Sunday, June 22, 2014

51. පිරිමි ගොඩයි.. මම (විතරයි?)

කෙල්ලනේ....
කොල්ලෝ ගැන උනන්දු නැති කෙල්ලෝ ඉන්නවද?

මට කියන්න එපා මේකට උත්තරේ.. පොඩි කොළ කෑල්ලක ලියල ගඟට විසි කරන්න. මට කොහොමත් මේකට අවංක උත්තරයක් හරියට ගන්න බැරි බව මම දන්නවා, මගේ සිරා ෆිට් කෙල්ලෙක්ගෙන් ඇරෙන්න.. මොකද  කියන්නේ බොරු! අන්තිමට බැලුවම, පොඩි පොඩි වෙරියේෂන්ස් තිබ්බත් එකම උත්තරේ තමයි ඔක්කොම දීල තියෙන්නේ

" එහෙම කෙල්ලෝ නැහැ අය්යෝ.. මොන වැල් බයිලයක් කියනවද?"

ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ කොල්ලොන්ගේ ඒ ගැන තියෙන උනන්දුව ඉස්මතු වෙලා පෙන එක විතරයි. හා නැද්ද? තමන් උනන්දු කොල්ලගෙන් යාලුවෙන්න කෙලින්ම අහන කෙල්ලෙක් ගැන ඇහුනොත් කටත් බලියාගෙන
'හෑ ...... ඒ කෙල්ල ඇහුව?... නෑ .................."



ඔය වගේ උත්තර තාමත් මම හිතන්නේ අපිට තියෙනවා. ඉස්සර, මගේ ඉස්කෝලේ කාලේ නම් එහෙම කෙල්ලෝ අමුතු සත්තු ජාතියක් වගේ තමයි හැමෝම හිතුවේ. ( එක්කෝ මටත් හිතුනේ..) දැන් මට හිතෙනවා, තමන්ගේ අදහස වැනි වැනි ඉන්නේ නැතුව කෙලින්ම කියන එක ජෙන්ඩර් එකත් එක්ක අමුණන එක වැරදි කියල. එක්කෝ අපි 'පිරිමිකම' ගැන කියනකොට ඒ ලැයිස්තුවේ ඒක ගෙන කරන මල කෝලම හින්ද, අපිට ඒක පිරිමි ගතියක් වගෙත් දැනෙනවා ඇති. අපි කිව්වට මමත් ඇතුළුව..
"අහනවකෝ අයිසේ ඒකිගෙන්, පිරිමියෙක් වගේ"
අන්න අපි එහෙමත් දෙබසක් හදාගෙන ඉන්නවා, නැද්ද?

කතා  කීපයක්ම තියෙනවා මට කියන්න, දිග වැඩිනම් මතුසම්බන්ධ කරනවා හරී? තරහ අවසර!

මගේ යහළුවන් (ගෑනු /පිරිමි දෙකම) ගත්තහම, ඉන්නවා එක එක ජාතියේ උන්... මම යාළුවන් හදාගන්නකොට එතරම් පරිස්සම් නැති හින්ද වෙන්න ඇති, එත් යාලුවෝ මේන්ටේන් කරනකොට මගේම තියරියක් තියෙනවා. කෙල්ලෝ ගැන කිව්වොත්.. සමහරු බඳින්න හොයනවා මම දන්නා කාලේ ඉඳං... දුක කියන්නේ තාමත් නැහැ යමක් සිද්ද වෙලා... දැන් ඉතින් උඩ  පැනගෙන මෙතක කොමෙන්ටු දානවා නෙවෙයි උන්ගේ ලිස්ට් එක ඉල්ලලා.. එව්වට අර පත්තර වල මංගල දැන්වීම් බලාපල්ලා! මට කියන්න ඕනේ කලේ , කාරණේ මේකයි...

පෙනුමෙන්, උගත්කමෙන්, වයසෙන්, පවුල් පසුබිමෙන් කිසිම අවුලක් නැති උනත්, මුන්ට මගුල් නෑනේ බොලේ!!

මම මොකට මෙව්වා ගැන ලතවෙනවද එක අතකට නේද? ලතැවෙන්නේ නැතුව කොහොමද, මුන් මගේ යාළුවො වෙච්චි, මුන්ට මගුලක් නැති එකේ කන්දොස්කිරියාව මම එපෑ විඳවන්න!!! අනිත් එක යාලු ෆිට් එකට ඉන්න උන්, එකක් ගොඩ ගියපු ගමන් මට ඉතින් වෙඩින් මගුල කිව්වම මටත් බැරිය හැටට හැටේ ඇඳගෙන ගිහින් ඩාන්ස් ෆ්ලෝ එක 'රොක්' කරලා, ඇවිත් ඉන්න උන්වත් පුළුවන් නම් 'හොක්' කරලා එන්න නැද්ද?

