Thursday, March 31, 2016
Wednesday, March 30, 2016
260. සුසාන සයන
Wednesday, March 23, 2016
258. ටැක්ෂි... හරේ යාං හර්රේ....
ලංකාවේ දැනට ජනප්රියව පවතින සහ මෑත කාලයේ ඉතා වේගයෙන් දියුණුවට පත්වූ ගමනාගමන ආකාරයක් තිබේ නම් ඒ අන් කිසිවක් නොවේ ටැක්සි සේවයයි. ගමනාගමනයේදී ඉතා විශාල කාර්යභාරයක් ඉටුකරන මෙම ටැක්සි සේවයේ වැඩි බරක් දරන්නේ ත්‍රිරෝද කිවහොත් එයද මුසාවක් හෝ අතිශෝක්තියක් නොවනු ඇත.
ත්‍රිරෝද රථ සහ ඒවායේ ඇති උපසංස්කෘතිය ගැන කාලෙකට ඉහතදී ඉවාන් හොඳ ලිපියක් ලියලා තිබුනා. ඊට අමතරව මේ ලඟකදී නාඩියා හොඳ ලිපියක් ලියලාත් තිබුනා. මම මේ කාරනා ආයෙමත් ප්‍රතිරාවය කරන්න හදනවා නෙවෙයි. මම කාලාන්තරයක් තිස්සේ හොයාගත්ත කරුණු ගොඩක් අලලලා ලිපියක් ලියන බලාගෙන හිටියේ. ඒවා කල් ඉකුත්වෙන්න කලින් ලියල තියෙන එක හොඳයි කියල හිතුන නිසා මේ ලිපිය draft එකෙන් එලියට අදින්න හිතුනේ.
සමස්තයක් විදියට ගතහොත්, මගේ මේ ලිපියට ඇතුලත් වන්නේ ලංකාවේ දැනට තදාසන්න පලාත්වල ක්‍රියාත්මකවන 'ටැක්සි' සේවා ගැනයි.
මෑතකාලය තුලදී හඳුන්වාදුන් මීටර් සහිත ටැක්සි සේවය ත්‍රිරෝද වලට ලබාදීමෙන් වාසි සහ අවාසි යන දෙකම විඳින්නට සිදු උනා. මීටර් යෙදු ටැක්සි මිට පෙර ජනප්‍රියව සහ වැඩි භාවිතාවක් තිබුනේ කාර් සහ කැබ්රථ සඳහා උනත්, ත්රිරෝදරථ සඳහා මෙය දීමෙන් මගීන්ගේ පහසුව ඉටු උනා කිවහොත් නිවැරදියි. එනම්, 'හිතේ දුරට' අය කරනලද ගාස්තු යම් පමණකට සාධාරණ මට්ටමකට පැමිණියා යයි කිවහැකියි.
දුර ප්‍රමාණය , නතරකිරීමේ ගාස්තු ( වේටින් ) ආදියද සටහන් වන නිසා රියදුරාටත් එයින් යම් සාධාරණයක් ඉෂ්ඨවෙනවා යයි කීම අසාධාරණ නොවේයැයි මම සිතමි. අවම ගාස්තුව පවා එයින් පාලනයකට ලක්වූ නිසා එය මගී ජනතාවට පවා සහනයක් ලෙසයි මට පෙනුනේ. නමුත් ගම්බදව මීටර් සවිකිරීම හයර් නොමැතිවීමට බලපාන බව මට කිහිපවිටක්ම අසන්නට ලැබුනා. එනම් ගම්බද මිනිසුන් තවමත් 'ගාන කතා කරගන්නා' එක ගැන වැඩිපුර විස්වාසය තබන බවයි. නාගරිකව මම දකිනා ආකාරයට නම් මිරටයක් සවිකොට තිබීම වාසියක් ලෙස පෙනෙනවා.
Monday, March 21, 2016
256. විද්‍යා පරමේශ්වර, සර්වබල ලංකේශ්වර උත්තමාවී
මේ දවස්වල වැඩ වැඩියි. එහෙම උනහම මට වෙන්නේ වැඩ අස්සේ මගේ පරණ කතා මතක් වේවි ඇතුලේ ඉන්න එකා පිස්සු නටන්න ගන්න එකයි.
කොහොමත් මට ඒ ලෙඩේ නම් සහසුද්දෙන්ම තියෙනවා. ඒ කියන්නේ ඔය මහා බැරෑරුම් විභාග හෝ සම්මුඛ පරීක්ෂණ, ක්ලයන්ට් මීටින් හෝ ප්‍රසන්ටේෂන් වගේ වෙලාවල් වලදී මට නොකඩවා සින්දු මතක් වෙනවා. හරියට රේඩියෝ සිලෝන් එකේ එකෙක්ටවත් මතක් වෙන්නේ නැති සරල ගීත, ශාස්ත්‍රීය ගීත, බයිලා , රිමික්ස් ඇතුළුකොට සියලුම ගීත ඔලුවේ වාදනය වෙනවා ආයේ නැහැ උපරිම වොලියුම් එකෙන්.
