Thursday, December 10, 2015

238. පිච්ච සුවඳ




මට තියෙන පිස්සු වලින් කීපයක් ගැන මම ලියලත් ඇති. ලියන්න බැරි පිස්සු සහ ලියාගන්න බැරි කියන ජාති දෙකේ ඒවා ලියන්න මම උත්සහ කරනවා.

එකක් මට අද උදේ එනකොට ආයෙමත් මතක් උනා. ඒ තමයි ඔය කෝවිල් ළඟදී මට දැනෙන අමුතු පිස්සුව!

කොයිල් වගේ ඇති නේද?

මෙහෙමයි...

ඔය කෝවිල් සහ කෝවිල් වලට යන පාරවල්වල තියෙන මල් විකුණන කඩවල් දකිද්දී මට මොකද්දෝ අමුත්තක් දැනෙනවා. වැඩියෙන්ම මල් කඩවල් දකිද්දී. ඒ මල් විකුණන කඩවල් වල තියෙන පිච්ච පිරුණු මල් මාලා දැක්කහම මාව පාවෙලා වගේ යනවා. මොනයම්ම හේතුවකට හරි ඒ මල් මාලයක් දාගන්න හරි ඒ පිච්ච මල් වලින් ඔලුව සරසාගන්න හරි හිතෙන එක වලක්වා ගන්න හරිම අමාරුයි. හැමදාම ඒ මල් කඩ පහුකරගෙන යන මම ඒ පාට පාට මල් මාලා  හිතින් තෝරන්න දහස් වාරයක් උනත් අමතක කරන්නේ නැහැ. සුදුපාට ලොකු මල් එක්ක දම්පාට මිශ්‍ර කරලා හදලා තියෙන එකට තමයි වැඩියෙම්ම හිත ඇදිලා යන්නේ.



කොටිම්ම මම ඉස්සර නම් මොකක් හරි උත්සවයකට සාරියක් අඳිනවා නම් අනිවාර්යයෙන් ඒ මහත පිච්ච මල් වැලක් අරගෙන මගේ ගුලියක් වගේ බඳින කොන්ඩේ වටේට දානවා අනිවාර්යයෙන්! ඔසරිය ඇන්දත්, සාරිය ඇන්දත් එහෙම්මමයි.

අද උදේ මම එනකොට ට්‍රැෆික් එකේ වටපිට බලමින් ඉන්න වෙලාවේ දැක්කා කොහොඹ කළ ඔලුවේ තියාගෙන යන හින්දු භක්තිකයින් පිරිසක්. වැඩිපුරම උන්නේ ගැහැණුන්. ( ඔව් ඉතින් පන්සලක උනත් මොකක් හරි ඔය වගේ එකක් තියෙනවා නම් වැඩිපුරම ඉන්නේ ගැහැනුනේ.. හි හි) ඒ ඔක්කොටම වඩා මගේ හිත ගියේ ඒ හැමෝගෙම ඔළුවල ගහලා තිබ්බ මල් වැල් දිහාවට! පිච්ච මල් වලින් සරසලා තිබ්බ විදිය දැක්කම, හැබෑටම මටත් හිතුන දුවන් ගිහින් පෝලිමට එකතු වෙලා එහෙම යන්න! වැඩිමනත්ම අර පිච්ච මල් ඔලුවේ ගහගෙන යන්න තියෙන ආසාවටමයි.

කළු නිසා සමහර වෙලාවට මාවත් ඉස්සර සමහරු වරදවා අරගෙන තියෙනවා දමිළ කෙනෙක් කියලා. හි හි...  දැන් නම් ඉතින් කොයි වෙලෙත් කියෝගෙන ඉන්න හින්ද කෙනෙක්ට වැරදිලා වත් හිතෙන්නේ නැහැනේ එහෙම!

පෙර එක කාලෙක මට හිත වැටිච්ච කොල්ලෙකුත් උන්නා දමිළ... ඌ මගේ නවමත් දන්නේ නැතුව හිටියේ. නම ඇහුව විතරයි ඌ ලත් තැන ලොප් උනා මතකයි. එහෙම උනේ නැත්තම් මමත් ඉතින් ඔය පෝලිමේ යන එකියක් වෙන්ට තිබ්බ , නැද්ද?