මම කරා නිහඬ සමීක්ෂණයක්
මෙන්න ප්‍රතිපල (කොටසක් )



  • කෙල්ලෝ දැන් ඉස්සරට වඩා දේවල් කසාදෙකින් බලාපොරොත්තු වෙනවා  - මම කියන්නේ ජොබ් එක, පවුල වගේ දේවල්  බැලුවා වෙන්න ඇති. දැන් සමාජයේ හැසිරීම, සමහරවිට විනෝදයට බරද, නැද්ද කියන එක වගේ දේවල් ඊට වඩා ඉදිරියෙන් වගෙයි පේන්නේ 
  • සමහර කෙල්ලෝ තමන්ගේ ප්‍රථම ප්‍රේමයේ තාමත් අතරමං වෙලා - උන්ට ඒක කරන්නත් බැහැ , ඒත් හුල්ල හූල්ල ඉන්නවා..
  • සමාජ වෙබ් අඩවි වලින් ඉන්ස්ටන්ට් රිලේෂන්ශිප් වලට ඇබ්බැහි වෙලා හින්ද, කසාදයක් ගැන වැඩි බරපතලක් නැහැ - බරපතල දැනෙනකොට බොලේ වයස ගිහිං 
  • කෙල්ලෝ ඉස්සරට වගේ ඉවසිලිවන්ත නැහැ - පොඩ්ඩ ඇත්තම් පට පට ගාල පුපුරනවා... කොල්ලෝ එහෙම කෙල්ලෝ කසාද බදින්න සූදානම් නැහැ, සමහරවිට සම්බන්දෙ කැඩෙනවා 
  • සමහර කෙල්ලෝ තාමත් ඉන්නේ කෝපි කාලේ - ටැබූ වලින් හදාගත්ත බලකොටු ඇතුලට මැස්සෙක්වත් යන්නේ නැහැ. උන් දොරවල් අරිනේ පට්ට නාකි වෙලා. එතකොට එක කොල්ලෙක්වත් ඉතුරුවෙලා නැහැ 



තව තියෙනවා...  බලමු කට්ටිය කොතරම් ඒවාට ලඟින් යන ඒවාවත් කියයිද කියල... කුණුහරප කියාගෙන නම් එන්න එපා... මේක සංවාදයක් මිසක්, වලං කඩයක් නෙවෙයි, ගොන්නුන්ට පැනල කුඩු කරන්න.... කිසිම පුද්ගලික ජජ්මන්ට් එකක් 'මම' කරන්නේ නැහැ... මම කොහොමත් එහෙම කරන්නේ නැහැ.... මොකද සමහර වෙලාවට අපි අපේ  ආකල්පයක්,අදහසක් ගැන කිව්වම සමහරු වලිගෙන් අල්ලාගෙන ජජ්මෙන්ටල් විදියට අපිව මොකක් හරි අවුලක් අපිට ඇති කියල වර්ග කරනවා.... එතකොට වෙන්නේ  ,පුද්ගලිකත්වය ඉස්මතු වෙන එකයි...

ඉන්න බලන්න  මොනවද කියන්න තියෙන්නේ කියල !

34 comments:

  1. ඔන්න ඉස්සෙල්ලම මට එක ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් කරන්නට පෙර ඒ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි.කුණුහරප කියල ඔබ නිර්වචනය කරන්නෙ කොහොම ඒවාද?

    ReplyDelete
    Replies
    1. කුණුහරප කියන්නේ කුණු-හරප ( කැත අර්ථයක් දෙන පද) වෙන කෙනෙක් අපහසුතාවයට පත් කරන්න, ගොඩක් වෙලාවට සෙක්ස් වගේ දෙයක් කලවම් කරලා හරි, සමාජයෙන් බහුතර වශයෙන් පිළිකුලට බදුන්වෙන වචන භාවිතා කලහම.. මම හිතනවා ඒක කුණුහරපයක් කියල... ඔය එක්ස් කණ්ඩායමේ උදවියට එහෙම එව්වා නැහැ... මට තියෙනවා.. ඒ හින්ද මම ලියන බ්ලොග් එකටත් තියෙයි..

      Delete
    2. මේ බ්ලොගේ කවුරුත් ඇවිත් කුණුහරප ලියල තියෙනව මම දැකල නැහැ.ඉස්සෙල්ල ඇහුවෙ ඒකයි.

      Delete
  2. //ටැබූ වලින් හදාගත්ත බලකොටු ඇතුලට මැස්සෙක්වත් යන්නේ නැහැ. උන් දොරවල් අරිනේ පට්ට නාකි වෙලා. ///

    මේකනං ටක්කෙටම හරි..කතා දෙකක් නෑ. සමහරක් දොරවල් අරින්ට සරනේරු වලට ග්‍රීස් ගහන්ට වෙනවා.

