හදිසියේ තණ අතරින් නැගී
වරපටින් බැඳි මා අතින් ඇද
බදා සොලවනු කිමද 'තුරු ගස?
අන්බිමක මුල් අදිනු දැක දැක
කිසිවිටෙක මුවගින් නොබැන මට
මැකීගොස් හදිසියේ ගිනිවැද
දුබල තැනකින් හසුවුනිද අද?
ගතක සිරවුණ නොතිත් හැඟුමන්
ලෙහී ගිලිහුණි පහත් තැනෙකින්
ඉදින් මම ඉමි වේදනාවෙන්
නැමී සිඹිවිට නිතඹ දාහෙන්
දිනක් එනවා මහ ගසක් වුව
ReplyDeleteඑක ගිණි හුලකින් දැවී අළුවන..
ඇතුලතින් නිබඳ කරවූ කල..
ගසක් මහ ගසක් වුව
Deleteඇතිය අතු නොමඳවම
බිඳෙනසුළු...
අගෙයි උපේක්ෂා
ReplyDeleteස්තුතියි මේ නීරස කවි වලට කොමෙන්ටු දානවට
Delete/ නැමී සිඹිවිට නිතඹ දාහෙන් /
ReplyDeleteඅප්පට සිරි ගජ,.... පස්ස ඉඹින්ට දාහක්!...ටිකක් වැඩි වගෙ නැද්ද බාං?
හුකෑස්!
Deleteරවී: ඇයි කීයක් ගත්තද වැඩේට? කොහොමත් රෙගියුලර් උනහම ඩිස්කවුන්ට් නැතුවෑ , නැද්ද?
Deleteබස්සි: අම්මප ඔය රවිය ඉන්නවා නේද? මොකටද මෙව්වා කියන කට!
ලස්සනයි..
ReplyDeleteස්තුතියි. ලියාගත්තේ හරිම අමාරුවෙන්... හි.. හි
Deleteලක්ෂනයි
ReplyDeleteඔව් ඉදගෙන
ඉෂ්තුතියි
Deleteතේරුම ක්ලික් උනේ නෑ. රවීගෙ කමෙන්ට් එකෙන් පස්සෙ තේරුන ටිකත් මඤ්ඤං උනා. ආයෙම කියවන්න ඕන.
ReplyDeleteකොහේ තේරෙන්නද බස්සි ඔය රවියා හිටියොත් අපිත් අන්දොස් වෙනවා. මෙව්වා නීරස කවි, මම දැන් වෙනම ටැගක් හදනවා ඒ ජාතියෙන්. ඒක හරි ලේසියි.
Delete