පිච්ච මල් වලින් මාල වගේ හදලා ඉස්සර අපි සෙල්ලමටත් කොන්ඩේ ගහනවා. තව තැඹිලි පාට මල් ජාතියක් තියෙනවා අමුණන. ඒවත් අපේ ගෙදර ඉස්සර ඔසේට තිබ්බ. ඒවායිනුත් කොන්ඩේ සැරසිලි දාන්න මම ඉස්සර ඉඳන් ආසයි.

ඒ මොකක් උනත් මට හිතෙන්නේ මම කලින් පාර දමිල කෙනෙක් වෙලා ඉන්න ඇති කියල.

හෑ ?? කොටියෙක් වත්ද??

එහෙමයි කියල ඉතින් වෙනසක් නැහැ ( එහෙම තමයි මම ගැන දන්නා මගේ යාලුවෝ නම් කියන්නේ! හි හි )





46 comments:

  1. අනේ මන්දා පිච්ච මල් නිසා මාත් අහගත්තා කලින් හොදටෝම කතා... හැක්

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද අප්පා? ලින්ක් එක වත් දාන්නකෝ

      Delete
  2. ...//කළු නිසා සමහර වෙලාවට මාවත් ඉස්සර සමහරු වරදවා අරගෙන තියෙනවා දමිළ කෙනෙක් කියලා//...

    අපේ ගම්පැත්තේ නම් ඉන්නවා සුදුම සුදු ලස්සන දෙමළ කෙල්ලෝ.මම ඒ දවස්වල දෙමළ කෙල්ලෙක් එක්ක යාලු වෙලත් හිටියා.එයාගේ නම විචී අමීනා.ලස්සන නම නේ ?.එයාලගේ මුල්ගම යාපනේ තිබුනේ.එයා පස්සේ යාපනේ ගියානේ පදිංචියට.

    ReplyDelete
    Replies
    1. දෙමළ කෙල්ලන් සුදුය සංකල්පය එක්ක තමයි හැදිලා වැඩුනේ. ඒ හින්දා වෙන්න ඇති. ඉස්සර ඉස්කෝලේ මොකක් දෙමළ කෙනෙක්ට අඳින්න ලැබෙනවා මම පැනලා ඉදිරිපත් වෙනවා. නමුත් අපේ ඉස්කෝලේ දෙමළ කෙල්ලන් හිටියා. දෙමල විතරක් මුස්ලිම් අයත්. හැබැයි එයාල වෙනම පංතියක්. මිශ්‍ර වෙන්නේ ඉංග්‍රීසි කාලපරිච්ජේදයේදී විතරයි.
      දෙමල උනත් සුදුම සුදු ලස්සන කෙල්ලන් හිටියා.

      යාලු වෙලා හිටියා කිව්වා? හි හි... එයාට සිංහල පුලුවන්ද හොඳට?

      Delete
    2. අපේ පැත්තේ දෙමළ අයට හොදට සිංහල පුලුවන්නේ.එයාටත් එහෙම තමයි.

      Delete
  3. ඒ දෙමළ කොල්ලව කසාද බැන්දෙ නැත්තෙ අපරාදේ... ඇත්තටම කිව්වෙ... මිනිස්සු ආදරෙන් ඉන්නව නම් මොන ජාතිය උනත් මොකෝ...මට මතකයි කුලසේන ෆොන්සේකා මහතාගෙ "කල්ලන්දූවේ මුතුකොල්ලය" පොතේ කොල්ලෝ තුන්දෙනා යන ගෙදර (හරියට මතක නෑ නම්, එක යාලුවෙක්ගෙ මාමගේ ගෙදර) මාම සිංහල, නැන්ද දෙමළ.. අපේ එවුං කොටි කතන්දරේ හන්ද දෙමළ මිනිස්සු පිළිකුල් කළාට හරිම අපූරු සංස්කෘතියක්... වෙනස් කෑම වර්ග, රෙදිපිළි, ආයිත්තම්, භාරත නාට්‍යම් , කිරි කහට , නළලේ තිලකය.. හරිම සුන්දරයි.... ආ තව එකක්. "දමිළ" කියල වචනයක් නෑ උපේක්ෂා. නිවැරදි වචනය "දෙමළ" මම දන්නා විදියට. ඕක සෝබනේට හදාගත්ත එකක්..

