Monday, December 7, 2015

237. සිත්තර පැංචි






මම කලිනුත් එක එක තැන්වල පම්පෝරි ගහලා ඇති මට පොඩි කාලේ චිත්‍ර වලට පොඩි හැකියාවක් තිබ්බා කියල. දැනට අවුරුදු දහයකටත් වඩා කලින් මම මගේ චිත්‍ර අඳින වැඩේ නතර කරලා හින්ද පොඩි පොඩි බලිකුරුටු මිසක් මම චිත්‍රයක් ඇඳපු කාලයක් තිබ්බේ නැහැ. මේ ලඟදි මට හිතුන, මේ මොන විකාරයක්ද... ඇඳපන් යකොව් චිත්‍රයක් කියල!

එවෙලේම ගත්ත පොඩි එකෙක්ගේ චිත්‍ර පොතක මැද පිටුවක මම ඇන්ද චිත්‍රය මේක තමයි.



මේක බලාගෙන ඇඳපු එකක්. ඉටටැහැ මම ඉස්සර ඉඳන්ම බලාගෙන අඳින මිනිස් රුප වලට එතරම් දක්ෂ නැහැ. ඒ උනාට ඉතින් කිව්වට අහනවය?? ( පින්තුරේ අයිතිකාරයා නම් පිළිගන්නේ නැහැ මේ ඉන්නේ ඌ කියල. මටත් ඉතින් සන්තෝසේ බැරුවා! මොකද මනුස්සයෙක්ට නම් වානම් කියනවට වඩා මෙහෙම විකෘති චිත්‍ර අඳින එකත් එක්තරා අන්දමක කලාත්මක අපහාසයක්.

ඔන්න කට්ටියට මම කලින්මයි කියන්නේ.. මේ චිත්‍රය මම ඇන්දේ අවුරුදු 10කට වඩා වැඩි විරාමයකට පස්සේ. මගේ වයසේ හැටියට ඉතින් මෙහෙම බලියක් අඳින එක හැකියාවක් කියල ගන්නත් බැහැ. ඒ උනාට වගකීමෙන් කියන්න පුළුවන්, අතපය හතර සමපාත වෙන්න කෝටුකිතය්යෙක් වත් ඇඳගන්න බැරි අක්කෙක් ඉන්න එකෙක් හැටියට, මේක මාරයි කියහල්ල හරිද?



ප.ලි. ආපහු අඳින්න ලැබෙනවා කියන්නේ කොතරම් wonderful ද කියල තේරුම් කරවන්න බැහැ.



25 comments:

  1. හාහ් මේකෙත් මම එක වෙලා.
    දැන් මොකටද අනේ පොත්වල කොල කඩ කඩ ඉන්නෙ? අඳින්නකො ලැපෙන්ම.

    ReplyDelete
    Replies
    1. ලැපේ අඳින්නෙ බැන්ඳයින් පස්සෙලු, හැක්

      Delete
  2. //අතපය හතර සමපාත වෙන්න කෝටුකිතය්යෙක් වත් ඇඳගන්න බැරි// එකෙක් විදියට මට නම් මේක ඉහටත් උඩින්.. කාලෙකින් මේ පැත්තේ ආවේ.. බොටත් බ්ලොග් අමතකම වෙලා නේද?

    ReplyDelete
  3. කවුද මේ? හස්බන්ඩද? පෙනුමයි පොර. ටිකක් විතර

    ReplyDelete
  4. ඒකනම් ඇත්ත.එකේ wonderful තේරෙන්න ඇදලම බලන්න ඕනා.මමනම් ඔෆිසීයෙදි කුරුටු බලි අදින්න වෙනම කොලයක් තියන් ඉන්නෙ keyboard එක යටින්..

    කාලෙකින් මේ පැත්තේ එන්න ලැබුනෙ.

    ReplyDelete
  5. හිකිස්.. මාත් ඔෆිස් එකේ ෆ්‍රී වෙලාවට කරන්නෙම බලියක් අදින එක. චිත්‍ර අදින එක න්ම ඇත්තටම wonderful.
    දැන් දිගටම චිත්‍ර ඇන්දනම් අඩු පාඩු ටිකත් එබේම හැදෙයි.

