Showing posts with label නවකතා. Show all posts
Showing posts with label නවකතා. Show all posts

Friday, October 23, 2015

227. පිටුවක් .............






"හරි හරි... මාත් එනව"

මට කරගන්න දෙයක් නැහැ. හොස්පිට්ල් එකට යන්න මූත් එන්න ලෑස්තිය. මරන්නයැ? බොරුවක් කියලා හලලා යන්න ඕනේ.

"මම චිරනිව බලන්නත් යනව"
"කමක් නෑ "

මම තනියෙම දත්මිටි කෑව. චලනයාට නිකිණිව මුණගැහෙනවට මගේ කොහෙත්ම කැමැත්තක් නැහැ. ඒක නිකන් අමුතු  හොරයක්, කිචියක් වගේ දෙයක්.

"ඇයි , උඹට ඉරිසියාද?"
"නැහ් ...!... ඔව්! මට ඉරිසියයි තමයි"
"ඇයි , ඒකි ලස්සනද?"

මට හිනා ගියා. ඔලුවත් ඉහල පහල වැනුනා.

Friday, June 13, 2014

කොතැනක සිටියත් ඔබ මෙලොවේ...

සුපුරුදු විදියට මගේ මග සලකුණු ඔස්සේ එන යහළුවන්ගේ , (ඔව් ඔහුගේ යහළුවන් ) නොයෙකුත් කටහඬවල් වලින් අතරින් පතර විසිවෙන , මා සම්බන්ද විහිළු... මගේ නිහඬ , තනිවම සිනාසීම්.... මේ පුරුදු පාර... ඔව්.. ඔහු.........
සුපුරුදු පරිදි ඔහු!

ඔහු..... දැනට වසර එකහමාරක් තිස්සේ මගේ සෙනෙහස ඉල්ලමින් එන , මෙලංග!

"දකුණට සිග්නල් දාල හරවන්න, අන්න අතනින් පාක් කරලා.. ය.. මූ....."

කියාගෙන මා පසුකරගෙන ගිය ඔහුගේ යහළුවන්, සුපුරුදු පරිදි කැෆටේරියා එකේ ඉහළ මාලයට යන තැනින් නතර වුනා. මම ගියේ පයින්, සිග්නල් දානවා කියන්නේ මගේ යහළුවන් මගහරින්න බව මම නොදන්නවාද? කැෆටේරියා එක ඉදිරිපිට සිට ඉහළ මාලයට නගින ඔහුගේ කකුල් පමණයි දැන් පෙනෙන්නේ..

" මට අද යන්න ඕනේ... බස් නැතිවෙයි"

මම මෙහෙම කියන්නේ ඔහුගේ යාළුවෙක්ට , නමින් 'ඉන්ෆාස්'

" අරූ එහෙනම් උඩ තට්ටුවෙන් පනී , මළගෙයක් වෙන්නේ එහෙනම් මෙතන! අය්යෝ මේ.. උඩට යනවද.. අපි ගෙනිහින් දාන්නම් ඕනෙනම් ගෙදරටම"

ගැලවිල්ලක් නැති කතා! ඕනෙම දේකට උත්තරයක් ඇති කටක් වේනම් ඒ ඉන්ෆාස් ගේ කටයි! මාව පඩිපෙළ  ලඟට විසි උනා.. හැමදාම වගේ පපුව ඇතුලේ බේස් ඩ්‍රම් ගහනවා කව්දෝ.. 'ඩික් ... ඩික් ...' පඩිපෙළ උඩම පඩියේ හිටගෙන මගේ දිහා බලන් ඉන්න ඔහු!
"කොහොමද"

මාව දියවෙලා වැක්කෙරෙන්න ගත්ත. බෙල්ල ලඟින් බිමට නැමුන, කන් දෙක රත් වෙලා... මූලික රෝග ලක්ෂණ ඔක්කොම! වෙලාවට ඔහු වගේ සුදු නොවුනේ.. කම්මුල්, කන් රතු වෙලා කියල පෙනෙයි..
"හො .. ද.. යි.."

"උඩට එන්න, බය වෙන්න එපා... අරුන් ඉන්නවා පහළ...."

ඔහුගේ ආරක්ෂක බටයෝ!

".... එනවද?... මම......"

