"ලස්සන? ලස්සන කියන දේ සාපේක්ෂයි..."
"සාපේක්ෂයි...? කොහෙන්ද ඔය වචනේ හොයාගත්තේ? හි.. හි.."
මම ඇඳුම් රාක්ක අතරින් ඇවිදගෙන ගියේ හිත ඇතුලේ ඇවිදින ක්‍රමයට. ඒ කියන්නේ ආස හිතෙන වගේ රාක්ක පහු කරලා , ගන්න වැඩක් නැති රාක්ක දිහාම ඇස් තියාගෙන.
"කොහෙන් උනාම මොකද? බොරු නෙවෙයිනේ. දැන් බලන්න... මෙන්න මේ ඇඳුම. ඔයා ඇන්දා නම්........."
මම ඔලුව උස්සලා බලනකොට උවමනාවෙන්ම නොබලා හිටපු ඔහුගේ මුහුණ පෙනුනත්, ඔහු අතේ තිබුණු ඇඳුම දිහා විතරක් බලන්නට මම වෑයම් කළා. ඔහුගේ අතේ තිබුනේ අතිශය කෙටි, සරාගී ඇඳුමක්.
"අනේ මේ....!"
තදින් කෝපයට පත් උනා කියලා මම සාර්ථක රංගනයක නිරතවෙද්දී මම තුලම නැගුනු විරෝධයක් විසින් මා තද බිත්තියකට තෙරපාගනිමින් උන්නේ. ඒ මොහොතවල් අද මට ඇතිකරන්නේ හිනාවක් විතරයිද?
සමහර වෙලාවල් වලට මතකයන් අපිව ජිවත් කරනවා කියන්නේ බොරුවක් බව මට හිතෙන්නේ ඊට පස්සේ.
හදිසියේ දවසක, යහළුවෙකුගේ දුරකතනයක සවන් දෙන්නන් දෙදෙනෙකු විදියට ඉන්න මොහොතක...
"මචං... කාටද උඹ කතාකරන්නේ?...."
ස්පිකර් දමා තිබුණු මොහොතේ මට මගේ යහළුවාගේ දුරකථනයේ පසුබිමින් ඇහුනේ ඔබේ හඬයි. මම ඒ මොහොතේ පළමුවෙන්ම කුමක් කළාදැයි මට මතකයක් නැති එක ගැන මටම පුදුමයක් එන්නේ නැත්තේ දෙවනුව කලදේ නියම දේ නිසයි.
මම කලේ දුරකථනය යහළුවාගෙන් උදුරාගෙන විසන්ධි කරපු එකයි!
බිතෝවන්ට අහුවෙච්ච පියානෝවක් වගේ, ඔබට අහුවෙලා ඉන්නට මට තිබ්බ ඕනෙකම කවදා කෙලෙස අවසන් වෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් අඩි විස්සක් උස තාප්පෙක එහාපැත්තෙ ඉඳන් ඔබේ ගීත වලට ගැලපෙන චිත්‍ර අඳින එක මම නතර කරන්න තාමත් උත්සහ කරනවා. සමහර වෙලාවට මගේ අනුමානය වැරදි නම්, ඔබේ ඒ ගීත අහන්න ඒ පැත්තේ ප්‍රේක්ෂකයින් හිටින්නත් පුළුවන්.
රිද්දෝපු හිතක් දිහා බලාගෙන නිදහසට කාරනා කියන්න මට දැන් ධෛර්යක් ඇත්තේ නැහැ. ඒකත් හරියට කස්තුරි මුවෙක්ට ඊයක් විදලා යන්න අරිනවා වගෙයි. මම දන්නවා ඔබ ආයෙමත් ඔබේ හිත අරින්නේ නැතිබව. නමුත් ඒ එළිපත්තේ උනත් ඉන්න ඉඩ තියන හෙවනැල්ලකට උනත් මම ඊර්ශ්‍යා කරනවා ලැජ්ජාවක් නැතුව.
පොඩ්ඩක් හරි ඔය උරහිස ලබන මුණකට ඊටත් වඩා.
"මේකට කියන්නේ ආදරේ නෙවෙයි, පිස්සුව "
ඔබ එහෙම කියනකොට මම එදා හිනා උනා. තේරුමක් දැනගෙන නෙවෙයි. අදත් මම හිනාවෙනවා, නමුත් තේරුම දැනගෙන.