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවන් අතරේ හිටියා බාස්කරන් කියලා දෙමළ කොල්ලෙක්.මම බුවාට විහිලුවට කියන්නේ ප්‍රභාකරන් කියලා.එතකොට ඌ කියනවා උඹ මට ඕන එකක් කියපං ඕකනම් කියන්න එපා කියලා.කොහොම උනත් ඒ මිත්‍රත්වයට අපි අතරේ ජාතිභේදය හරස්වුනේ නෑ.තව මම මත්තේගොඩ ඉන්නකොට එකම බොඩිම් කාමරේ මමයි දෙමළ කොල්ලෙකුයි එකට හිටියේ.මම බෝඩ්මට එනකොට සමහර දවස්වලට 10ත් පහු වෙනවා.මම එනකොට අරූ මටත් එක්කම උයලා මම එනකම් ඉන්නවා.මම වෙන ජොබ් එකකට යන්න බෝඩීමෙන් එන දවසේ අරූට ඇඬුනා.මට තවම ඒ වගේ මුස්ලම් අයනම් මුන ගැහිලා නෑ.

      Delete
    2. //මට තවම ඒ වගේ මුස්ලම් අයනම් මුන ගැහිලා නෑ.// මට හම්බ වෙලා තියෙනවා.. මේ දවස්වල මගේ පාඩම් වැඩ වලට හැමතිස්සෙම උදව් කරන, මට කිට්ටුම යාළුවා මුස්ලිම් තරුණියක්.. :)

      Delete
    3. මගේ යළුවො අතරේත් දෙමළ,මුස්ලිම් ඔය දෙගොල්ලොම ඉන්නවා.ගොඩක් අය මවාපාන බිල්ලෝ උන් ඇතුලේ නැහැ.

      Delete
    4. මගේ ගම් පැත්තේ මුස්ලිම් අය ඇත්තෙම නෑ.දෙමළ අය තමයි ගොඩක් ඉන්නේ.එහේ සිංහල දෙමළ ප්‍රශ්නයක් ඇත්තෙම නෑ.අවුරුදු දවස්වල අපි ඉන්නෙ ගමන් බිමන් යන්නේ එකටමයි.මගේ යාලුවන්ගෙන් බාගෙට බාගයක් දෙමළ යාලුවෝ හිටියා.ඇත්තෙන්ම වෙනසක් දැනිලම නෑ අපි කාටවත්.

      අපේ ඉස්කොලේ අවා මුස්ලිම් කෙල්ලෙකුයි කොල්ලෙකුයි.ඒ දෙන්නගේ අම්මා සිංහල බෞද්ධ තාත්තා මුස්ලිම්.ළමයි දෙන්නගේ නම් මුස්ලිම් ආගම බෞද්ධ.තාත්තා පල්ලි යනවා වගේම පෝයට ලමයි එක්කන් පන්සලුත් යනවා.උඹලා දන්නවද මන්දා සිංහල වාසගම් තියන මුස්ලිම් අය ඉන්නවා කියලා.

      Delete
    5. සජ්ජා:
      ඒක වෙනම කතාවක්. කෙටියෙන් කිව්වොත් ඒ කොල්ලා දැනගෙන හිටියේ නැහැ මම සිංහල කියලා. මගේ නම අහපු ගමන් ( කාගෙන් හරි අහලා දැනගෙන) මිනිහා පසුපස පාදයේ ක්‍රීඩා කරන්න ගත්තා. ඌ එක්කම උගේ මල්ලිත් බැල්ම දදා හිටියේ. මම ඉතින් කාල බොම්බේ වගේනේ ඒ දවස්වල. ( ඉස්කෝලේ කාලේ) ඒ දෙන්නා ගැන මම නවකතාවකුත් ගත්තා ( චරිතවල නම් අරගෙන) නමුත් ලියල ඉවර කරගන්න බැරි උනා . ඒ කාලේ ක්‍රෂ් අනේ, කවුද දන්නේ කසාදෙ වෙනකල් යයිද කියල වත්.

