Monday, June 22, 2015

185. අමුතුයි නේද?




පුදුමයි මෙහෙම හිතෙන එක?

බරක් පතලක් නොතේරෙන කාලේදී, බරපතලවට හිතල ගන්න තීරණ කොතරම් නිවැරදි උනත් අවුරුදු ගණනාවකට පස්සේ දුක්වෙන්නේ ඇයිද කියල මට කියාදෙන්න ඔබ ළඟ නැති එක ගැන මම අද උදෙත් දුක් උනා.

හැමදාම උදේ පාන්දර මගේ කවුළුවේ එළිපත්තට වෙලා කන්දෙක 'කුං' ගැන තාරතාවයකින් සින්දුකියන පොල්කිච්චට, කෑම නොදී උනත් හිතින් ආදරේ කරන්න මට හිතුනේ අදක ඊයෙක නෙවෙයි. කොහොමත් අව්කුටකෙට කරවෙච්ච ගොම මැටි පොළවක් ජීවයක් පෙන මානයකට ගේන්න වතුර පනිට්ටුම කීයක් හලන්න කියලද? ඊටත් හැමදාම??



කොහොමත් මම හදවත උඩින් එලපු ඝනකම් අතුරණය පාවිච්චි කරලා බුද්ධියට වාඩිවෙන්න ආසනයක් පනවලයි තිබ්බේ. හිටපු ගමන් බුද්ධිය ඇවිදින්න යන එක ගැන මගේ හාන්කවිස්සියක් නොදැනුනේ ඉස්සර මිට වඩා කුරුළු ගීත වලින් මට කරදර තිබ්බ නිසා වෙන්න ඕනේ.

කොතරම් ඝනකම් අතුරනයක් උනත් පොරවාගෙන කිසිම කෙඳිරියක් නොනගාගෙන ඉන්න හදවත, ඇත්තටම කලේ මායාවක්. ඒ තමයි ඔහු එනකල්ම 'මීක්' සද්දයක් නොකර ඉඳල, ආපු ගමන් 'දඹ දඹ' ගාල තවිල් බෙරයක් ගහන්න ගත්තු එක! අඩුම ගානේ වතුර පනිට්ටුවක් නාගන්නකල් ඉන්න තිබ්බ!!

මරණයකදී වැඩිපුරම හිනාවට ලක්වෙන්නේ බැඳීම්. ඒත් බැඳීම් මැරෙනකොට වැඩිපුරම හිනාවෙන්නේ අතීතය!

තරුණ හිතක් ඉල්ලන දෙයක් ගෙනත් දෙන්න පුලුවන්ද සිල්පර පීලි දිගේ ගිහිං ? ඒ හිත ඉල්ලන්නේ ඔහුව.... විරහව නෙවෙයි, බැඳීම්!

මායකාරයෙක්ගෙන් ඉල්ලනවා නම්, ඉල්ලන්න ඕනේ මායාකාරී දෙයක්. හැබැහින් ඉන්න කෙනෙක් කොහොමද මායාකාරයෙක් ගෙනත් දෙන්නේ? පොල්කිච්චේක්ට උනත් ඒක තේරෙනවා. එක්කෝ.... ඔහු මායාවක් නෙවෙයිද?

ඔන්න ආයෙත් මගේ බුද්ධිය රෝන්දේ ගිහිං..


18 comments:

  1. අමුතුයි නේන්නම්.. දැන් මං මොනවද මේකට ලියන්නේ..

    ReplyDelete
    Replies
    1. මාරයි... මාරම අමුතුයි කියල ලියන්න

      Delete
  2. අමුතුයි

    ReplyDelete
  3. අනේ මන්දා... හරි අමුතුයි....

    ReplyDelete
  4. ගූ හතයි

    ReplyDelete
  5. බුද්ධිය රෝන්දේ ගිහිං..

    ReplyDelete
    Replies
    1. එහෙම රෝන්දේ යනවා කියලවත් තේරුනා නම් ...

      Delete
  6. අමුතුයි නෙවී මාන්දමිකයි කියල තමා කියන්න වෙන්නෙ හිහි

    ReplyDelete
  7. එන්.කේ ගෙ බුද්ධිය රෝන්දේ ගිහින් නම් ගොඩක් කල්නෙ . හරි ගිහින් තිබ්බොත් තම ඉතින් අමුතු . .

    මේකට එන එක නවත්තන්න වෙඉ වගේ. නැත්නම් අපිත් පිස්සු කර්පට් වෙනවා..

    ReplyDelete
    Replies
    1. හි හි...
      ඔන්න ඔන්න ඉතින්..... දැන් ඉතින් සංදර්ශනයක් පෙන්නලා හරි මුන්ව තියාගන්න කොරොමයක් කම්පනා කොරන්ට ඕනේ..... යන්ට එපා අය්යා.. යන්ට එපා....

      Delete
  8. අමුතුයි තමයි... හැඟීම් වලට වඩා බුද්ධියට ඉඩ දෙන්න ඕනේ කියලාලුනේ පඬිවරු කියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්.. අපේ තුශානිත් කියන එකේ... නැද්ද?

      Delete
  9. Oka wenne anith aya sathutu karanta giyahama. Lankawa wage rataka thani thirana ganta bohoma amarui. Pissu hedena post ekak..

    ReplyDelete
    Replies
    1. අනික් අය සතුටු කිරිල්ලෙනුත් සතුටක් ලැබෙන්නේ නැද්ද? තීරණේ කවුරු ගත්තත් මුහුණ දෙන්න වෙන්නේ තනියම , නැද්ද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...