    ReplyDelete
  6. මොන දෙයක්ද මන්දා මට නම් නිකම් වත් චිත්‍රයක් අඳින්ට බෑ...
    අඳින්ට හිතෙන්නේවත් නෑ...

    මේකට කලින් ඇඳපු අන්තිම චිත්‍රය අඳින කොට ඔයාගේ වයස කීයක් වගේ ඇතිද???
    නිකමට වගේ අහන්නේ...

    ReplyDelete
  7. හොදයි නෙ....! බලාගෙන ඇන්දහම ඇදපු ච්ත්‍රය බලපු කෙනාම වෙන්න ඕනැයැ... එයා දිහා බලල වෙන කෙනෙක්ව ඇන්ද කියනව.

    ReplyDelete
  8. කාලෙකට පස්සෙ බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ.තමන් වගේ උනත් එහෙම නොවුනත් පින්තුරෙ අයිතිකාරය නං මොකුත් කියන එකක් නෑ බැනුම් අහගන්න බැරි නිසා.

    ReplyDelete
  9. දාන්න පහක්... මාසෙකට සැරයක් වත් චිත්‍රයක් අඳින්න..

    ReplyDelete
  10. අඩි රූල තියලවත් මට කෙලින් ඉරක් ගහගන්ඩ අමාරුයි!! එහෙව් මට මේක නිකන් මොනාලිසා වගේ!!

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වගේ තමයි රූපේ.

      Delete
  11. දිගටම අඳින්න. එමෝෂන් එක පෙන්වමින් අඳින එක අමාරුයි. ඔයා ඒක කරනවා.

    ReplyDelete
  12. නියම බැල්මක් දාගෙන ඉන්නේ. ෂුවර් මේ ඉන්නේ උපේක්ෂා අල්ලං ඉන්න උපේක්ෂක. බලන්නකෝ මූනෙ තියෙන ජුගුප්සාජනක ස්වභාවය

    ReplyDelete
  13. මෙච්චර අපහාසයක් කරලා තියෙද්දිත් ඒ මම නෙමෙයි කියල සද්ද නැතුව ඉන්න මේ මනුස්පයට තවත් අපහස කරන්න පොස්ටුවකුත් දාල...

    බැරිද මගේ මූණත් ඇදල දෙන්න....

    ReplyDelete
  14. මේ ඉන්නෙ අපේක්ෂක වෙන්ටැ....

    ReplyDelete
    Replies
    1. සජ්ජා අපේක්ෂක කාලෙ නම් එයා මෙයාව අඳිනවා, මෙයා එයාව අන්ඳනවා. මෙයා එයාව අඳින්නෙ සුපර් ස්ටාර් තෝරා ගත්තට පසුව.

      Delete
    2. ඩ්‍රීම් ස්ටාර්

      Delete
    3. හෙහ් හෙහ්.... වෙන්ටැති ඉයන්.. ඩ්‍රීම් ස්ටාර් කිව්වම මතක් උනේ... කවුදෝ මීම් එකක් හදල තිබ්බ දැක්ක අසමසම ඩ්‍රීම් ස්ටාර් කියල නිමල් සිරිපාලගේ නිදාගෙන ඉන්න පින්තූර සෙට් එකක් දාල...

      Delete
  15. රෑපේ කියනවා වගේ අපි වාගේ චිත්‍ර බැරි එවුන්ට ඔයා පික්සෝ වගේ

    ReplyDelete
  16. චිත්‍රෙ ගැන කොමෙන්ටු දාපු උන්ට ස්තුතියි. අනික් ඕප දුප අවුලපු, ගින්දර දාපු, ලිපට පිඹපු උන්ට ඉතින්... අම්මප &TYR%^R%^R$%^%$%^$%^R^&

    ReplyDelete
  17. ඇටකෝටු මිනිස්සු ඇඳීමට පවා සහජ නොහැකියාවක් ඇති මටනම් මේක පට්ටයි!!

    ReplyDelete
  18. උඹට කවි එතකොට කතා එහෙම ලියන්න කොහොම වෙතත් චිත්‍ර අඳින්න නම් ටිකක් විතර පුලුවන්...ඇත්ත කියන්ට එපාය...:)

    ReplyDelete
  19. උල් නහයට කෙල්ලො පෙරෙතයි නෙහ්? හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...