තරේ සාධාරණ වෙන්නේ නැහැ නේ?
මම සමහර ජොබ්ස් දාල ඇවිත් තියෙනවා එක මොහොතින්! ඔව්.. තනියෙන් හිතල ගත්තු තීරණ.. හැබැයි මට ඒ දවස්වල ඉල්ලන පමාවෙන් තවත් ජොබ් එකක් ලැබෙනවා. මම දන්නවා දැන් එහෙම නෙවෙයි කියල, මොකද ඉන්ඩසට්‍රි එක දැන් වෙනස්.. ඒ හින්ද මගේ ආකල්ප මිසක් වෙනස් කරගතයුතු වෙන දෙයක් මට පෙනුනේ නැහැ.. හැබැයි එහෙම කියල මගේ ප්‍රතිපත්ති වෙනස් වෙලා නම් නැහැ... ඕක වෙන්න ඇති මට රාජ්‍ය සේවය හරි යන්නේ නැත්තේ.. අපේ අම්මත්, අප්පච්චිත් දෙන්නම රාජ්‍ය සේවකයෝ උනත් ( අප්පච්චි නම් පස්සේ ඒකෙන් අයින් උනා- හේතුව මම වගේ හිතන හින්දද දන්නෙත් නැහැ.. හි.. හි... ) මට ඒක අල්ලන්නෙම නැහැ...
පසුතැවිලි වෙන එක ක්ලේශයක් කියල දන්නා හින්ද - මම අඩුවෙන්මයි ඕක කරන්නේ... ඒත් මට බ්ලොග් ලියාගෙන යනකොට, තුනපහ මදිවෙනකොට මට ආයෙත් මතක් වෙනවා සමහර ඒ වගේ දේවල්
1. ඇයි මම චිත්‍ර අඳින එක නතර කලේ?
2. ඇයි මම නවකතා ලියන එක නතර කලේ?
3. ඇයි මම දේශපාලයන , විචාරය නතර කලේ?
4. ඇයි මම ස්පෝර්ට් එකක් කරන එක නතර කලේ?
5. හැමදේටමත් වඩා - ඇයි මම ධර්මය (බුද්ධ ධර්මය) කියවන එක නතර කලේ?
ඔව්.. මම මේ හැමදෙයක්ම කළා.. වෙන වෙනම නෙවෙයි, ඉස්කෝලේ යන කාලෙම.. ඉගෙන ගන්න ගමන්ම. මම දැන් පොරක් කියල ඔයාල හිතන්න එපා. මට හිතෙන්නේ ඕක සාමාන්‍යයි. එහෙම අය ඕනේ තරම් මට කැම්පස් එකේදී හම්බෙලා තියෙනවත්...
සමහර වෙලාවට ඒවා එහෙම නතර වෙන්නේ, අපි කපාගත්ත පාරේ යනකොට, අපිට තෝරාගන්න වෙනවා අපි ගෙනියන මල්ලට දාගන්න ඕනේ අත්‍යවශ්‍ය දේවල් මොනවද කියල... සමහර පුරුදු අපිට දිගටම ගෙනියන්න බැහැ ... මට ඒ උනාට මගේ මම මේ සඳහන් කරපු පුරුදු නම්, මට හිතෙන්නේ ඒ මලු වල බරක් එකතුවෙන කරුණු නෙවෙයි කියල... ඔව්.. ඒක පචයක්.. ඒ පුරුදු මට තියාගන්න තිබ්බ අද වෙනකල්
මොකද, මම ඒවා නැතිවෙලා හොයනකොට.. ගොඩක් වෙලාවට ඒවා ලැබෙනවා, ඒත් මලකඩ කාල. අපරාදේ.. විසිකරන්නේ නැහැ.. මම කරන්නේ පරිස්සමෙන් අතගාල ආයෙත් හමස්පෙට්ටියට දාල වහනවා. මොකද ඒවා හිටපු තැන ඉඳල ඉස්සරහට ගෙනියන්න දැන් හැකියාවක් නැහැ.