සමහර වෙලාවට මට මේසෙට මිටි කරලා ගැහිල්ලකින් හරි, මටම හය්යෙන් දෙකක් කියාගනිල්ලකින් හරි තමයි මේ ගංගාව නතර කරගන්න පුළුවන්. තප්පර කීපයක නිහඬතාවයකින් පස්සේ ; අර හීන් වතුර පාරක් හරහට ඉරක් ඇන්දම මොහොතකට ඒ පාර නතර වෙනවා වගේ ; ආයෙමත් ඔන්න තැටිය යනවා. ඒ වෙනකොට මගේ මේ තඩිගැහිල්ල හරි බෙරිහන්දිල්ල හරි ඇහුන වටේ ඉන්න උන් බිරාන්ත වෙලා බලන් ඉන්නවා පේනකොට මම පරක්කු වැඩියි!
උන් නිගමනයකට එනවා.... මම බලු වෙනවා.
ඔහොම බලු නොවෙන්න තියෙන එකම විසඳුම තමයි විසෙන් විස නසනවා වගේ ඔය එන පිස්සු විකාර ලියලම දාන එක. නැත්තම් මගේ තනතුර අනතුරේ!
මම මගේ පෝස්ටු කිහිපයකම කියලත් ඇති මගේ පොඩිම පොඩි එකා කාලේ කියපු මගේ අනාගත බලාපොරොත්තුව ප්‍රශ්නෙට උත්තරේ. ඒ තමයි විද්‍යාඥයෙක් වෙන එක?
Friday, March 18, 2016
255. බල්ලා , දොස්තර සහ බල්ලා දොස්තර (Dog , Doctor & Dog Doctor)
ඇත්තටම මම මේක කියනවා තියා හිතන්නවත් හීනෙකින් වත් හිතපු කෙනෙක් නෙවෙයි ඔන්න. ඒ උනාට මම මේ ලඟදි අන්දොස් වැඩක් කරනකොට අපේ අම්ම මතක් කොලානේ බොලේ මේ කතාව. ඒ වෙලාවේ මම මුලින්ම කලේ.. ( නෑ හලෝ හිනාවෙන එක නෙවෙයි) වටපිට බලපු එක. මගේ වෙලාවට ඒ වෙලාවේ එතන කවුරුත් හිටියේ නැහැ. ඊට පස්සේ මම 'හි හි' කියල අහිංසක හිනාවක් පෑවා.
ඉහත ජේදය මවිසින් ලියන ලද්දේ, උදෙක්ම කියවන්නන්ගේ පහසුව තකාය. එනම්, මෙය කියවීමෙන් පසුව පළමුව වටපිට නිරීක්ෂණය කර පසුව අහිංසක ලෙස 'හි හි' යන ස්වරයෙන් මද සිනහවක් පමණක් දක්වා ඉතා ඉක්මනින් වෙන වැඩක් බලාගතයුතු බවයි.
සිද්ධිය මේකයි... ඇත්තම කියනවා නම් මේක සිද්ධියක්මත් නෙවෙයි. 'සීන්' එකක්! ( මාර පොෂ් නෙහ් ?)
Wednesday, March 16, 2016
Tuesday, March 15, 2016
253. Anywhere, Anytime
සිනමාව අපව ආනන්දයෙන් ප්‍රඥාවට යනවා කියන්නේ කියමනක්ම නෙවෙයි. අපේ හිත තුල ඇතිවෙන ආනන්දය නිසාම වැසීයන ප්‍රඥාවට පවා සිනමාවට වගකියන්නට සිදුවෙනවා.
එනම්, සිනමා කෘතියක් ආනන්දය නිසාම ඒ තුලින් මතුවෙන ප්‍රඥාව වැසියන්නට ඉඩකඩ බොහොමයි. නමුත් ඉතා සුළු පිරිසක් අධ්‍යක්ෂකවරුන් විසින් මෙම කැඳවාගෙන යාම ඉතාම සුමට වංගුවකින් පසුව හමුවන නිල් කෙතක් තුලින් අවසාන කරනවා. ඒ කෙතෙහි අස්වැන්න නෙලීම හෝ ඉවත බලාගෙන යාම අප සතු උනත් එහි දිශානතිය විසින් අපව ඒ සඳහා පොළඹවනවා.
සිනමා කර්මාන්තයේදී වැඩිපුරම කතාබහට ලක්වන්නට ආදරය සමත් උනත් එහි ස්පර්ශ කරන අන්තයන් එකිනෙකාට හාත්පසින්ම වෙනස්විය හැකියි. සමාජයේ එක් එක් තලවලදී එහි අර්ථකතන වෙනස් වුවත් සිනමාව තුලදී ඒවා විසිතුරු වන්නේ එබැවිනි. නමුදු ඒ කිසිදු මානයකට හසු නොවන්නා වූ ප්‍රස්තුතයන් අතර ඉතාම විරල එහෙත් සාර්ථක ඉලක්කයක් කරා ගෙනගිය සිනමා සිත්තමක අත්දැකීමක් ලබන්නට මට හැකිවිය.
