නඩුමගට බසිමි
වළාකුලකට එරෙහිව..
එන්න කීවිට නොඑන
වැස්ස ඕනෙම වෙලාවට නොදෙන
හාදුවකට ඉඩක් නොමදෙන,
පොරොන්දුවක්වත් නොඉවසන !
කෝපි දුමකට පවා සලිතවෙන
තුනී නැති, කැටිති විලසින්
ඇවිත් දැන් මොකට බලනවද?
ගිහින් ඕ
බලාගෙන ඉන්නැතුවම...
වන්දියක් ඉල්ලමි
වළාකුල ගෙවාපන්,
නඩත්තු......
අනෝරා වැස්සෙන් මට!
වලාකුලට නඩු දාල ඇප දුන්නේ නැත්නම් වැස්ස නැතුව හිටුකො...
ReplyDeleteවේලි වේලි තියෙන මේකට ඔන්න මම ඉස් ඉස්සෙල්ලම කොමෙන්ට් එකක් දැම්ම.
පිං සිද්ද වෙච්චාවේ මේ කරපු නින්දාවට
Deleteහෙමි හෙමින් පොද වැස්ස
ReplyDeleteඋරාගන්නට තෙතමනය
ඇතියි මදියි හිතෙන විට
දියන් අනෝරා මහ වැස්ස..
අමතක නොවෙන්නට..
අනෝරා වැසි අතර
Deleteඇති දහසක් පොද වැසි
බිරුම් හඬද පරදා
ගිගුම් දෙයි
ළය කකාරා
ඇඬුන බං නොදැනීම
ReplyDeleteඋන්ගෙ දුක දැක්කාම
වැව හිඳිල වැහි නැතුව
උඩ බලන් හූල්ලන
මගෙ කඳුලු වලින් දැන්
වැව පිරිල හිත පිරිල
කාසි ඉල්ලුවේ නැහැ
හැමදාම දුප්පත්තු
දෙපා නැති උන් අතර
මිරි සඟල හෙව්වාට
දෙන්න බොට වන්දියක්
මට නෑනෙ කාසි දැන්
අනේ එහෙමත් හිතෙනවද
Deleteඋන්ගේ බඩගින්න දැනෙනවද?
එක්කෝ සැතපිලා උන්නද?
මාරබැද්දට වහිනකොට?
නඩුවක්..
ReplyDeleteඉතින් පැටළුනොත්
චීත්තයක්..
අවුවක් වැස්සක්..
උනත් කමක් නෑ ඉතින්
අල්ලගන්න අරෝවක්..
කවියක්..
ලස්සනට පද වියපු
ඇමිණුවත් පුංචි තරහක්..
කිවිඳියක්..
සීපදය ජයගත්
මදි උනත් උස වියතක් දෙකක්..
හැක්.. මෙන්න අපි දුවනෝ.. මේක උදේ කියෝල මොකක් හරි හැඟීම්බර එකක් ලියුව බං වැඩකට එහෙමෙහෙ වෙලා බලනකොට කොලේ මිසින්.. ඔන්නොහෙ පොඩි විහිළුවක් කරාට තරහ ගන්න එහෙමෙපා ඉතින්.. :)
ඕකනේ ඉතින් කියන්නේ....
Deleteමම කිව්වේ ඔව්ව කොලවල කුරුටුගාල අතුරුදහන් උනහම කොහෙන් මතුවෙයිද කියල බයක් නෑ ? අම්මෝ මම නම් පරාන බයයි
මම- හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්..
ReplyDeleteඅද නොපැමිණ අන් දිනයක වැහි රැගෙන එන ලෙසින්...
වළාකුල- අපේක්ශාව භංග නොකර වැහි නවතන්නම්..
උපේක්ශාට නඩත්තු උඹ ගෙවපන් එහෙනම්..
කැරකිලා.... හි හි...
Deleteගයත්‍රී.... නියමයි..
ඕනෑ කොට එන්න
ReplyDeleteඑපා කොට යන්න
වළාකුලකට කියන්න
කොහෙන්ද අයිතියක් යුෂ්මතිය වෙත
වළාකුල වෙනුවෙන් පෙනී ඉන්නෙමි මම
නඩු ගාස්තු කිසිත් නොම ගෙන
බයබෝයි හාන්දුන්නේ
Deleteහැමවිටම අවනඩුව අසන් උන්
කැඳවමි බංකුවක් - පැමිණිල්ලට
මෝසම් වැස්සටත් නිවනක් නැති හැටි ඇත්තටම ....?
ReplyDeleteඅහස කවදද
Deleteබැනුම් නොඅසන
දා දා නඩු මාත් එනව
ReplyDeleteආන්න නියම උන්.... සෝඩා එපා
Deleteඅල්ලල ගියා මට... කවිය
ReplyDeleteඒකට .... මෙන්න මුන් බනිනවා මට
Deleteමරු ඈ. මේකට පිළිතුරු කවියක් ලියයි කියල හිතනවා අපේ බස්සි.
ReplyDeleteජය වේවා!!!
බස්සි?? ඒකි කේ.පී වගේ..
Deleteඉන්නවා කියනවා, ආයෙත් ඉන්නවා කියනවා.... කිව්වට... කෝ නෑනේ??
මං කියන්නේ ළමයෝ!
ReplyDeleteමේ ලෝකෙ අමාරුම රස්සාව,
වැහි වළාවක් වෙන එක.
තුනී විසිරුණු කැටිති අතරින්
උදා හිරු දිය පෙරා දෙන එක,
ඉහේ හිට පොරවා නිදන්නට
හඬාගෙන බිම ඇදහැලෙන එක,
අසිරි මල් වරුසා ඉහින එක,
සීරුවට තුරු පත් පිහින එක....
පෙනෙන නොපෙනෙන සේද මිම්මට
සඳට සළුවක් වියන්නට ඇති,
උණ හැදුනු තරු පැටව් වට කොට
පිණි මුවාවක් තනන්නට ඇති....
රෑට ඕ.ටී. – දවාලෙත් වැඩ,
මහන්සියි ළමයෝ ඉතින් මට,
කෝපි දුම වැදෙනා ඇසිල්ලක,
වළා කැටි සිහිනෙකට පා විය.
ඔය ළමය ලේසියට නඩු කිව්වට,
මේ ලෝකෙ අමාරුම රස්සාව,
වැහි වළාවක් වෙන එක!
ආයිෂ් අප්පා... නියමයි..... හැබැයි මමත් මේකට පිළිතුරු කවියක් ලියන්න හිතෙනවා.... ගීතයෙන් ගීතය වගේ හික්..
Delete