      අවන්කෙන්ම කිව්වොත් මම ඉන්දියන්/හින්දු කෑම පිස්සෙක්. නොගිය සයිවර් කඩයක් නැති තරම්. අදටත් මම ඒ කෑම වලට , ඇඳුම් වලට ආසයි. ඔක්කොටම වඩා මේ පිච්ච ගහන වැඩේට!

      මනෝ:
      අපේ බැච් එකේ හිටියා 'ශිවා'ලා දෙන්නෙක්. එකෙක් තඩි ශිවා, අනිත් එකා පොඩි ශිවා. තඩි ශිවා මාරම හැන්ඩියා. තඩි කිව්වට ඌ තඩි නැහැ, හොඳට උසයි. මමත් ඉතින් ටොයින් ටොයින්... ඒ වගේම මාර හිත හොඳයි. උගේ වාසනාවට ඌට මොලේ තිබ්බ.

      කල්‍යාණ :
      මුස්ලිම් කෙල්ලන් මටත් ඉන්නවා ඉතාම හිතවත් වෙච්ච. ඉස්කෝලේ කාලේ මම අපේ ඉංග්‍රීසි කාලපරිච්ජේදයේදී හැමදාම හිතලම ගිහින් ලඟින් වාඩිවෙන මුස්ලිම් කෙල්ලෙක් හිටියා. ලඟදි වත් පොතේ පණිවිඩයක් කියනකල් මතකවත් .එයාට මම ඒ දවස්වල කියපු පිස්සු දේවල් ඔක්කොම මතකයි! දැනටත් මගේ දෙමළ යාළුවන් ( කෙල්ලන්) ඉන්නවා ඉතාම ලඟින් ඇසුරු කරන. ඕනෙම ප්‍රශ්නයක් කියන්න පුළුවන් තරමේ.

      මනෝජ්:
      හරියටම හරි මනෝජ්.

      Delete
  4. සේපාලිකා, සමන්පිච්ච වගෙ තද මල් සුවදට පිච්චුව වැඩි වෙනවා කියනවනෙ..!

    ReplyDelete
    Replies
    1. අලේ.... ඒම කියාන්ට යෙපා අප්පා.... ශාමි!

      Delete
  5. ආදිකාලෙ පන්තියක හැමජාතියකම ලමයි හිටපු වෙලාවක මගෙත් හිත ගියා සුදුම සුදු ලස්සන දමිල තරුණියකට. මගේ තිබිච්ච අපායෙන් මේ දැන් බැහැපු පෙනුම නිසාද කොහෙද ඒ කෙල්ල මාව තඹ සතේකට ගනන් ගත්තේ නැහැ. එහෙම වුණාට 'නෙවර් සේ ඩයි' ආකල්පය නිසා ඉතින් දන්න හැම ට්‍රික් එකම දැම්මා. ඒ හැම පාරම හොට බිම ඇණගන්න මගේ උත්සාහයන් මගේ යාළුවන්ට නම් හාස්‍ය උපදවීමට සහ මට කාඩ් ගැසීමට ඔකු උදවක් වුනා. මොන. එකපාරටම ඒ අයගේ පවුලම කැනඩාවට සංක්‍රමණය වුනා. ඔය මොබයිල් ෆෝන් ෆේස් බුක් නොතිබිච්ච කාලේ නිසා 'ජාතීන් අතර සංහිදියාව' ඇතිකරන්න මම ගත්ත 'අහිංසක' උත්සාහය ඉවර වුනා.

    ReplyDelete
    Replies
    1. හුහ් පෙනේද පන්ති යනවා කියල කොරල තියෙන වැඩ? අඩේ මේවා තමයි බොලේ මුන් වෙනම රටක් ඉල්ලන්න හේතු අම්මප

      Delete
  6. ඔයාටත් මාර ආතල් තියෙන්නේ. මේ පැත්තට එහෙම ආවා නම් ජාති. යන යන තැන කෝවිල්. එක එක ජාතියේ දෙවිවරුන්ට වෙන් වුණ ඒවා තොගයක් තියෙනවා...

    මම නතර වෙලා ඉන්න කිට්ටුව ප්‍රසිද්ධ ශාලාවක් තියෙනවා. ඒකේ උත්සව වලට එන අය පිච්ච මල් පටලවා ගෙන ඉන්නවා...