කොලිවුඩය තුල මම දුටු වෙනස් වෙනස් මාතෘකා අතුරින් ඉතාම වෙනස් මාතෘකාවක මා අතරමං කරන්නට ඒ සිනමා අත්දැකීම උපකාර වූවායයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ.

எங்கேயும் எப்போதும் (Engaeyum Eppothum) සිනමා නිර්මාණය මම මෙතෙක් රසවිඳ ඇති ( රසවින්දා කියා කිවහොත් අර්ධ මුසාවකි. එහි අවසන් මොහොත දක්වා මම රසවිඳි බව සැබෑය. ) සිනමා නිර්මාණ වලට සාපේක්ෂව අනපේක්ෂිත ප්‍රෙක්ෂක කම්පනයකට මා පත්කරන්නට සමර්ථ වූ නිර්මාණයකි.
සිනමාපටයේදී දකින්නට ලැබෙන ආදර කතා යුගලක්ම ඇත. ඒවායේ එකිනෙකට ඉතාම වෙනස් ඒ වගේම ඉතා මටසිළුටු සිද්ධීන් ගණනාවක් අතරින් අපව ආනන්දයට පත්කරන්නට පිටපතටත් වඩා එහි නළුනිළියන් දක්වන දායකත්වය අපමණය.
Wednesday, March 9, 2016
Friday, March 4, 2016
251. සුරංගනා කතාවකි - 6
ඇරඹුම
දෙවන සුරඟන පබැඳුම
තෙවන සුරඟන පබැඳුම
සිව්වන සුරඟන පබැඳුම
පස්වන සුරඟන පබැඳුම
සුරංගනා කතාවල ඉන්නා කුමාරවරු කිසිවෙක් තම පෙම්වතියගෙන් 'ආදරේදැයි' අසා තිබෙන බවක් ඔබ අසා තිබෙනවාද? මේ කුමාරයා ඒ ගැන දැනගෙන නොසිටීම කොතරම් අභාග්‍යයක්ද? නැතිනම් ප්‍රේමයක් පිළිඹිබු වන අයෙකුගෙන් හාදුවක් සොරකම් නොකොට ආදරය ඉල්ලන්නේ නැත.
"ඔයාගේ හිතේ එහෙම අදහසක් තියෙන බවක් මම හිතුවේ නැහැ....."
සාමාන්‍ය කෙල්ල ඉවත බලාගනිමින් පැවසුයේ ඒ වදන් ඔහු දෙස බලාගෙන කියන්නට තරම් චිත්ත ධෛර්යයක් ඇයට නැති නිසා පමණක්ම නොවේ. ඒ වචන එක්ව ගත්තත්, වෙන් වෙන්ව ගත්තත් මුළුමනින්ම මුසාවක් බැවිනි. වැකිය අවසානයේදී කුමාරයාගේ දීර්ඝ සුසුම සිය සවන් අසලින් ගමන් කරද්දීම ඔහු ඒ බව දත් බවද ඇයට වැටහුණි.
"... ඔයා කුමාරයෙක් කියලා දන්නවනම්.. මම කීයටවත් ඔයත් එක්ක ඔතරම් සමීප වෙන්නෙත් නැහැ"
අඳුරු මුල්ලක සිට සිය නිදහසට කරුණු අතපත ගාමින් අතට අහුවෙන යමක් කියන්නට ඇයට සිදුවිය. අසාර්ථක ප්‍රයත්නය දෙදෙනාම නිහඬවම වින්දෝය. නිහැඬියාවෙන් තවත් තත්පර කිහිපයක් ගතවිය.
"කමක් නැහැ... ඒකට කමක් නැහැ....."
කුමාරයා තම මිටිකරගත් අත්ලෙන් සිය නළල් තලයට කිහිප වරක් තට්ටු කරගනිමින් කීවේය.
"ඔයා.... කැමති කාලයක් ගන්න.. කමක් නැහැ"
සාමාන්‍ය කෙල්ල අඳුරු මුල්ලේ ගොළුවුවාය. කතාකරන්නට හෝ කියන්නට යමක් හොයමින් ලතවුනාය.
"ම.. මාඅ.. ම.."
"ඒ මොනවා උනත් මගෙත් එක්ක තරහ වෙන්න එපා. මට ඔයාව බලන්න එන්න එපා කියන්න එපා"
මන්තර කාරිය ප්‍රවේසමෙන් බලාගෙන උන්නේ සාමාන්‍ය කෙල්ල කවරක් පවසනු ඇතිද කියා මිස කුමාරයා යමක් සිදුකරනු බලාපොරොත්තුවෙන් නොවේ.