    ReplyDelete
    Replies
    1. ග්‍රීස් ගාල අරින්න වෙන වෙලාවට... මම හිතන්නේ ඉතින් එකපාරටම බැහැ නේ... දෙතුන් පාරක් කරකවල එහෙම ගන්න වෙනවා.. අනේ මන්ද... ඔන්න මම මුකුත් කිව්වෙත් නෑ ... ලිව්වෙත් නෑ ...

      Delete
  3. හික්... මේක පරණ කතාවක්...

    කොල්ලෙක් යාලුවෙක් එක්ක ඇවිත් මගෙන් යාලුවෙන්න ඇහුවා.. මං බල බල හිටියෙ ඒ ආපු යාලුවා දිහා... ඉතිං මං කිව්ව අනේ අයියෙ මං කැමති උනේ ඔයාටනෙ කියල.. දෙන්න එක්ක ඔලුව පාත් කරගෙන ගියා.. මං ඉතිං ඊට පස්සෙ මගේ යාලුවෙක් එක්ක ගිහින් ඒ කොල්ලගෙ හිත හදල ආවා මොකද ඌ හිටියෙ විබාගෙ කටේ හින්ද... මෙන්න ඊළඟ සතියෙ ‌පොඩි එකෙක් අතේ මට ලියුමක් එවනවා අර මං කැමතියි කිව්ව කොල්ල.. හි හි... ( අද ඉතිං එයා මගෙ හබිය වෙච්ච එක වෙනම කතාවක්... වෙලාවකට කෙල්ලන්ට තියෙන ගට කොල්ලන්ගෙ පැත්ත පලාතක නෑ අප්පා... )

    මට ‌තේරෙන විදියට නං වෙලා තියෙන්නෙ කොල්ලන්ට කෙල්ලන්ට හැම එකාටම තියෙන ගෝල් ප්‍රමාණය වැඩි වීම... ඉගෙන ගැනිල්ල.. රාස්සාවල් හොයා ගැනිල්ල... දෑවැද්ද හදා ගැනිල්ල.. ගෙවල් දොරවල් හදා ගනිල්ල.. අපේ රටේ හැටියට ඔය ඔක්කොම කරගෙන එපැයි කසාදෙ කරගන්න..

    කසාදෙ කරගත්ත ගමන් කෙල්ලන්ගෙ ජීවිතේ ගේ ඇතුලෙ හිර වෙනව.. කොල්ලො කසාදෙ ඇතුලෙ හිරවෙනව.. ඇයි ඉතිං බැන්ද දවසෙ ඉදන් ළමයි හදන්න වෙනව ( ඊටත් කලින්ම ළමයව ඉස්කෝලෙ දාගන්න ඕනෙ ඒවා හදාගන්න වෙනව... ) ... ඉතිං රිලේෂන්ෂිප් ආත්ම ගානක් ඇදගෙන යන්න වෙනව.. එතකොට ඔක්කොම හදාගත්තට, ඒ වෙනකොට කෙල වෙලා බාගෙට බාගෙකට වැඩිය....

    ReplyDelete
    Replies
    1. යාලුවා වෙනුවෙන් ඇවිල්ලා කත් කරන්න ගට තිබුනාට, තමන් වෙනුවෙන් වෙන එකෙක්ව එවන්න වුණා නේද?

      Delete
    2. කියලා වැඩක් නෑ කකා... හි හි...

      Delete
    3. ගෝල් ප්‍රමාණය වැඩි වීම - එකඟ නැහැ.. මම දැකල තියෙන කොමන් දෙයක් කියන්නද? දැන් ඉන්න තරුණ ගොඩක් අයට හීන තියෙනවා, එතනට යන්න ප්ලෑන් එකක් නැහැ. පඩිය 15,000 නම් ෆෝන් එක 75,000යි, ෆෝන් බිල් එක මාසෙට 10,000. ගෝල් තියෙන්න ඕනේ තමන්ගේ ප්‍රමානෙට. නැද්ද? ඔයා කියන ඔය ලිස්ට් එක මට හිතෙන්නේ සර්වකාලීනව අපේ රටේ තියෙන ලිස්ට් එකක්. අපේ දෙමවුපියොත් මුණදීපු අභියෝග නෙවෙයිද?