ඉර එළියක් කියන්නේ සමානව බෙදිලා යන එකක් කියලා මම හිතාගෙන හිටියේ, නමුත් ඒක එහෙම නෙවෙයි. ඉර එළිය කියන්නේ හෙවනැලි හදන්න හිතාගෙන , හිතාමතාම වෙනස් වෙනස් විදියට ආලෝකය දෙන කෙනෙක්. එදා ඉර එළියේ ඉඳගෙන පිච්චිනු මට අද හෙවනැල්ලක් දැනෙන්නේ ඒ නිසාද මන්ද. වෙනසකට තියෙන්නේ ඉර කොහෙද කියල මම හරියට දන්නේ නැති හින්ද.
මේ බලන්න, මගේ අත්දෙක....
ඔව්, හිස් තමයි.
නමුත් වෙනස් වෙලා. සමහර වෙලාවට ඔබ කිව්ව දේවල් දැන් තමයි මම අත්දකින්නේ. මටසිළුටු දේවල් එක්ක හිටියම ඇත්තටම මටත් හිතුනා මම රාජකුමාරියක් කියලා. ඇත්තටම දිලිසිලා තිබුනේ මම නෙවෙයි. ඒ දේවල් දැනගන්නකොට මම ආපහු හැරෙන්න බැරි ගමනක් ඇවිත්.
දුකයි. නමුත් ඔබ දුක්වෙන්න එපා. අපි ආයෙත් මුණගැහුනොත් මම ඔක්කොම රහස් කියන්නම්. එන්නේ නැහැ නේද?
පාන්දර ඇහැරිච්ච වෙලාවේ කමෙන්ට් එකක් කෙටුවට ඒක ෆෝන් එකෙන් ගියේ නැහැ...
ReplyDeleteමම අහන්න හැදුවේ උඹටත් මට වගේම නින්ද යන්නේ නැති ලෙඩේ තියෙනවද කියලා, මේ යක්කු ගස් නැගල බහින ජාමේ පෝස්ට් දාන්න කියලා...
මගේ වෙලාවට ඒක පබ්ලිෂ් උනේ නැහැ. ඒක ෆෝන් එක ගිල්ලා... හෙහ් හෙහ්...
ආ... ඒ එක්කම කියන්න අමතක උනා...
Deleteඅර කතාව ලියන එක නතර කලාට පස්සේ තෝ මළා වගේ තමයි. හරිය...
ආයේ තොගේ මරණෙටවත් මේ මම නැහැ. හරිය...
ඒක කියල යන්නයි ආවේ...
තෝ දෙපාරක්ම උඩුකුරුඤ්ඤං...
මේ දවස්වල පොඩ්ඩක් අවුලෙන් වගේ ඉන්නේ. ලියන්න හිතෙන්නෙත් නැහැ. ඔහේ ලියාගෙන ගිහින් කොටලා දැම්ම පබ්ලිෂ් බට්න් එක.
Delete'අර' කතාව නේද? හෙහ් හෙහ්.... එව්වා කෙරෙන වැඩ නෙවෙයි අප්පා... මං මලා තමයි එහෙනං
දුකයි. නමුත් ඔබ දුක්වෙන්න එපා. අපි ආයෙත් මුණගැහුනොත් මම ඔක්කොම රහස් කියන්නම්. එන්නේ නැහැ නේද?///
ReplyDeleteපොඩ්ඩක් පිස්සු වගේ හිතුණ...
එන්නෑ නේද කියල දැනගෙන අරෙහෙම කියන්නෙ නිකං ඒක පොඩි උංට හදහාමිගෙ කිරි පැණි දෙන්නං කියනව වගේ
හිහි..
මහේෂ් අහලා නැද්ද මේ වගේ දෙයක්. ඒ කියන්නේ අපි පතනවා දහස් වරක් ආයෙමත් දකින්න ලැබෙන්න කියල. නමුත් එයි කියලා පරාන බයේ ඉන්නවා. ඒක කොයි වගේද කියල අකුරෙන් ලියන්න අමාරුයි. මම අදහස් කරන්න උත්සහ කලේ ඒකයි.
Deleteදැන් ඉන්න උන්ට කියල බලල තියෙනවද ඔය කිරි පැණි කතාව? හෙහ්.. ඔබතුමාගේ රෙදි ගැලවෙනවා ෂුවර්!
සා මාරයි නේ.............
ReplyDeleteඉස්කෝතුයි
Delete/ බිතෝවන්ට අහුවෙච්ච පියානෝවක් වගේ, /
ReplyDeleteමේ උපමාවෙන් උඹ නොහිතපු අර්ථයක් එනවයි කියල උඹ දන්නවද? බීතෝවන් බිහිරියි. ඔහු කොපමණ මිහිරි සංධ්වනි නිර්මාණය කලත් ඒ කිසිවක් ඔහුට ඇසුණේ නැහැ. එතකොට එහෙම හිතුවම මේ උපමාවෙන් කියන්නෙ මොකක්ද?...:)
මේකට කෙටි උත්තරයක් දෙන්න ලේසි වැඩක් නෙවෙයි උත්සහ කරන්නම්.