සුරංගනා කතාවල කාලය ගැන කියන්නේ සපත්තු ගෙවෙන ප්‍රමාණයටය. සපත්තු ගෙවුනේ අඩුවෙනි. කාලය ගතවුනේ ඉබි ගමනිනි. නමුදු කැලැන්ඩර කොළ දුසිමකට ආසන්න ගණනක් කැඩී ගොස් තිබිණි.
හදිසියේම වැහිබිරුමක් ඇරඹුණි. කුමාරයාගේ මාළිගයේ ඉහල මාලයේ විසිත්ත කාමරයෙන් එය ආරම්භ වී තිබිණි.
"පුතා.... උත්තර දෙන්න බැරිද?..."
කුමාරයා උත්තරයක් ඇති ප්‍රශ්නයකට උත්තර නොදී සිටියේ සිතමතාමය. මව් බිසව මඩනා ලද සිනහවකින් ඔහු දෙස බලාසිටිනවා කුමාරයා නොදකින්නට තිබුනේ සරල හේතුවකි. කුමාරයා බොරු කියන විට කොහොමත් එලෙසය.
".. කාටද පුතා මේ බොරු කරන්නේ? මොකටද ?..."
මව් බිසව එලෙස කියාගෙන තරප්පු පෙළ නිමකරමින් පහල මාලයට ගියාය.
"... පිය රජතුමාගේ හැටි දන්නවනේ... කරන දෙයක් අද හෙටම කියන්න වෙයි. "
පහල විසිත්ත කාමරය පුරා විසිරුණු ඇගේ කටහඬ ඉහල මාලයට ඇසුනේ දෝංකාර දෙමිනි. කුමාරයා සිය යහන්ගැබට වැද දොරපියන් අගුළු දමා ගත්තේය.
*********************************
Tuesday, March 1, 2016
250. වරද මා අතම මිස
ගෙනාදා පටන් උඹ
හැදුවේ හැමදා බලමින්ම .
ආදරේ වැඩි නිසයි
අතින්වත් නෑල්ලුවෙ හැමදාම...
වැඩෙන හැටි දිනෙන්දින
බලා උන් සෙනෙහසට
පිපෙන පීදෙන තුරුත්
ඉවසුමක් නැති උනි මට....
මට දකින ඉක්මනට
මලක් දෙනු විගසකට
දුනිම් මුත් ඉසින බෙහෙතක
අරෝවක් නොමැතිවම
පිදුණේ නුඹ සිලිලාරට...
කමා කරවනු මැනව
සුහුම්බුල්වූ ඔය ගතට
උහුලන්ට බැරි උනත්
මෙමා සනසනු පිණිස
පිපුණු නුඹ......
කේඩරුව ගොස් ඉදින්
වරද මා අතම මිස..
නුඹ නොවෙයි
මගෙ දරුව !
ප.ලි.
මම ඕකිඩ් වගයක් ගෙනාව. එකෙ පැලයක මලක් බලන්න ආසාවෙන් ( තණ්හාවෙන් ?) මම ඒවායින් එකකට මල්පිපින පොහොර දැම්මා. මගේ ඉල්ලීමට ( පොහොර වලින් ලැබුන උත්තේජනයට) එක ගහක් එක කොළයක්වත් එන්න කලින්ම ලොකු මල් කිණිත්තක් පිපෙව්වා. එක කොළයක්වත් තිබ්බේ නැති ගහේ අන්තිමට ලස්සනම ලස්සන , ලොකු මල් ඉත්තක් පිපුනා. ඒ උනාට මගේ හිත මට දොස් කිව්වා. හරියට වැඩෙන්න කලින්ම ඒ 'නොදරුවාගෙන්' මල් ඉත්තක් ගත්තා කියලා.ඒ වරදකාරී හැඟීම තවත් තීව්‍ර උනේ මල් ටික පරවෙලා ගියාට පස්සේ ඕකිඩ් ගහ ඔහේ බලාගත්ත අත බලාගෙන හිටපු හින්දයි.
මට ඒ ගැන ලියන්නම හිතුනේ ඒකයි
( හිනා වෙන්න එපා යකුනේ... මට හිතෙන්නේ මල් මගෙත් එක්ක කතා කරනවා කියල තමයි!)
Friday, February 26, 2016
249. නසීම් කා මත්ලබ් ක්යා හෝතා
"දදා ජන්....!"
"ආ.. ජානු...."
"නසීම් කා මත්ලබ් ක්යා හෝතා හේ?"
ඒ තමයි චිත්‍රපටිය ආරම්භයේදී වගේම මැදදී හා අගදී අපෙන් අහනවා උනත් 'දාදා' උත්තර දෙන ප්‍රශ්නේ. ඒ මොහොතේම මම ඒ සංවාදයේ කොටසක් උනා වගෙයි.