    තව අර කෝවිල් වල උත්සව තියෙන දවස් වලත් එහෙම යන අය දකිනවා...
    කොහොම වුණත් මම නම් ඒකට කැමති නෑ...

    සමහර වෙලාවට උදේ පිරිමි අයත් පිච්ච මලක් කණේ රඳවා ගෙන ඉන්නවා. (ඒ වුණාට එතනදි නම් මලේ වර්ගය ගැන තකන්නේ නෑ. එක එක වර්ග වල ඒවා රඳවා ගෙන ඉන්නවා)...

    පිච්ච වර්ග දෙක තුනක්ම දැක්කා මේ පැත්තේ. පිච්ච සුවඳ කියන්නේ මම විඳින්ට ආසම දෙයක්...

    ඒ වගේම තමයි ගැණු පොට්ටු තියන එකටත් මම වැඩිය කැමති නෑ...
    ඒකෙන් එයාලගේ ලස්සන නැති වෙනවා කියලා තමයි මට හිතෙන්නේ...

    ඒ වගේම තමයි මේ පැත්තේ සුදු අයත් හිඟ නෑ...

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඔය පැත්ත.අපිටත් ආසයි එන්න.

      Delete
    2. කෝවිල් වල තියන උත්සව වලින් අපේ පවුලේ අය නොවරදවා ගියපු එකක් තමයි 'තේරු' කියන්නේ.

      කෝවිලේ තවිල් සද්දේ මට නම් මොකද්දෝ අමුතු එකක් වගේ ඇහෙන්නේ. ගෝසාවක් කියල හිතෙන්නේ නැහැ.

      නළලේ පොට්ටු තියන්නේ ඇයි දන්නවද? ඇස්වහ නැතිවෙන්න... හි හි... ලස්සන පොඩ්ඩක් අඩු කරන්නයි එහෙම කරන්නේ. ඉස්සර අපේ ගෙදර පාට පොට්ටු විතරක් නෙවෙයි, පොට්ටු තියන බෝතලයක් තියාගෙන මම ගෙදර ඉන්නකොට පොට්ටු තියාගෙන ඉන්නවා.

      ඔය මලක් කනේ හරි ඔලුවේ හරි රඳවාගෙන ඉන්න එක මමත් දැකල තියෙනවා. පොඩ්ඩක්වත් ගර්ලිෂ් නැති මම ගෙදරට මල් ගහන්නේ එහෙම ( අපිට තිබ්බ සමන් පිච්ච වැලක්. ඒකෙ මල්) අක්කා නම් තනි මලක් සමහර ඔලුවේ ගහගෙන යනවා.

      දෙමළ තරුණියන් කලුයි කියල තමයි අපේ ගෙවල් පැත්තේ සංකල්පය තිබ්බේ.

      Delete
  7. ඔයාගේ ඔය පිච්ච මල් සුවද වගේ sensitive වන දෙයක් මටත් තියනවා ... පල්ලියේ ඝන්ටාරය වදිද්දී .... මට මොකද්දෝ අමුතු හැගීමක් දැනෙනවා ඒ සද්දෙට මාව ඇදිල යනවා . .... එත් මං බුද්ධාගමේ ...

    ReplyDelete
    Replies
    1. හොඳට බලන්න, මම කිව්වට... ඔය ඝන්ටාරේ ලණුව කකුලේ පැටලිලා උන්නද කියල. නැත්තම් ඉතින් ඒක ගහනකොට ඇදිල යන්නේ මක්කටද?

      Delete
  8. මට නම් පිච්ච මල් සුවදකට ඔලුව කැක්කුමයි!! එ් ඉතින් ලබා උපන් හැටි!! ඉස්සර නම් දෙමළ කුණුහරුපත් දන්නවා!
    දෙමල උන් එක්ක බැනගන්නවත් එක්ක...
    ආයේ අර හරෝ හරා කියන විදිය.....ඒකත් පට්ට!

    ReplyDelete
    Replies
    1. O\L වලට දෙමල සතියෙන් ඉගෙනගෙන වයිකල්පිත ද මොකද්ද එකට ලිව්වා. දැන් නම් දෙමළ මුවි බලනවා. නමුත් තේරෙන්නේ නැහැ මෙලෝ සංසාරයක්!