      හිරවිල්ල ගැන - එකඟ නැහැ...ඉස්සර වගේ කෙල්ලෝ ගේ මුල්ලට කරලා තියන්න බැහැ . උගත් නුගත් ඕනේ කෙල්ලෙක් තමන්ට ඕනේ විදියට ජිවත් වෙන්න බය නැහැ. මේ හින්ද ගොඩක් විවාහක පිරිමින්ට තමන්ගේ බිරිඳ ඉස්සර වගේ යටකරගෙන ඉන්න බැහැ , නොකරනවා නෙවෙයි.. ඉස්සරට වඩා විවාහක ගැහැණු තමන්ගේ නිදහස හොයන් යනවා, බයක් නැතුවම.
      පිරිමිත් ඒ වගේ, හිරවෙන්නේ බොහොම ටිකයි. මම කියන්නේ වපසරියේ.
      ළමයි හදන එක ගැන නම්, ඉස්සරට වඩා ඒකත් තනි , සෘජු තීරණ වලට යනවා. ලෝකෙට බයෙන් ළමයි හදන එක සහ ළමයි වෙනුවෙන් ඩ්‍රාමා එකක් කරන එකත් ඉස්සරට වඩා තනි තීරණ වලට යන අය මට ගොඩාක් හම්බ වෙලා තියෙනවා. ඇත්තම කියනවා නම් ගොඩක් අය මයිග්‍රෙට් කරන්නම ජිවිතේ ප්ලැන් කරපු අය

      Delete
  4. හහ් හහ්.. අපි අහුවෙයි ....

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. අහුවෙලා අහුවෙලා....

      කියන්න තමයි අකමැති නේද? අව්ලක් නැහැ...

      Delete
  5. //සමහර කෙල්ලෝ තමන්ගේ ප්‍රථම ප්‍රේමයේ තාමත් අතරමං වෙලා - උන්ට ඒක කරන්නත් බැහැ , ඒත් හුල්ල හූල්ල ඉන්නවා..// ඕක තමා ඇත්තම කතාව.. වෙලා තියෙන්නේ මේකයි පළමු පෙම අත ඇරියාම සමාජයෙන් අහන්න වෙන අපවාද වලටයි ගෙදරටයි බයේ ඉන්නවා.. අපි සංස්කෘතිය අස්සේ කොටු වෙලා ඉන්නේ.. ඕකයි සීන් එක..

    ReplyDelete
    Replies
    1. ඔව්.. සීරියස් වැඩක් ඒක ..

      මම දන්නා ඉතාම ලස්සන ගෑණුළමයෙක් ඉන්නවා. ඇගේ ප්‍රථම ප්‍රේමය පාසල් ප්‍රේමයක්. අවුරුදු මම හිතන්නේ අටක්වත් වෙන්න ඇති, කැඩෙනවා, ආයෙත් යාළුවෙනවා. මෙයාගේ දෙමවුපියෝ දෙන්නත් අකාලයේ හදිස්සියේ මියගියා. අය්යත් කසාද බැඳලා. අර කොල්ලා විනෝදෙන් ඉන්න තමයි කැමති. මේ ගෑනු ළමය මම දැකල තියෙන 'නියම' හැදියාවක් තියෙන කෙල්ලෙක්. ඔහොම අවුරුදු ගානක් ගිහිං , මෙයාගේ උනන්දුවටම බදින්න නැකත් බැලෙව්වා (ගැලපෙන්නේත් නැහැ කිව්වා) , ඇඳුම් හදවන්න බැලුව.. (කොල්ලගේ ගෙදර අය මේ කෙල්ලට හරි කැමතියි) , ඒත් අන්තිමට උනේ, කොල්ලගේ තියෙන නරක ගතිය හින්ද... අන්තිමට මෙයා හිත හදාගෙන නතර කළා.
      දැන් අවුරුදු 30ත් පැනල... අපරාදේ.. කලින් තේරුම් අරන් හිටියා නම්?

      Delete
  6. අන්න හරි කතාව ඇත්ත. වැඩේ කියන්නේ ඔයාට කොටසක් අතැරිලා. කෙල්ලත් කැමති කොල්ලත් කැමති වුණාට අම්මලා බකට් අදින සීන් එක ඔයා හලලා දලා. අනික දැන් කොල්ලෝ හොයන්නේ කන්‍යාවියෝ නොවුනට අනික් කොල්ලෝ දිහා නොබලන කෙල්ලෝ කොටිනම කොල්ලෙක් දිහා බලලා ලස්සනයි කිවුවාත් හුටස්... අනේ මන්දා දැන් ඉන්න එවුන්ට හොද කසාද නෙමෙයි ලිවින්ටු ගේදර් තමයි. එත් අපේ උන්ට එකත් කොරන්න බැ. මාසෙට 30ක් තියාගනි එහෙම පුළුවන් වුණොත් ;) 

    ReplyDelete
    Replies
    1. ඔව් මට තව කොටස් ලියන්න තියෙනවා. ලියන්නම්

      මම දන්නා දෙන්නෙක් හිටිය ඔහොම ගෙදරින් අකමැති හින්ද ඉඳල ඉඳල වෙන් උනා. දැන් දෙන්නටම ගෙවල් දෙකෙන් වෙන වෙනම මගුල් හොයනවා. ඔහොම අවුරුදු ගානක් ගියා... දෙන්නටම හොඳ ය හොයාගන්න බැරි උනා.. අන්තිමට උන් දෙන්නට බඳින්න ගෙදරින් අවසර ලැබුන!! ලකී නේද? දැන් දෙන්නා පිආර් හදාගෙන ඔසී ගිහිං ... ලස්සනට ඉන්නවා
      ලිවින් ටුගෙදර් අපේ සමාජෙට සැර වැඩි.. මිනිස්සුන්ට දරාගන්න බැහැ ඒ වගේ දෙදරීම්..