නසීම් කියන්නේ මලක් වගේ මුහුණක් තියෙන ඊට කලින් මම බොළඳ ප්‍රේම ජවනිකා වලින් දැකල තිබ්බ කෙල්ලක් හින්දා මගේ හිතපසුබාගෙන ගියත්, එය පවතින්නේ පලවෙනි විනාඩි තුන හතරේ විතරයි. ඊට පස්සේ නසිම්ගේ පස්සෙන් වැටීගෙන යන මාව නසීම් එයාගේ 'දාදා' ගේ කකුල් දෙක ගාව බිමට දානවා.
දාදා ( සීයා ) තමයි ඇත්තටම අතීතයේ සලකුණ. මේ ගෙදර නසීම් එක්ක ජීවත්වෙන ඔහුත් ඔහුගේ පවුලේ අයත් මුස්ලිම් බව තේරුම් ගන්න මට ගොඩක් වෙලා යන්නේ දාදා හින්දම වෙන්න ඇති. මොකද කියනවා නම් , ඔහුත් ඔහුගේ පවුලේ , නසිම්ගේ අය්යා ඇරුණුකොට අනිත් අයත් එක්ක නළලේ මොට්ටු තියාගත්ත ගැහැණුන් කිසි වෙනසක් නැතුවම මිශ්‍ර වෙන හින්ද වෙන්නත් පුළුවන්. නසිම්ගේ අය්යා තමයි එතන වතුරේ දියවෙන්නේ නැති නුතන පරපුර නියෝජනය කරන්නේ.
බෙදුම් :
චිත්‍රපට,
නොදන්න මගුල් කතා කිරීම,
විචාර
Friday, February 12, 2016
248. කහපාට පෙම
අදත් මම එලියට බහිනකොටම... ඈතින් පේනවා හිටගෙන ඉන්න ඈ... මගේ හිත ප්‍රබෝධමත් වෙන එක අහන්නත් දෙයක්ද? දිලිසෙන කහපාටක් තියෙන ඇඳුමක් ඇඳලා , හිකි හිකි ගගා හිනා වෙන ගමන් ඇස්කොනකින් බලලා හිනාවෙන ඈ දකින එක තරම් මිවිතක් තියෙයිද මම වගේ තනිකඩයෙක්ට?
හැමදාම උදෙන්ම එලියට බහින්න ඒ වගේ හිනාවක් උත්තේජනයක් සපයනවා කියල හිතන එක අමුත්තක්ද?
රත්තරන් පාට හමක් තියෙන එක හරියටම හිතාගන්න බැරි ඇගෙන් විහිදෙන කහපාට ආලෝකය හින්දමයි. හිමිදිරි පාන්දර සිහිලැල් අව්වෙන් තවන සිරුරක් රත්තරන් පාටම ඇති.
ඒ හැමදෙයක්ම වහගෙන බබළන්නේ ඇගේ ඇඳුම. හැබෑටම කහපාටට ලොබවෙච්ච කෙල්ලෙක් මම මේ දැක්කමයි. එකදිගට , එක එක මොස්තරෙන් මැහුවට ඈ අඳින්නේ දීප්තිමත් කහපාට. ඇස්දෙක වශීකෘත කරන ඒ කහ පාටට මම මෙතරම් ආසාකලේ නැහැ මිට කලින්.
ඇත්තමයි, කහපාට බබළන්නේ ඈ නිසා කියල මට හිතෙන්නේ ඒ හින්දයි.
බලාගෙන ඉන්නම බැරිතැන මම කලේ ඇගේ පින්තුරයක් ගත්ත එක. මම පින්තුරයක් ගන්නවා කියල වගේ වගක් නැතුවම එයා ආයෙත් දෙපැත්තට පැද්දෙමින් 'හිකි හිකි' ගානවා
මේ ඉන්නේ ඈ !
ප.ලි.
Monday, February 1, 2016
247. සොඳුරිය ඔබේ නමින්
කවදාවත් නැතුව මට හිතුන වෙනද ගහන විද්‍යුත් ලිපිනය නැතුව වෙනත් ලිපිනයක් ටයිප් කරන්න. මීට දශකයකට කලින්, මුලිම්ම මම විද්‍යුත් ලිපිනයක් හදනකොට පාවිච්චි කරපු ලිපිනය, අමාරුවෙන් උනත් මතක් කලත්, කෝ ඉතින් මුරපදේ මතකම නැහැනේ. කරන්න දෙයක් නැහැ, රිකවරි තියෙන්නේ අපි වගේ අයට තමයි...
තවත් විනාඩි දහයක් පහළොවක් කිසිම තේරුමක් නැතුව වදවෙලා මම ඒ වහපු ගෙදර පිටිපස්සේ දොරෙන් ඇතුලට පැන්න.
ගුගල්ට අමතක වෙලා දාල ගියපු ලියුම් දුසිමක් තිබ්බ. ඉස්සර ලිපි චේන් වලට පිංසිද වෙන්න තවත් ලියුම් තුන හතරක්. ඒ හැම එකකටම මම දැක්වුයේ එකම විසඳුමක්.