      මම එක පාරක් වැඩකලා, හිට්ලර් වගේ බෝසෙක් ගාව. මිනිහා දෙමළ. නම විජේ. මම එයා ගැන ලියල තියෙනවා. ( ඌට කේලම් කියපු එකාට අපි දාල තිබ්බ නම පොඩි විජේ) අපි ඒ දවස්වල බොරුවට දෙමලෙන් කතා කරනවා. හැම එකටම 'කුඩුංග' 'පොර' 'ඉල්ල' ගගා කරලා කතා කර කර .ඔන්න එක දවසක් මම සොඳුරු දෙබසක් එහෙම කියල බලනකොට ඔක්කොම කොර වෙලා බලන් ඉන්නවා. මෙන්න බොලේ විජේ මගේ කන ගාව!! අම්මේ දැනුන සැප!!

      Delete
  9. පිච්චමල් ගහගෙන එන ලස්සන දෙමළ කෙල්ලෝ බලන්න ඉස්සර අපි කෝවිලේ උත්සවේට නොවරදවා යනවා.. අපි හැදුනේ බහු සංස්කෘතික පරිසරයක.. පිටින් ඉඳන් කවුරුහරි උඹ සිංහල උඹ දෙමළ, උඹ මුස්ලිම් කියලා කියුවොත් මිසක් අපිට එහෙම එකක් දැනිලා තිබුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒක තමයි හැබෑම ඇත්ත. වැඩිදෙනෙක්ට නොතේරෙන ඇත්ත!!

      Delete
  10. ඕක පූර්ව ජන්මයේ පුරුද්දක්. එක එක සුවඳවල් වගේම සද්ද වලටත් හේතුවක් නැතුව ඇදිලයන ගතියක් මටත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. සද්ද එක්ක නම් ඉතින් නෑකම තියෙන බව පෝස්ටු කියෙව්වම තේරෙනවා. මට තියෙන අවුල මගේ ඔලුවේ තියෙන සද්ද ටික මට කොලෙකට ගන්න හැකියාවක් නැහැනේ සුරංගට වගේ!

      Delete
  11. ඉපදුනේ අම්පාරෙ සෙන්ට්‍රල් කෑම්ප් ඉස්පිටිතාලේ..උප්පැන්නේ තියෙන්නෙ දෙමල භාෂාවෙන්....ඒ නිසා මට නම් කොයිල් නැත....!

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට කොයිල් නැති බව ඉතින් සාක්කි ඇතුවම කියයි කට්ටිය ඕනේ තරම්! නැද්ද?

      අඩේ අප්පා, උප්පැන්නේ දෙමලෙන් තියෙනවා කිව්වා? දෙමළෙන් ලියන්න බැරි නමක් ( සමහර ශබ්ද වලට දෙමල හෝඩියේ අකුරු නැහැ නේද?) තිබ්බොත් ගස් නේද? මගේ බෝඩිමේ සගයෙක් උන්න උගේ නම අපිට කිව්වේ 'චන්ද්‍රිකා' කියල. මෙන්න මෙකි email එක දෙන්නව santhrika කියල. මාව කරකවල අතාරියා වගේ

      Delete
  12. පෙර ආත්මයක පුරුද්දක්... මෝහනය කරලා බැලුවොත් හොයාගන්න පුළුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. මොහනේ නේද? මම මාරම බයයි මොහනේ වෙන්න. වෙන මොකවත් නෙවෙයි, මේ ආත්මේ එව්වා කියයි කියල.

      මගේ නුදුරුම ආත්මේ ගැන නම් මට කිහිප තැනකින්ම කියල තියෙනවා. ඒ හැටියට නම් ඒ පාර වෙන්න බැහැ . නමුත් අනිවාර්යයෙන් මම දෙමල වෙලා ඉන්න ඇති. වෙඩි කන්නම ඇති ( එහෙම තමයි රට්ටු කියන්නේ)

      Delete
  13. කිව්වාම මොකො මමත් ඔය සුදු දෙමළ කෙල්ලෙක් වෙනුවෙන් මගේ ආලය පුද දෙන්න බලාගෙන හිටියා කාලයක්ම.හොඳට මොළේ තියෙන ඒ කෙල්ල ජාතික ඒකාබද්ධතාවය අමතක කෙරුවානේ.

