Wednesday, April 8, 2015

ගුරු වෙරි - 2

සංසාරේ කොතනකවත් මම ගුරුවිරියක් වෙන්ට හිතුවේ නැහැ කියල මෙන්න මෙහෙම මම ලිව්වා....


දැන් ඉතින් ඉතිරි ටික....

ඔන්න ඉතින් මුලින්ම මට එන්න කියල ගියපු දවසේ මම උදේ කඩියා වගේ දුවල පැනලා ලෑස්ති වෙලා වෙලාවටත් කලින් ගියා ක්ලාස් එකට. මම ඉතින් සුවච කීකරු, වැදගත් කෙල්ලෙක් වගේ වාඩිවෙලා හිටියා රිසෙප්ෂන් එක ගාව තිබ්බ පුටුවේ. මට එතන වාඩිවෙලා ඉන්න කියලා සර් වෙන වෙන වැඩ වලට එහෙ මෙහෙ දුවනවා.

මමත් ඉතින් වලිගෙ අහුවෙච්ච රිලවා වගේ වාඩිවෙලා වටපිට බලබල හිටියා. ඔන්න පැය බාගයක් ගියා.... පැයක් ගියා.... පැය එකහමාරක් ගියා...... කෝ බොලේ කියපු කෝස් එකේ පටන් ගැනිල්ල ?

No comments:

Post a Comment

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...