ඔව්.. ටික් කළා, මකන්න අණ දුන්නා. කිසිම තරහක් නැතුව ඒවා මගේ ඇස්මානෙන් අරගෙන පරණ ලියුම් ටිකක් උඩට ආවා.
Subject : සොඳුරිය ඔබේ නමින්
ඒ තමයි සිංහලෙන් මම දැකපු එකම ලියුම.
මගේ පපුව ගැහුනා , හරියට විදුලි දුම්රියක් මේ දැන් මාව තලාගෙන ගියා වගේ.
Friday, January 29, 2016
Wednesday, January 27, 2016
245. සටහනක් පමණයි
මම සාමාන්‍යයෙන් බ්ලොග් වල පීර පීරා ලිපි කියවන එක කරන්නේ හරිම අඩුවෙන්. එහෙම කියෝන බ්ලොග් හරිම රසවත් උනාම කොමෙන්ටු දන්නා ඉක්මන් වෙන්නෙත් හරිම අඩුවෙන්. මොකද ලියාගෙන යන කෙනා කවුරු උනත් මම කැමතියි මගේ අදහස් වලින් ගැස්සෙන්නේ නැතුව යනවා නම්.
මම නිතර දැකපු බ්ලොග් එකක් ගැන තමයි අද කියන්නේ. ඒ බ්ලොග් එක මම වෙනත් අයගේ බ්ලොග් වල එල්ලිලා ඉන්නවා දැක්කත්, නම නිසාද මන්ද මම ගියේම නැහැ. ඒකෙ නම 'මගේ කතාව'. මම චරිතාපදාන කියවන්න කැමතියි, නමුත් මම ලංකාවේ කෙනෙක් තමන්ගේම ජිවිතේ ගැන කියන දේවල් කියවන්න කලින් දෙතුන් පාරක් නෙවෙයි, හැට පාරක් හිතනවා. මොකද ඒ හැම තැනකම ගොඩක් වෙලාවට තියෙන්නේ තමන් ඉස්මතුවෙන ලියවිලි. ( මමත් ඇතුළුව) එහෙම නොවෙන තැන් හරිම අඩුයි. විශේෂයෙන් බ්ලොත් අවකාශයේ.
ඊයේ මම නිකමට මේ බ්ලොග් එක කියෙව්වා. ඇත්තටම මම මුල ඉඳල ඔක්කොම කියෙව්වා අකුරක් නෑර. කියෝලා ඉවරවෙලා තමයි මේ කවුද කියල බැලුවේ. මට පුදුම හිතුනා!
Wednesday, January 20, 2016
244. විභාග ,අධ්‍යාපනය සහ අනවශ්‍ය කථාවක් - කොමෙන්ටු පෝස්ටුවක්
ඔමාගේ ලිපිය කියෙව්වම මට වක්කඩ කැඩුවා වාගේ එක එක අදහස් මතක් වේගන මතක් වේගන ආව. ගොඩක් දවස්වලට වෙන්නේ ඒ හිතෙන දේවල් එහෙම්මම හිතෙන්න ඇරලා, ලොකුවට ඔලුව ඇතුලේ සංවාදයක් ගොඩනගලා ආයෙත් ඔලුව නමාගෙන ඔෆිස් වැඩක් කරන එක උනත් මම මේ පාර හිතුවා ඒ මොහොතේම ලියල දන්නා ඕනේ කියල මට හිතෙන දේවල්. නැත්තම් මේ දැන් හිතෙන දේට වඩා සමහර දේවල් ( පොඩි පොඩි සරල තර්ක මිසක් මුලික තර්ක නෙවෙයි) ටික වෙලාවකින් වෙනස් වෙන්න පුළුවන් මටත් පුදුම හිතෙන විදියට.
ඕමා ලියලා තිබ්බ ගලායාමට අනුවම මමත් ලියාගෙන යන්නම්.
මුලින්ම එයාගේ අවධානයට ලක්වෙලා තිබ්බේ ළමයින්ගේ බාහිර ස්වරුපය. ඇත්තටම බැලුවම ලංකාවේ ඉස්කෝලේ ළමයින් කුඩුවේ දාල හදන චිම්පන්සි වගේ. මමත් ඒ කාලේ එහෙම හිටිය නිසා මට මතකයි. නමුත් මගේ මතය නම් ළමයෙක්ට ඉස්කෝලෙකට යුනිෆෝම් එකක් ලැබෙන එක වටිනවා වෙනත් ඇඳුම් වලට වඩා ( ලංකාවේ හැටියට). ඒකෙන් ළමයා හඳුනාගන්න ලැබෙනවා පහසුවෙන්. ලංකාව වගේ රටක ළමයි නිදහසේ හැදෙනවා අඩු හින්දා ඒ ක්‍රමයට පිටින් යන්න ගියොත් ඉතින් වැඩේ කොයිල් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මගෙත් අදහස ළමයාගේ යුනිෆෝම් එක උනත් පොඩි පොඩි වෙනස්කම් එක්ක තිබ්බොත් හොඳයි. කොටින්ම සමහර ඉස්කෝලවල ටයිපටි හිරකරගෙන ඉන්න එක වදයක්. ඊට වඩා සරල යුනිෆෝම් එකක් ලැබෙනවා නම් වටිනවා.
