Thursday, April 9, 2015

164. ~~~ හිම දේශය ~~~



ළඟකදී ආසහිතෙන වැඩක් කරන්න ලැබුනා.


ඒතමයි පොඩි එකෙක්ගේ උපන්දින සාදයක තීම් එකක් කරන්න ලැබුණු එක. කාඩ් එක පටන් සියල්ලම කලේ මගේ අතින්.

මේ තියෙන්නේ කාඩ් එක.




මේ තියෙන්නේ පිටත.

කාඩ් එකේ හිමපියල්ල ( snow flakes) කාඩ් එක එහා මෙහා කරනකොට කැරකෙනවා. මේ ජාතියේ කාඩ් වලට කියන්නේ Spinning cards කියලා.











මේ තියෙන්නේ ඇතුලේ.



වැඩියමත් වැඩ දාන්න වෙලාව මදි උනා. මම අනිවාර්යයෙන් දන්නවා මිට වඩා creative කට්ටිය ඉන්න බව.




මිට අමතරව මම හැදුවා එල්සා නෝනගේ මාළිගාවත්.


මේ තියෙන්නේ නිමකරපු මාළිගාව.

හැදුවේ විසිකරන කාඩ්බෝඩ් පෙට්ටි සහ මෙගා බෝතල්, ඇපල් ජුස් බෝතල් වලින්. ඊට පස්සේ ඒ වටේට ටිෂු අලවලා පාට ගෑවා.

මේ තියෙන්නේ පටන් ගත්ත විදිය.


මේ ටිෂු අලවල.


මේ පේන්ට් කරලා.



මේ අවසන් කරපු මාළිගාව.



20 comments:

  1. ෂා ......... බැරිද මගේ උපන්දින සාදෙටත් තීම් එකක් කරගන්න . .

    ReplyDelete
    Replies
    1. හි හි.. මොකද බැරි? ෂල්ලි තමා ඕනා...

      Delete
    2. :( ඊසි පේමන්ට් ඔප්ෂන් එහෙම නැද්ද ?

      Delete
    3. තිබේ තිබේ.... ඒ කෙසේද යත්... මම සල්ලි ටික ගෙදරටම ඇවිත් රැගෙන යමි :-D

      Delete
  2. ශා හරිම ලස්සනයි

    ReplyDelete
  3. හප්පේ මෙයාගේ වැඩ? මගේ හයවෙනි බර්ත්ඩේ එකේ තීම් එක කරන්න උපෙස්සා ආන්ටිට දෙන්න කීල අම්මිට කීන්න ඕන

    ReplyDelete
    Replies
    1. මොකද දැන් හප්පේ බුදු අම්මේ කිය කියා මැරෙන්න හදන්නේ? හයවෙනි එක කිව්වා? අප්පා.. බොහොම දරුණු තත්වයක්නේ... දස වසරකට වරක්ද බර්ත්ඩේ එකක් ගන්නේ? පව් දෝය්යනේ

      Delete
  4. මටත් හිතුන ආපහු බර්ත්ඩේ පාටියක් ගන්න.. ඔබටුමී කැමතිද තීම් එක කරන්න.. එළ ඈ..

    ReplyDelete
    Replies
    1. ඔයාලට ඉතින් අර මාළිගාව පහසුවෙන් සහ ඉක්මනින් හදලා දෙන්නම්. ඕනේ තරම් ඇතිනේ හිස් නැටුම් තෙල් බෝතල් අලිම අලි මාළිගාවක් හදන්න... නැද්ද? තීම් එක නම් ඉතින්... ඒකත් නැටුම් තෙල් නේ? මට තියෙන්නේ ඇදවෙච්ච කාඩ් එකක් හදන එකයි. සිම්පල්.... ඇඩ්ඩාන්ස් එකක් දෙන්ට... පාර්ටිය කවදා තිබ්බත් හෙටම හදල දෙන්නම්... ගාන සැරයි ගොය්යෝ...

      Delete
  5. වාව්... නියමයි...

    ReplyDelete
  6. අපි සලකනවා මදිනේ උඹට.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ... කෝ එකෙක් මට මෙව්වා බලලා ආධාරයක් නැහැ නොවැ ? මේ ඉන්නේ යසට... සලකනවා නම් එවන්නද අකවුන්ට් විස්තර??

      Delete
  7. හොරකම් කරා අයිඩියාව.ඉන්ඩෝ වැඩකට නම් මරු... මම හිතුවෙ පල්ප් සීන් එකක් කියලා.ඩෙකරේශන් ඉගනගත්තු ක්‍රම දන්නෙනෑ.. එන එන විදිහට උළුවස්ස ගහන එකයි කරන්නෙ.මේව දැක්ක ගමන් බොක්කට දා ගන්නවා.හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හොරකම් කිරීම ගැන මාර සතුටුය. මම කියල ඉතින් එහෙම විධිමත් ක්‍රමයක් දන්නේ නැහැ. කාඩ් එක නම් මම එහෙන් මෙහෙන් බලපු ඒවා එකතු කරලා හැදුවේ. මාළිගාව නම් නෙට් එකේ අහම්බෙන් දැකපු විඩියෝවකින් කොපි කලේ. ඔරිමජිනල් එක මර ලස්සනයි.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...