      Delete
    2. හහා අපේ යුනි එකේ දෙන්නෙක් ගෙදරින් අකැමති උනාම කලේ \ඇනක්සියක් අරන් එකට ජීවත් උන එක. (හැබැයි කෙල්ලගෙ දෙමව්පියො බිස්නස් පස්සෙ දුවන, එයාව වැඩියෙ හොයා නොබලපු අය වීම විශේෂයි.) අන්තිමේ ඒක ගෙදරට ලීක් උනා, අවුට් උන ගමන් අර මුලදි බෑ කියපු අම්මල ටුක් ගාල වෙඩිම ගත්ත. බලද්දි ලිවින් ටුගෙදර් ලංකාවටත් ඕනෙ වෙන වෙලාවල් තියෙනව.

      ලිවින් ටුගෙදර් ගැන සිහින පර්යේෂණාත්මක, විශ්ලේෂනාත්මක මෙවුව එකක් ලිවුව නේද?

      Delete
    3. ඒ බස්සි කිව්වා කතාව නම් මසුරන් වටිනවා :D

      Delete
    4. මම හිටපු බෝඩිමක, මම හිටිය රූම් එකේ අල්ලපු එකේ හිටියේ ෆෝසස් වල හිටපු තරුණ ජෝඩුවක්. පස්සේ නොවැ දන්නේ මුන් දෙන්නත් ලිවින් ටුගෙදර් කියල. අපේ බෝඩිමේ අක්කගේ අනුදැනුමත් ඇතුව...හිනාකන වැඩේ කියන්නේ ගෙදරින් අකමැත්තකුත් නැහැ. ඔන්න ඉතින් වෙඩිම ගන්න ලං වෙනකොට මුන් දෙන්න බඩු තිබ්බ එව්වා අදින්න ගන්නකොට තමයි ජොලි, ගෙවල් දෙකෙන් දන්නේ නැහැ මුන් දෙන්න ඉන්නේ කොහෙද කියල. දෙන්න කලේ, වාර දෙකකට, ගෙවල් වෙන වෙනම ඇවිත් බඩු ගෙනියපු එකයි... මට නම් ඒ දවස්වල කොයිල් වගේ මේ සිද්දිය....

      Delete
  7. අපි කෙල්ලෝ පස්සේ ගිය කාලෙට වඩා දැන් තත්වය දියුණුයි කියා නම් කිව හැකියි!

    ReplyDelete
    Replies
    1. කාටද දියුණු?

      මට හිතෙන්නේ කොල්ලොන්ගේ පැත්තෙන් වෙන්න ඇති.. ඉස්සර බිත්තර තම්බන කාරනාවක්, දැන් එෆ්බි එකෙන් හරි, අඩුම තරමේ ටෙක්ස්ට් එකකින් ලේසියෙන් කරගන්න පුළුවන් හින්ද වෙන්න ඇති...

      මට පෙනෙන්නේ දියුණුවට වඩා , වටිනාකමේ අඩුවක් කියලයි හිතෙන්නේ. වේගය මරුවා කැඳවයි!

      Delete
    2. දියුණු නැතුව. දැන් ඇහැටවත් නොදැකපු උන් චැට් වලින් බහු සුරතාන්තයට පත් වෙන්නෙ. අනිවා ඉස්සරට වඩා පට්ටම දියුණුයි ඒ අතින් නම්.

      Delete
  8. අපේ ගස් හරක් හිතන්නෙ කෙල්ල මුලින් ආදරේ ප්‍රකාශ කලොත් ඒ කෙල්ල වල් කියලනෙ. එකෙක් හිතනවද ඒකිට එහෙම කරන්න කොන්ද පණ තිබුන නේද කියල.... අනික එහෙම එකෙක් එක්ක යාලු උනාම තමන්ට අනිත් උන්ගෙන් නෝණ්ඩි වෙන්න වෙයි කියල හිතනවනෙ. මන් දන්න ආන් එහෙම හරකෙක් ඉන්නව මුලින් බොරු සෝ දාල අවුරුදු දහයක් වෙලත් තාම හූල්ලන.

