ඉතා ලස්සන කොලයක
පාට පාටින් ලියා තිබුනද
එකවරක්වත් නොකියවූ
කවියක් තිබේ - ඔබ ගැන
හොරෙන් අත අල්වා
පූසියක සේ ගුලිවී
ලාවා කන්ද අවුලා
අතුල්පහරින් සිහිකැඳවන...
දැවෙන මා සිත නිවමින්
වියත් බස් මුත් දොඩවන
උරහිසට විත් නවතින
කඳුළු දැරුවෙමි අනුන් නොදකින...
දනිමි කිම මා පසෙකින්
ආ නමුත් මග නැවතුන
ඔබ නොකී කවියක පදට
තනුව සඟවා ආමි
ඔබ මිරිවැඩි තුල......
සෙරෙප්පු
හ්ම්ම්ම්...
ReplyDeleteබස්සෙක් සමඟ
Deleteමේවා පොස්ට් නෙමෙයි කිව්වනේ. කොමෙන්ට් කරන එකත් අපරාදෙනෙ.. නෙහ්..
ReplyDeleteපෝස්ට් නෙවෙයි කිව්වා? කෝ කොහෙද... අල්ලපියව් දේශද්‍රෝහියෝ.... හුප්! ( කට කට!)
Deleteඋපේක්ෂාJune 10, 2015 at 11:48 AM
Delete"මම දැන් උපලක්පනය කරගෙන ඉන්නේ කවියක් ( නිසඳැසක්) කියන්නේ පොස්ටුවක් නොවේයය, නිකම්ම නිකම් එකක් විතරක්ය කියල."
............................................................
කව්ද කියන්නෙ මම දේශද්‍රෝහිය කියල.උපෙක්ෂගේ ප්‍රශ්නෙම දේශද්‍රෝහී ප්‍රශ්නයක්.කෝ කොහෙද ලියල තියෙන්නෙ. කොහෙවත් ලියල නැ.. . මේක දේශද්‍රෝහියෝ, දේශප්‍රේමියෝ, දේශපාලුවෝ එකට ඉන්න රටක්. . .
ඔයා දේශද්‍රෝහියෝ දන්නවා... දේශපාලුවොත් දන්නවා... මේ දෙබස දන්නේ නැහැනේ?? අනේ අනේ...
Deleteහික්... කිව්වා කියල කොතරම් සාක්ෂි තියෙන දෙයක් උනත් නැහැ කියන්න පුළුවන් රටක් මේක... මට මතක නැහැ... ( ඔයාව අවුස්සගන්න කිව්වේ.. ආයේ ඉතින් වෙන කවුරුත් එනවෑ මේ පැත්තේ.. හික්...) හිත මෙව්වා උනා නම් මෙව්වා වෙන්ට..
//තනුව සඟවා ආමි
ReplyDeleteඔබ මිරිවැඩි තුල......//
සිහි වූවාද පයට පෑගෙන විට
මේ මා වෙනුවෙන් දැවුන
ආදර හදවතක මිමිනූ
මා නොකියවූ ඒ තනුවම බව..
පයට පෑගෙන බැවින් එය
Deleteදමා ආයෙමි 'නිසිතැන'
මට නං තේරෙන්නෙ නෑ ඒයි මේව...........
ReplyDeleteරවියා කියයි.... ඔන්න බලහන් නැද්ද කියල
Deleteලස්සනයි ;).
ReplyDeleteජය වේවා!!!
ස්තුතියි
Deleteතබන හැම පියවරක්
ReplyDeleteපියවරක් ගානේම
කෑ ගසා පවසනා
තනුව...
ඔබම ගුලිකර සඟවගත්
පදවැලට පමනි ගැලපෙන
කටුවකි පයේ ඇමිණෙන
Deleteඅපරාදේ තනුව..
ReplyDeleteපදවැලට පමණි
Deleteඑසේ සිතුන
පද ටික හංගලා තනුව ගේන්න තිබ්බෙ. ඕනි පදයක් ගහගනිං කියලා.
ReplyDeleteපදේ ගැහුවත්
Deleteනටන්නේ නැතුව ඇඹරෙන?
ලස්සනයි බං මට නං ඒක ටිකක් විකාරයි
ReplyDeleteමොකද අර සෙරෙප්පු කතාව
විකාර වීම තමයි නියම අදහස!
Deleteඒ සෙරෙප්පු කතාව මේකට සම්බන්ධයක් නෑ කියල කිව්වොත්, ගහනවා සෙරෙප්පුවෙන්
මොකුත් තේරැනෙ නැතුවට.... චෝක් කයිය
ReplyDeleteහි හි හි
Deleteඅන්න සම්භාය්ය විචාරය.... ඔබතුමා විශිෂ්ඨ විචාරයක් නේ දුන්නේ...
මගේ මිරිවැඩි සඟල
ReplyDeleteපසුගිය දාක
පන්සලට ගිය විට
නැති විය බෝ මලුව අසල
අනුන්ගේ මිරිවැඩි තුල
Deleteසැඟවූ රහස්
සොරකම්කළ...
අනුන්ගේ ආදරයට හඬන
කෙනෙක් හමුවුනිද
මම හැර?
මේක අහන්න
ReplyDeleteකවියක් වගේ විඳිනවා...
පවනක් වගේ දැනෙනවා...
මුහුදක් වගේ කැළඹිලා..
සුවඳක් වගේ ආදරේ...//
සුවඳයි වදන්- අරුතක් නැතත්...
බොලඳයි නමුත්- සොඳුරුයි හැඟුම්..
සොඳුරුයි හඟුම්...
කවියක් වගේ.....
කඳුළුත් පිරෙයි...හසරැල් ගලයි..
ඉවසුම් නොවෙයි..සොඳුරුයි හඟුම්...
සොඳුරුයි හැඟුම්...
කවියක් වගේ....//
ගායනය අසංක ප්‍රියමන්ත
https://www.youtube.com/watch?v=5uZBmFD4BWs
හ්ම්ම්....
Deleteබොරු කියන්නේ මොකටද.. අසංග ප්‍රියමන්තගේ සින්දු දෙකක් ඇරුණුකොට කිසිම සිංදුවකට මම ආසා නැහැ. සමහරවිට හඬේ ඇති අවුල වෙන්න ඇති. නැත්තම් අපුරු පද බැඳීමක් නේ.
( පැහැසර අරුණක සහ සෙනෙහසකට අරුතක් කියන සින්දු දෙක ඇරුනම)
හඬේ තිබ්බ අවුල නිසා මේ පද බැඳිල්ල මගෑරිලා. ස්තුතියි.
මේ.... ලියන්නේ එහෙම නැද්ද? අම්මප මුන්ටත් දෙනවනේ සම්මාන! ( ජනප්‍රිය කුපන් එකේ මගේ නම ඊළඟ පාර දාපන් හොඳේ!)