බෙදුම් :
නොදන්න මගුල් කතා කිරීම,
පිළිතුරු පෝස්ටු
Wednesday, January 13, 2016
243. එයා
අපි දෙන්නා හිටියේ ගුලි වෙලා...
එකට නෙවෙයි. වෙන වෙනම.
දුම් දමන කෝපි වලින් නැගෙන මනස් කලම්බන වායුවක් නිතරම මේ උඩුමහලේ තියෙන නිසා මට මෙතන හිසරදයක් වෙච්ච කාලෙකුත් තිබ්බත් කවුරුත් වගේ මමත් කාලයට අනුගත වෙලා ඉගෙන ගත්ත, එහෙම මොලේ කොලොප්පන් වෙන ජාතියේ සුවඳවල් හොයාගෙන එන්නේ ලස්සන කෙල්ලොය කියල. ඉතින් මමත් ඒ මත්විල්ලට ඉබේම හුරු උනා.
එයා හිටියේ මගේ මේසයට ඉතා ආසන්නයේ. ඒ කියන්නේ මේස දහයක් පහළොවක් විතර ළඟින්. මුළු ඇඟම ආවරණය වෙන්න හිතාගෙන ඈ ඇඳලා තිබ්බ කබාය , ඊට යටින් තිබුණු අගේ සුන්දර සිරුර පිළිබඳව මගේ පරිකල්පනය අඩපණ කරන්නට සමත් උනේ නැහැ.
මම වගේම එයාත් හිටියේ අත්දෙකේ අල්ලවල් එකට පිරිමදිමින් හින්දා අපේ ඇස් එකිනෙක පැටලෙන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ.
එකවරම ඒ කදම්බය හරහා ඇවිදගිය අයෙක් විසින් එයාව සැපපහසු සෝෆාවේ කොනකට තල්ලු කළා වගේ මතකයි. මගේ දුරබනුව නාද වෙන්නට ගත්තා.
'මරියා.... අපෝ අද නම් එපා කෙල්ල... මම දැන් බොහොම ආසන්න අවස්තාවක ඉන්නේ..'
මම දුරබනුවට ඇති තරම් වෙව්ලන්නට ඉඩ දීලා මේසයේ කොනකටම තල්ලු කරලා දැම්මා.
කෝ මේ සුරංගනාවී?
ඒ වෙනකොට එයා තනිවම මෙනුපතක් අතර එයාගේ පුංචි ඇස් උඩටත් පහළටත් යවමින් උන්නා. වෙනම ගත්තහම නම් විශේෂයක් කියන්න නැති ඇස් දෙකක් උනත් මට ඕනේ කළා විශේෂත්වයක්. ඉතින් මම හිතුව ඒ ඇස්වල යන්තමට වගේ තවරලා තිබ්බ මස්කාරා ඉතාම සිත්ගන්නාසුලුයි කියලා.
'දෙවියන් අතරට යන පාපියෙක් උනත් මුලින්ම්ම යන්න ඕනේ.. ' එහෙමයි මම හිතුවේ.
ඉතින් මම මගේ කොණ්ඩයට ලෙලදෙන්න ඉඩදෙන ගමන්ම උනත් මගේ මේසයෙන් එයාගේ මේසයට පාවෙලා ගියා. ඒ අතරතුරේ මගේ කකුලට කම්පනය උන පුටුවක් නිසා එයා බලමින් හිටපු මෙනුපතෙන් හදිසියේම මුහුණ මගේ දෙසට හැරෙව්වා. එකපාරටම බය උනා වගේ පෙනුමක් ආවත් එයා ඉක්මනටම ඇස්දෙක ඉවතට හැරෙව්වා.
Tuesday, January 12, 2016
Friday, January 8, 2016
241. ඉහ ඉද්දර මම ඉන්නම්..........
මේක මේ ඔෆිස් කතාවක්.
එහෙම නැතුව ශාස්ත්‍රීය ලිපි හරි වැඩදායක ලිපි හරි කියවන්න බලාගෙන ආපු අය අන්න අර බංකුවෙන් වාඩිවෙලා ඉන්ට.... ( ටිකට් දෙන කෙනා තාම ආවේ නැහැ)
මේක මට හදිස්ස්යිමේ මතක් උනේ අර අම්බලන්ගොඩයා ඔෆිස් එකේ නිදාගන්න කතාවක් කියපු නිසා.