    //ටැබූ වලින් හදාගත්ත බලකොටු ඇතුලට මැස්සෙක්වත් යන්නේ නැහැ. උන් දොරවල් අරිනේ පට්ට නාකි වෙලා. //
    මේක සිරා කතාව බන්. එන්න එන්නම මෙහෙම උන් වැඩිවෙන්නෙ ඇයිද මන්දා... සමහරු හිතන්නෙ එහෙම උනාම පිළිගැනීම වැඩියි කියලනෙ.
    අපේ බැචෙක් ඉන්නව අපිටත් වඩා වැඩිමල් ඈ අවුරුදු දෙකක් ඉතර. තාමත් පොර පට්ට ආඩම්බරෙන් කියන්නෙ එයැයිගෙ පළුදු නැති චරිතෙ ගැන. පළුදු නෑ කියන්නෙ මචං කොල්ලෙක්ගෙ අතකින්වත් නෑල්ලීම, ලෙක්චර් එකකදි කොල්ලෙක් ළඟින් වාඩි උනොත් එක මල ඈඬියාවක් වීම වගේ එවුව. අනේ ඉතින් පැකින් නොකඩා ආපහු එවන ලදී කියන්න තමයි වෙන්නෙ අන්තිමේදි.

    අනික තමයි ගොඩක් උන් හිතන්නෙ ජීවිතේ සියලුම දේ ඇචීව් කරගත්තට පස්සෙ කසාද බඳින්නනෙ. ගෙවල් ගන්න, වාහන ගන්න, ප්‍රමෝෂන් ගන්න පට්ට ස්ට්‍රැටජික් ප්ලෑන් ගහනව. ඒත් කසාදෙට ප්ලෑනක් නෑ... කොල්ලො නම් මොකෙක් හරි පොඩි ඉටිකිරිස් කෑල්ලක් අල්ලගනී ප්‍රාඩෝ එකේ ගිහින් සල්ලි කොල ටිකක් පෙන්නල. ඒත් කෙල්ලො?

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සි.... ඕනෙවට වඩා කට්ට තද උනහම කවුද ඉතින් තට්ටු කරලවත් බලන්න හිතන්නේ?

      චරිතයක් පළුදු වෙන්නේ කොල්ලෙක් එක්ක එක ළඟ වාඩිවෙලා කියල දැන්නේ දන්නේ... චා චා... කලින් කියන්න එපෑ බස්සියෝ!!!! මම ලෙක්චර් වලදී වාඩිවෙන්නේම කොල්ලෝ ගාව. මොකද.. පෑන වැටුනත් අහුලලා දෙනවා, කුටු කුටු ගාන්නේ නැහැ.. එකම වැඩේ, උන්ට නින්ද ගියොත් ගොරෝනවා!

      අනිවා.... දාන්න පහක්! අන්තිමට ප්ලෑන් විතරයි, ලොම්බත් එක්ක පැහිලා.. ඒ උනාට හයිබ්‍රිඩ් වාහනද, සිරා ෆෝන්ද, බ්‍රැන්ඩඩ් වොචස්ද..... පිස්සු හැදෙයි සඳ බබළයි !!

      Delete
  9. මංඤං සහ හතර වරං...
    මං දන්නෙත් නෑ ලියන්නෙත් නෑ
    ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. පිළිගත්තෙත් නැහැ... ප්‍රතික්ෂේප කලෙත් නැහැ?

      Delete
  10. කෙල්ලක්ගෙන කෙලින්ම අහන්න ..??? පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි .. අපි ඉස්කෝලේ යන කාලේ නම් ජීවිතේට වෙන්නේ නැති වැඩක් ඕක. හැබැයි මම නම් කෙල්ලෝ තිහකගෙන් විතර ඇහුවා . හැබැයි අනික් එවුන්ට , වැඩේ තියෙන්නේ එහෙම ඇහුවම කෙල්ලෝ කියනවා , "අයියේ ඒ අයියට ඇවිත් අහන්න කියලා " ඉතින් මාමත් වැඩේ ගොඩ වගේ අරූව යැව්වම මේ නසරානි කෙල්ලෝ ටික ඌව බයිට් කරනවා , ඉතින් ඌ හිතන්නේ අපි උගුල් ඇටෙව්වා කියලා ....

    එක පාරක් නම් මගේ යාලුවෙකුට කෙල්ලෙක් ලියුමක් දුන්නා . පට්ට පටපට වුනේ ඊට පස්සේ , අපිට මේක මැජික් එකටත් වඩා ඉහල සීන් එකක්, ඔය ලියුම නොකියවපු එකෙක් නෑ මං හිතන්නේ . හැබැයි කෙල්ලට අයියෝ සංසාරේ ... අන්තිමට ඒකි ඉස්කෝලේ එන්නෙත් නැතුව හිටියා කාලයක්