3 වෙනි එක ගැන නම් මම අද උදේ හිතුන - වෙලාවට..... දැන් ලියන්න එපාම එපා කරපු දෙයක් තමයි.. එක්කෝ ඒ හැකියාව නැතිවෙලාම ගියදෙන්!
උඩ ලිස්ට් කරපු කරුණු වලට වඩා.. මම පසුතැවෙන දෙයක් ගැන තමයි ඇත්තටම ලියන්න හිතුවේ..
මගේ සමහර පරණ යාළුවො ඇයි මම නැතිකරගත්තේ?
එක එකා වෙන වෙනම ගත්තම වෙන වෙන හේතු තිබුනත්, එකට ගත්තම පොදු දෙයක් කියන්නද? මට මගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් ඕනේ කලාම මම කලේ, මගේ ඒ යාලුවෝ ටික හලලා දාපු එකයි! ඔව්!!!!
යාලුවෝ වෙනස් කරපු ගමන්, මගේ ජිවිතේ වෙනස් උනා... එහෙම වෙන්න පුළුවන්ද ? ඔව් පුළුවන්... උත්සහ කරලා බලනවද? එපා... හිතල බලල මිසක් කීයටවත් කරන්න එපා..

//යාලුවෝ වෙනස් කරපු ගමන්, මගේ ජිවිතේ වෙනස් උනා... එහෙම වෙන්න පුළුවන්ද ? ඔව් පුළුවන්... උත්සහ කරලා බලනවද? //
ReplyDeleteඔවු .උත්සහ කරා .සාර්ථකයි .යාලුවෝ එක්කම ආදරේ කරපු නුවරත් දාල කොලබ ආවේ වැටිලා තිබුනේ ජීවිතේ හදාගන්න .නරකක් උනේ නෑ .
අතීතේ ගත්ත තීරණ ගැන දුක්වෙන්න ඕනේ නෑ .සමහර තීරණ හරි මෝඩයි .සමහර ඒවා හරි බොළදයි .ඉදලා හිටලා හොද තීරණ ගත්තා .දවසින් දවස වෙනස් වෙනකොට අලුත් අලුත් තීරණ ගන්නකොට ජීවත් වෙනවා කියලා දැනෙනවා .අනේ මන්දා
ඔව් ලකී..
Deleteසමහර වෙලාවට ඕක හොඳට වගේම නරකටත් හිටින්න පුළුවන්. හැබැයි වෙනසක් ඕනේ නම්, කරලා බලන්න, ඔයාටත් හරිගියා නේ? මටත් වෙනසක් කරන්න ඕනේ වෙලා තිබ්බ හින්ද ඒ ක්‍රමේ වැඩකරා...
යමක් අහන්නද? අවුලක් නැත්තම් අවංක උත්තරයක් දෙන්න..
එහෙම වෙනසක් කරන්න, ඒ වටපිටාව දාල එන්න/වෙනස් කරන්න ඕනේ කියල ඔයාටම හිතුනද? කවුරුහරි කිව්වද/උපදෙසක් දුන්නද?
ඕ යස් , ඒක මගේ තීරණයක්. 100 %ක් ලකියාගේ නිෂ්පාදනයක් . සමහර දේවල් එක්ක ඒ පරිසරය එපා වෙනකොට, ඒ ජීවන රටාව එපා වෙනකොට වෙනසක් කරන්න හිතුනා.අලුත් ජිවිතයක් හොයාගෙන නුවර දාල කොලබ ආවා.මගේ ජිවිතේ මන් ගත්ත හොදම තීරණේ ඒක.
Deleteඅනේ මන්ද :(
ReplyDeleteමොකෝ දුකෙන්? දුක් වෙන්න දෙයක් මම කිව්වද?
Delete