Sunday, November 1, 2015

233. ඩිජිටල් රේඛා ( digital divide?)






ඉරිසියාවෙන් පැලෙමි
මම වෙනුවට
වම් උරෙහි එල්ලෙන
ඔබේ ලැප්ටොපය දැක

කුරිරු ලෙස මත්වෙමි
මට අයිති ඇඟිලි අල්ලන
යතුරු පුවරුව දැක

සෙමෙන්
වමතේ මුදුව අල්වමි,
සිහිනයෙන් බිම බසිනු
දැක දැක


36 comments:

  1. ඇත්ත මටත් වෙලාවකට ඕක හිතෙනව

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙන්නත් ඒ මායාවෙන් මිදෙන්න ඕනේ නේද?

      Delete
  2. මට හිමි තැන කොහෙවත් යන ලැපක් අරන්
    ලැපට කෙළිමි කවදක හරි මන්

    ReplyDelete
    Replies
    1. තමන්ට 'හිමි' තැන ඇත්තටම ගන්න පුලුවන්ද?

      Delete
  3. සසරම කලකිරෙන්නේ..
    දකුනතේ මහපොට ඇඟිල්ලටයි
    මැදගිල්ලටයි අහුවෙලා
    දබරඟිල්ලත් එක්ක
    හුරුතල් වෙන
    මවුස් පැට්ටා දැක්කාම...
    මොකට මේ මුදුව දැම්මාද
    එදා මට....!

    ReplyDelete
    Replies
    1. මේ අපේ චෙෆා නෙමෙයි කියලා මම යෝඡනා කරනවා..

      Delete
    2. ඔය කියන්නේ.

      මේ ආරේ කතාවක් දෙකක් බස්සි ලියල තිබ්බ මතකයි

      Delete
    3. Menda...it's me...but logged in from another device.....!!

      Delete
  4. අයියෝ...මේ මොකද බන්...

    ReplyDelete
  5. ලැපක් විදින සැපක්
    නිසා උපන් දුකක්

    ReplyDelete
    Replies
    1. ලැපට 'නොදැනෙන' සැපක්
      දැනෙයි සිතෙන හිතක්

      Delete
  6. අර ඇඩ් එකක් යනවා නේද තාත්තේ ඒ ගෙදර නම් මේ වගේ කාමරයක් හදන්න එපා ,එහෙම වුනොත් ඒ තාත්තත් දුව එක්ක කතා කරන එකක් නෑ කියලා , ඒ ඇඩ් එක මතක් වුනා මට

    ReplyDelete
    Replies
    1. ඒ ඇඩ් එක මාවත් හොල්මන් කළා. ඇත්තටම ඒ ඇඩ් එකේ ලොකු කතාවක් කියනවා අපි ගැනම. අපේ ළමයින් ගැනම. උන් එහෙම කම්ප්ලේන් කරන්නේ අඩුවෙන් උනත් ඔහොම හිතෙන ඕනේ තරම් වෙලා ඇති නේද?

      Delete
  7. ඔය රෙද්දෙ ලැප අල්ලල විසිකරහං උපේස්සො.

    ReplyDelete
    Replies
    1. ඉඳා....... ඕන්න විසික්කා කළා... දැන් ලිපෙන්ද කොමෙන්ටු වලට උත්තර බඳින්නේ?

      Delete
  8. ලැප්ටොප් වලට දොස් කියල අහු වෙන්න එපා හරි ද..

    ReplyDelete
    Replies
    1. මුත් ඉතින් අර කෝඩ් කොටන හාදයෙක් වෙච්චි..... ලැපක් කෙසේ වෙතත් ඔය කොම්පීටරේ හින්ද නේද ඔබතුමා ගොඩ ගියේ?? හික් හික්

      Delete
  9. ලැප් .... ටොපේ ටොප්..

    ReplyDelete
  10. Hum.
    Skype meh? Me dawas wala yana ad ekak mathak una.. :)

    ReplyDelete
    Replies
    1. ඒකෙ නළුවා හෙන චාටර් වගේ නේද? හොම්බට අනින්න හිතෙනවා... යකෝ කටේ නහයේ හිරවෙනකල් කවුද හලෝ ස්කයිප් කරන්නේ? හෙනම මැට්ටෙක්

      Delete
  11. ලැප්ටොප්, බයික්, කාර් එක්ක තරඟ කරන ගෑණු!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ ඩුඩ් අදාළ නිලයට තට්ටු කළා. හරියට හරි... අපි තරඟයක් කරන්නේ. කොටිම්ම ගෙදර ඉන්න බල්ලත් එක්ක පවා තරඟ කරන්න වෙලා. නැද්ද?

      Delete
  12. ඉරිසියා නොකරන්න
    ප්‍රේමය නොවේ යාන්ත්‍රික.

    ReplyDelete
    Replies
    1. ඔබට කැමති දේ දෙන
      එකයි ප්‍රේමය - ඔහු සිතයි

      Delete
  13. අන්තිම කවිය වෑල්
    උඩ කවි දෙක එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. උඹලට මම මොකක් ලිව්වත් වෑල් නේ...
      ඇති යන්තම් මොකක් හරි තේරුණා... දැන් සැනසිල්ලේ ඇස් දෙක පියා ගන්න පුළුවන් මට!

      Delete
  14. "ඔව් ඔයාට මට වඩා ලොකු වෙලා තියෙන්නේ ඔය ඉලව් ලැපී නේ!" සතියකට දෙතුන් පාරක් ඇහෙන එකම වාක්‍ය සෙට් එක!

    ReplyDelete
    Replies
    1. ගෙදර දොර පොළු, කොසු එහෙම නැද්ද? මම ඒවායින් ගත හැකි ප්‍රයෝජන ගැන ලියල එවන්නම් ඉක්මනට. හරි පොරෝජන් වෙයි, නැද්ද?

      Delete
  15. අපිනම් ඔහොම දුක් දෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳයි.... අනේ වාසනාවන්

      Delete
  16. ලස්සනයි. අමුතු අරෙකට හිතල.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කියන නෝනලා එමටයි. බොරුනම් අන්න උඩ කොමෙන්ටු දාපු මහත්තුරුන්ගෙන් අහනවා හොඳයි.නෙලුම් යායට දැම්මට ස්තුතියි.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...