    ReplyDelete
    Replies
    1. // මගේ යාලුවෙකුට කෙල්ලෙක් ලියුමක් දුන්නා . පට්ට පටපට වුනේ ඊට පස්සේ , අපිට මේක මැජික් එකටත් වඩා ඉහල සීන් එකක්, ඔය ලියුම නොකියවපු එකෙක් නෑ මං හිතන්නේ . හැබැයි කෙල්ලට අයියෝ සංසාරේ ... අන්තිමට ඒකි ඉස්කෝලේ එන්නෙත් නැතුව හිටියා කාලයක්//

      තොපි වගේ ගොන් යාලුවො සෙට් එකක් නිසා සෙට් වෙන්න ගිය එකම කෙල්ලත් නැතුව අවුරුදු එකොළහක් තිස්සෙ වේලි වේලි ඉන්න අපේ වයසෙ එකෙක් ඉන්නවා ඉවාන්. පව් ඒ මෝඩ කොල්ලා.

      Delete
    2. ගොන් යාළුවො කියන්නේ ... අප්පේ කියලා වැඩක් නෑ, අපේ එකාටත් එහෙම තමා වුනේ බං.

      Delete
    3. පෝලිමේ එන්න කියපල්ලා.... පස්ස පැත්තට වේවැල් පාරවල් දෙක ගානේ දෙන්න.... මැටි මෝල් හරක්! ( කොහෙද ඉතින් ඔය කාලෙට ඔව්ව තේරෙන්නේ නැහැ නේ... )

      අනිත් එක පාසල් ප්‍රේමයක් නම් මම විස්වාස කරන්නේ බොහොම පොඩ්ඩයි විවාහයෙන් කෙලවර වෙන්නේ. වේස්ට් ඔෆ් ටයිම්! හි.. හි... එහෙම වෙන්නේ පාසලෙන් පස්සේ ගොඩක් වෙලාවට දෙන්නා එකිනෙකාට වෙනස් අරමුණු වලට යොමුවෙන්න ඉඩ වැඩි, එතකොට රිලේෂන්ශිප් එක ඉරිතලනවා.. හරිම අඩුවෙන් එහෙම නොවෙන්නේ. අන්තිමට එක්කෝ ඒ දෙන්නා එකිනෙකාට රිචබල් නැති ඩෙස්ටිනේෂන් වලින් කෙලවර වෙලා.. ගෙනියන්න අමාරු ජිවිත දෙකක්. වෙන්වීමක් ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.

      Delete
  11. මන් දන්නා දෙයක් තමයි හොදම යාලුවෝ වෙලා ඉන්න දෙන්නෙක් ආදරේ කරත් දෙන්නට දෙන්න ආදරේ කියන්න බයයි .මොකද අන්තිමේට තියෙන යාලුකමත් නැතිවෙයි කියලා.ඉතින් ආදරේ හිත්වල හංගගෙන ඉන්නවා.
    තවත් සමහරුන්ට හිත ගිය තැන මාලිගාව.තමන්ගේ හිත ගියපු කෙල්ල නැතුව වෙන මොන කෙල්ල හිටියත් වැඩක් නෑ.
    තවත් දෙයක් තමයි සමහරුන්ට ආදරේ කරන්න වෙලාවක් නෑ . ගොඩක් වෙලාවට කොල්ලොන්ට . රැකියාව,අධ්‍යාපනය වගේ දේවල් එක්ක කාර්යබහුල උනාම කෙල්ලෙක් හොයාගන්නවත් වෙලාවක් නෑ.එක්කෝ දැනටමත් කෙල්ලෙක් ඉන්නවනම් ආදරය කරන්න වෙලාවක් නෑ.කෙල්ලෙක් එක්ක යාළු උනාට පස්සේ
    කෙල්ල කියන කියන තැනට යන්න ඕනේ.එයා බලාපොරොත්තු වෙන දේවල් දෙන්න ඕනේ . එයා ගැන බලන්න ඕනේ.දැන් කාලේ තියෙන කාර්යබහුල ජීවිතෙත් එක්ක කොල්ලට තමන් ගැනවත් හොයන්න වෙලාවක් නැතිකොට තව කෙල්ලෙක් ගැන හොයන්න වෙලාවක් තියෙයිද?

    ReplyDelete
    Replies
    1. පලවෙනි කාරණේ - සහතික ඇත්ත. ඔය වගේ ඇබැද්දි මට දැනිල තියෙනවා
      හිත ගිය තැන උන් - අනේ මැටි මෝල්... එතෙක් කාලයක් උන් ජිවත් උනේ නැද්ද? ඒවා අපිම හදාගන්න මනෝ ලෝක! අපි පුංචිම පුංචි කාලේ හිතන් ඉන්නේ අම්ම නැත්තම් අපි ඉවරයි කියල. ඇත්තටම අම්මලත් සදාකාලිකව අපිත් එක්ක ඉන්න නැහැ කියන රියලිටි එකට අපි මුණදෙන්න ඕනේ.. නැත්තම් ගින්නට පනින්නද?

