Friday, November 13, 2015

234. මග බලමි




අනුන් වෙනුවෙන් ඇරුණු
කවුළුවක සරනේරු
හඬකටද  - තිගැස්සෙන,
මකුළුදැල් හිමිකාර
හදවතකි....

32 comments:

  1. අනුන් වෙනුවෙන් ඇරෙන ජනේල සද්ද වලට කාලයක් මමත් ගෙදර ගිහින් වරු ගනන් මූඩ් ගහලා හිටියා..

    ---මේඝ---

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට මල් පිපෙන්නේ පවා අපි හින්දයි කියල පවා හිතෙනවා නේද?ඉතින් සරනේරු ගැන කවර කතාද?

      Delete
  2. චූටි උනාට නියමයි............

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් චුටි/බුහුටි උදවියනේ

      Delete
  3. short and sweet.
    sinhala bloggala.

    ReplyDelete
  4. මකුළුදැල් හිමිකාර හදවතකි....

    මකුලු දැලක් වගේ පැටලිලාද
    නැත්නම් කඩාගෙන වැටෙනවද ?

    ReplyDelete
    Replies
    1. දෙකම නෙවෙයි.

      වෙනස්වීම් වලින් දුරස්ථ දේවල් මකුළුදැල් වහනවා නේද?

      Delete
  5. අනුන්ට අයිති දෙයක් වෙනුවෙන් තමුන්ගෙ ජීවිතය පටලවා ගෙන කියලයි මට නම් තේරුම් ගියෙ.

    ReplyDelete
    Replies
    1. තමන්ට අයිති දේ කුමන හෝ මොහොතක එයි කියා ඉඳන් ගැස්සෙන ? වගේ අදහසක් ආවේ නැද්ද?

      Delete
  6. කවුරු වෙනුවෙන් ඇරුනද කියලා සැක හැර දැනගන්න ඕන

    ReplyDelete
    Replies
    1. මුලදී ගැස්සෙන්නේ සැකයේ වාසිය තමන්ට තියෙන නිසා නොවේද?

      Delete
  7. ඇගේ නමින් කිසිදාක නෑරුණු
    මකුළු හුයේන් යදම් ලා බැඳුණු
    මලකඩ ලෑ සරනේරු
    හිමි ගැහැණු සිතක්
    කාගේදෝ මැසින් තෙලින්
    ඇරී වැසෙත් කෙදිරි නගත්

    ReplyDelete
    Replies
    1. කාගේද කියා
      නොමදත්
      අහා..! පුදුමය
      බැඳෙන බැඳුමත්

      Delete
  8. අරින එකාට අරින්නත් ඇරෙන එකාට ඇරෙන්නත් ඉඩ දිය හැක්
    කවිය නං අද හොදටම තේරුණා වෙනද පොඩි කවි වගේ නෙවී

    ReplyDelete
    Replies
    1. ප්‍රීති... ප්‍රීති...... වැටහුනා නම්

      Delete
  9. නියම මිනි කවියක්
    ජයවේවා!

    ReplyDelete
  10. //මග බලමි// අර කොටස් කතාව නැවත ලියන තුරු! ;)

    ReplyDelete
    Replies
    1. පැතුම් ඇයි එපා කියන්නේ?

      Delete
    2. මම ඒ වගේ කතා වලට එච්චර කැමති නෑ.. මගේ අවුලක් වෙන්න ඇති.. අපි එපා කිව්වට මේ උපේක්ෂා ඕවා ලියන එක නතර කරන්නේ නෑ.. හෙහ් හෙහ්.. නැද්ද උපේස්සෝ

      Delete
    3. හි හි... මම හිතන්නේ ඉලෙක්ෂන් එකක් තියන්න වෙයි වගේ. ( එක්කෝ දේවාලේ පොල් ගහනවද? බෑ බෑ... කිසි කික් එකක් නැහැ මේ කාලේ ඔව්ව කරලා)

      පැතුම්: අන්න වැටහුනා. දැන් මට කියනවා, ඔබතුමා රට්ටු රවට්ටන්න අර ගස් මාරු පෙති චෝරු කතාවක් දාල ඔය ඉන්නේ දන්නේ නැහැ වගේ. ආයේ එහෙම ලියන්නේ නැද්ද?

      Delete
  11. සෝට් ඇන්ඩ් ෂුවිට් . .

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...