    පිච්ච සුවඳ ගැන කියනවා නම් මමත් ආසම සුවඳක්.පිච්ච වැලක් කාමරේ ඉස්සරහා වවා ගන්න හිතං ඉන්නේ ජනේලේ ඇතුලෙන් ඒ සුවඳ කාමරේට කාන්දු කර ගන්ට.

    ReplyDelete
    Replies
    1. පෙනී යන ආකාරයට දෙමල තරුණියන්ට සාධාරණ හේතු තියෙනවනේ බොලේ වෙනම රටක් ඉල්ලන්න! දැනටමත් මෙතනම කීදෙනෙක් පාපොච්චාරණේ කොලාද? අම්මප ප්‍රභාකරන් කියන්නේ විමුක්තිකාමියෙක්ම තමයි , නැද්ද?

      Delete
  14. උඹ ගිය ආත්මෙ එකත් එකටම අදින්න පුබ්බක බමුණගෙ නැන්දම්ම වෙලා ඉන්ට ඇති. ඒ මනුස්ස දූ තමයි ඔහොම නිතර දෙවේලෙ කොණ්ඩෙ පිච්ච මල් දවටගෙන හිටියයි කියල පුරාණ කතාවල කියවෙන්නෙ...;)

    ReplyDelete
    Replies
    1. ආ.. වෙන්ට ඇති වෙන්ට ඇති.... උඹට මතක නැතුවය නැද්ද? උඹ නේ එතකොට අදින්න පුබ්බක වෙලා උන්නේ... ආයෙත් අහල, ඉතින් වරදින්ට හැටියක් නෑ

      Delete
  15. අාය මල් ගැහිල්ලා ජාතියකට අාගමකට අයිති දෙයක් යෑ නේද උපේක්ෂා...

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් උදවිය ඔය මල් ගනුදෙනු අඩුයි නේද?

      Delete
  16. අපිත් ආශයි තමා මලක් කාරිය ගහලා.... ලශ්ශනට..ශීන් එකේ ශෙන්ටිමෙන්ටල් වෙන්න.ගශ්ලබ්බගෙ ගෙදර කාමරේ ලඟ තියෙනවා ඇට්ටේරියා පඳුරක්.ගේට්ටුව ලඟ ශේපාලිකා පඳුරක්. ශයිට් එකට ගියාම පඳුරු පඳුරු ගශ්.. මොණරාගල මල් තණමල්විල රේණු...
    හින්දු සංස්කෘතිය ඇත්තටම හරි විචිත්‍රයි වගේම නැවුම් ගතියක් තියෙනවා.බෞද්ධ දර්ශ්නය ආගමක් බවට පත්වෙනකොට හින්දු ඇදහිලි ක්‍රම වල වඩා සෞම්‍ය කොටස් එකතු වෙලා තියෙනවා කියන එක පැහැදිලියි. ඉතිං කොහෙ කොයිල් වෙන්නද හප්පා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇට්ටේරියා නේද අර කහපාට නියඟලා වගේ මල? අපි ඉස්සර ඉස්කෝලේ යන පාරේ තියෙනවා ගහක්. වැටුණු මල් වලට අපි පොරකනවා. ඒවා අපි ඇඳුම් අස්සේ දානවා. පොත් බෑග් වලත් දානවා. ( ඇත්තම කියනවා නම් අක්කා එහෙම කරනවා දැකලා කළා මිසක් ඉස්සර එහෙම සුවඳ පිස්සුවක් තිබ්බේ නැහැ)

      බුදුන් වැඩ හිටියේ ඒ පරිසරයේ නේ, ඉතින් ඒ දේවල් ඉබේම එකතු වෙනවා. ඔය සේපාලිකා මල් වලටත් මට පිස්සුවක් තිබ්බා. දැන් නම් එය සමනය වෙලා. ඉස්සර පාන්දර නැගිටලා අල්ලපු ගෙදර සේපාලිකා මල් අහුලන්න යනවා වට්ටියත් අරන්.