      බිසී කොල්ලනේ - අපි කව්රුත් රැකියාවක් කරන්නේ ජිවත් වෙන්න ඕනේ සල්ලි ටික උපයන්න. එහෙම උපයන්නේ සතුටින් ඉන්න. ගෙදර උන්, පවුලට පයින් ඇනල රස්සාවට මුල් තැන දීල, අන්තිමට පෙන්ෂන් ගියාම ගෙදර උන් ඕනේ වෙනකොට... උන් එක්කෝ අපිව නැතුව වෙනම ගමනක් ගිහින්.. සල්ලි වලින් ඒ ගමන යන්න බැහැ

      වෙලා නැති කොල්ලෝ - දෙය්යනේ තාක්ෂනේ තියෙන්නේ කීප් ඉන් ටච් ඉන්න! අනිත් එක කොල්ලොන්ව වෙහෙසට පත්කරන කෙල්ලෝ ගැන මගේ නම් ප්‍රසාදයක් නැහැ. ඒත් , එහෙම හොයල බලන එක වටිනවා.. මොකද කසාද බදින්න හිතන් ඉන්නවා නම්... කසාදෙන් පස්සේ ඊට වඩා පවුල ගැන වෙහෙසෙන්න වෙනවා... අනේ බිසී... ඔක්කොම ඉවරයි රස්සාව නැති උන දාට... කොම්පැනියට ආදරේ නොකර වැඩේට ආදරේ කරන්න... ස්මාර්ට් වෙන්න!

      Delete
    2. පලවෙනි කාරණේ- මේක මගේ පුද්ගලික අත්දැකීමක් . හංගන්න දෙයක් නෑ. අන්තිමේට යාලුකමත් නැති උනා. ඒ තමයි මගේ හොදම යාළුවා . ඔවු . කෙල්ලෙක් තමයි මගේ හොදම යාළුවා වෙලා හිටියේ .ඇයි අවුල්ද?
      බිසී ලයිෆ් එක ගැන කිවොත් අපි කවුරුත් හිතල බිසී වෙන්නේ නෑ . එත් හිතල බිසී වෙන අයත් ඉන්නවා (මන් වගේ ) , බිසී උනේ නැත්තන් වෙන වෙන දේවල් ඔලුවට ඇවිත් පිස්සු හැදෙනවා .
      හැබැයි කෙල්ලෙක් ඉන්නවනම් පවුලක් ඉන්නවනම් එකට මුල් තැන දෙන්න ඕනේ . මන් මේ ලගදි දැක්කා බුකිය දැක්ක දෙයක් මට මතක් උනා. එකේ තිබුනේ
      at the end of our lives we wil all ask, Did i live? did i love? did i matter?

      Delete
    3. පලවෙනි කාරණේ - කතා කරන්න එපා... ඒ ගැන...

      හිතල බිසී නැහැ? ඔව් ඔව් එහෙම තමයි කියන්නේ.. ඔයාම දැන් කියන්නේ බිසී නැත්තම් වෙන වෙන ඒවා හිතෙනවා කියල.. ඉතින් ඔය හිතල නෙවෙයිද බිසී?
      අනිත් එක 'ඉන්නවනම්' කියන්න කලින්, කෝ ඒකට ඉඩක්? කෙල්ලෝ කැමතිද පට්ට බිසී පොරකට? බුකියේ ඔය වගේ සිරා ඒවා ෂෙයාර් කරන උන්ගේ ජිවිත ඒවා ප්‍රැක්ටිකල් වට කරන්නේ නැහැ... මම සාමාන්‍යයෙන් ඒ හින්ද ෂෙයාර් කරන්නේ නැහැ...

      ඉඳල හිටලා හරි, ශේඩ්යුල් එකෙන් පිට ගිහින්, ඩේ අවුට් එකක් හරි, දවසම මුවි බලබල ගෙදරට වෙලා හරි ඉන්න ඕනේ... නැත්තම් අපිට අපිවම මග ඇරෙනවා... උත්සහ කරලා බලන්න... අත්දුටුවයි.. සත්තයි

      Delete
    4. ඒක තමා හත්දෙයියනේ මමත් මෙච්චරවෙලා කීවේ . ඔවු . සමහරුන්ගේ ජීවිතවල practical නෑ. සමහරුන්ට කරන්න ඕනේ උනත් කරන්න බෑ. අනේ මන්දා .
      ෆිල්ම් බලන එකනම් අපි ඔය office එකෙත් කරන්නේ :)
      (පලවෙනි කාරණේ ගැන කතා කරන්න එපා කීව නිසා කතා කරන්නේ නෑ.ඔයා අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැති කරනවා කතා කරන්න එපා කියල .මේක මහින්ද මාමිගේ රට හරිය )

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...