Deleteබිතොවන්ගේ බිහිරි බවත් ඔහු උපද්දවන ඉමිහිරි සංගීතයත් මෙයට සම්පුර්ණයෙන් අදාලයි. බිතොවන්ට අහුවෙන පියානෝවක් කියන්නේ මෙහෙමයි. බිතොවන්ගේ සංගීතය උපදින්නේ ඔහුගේ සිතේ. 'පියානෝවේ ' ඔහුගේ සංගීතය උපදවාගන්න ඕනෙකරන යතුරු හසුරුවන්න ඔහු දන්නවා. පියානෝව අහුවෙලා ඉන්නේ, සංගීතය තියෙන්නේ බිතෝවන් ගාව මිසක් පියානෝවේ නෙවෙයි නේද? නියම තත් සහ යතුරු දන්නේ ඔහුම පමණයි..... එපමණයි!
මගේ සමහර උපමා කැන්ද ගහේ දෙල් වගේ බව පිලිගන්නවා.... මේක නම් මම හිතලමයි ලිව්වේ. තව විස්තර කරන්න ගියොත් ඇවන් ගාඩ් වගේ වෙයි...
ඇහුන්නැතත් ගැහුවනෙ. ඒ වගේ තමයි මේකත්.
ReplyDeleteහැඃ ? මක් කිව්වා?
Delete/ බිතෝවන්ට අහුවෙච්ච පියානෝවක් වගේ, ඔබට අහුවෙලා ඉන්නට මට තිබ්බ ඕනෙකම කවදා කෙලෙස අවසන් වෙයිද කියලා මම දන්නේ නැහැ. /
ReplyDeleteඅඩේ බං ඊට වඩා ගැලපෙන උපමාවක් මට මතක් වුනා...කොහොමද බලපං මේක? ...සෙවන් ෆ්ලවර්ස් නේද?...:)
බල්ලෙකුට අහුවෙච්ච ලෙලිපොල් ගෙඩියක් වගේ, ඔබට අහුවෙලා ඔහේ එහෙ මෙහෙ පෙරළි පෙරළි ඉන්නට මට තිබ්බ ඕනෙකම කවදා කෙලෙස අවසන් වෙයිද කියලා මම දන්නේ නැහැ.
ඔය කිව්වේ... හුහ්... අම්මප උඹේ කට තමයි කට! ලෙලි පොල් නෙවෙයි බන්ස් කොට්ට පොල්!!
Deleteබිතෝවන්ට අහුවෙච්ච ලෙලිපොල් ගෙඩියක් වගේ is better
Deleteඇහුන්නැතත් ගැහුවනෙ. ඒ වගේ තමයි මේකත්.
ReplyDeleteහප්පෙයි... අර village water එකට ගහන් ආවද ආයෙමත්?
Delete//එන්නේ නැහැ නේද?//
ReplyDeleteඇයි එහෙම අහන්නේ? ආවේ නැත්නම් කොමෙන්ටු දාන්න බැහැ නේද?
කියවා කොමෙන්ටු නොදමන දෙනෝ දාහක් දෙනා ගැන මොකද කියන්නේ?
Deleteපිස්සු වගේ උනාට ලස්සනයි...........
ReplyDeleteපිස්සු කිව්වා?
Deleteමම මේ කියෙව්වොත් සල්ලි තමයි වැඩසටහනෙන් අය්යා... ෂල්ලි තමායි.. කියන්ට
හෙහ්... ආවෙමි බැලුවෙමි ගියෙමි...ඌරන්ට කේක් දුන්නට වැඩක් තියන එකක්යැ...
ReplyDeleteහපොයි..අන්න උපමා.
Deleteඌරන් වීම කේක් නොකෑමට හේතුවක්ද? අපිත් බත්කන කොක්කු!
Deleteහැරෙන්න බැරි ගමනක් ආවම ඔහොම හිතෙනවා , හැර යන්න හිතෙනවා එත් යන්න බෑ. ආපහු එන්න හිතෙනවා
ReplyDeleteමිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා
මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යලි හැරුනෙමි
සත්තයි නුඹ ඇවිදින්
සෙවනැල්ලක් සේ..