      Delete
    2. අට්ටෙරියා මල සුදුයි.රේණු ලා කොල/කහ පාටයි.පොඩියි.පෙති පහයි.පට්ටම සුවඳයි.උදේ වෙනකොට මල නෙමෙයි පෙති බිමට වැටෙනවා

      Delete
  17. ගස්ලබ්බත් ජූනියර් බැච් එකේ කොයිල් වැඩ කරන කෙල්ලෙක් තෝරගෙන 'මටකොයිලි' කියලා කාඩ් එකත් දාගෙන හෝදන්න පටං ගත්තා.. කොහෙද... උංගෙම එකෙක් කෙල්ලව ගොඩදාලා... අනිච්ඡේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක් ( සභාවේ තදින් සිනා)

      Delete
  18. මට නං ඔය ජාතිවල වෙනස කවදාවත් තේරුණේ නෑ.හොඳම දේ ජාති කීපයක අය ලංකාවෙ ඉන්නව කියල හැලපැට්ට දන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම ජාති ගොඩක් ඇත්තේ නැහැ තමයි. පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. ඒකෙත් ගතයුත්තක් නැති තරම්.

      Delete
  19. මට මතක් උනේ ඉසුරුගෙ මේ කවිය


    පිච්ච
    ____

    මංජරී,
    අපට නොගිහින් ඉන්නයි තිබුණෙ
    ගියදා ඉඳන් ඒකට
    පිච්ච මල් ගඳයි මට
    ඉස්සර වගෙ නෙමේ
    වහනවා මං ජනෙල් දොරවල් තදට
    පිච්ච මල් සුවඳට

    කපන්න හයියක් නෑ
    පිච්ච පඳුර මට
    පිච්ච මල් අහුරක්
    අම්මා තාමත්, පූජා කරනවා හවසට
    ඒ අපි දහම් පාසැල් යන කාලෙ හිටපු
    බුදු හාමුදුරුවන්ට

    ඔයා ජැස්මින් ටී බොනවා
    මහත් වෙනවට
    ජෙගන්ගෙ අක්කා
    කොණ්ඩෙ ගහනවා පිච්ච වැල්
    කෝවිලට යනකොට

    පොඩි පන් වට්ටියකට
    පිච්ච මල් කඩන්
    ඔයාගෙ තනි කොණ්ඩ කරලට
    තව මලක් පැන්සල් පෙට්ටියෙ තියන්
    දහම් පාසැල් ආ හැටි මං
    මතකද ඔයාට?

    නොගිහින් ඉන්නයි තිබුණෙ අපට
    පිච්ච මල් පූජාවට
    මතක් වෙනකොට ඒ මූණු
    තාම බය හිතෙනව මට

    හිර වෙවී, පොර කකා
    කෑ ගගහා, අඬ අඬා
    දුකවල් කිය කියා
    විසි කළා ඒ අය
    පිච්ච මල් අහුරු
    බුදු පිළිමෙ මූණට

    හෙලිකොප්ටර් ඇවිත්
    අහු කළා අපිව
    පිච්ච මල් වැස්සකට
    පර වුනු, පර නූනු
    පිචච මල් පෑගුනා
    මග දිගටම අපිට

    ඔක්කාරෙ ආව මට
    සැර පිච්ච මල් සුවඳට

    මංජරී,
    ගිලෙනවා අපි
    පිච්ච මල් වට්ටියක පතුලට
    බලු දත් වගේ පෙති තියන
    සුවඳට හුස්ම හිරවෙන
    පිච්ච මල් වට්ටියක පතුලට

    මංජරී,
    කවියක් නෙමේ මේ
    පිච්ච මල් ගඳයි මට
    බයයි මං
    ඔයා ආසයි කීවම
    පිච්ච මල් පූජාවට

    - ඉසුරු චාමර සෝමවීර -

    ReplyDelete
    Replies
    1. බෝම ඉස්තුතියි බස්සියෝ ලින්කුවට. මරු කවි එකතුවක්නේ! ගොඩක් හිතට වැදුනා.

      මල එක උනාට ප්‍රස්තුතය නම් වෙනස්. හත්වලාමයි, මේ මනුස්සයා මම හිතපු විදියට හිතපු එක පුදුමයක්. ඒවා ගැන කියන්න ගියොත් ස්නානය කරන්න වෙන්නේ.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...