ඔන්න මම මේ ඔෆිස් එකට කලින් වැඩකරපු ඔෆිස් එකක් තිබ්බ. ( චඃ... එකෝමත් එක රටක කියන්න බැරි උනානේ. එක්කෝ කමක් නැහැ.. එකම රටයිනේ මේ ඔක්කොම සිද්ද වෙන තියෙන්නේ) මේ ඔෆිස් එකේ වැඩකරපු උන් ඇත්තටම කොටස් දෙකක් හිටියා. පිස්සෝ සහ පිස්සු නැති අය ? අපෝ නැහැ.... ඔක්කොම හිටියේ පිස්සෝ. කොටින්ම අල්ලපු රටෙන් අපිට ලොක්කෝ විදියට ඇවිල්ල හිටියෙත් පිස්සෝ ජාතියක්. හිටියේ වවුලන් සහ කොවුලන්.
ඒ කියන්නේ වවුලෝ නම් ඉතින් කියාපු ගමන් තේරෙනවනේ... උන් දවල් දවසේ කෙසේ වෙතත් රෑට තමයි ඇහැරිලා ඉන්නේ. උන් වැඩ කලේ ශිෆ්ට් එකට. කොවුලෝ නේද? ( මම හිටියේ ඒ කොටසේ.. අප්පේ කියනකොටත් දැනෙන ආඩම්බරේ) ආ නෑ නෑ.. කොවුලෝ කියන එකේ ඇත්තම අදහස ගායනයට කිසිම සම්බන්ධයක් නැහැ. කොවුලෝ එන්නේ අවුරුදු මාසේ හරි දවස් කීපයකට හරි නේ. ආන්න ඒ අදහසින් තමයි කොවුලෝ කියන්නේ. ඒ කියන්නේ හිටපු ගමන බිසී වෙනවා මිසක්ක එතකල්ම කරන්නේ බුද්ධිය වර්ධනය වන කැරම් ගැහිල්ල, 304 හෝ ඕමි ගැහිල්ල වගේ සාමුහික ක්‍රියාකාරකම් කරමින් තමයි ජිවත් උනේ. ( ඒවා පළදුන්නේ පස්සේ.. ඒක වෙනම කතාවක්)
ඔය කොවුලන් අතර ඉපදුනත් මම තිබ්බෙම වවුලන් එක්කම ගතකරන නැකතක්. ( කුඩැල්ල කෝට්ටේ තියන්න බැහැ කියනවනේ. කොයි වෙලෙත් මෙට්ටේට බහිනවා!) ඉතින් මම කොවුල් රාජකාරි නැති වෙලාවට ( එහෙම වෙලාවල් තමයි වැඩිපුර තිබ්බේ) වවුලන් එක්කම තමයි ජිවිතේ. අපිට වැඩේ නෙවෙයි වවුලන්ට ශිෆ්ට් එකක් තිබ්බ. ඒ වගේම බොස්ලා හිටියා. උන් බොහොම තදයි. ( කොච්චර තදද කියනවා නම් එක බොස් කෙනෙක් කලිසම පවා ඇන්දේ බඩ මැද්දෙන්) අපේ රටේ ලොක්කා ( ඒ කියන්නේ කන්ට්‍රි මැනේජර්) උන්නේ අල්ලපු රටේ එකෙක්. වැඩිය කතා නොකරන, නමුත් කතා කරන්න ගත්තොත් ඉවරයක් නැතුව කියෝන, අන්තිමට ක්‍රිකට් වලින් කෙලවර වෙන කෙනෙක් තමයි මේ අපේ රටේ ලොක්ක.
රටේ ලොක්කගේ නිල කාමරේ හැදුවේ පස්සේ. ඒකත් ඒ මනුස්සය ඔහුගේ රටට ගිහින් එන්න ගියපු වෙලාවක තමයි හැදුවේ. ඒ වෙනකොට අපේ කියුබිකල් එහෙම ගහල ඉවර වෙලා තිබ්බ නිසා අපේ කියුබිකල් වලට ගොඩක් එහාට වෙන්න ලොකු ඉඩක් ඉතුරු වෙලා තිබ්බේ. අපි හැමෝම ඉතින් හොරෙන් හොරෙන් ඕමි ගහන්නේ ඔය ඒරියා එකේ. ඊට අමතරව ඔය වවුලෝ එහෙම නයිට් ශිෆ්ට් එක කරනකොට වැඩිපුරම රාජකාරිය කෙරෙන්නේ ඒ පළාතේ. ඒ කියන්නේ එතන කාර්පට් එකත් අලුත් සහ පිරිසිඳු නිසා සහ කවුරුවත් එන්නේ නැති නිසා වවුලෝ සැතපෙන්නේ ඔතන. උන්ගේ ලොක්කෝ පවා ඒක දැනගෙන හිටියේ නැත්තේ කොවුලෝ වෙච්ච අපේ කියුබිලක් අස්සේ එයාල එන්නේ නැති හින්ද. ( එයාලට පොඩ්ඩක් උන එහෙම තිබ්බ)
Subscribe to:
Posts (Atom)



