සැඟෙවුවාට වළාකුලක් දුහුලින්
කලා සපිරි සඳ වැසුණාදෝ
හමා ගියද මාරුතයක් සුළඟට
තරු එළියක් නිවී යාවිදෝ
කඩා වැටෙන මහ වැස්සට සේදි
මලක පැහැය දියව යාවිදෝ
සමුගන්නට සිදු වුවත්
අපට දැණුන සුවඳ මැකී යාවිදෝ
පද රචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන
ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නිර්මලා රණතුංග
https://www.youtube.com/watch?v=VKU_N9nGTbw
ඒ සිංදුවල තියෙන සුමධුර බව නම් මිල කරන්න බැහැ. මම කැමතියි තවත් සින්දුවක් එකතු කරන්න
Deleteසුපෙම් හැඟුම්....
https://www.youtube.com/watch?v=RqQWA7SpLFQ
මේකත් එකක්...
ReplyDeleteඋඹ කාලයක් තිස්සෙ කියන කතාවක්.. එක එක විදිහට.. (මේ මගේ කියවීම.) අගෙයි.
ජයවේවා..!!
ඔබ කාලයක් කියෝලා තියෙනවා එහෙනම්.. හි හි හි හරි හරි.... ඒකත් එහෙමයි...
Deleteමට බෑ අනේ...
ReplyDeleteබම්බුව...
කොහෙන් හරි මගේ එන්ට තියෙන පෝස්ට් වල කොටස් පිට වෙනවා...
හැබෑට?? ඇත්තටම කියන්ට මටත් ඔය පුරස්නේ තිබ්බ. මේක කියෝලා බලන්ටකෝ
Deleteමම ආස විදියේ එකක්. උඹ ලියන මේ ටයිප් එකේ කතා කියවද්දි අතපය සීතල වෙනවා.
ReplyDeleteබස්සි ආසයි කිව්වා? මේ වගේ එව්වා නම් මට දුසිම් ගණන් ලියවෙනවා. මම ඉතින් අර මීයා කොස් ඇට හංගනවා වගේ කොහේ හරි අස්සක හංගනවා විසිකරන්න තියෙන ලෝබ /මෝඩ කමට. දැන් නම් කරන්නේ බ්ලොග් එකේ draft කරනවා. ඉඳල හිටලා දාන්නේ බැනුම් අහන්න වෙයි කියල බයට. මේවා මල් පත්තර වගේ, බොළඳයි බස්සි. විලි ලැජ්ජයි
Deleteෂෝයි කතා පොඩ්ඩක් බං
ReplyDeleteඉස්තුයි මෙයා
Deleteආදරේ නෙවෙයි පිස්සුවක් නම් තමයි..
ReplyDeleteලස්සන සාපේක්ෂයි කියල විශේෂ කරන්නේ ඇයි. ලෝකේ හැම දෙයක්ම සාපේක්ෂයි.. නිරපේක්ෂ කිසි දෙයක් නැත්නම් ඇයි ලස්සන කියන එක සාපේක්ෂයි කියල හැමෝම කියන්නේ...
හත්වලාමයි මේ කොමෙන්ටු මට මගහැරිලා
Deleteසාපේක්ෂයි? නැහැ සමහර දේවල් සාපේක්ෂ නැහැ. අහස, විශ්වය, සසර වගේ දේවල් සාපේක්ෂ නැහැ. තව දේවල් තියෙනවා. ලිව්වොත් අදහස විකෘති වෙයි. නිරපේක්ෂ දේවල් ගොඩයි. ඒ අතරින් ලස්සන 'සාපේක්ෂව' සුලබව කතාබහ කරන දෙයක්
ඌ,
ReplyDeleteඅඩේ කමෙන්ට් වලට වීඩියෝ දාන්නෙ කොහොමද බං?
ඒකට සයිට් සෙටින් හැදුවම හරි. ඊට පස්සේ නිකම්ම ලින්ක් එක දානවා
Deleteසීතල බොළඳ බව
ReplyDeleteඋනා සළුපිලි
උණුහුමක් අබියස,
නිවී යන සඳ
තිබුණු උණුහුම
මන් දුරක ගොස්
උඹව තනිකර
කවි කුසුම් වගේ ? දන්නවා නේ කවුද කියල?
Deleteade maru..
ReplyDeleteme oya kadu blog eka dan wada nadda..?
මොන කඩු ද? ආවුද එහෙම විකුනන්න හොඳ නැහැනේ අප්පා
Deleteලසසනයි..අර උපමා ටික මරු.. කොහෙන් එන අදහස්ද මංදා නුවර කුමාරියේ..
ReplyDeleteජය!
ස්තුතියි. සමාවෙන්න කොමෙන්ටුව මගහැරිලා
Delete