ඊළඟට කියන්නේ මොකද්ද දන්නා හින්දම මම උඩ පඩියට පැන්නවුනා. මිට කලින් දවසක, එන්න කිව්වම ආවේ නැති වරදට මගේ අතින් අල්ලලා උඩට ඇදල අරගෙන වෙච්ච සන්තැසිය මට අමතක නැහැ.

එදා ඔහු මාව තුවාල කළා... අතපය නෙවෙයි, හිත!! මම විදෙව්වා හොඳටෝම!!

කැෆටේරියා එකේ උඩ  තට්ටුවේ කිසි කෙනෙක් නැති බව මට විස්වාසයි.. එහෙම තමයි හැමදාම වෙන්නේ.

"I want you to meet,  'Kalana'.."
මගේ ඔළුව ඉස්සුනේ විශ්මයෙන්... ඔළුව ඔසවනකොටම පුටුවක් තල්ලු කරගෙන නැගිට්ට 'කලණ ' මට අත දිගු කළා ...

"Hello, nice to meet you"

විශ්මයෙන් හිටපු මගේ දිහා මෙලංග හිනාවක් සමග බැලුව

".... උඹ හිතුවද ෂේක් හෑන්ඩ් කරයි කියල?"
"ඔහ් වැරදුණා .... ඔව් ඔව් අහල තියෙනවා ඔයා ගැන, ඔයාගේ 'හැටි' ගැන"

ඔහු දිහා කෙලින් බලාගෙන හිටපු මට ඔහුගේ දීප්තිමත් හිනාව පාමින්, ලජ්ජශිලිව කලණ තමන්ගේ දිගුකල අත හකුලවා ඔලුව පිටුපසට ගෙනිච්චා.
'අපූරු හිනාවක්! හරි අපූරු ඇස් බැමි!!'

කලණ ඔහුගේ පළමු දැක්මෙන්ම මගේ ඇස් අලව ගත්ත.

"මෙයාට ඔයාට කියල එයාගේ කතාව ලියෝගන්න ඕනෙලු" මෙලංග කිව්වා.

මම ඔලුව හරවලා කෙලින්ම කලණ දිහා බැලුව. මෙලංගගේ වගේ මාව කම්පනයට පත් කරන පෙනුමක්, බැල්මක් කලණට තිබ්බේ නැති හන්ද මට එහෙම කරගන්න පුළුවන්කමක් තිබ්බ. කොහොමත් ප්‍රබල පර්සනලිටි ඉස්සරහ මම කම්පනය වෙනවා.. වෙන සංක්යාතයකින් !

කලණ ගේ මුහුණ බලන් ඉන්නකොට වෙනස් උනා..

මාව පළවෙනියට මුණගැහුණ කලණ තමයි ඒ....
ඒ මදිවට ඔහු වගේම පෙනුමක් තියෙන 'චලන'ත් මට හම්බ උනේ එදා තමයි. කලණ - චලන දෙන්නා ට්වින්ස් ලා!!! මේ දෙන්නගේ වෙනස හොයන්න මටත් කාලයක් ගත වුනා. වැඩ අතින් තමයි වෙනස් !

මොඩ්ල් කෙනෙක් වගේ පෙනුමක් තියෙන ඔහු..

රැලි ගැහුණු කොන්ඩේ , පිටතින් මුහුණේ අලවාගෙන ඉන්න ලස්සන දීප්තිමත් හිනාව! සරාගී ඇස් සිමාවේ තිබ්බ අපූරු ඇස් බැමි... ඔව්.. කලණ ට ඕනේ කරලා තිබ්බේ එයාගේ කතාවක් මට කියල ලියෝ ගන්න.. මම ලියන්න හදන්නේ කෙනෙක්ගේ ජිවිත කතාවක්! කවදාවත් කරලා නැහැ..

"දැන් මම හැම දෙයක්ම කියන්න ඕනෙද?"

කලණ මගේ දිහාත් මෙලංග දිහාත් බලන ගමන් ඔලුව කස කස ඇහුව

"මචං... කිස් කරපුව... මිරිකපුව වගේ ඒවා කියන්නේ නැතුව වෙන සිද්දි ඔක්කොම කියපං "

මෙලංග  ගත කටටම කිව්වා. මගේ කන් දෙකෙන් දුන් පැන්න... දෙන්නම හිනාවෙනවා.. මම ආපහු හැරුන

".... අම්මෝ හරි හරි.... යන්න එපා යන්න එපා.... ඕනේ දෙයක් කියපන්, ඕනේ දෙයක් අහගන්න... ඔන්න මම මුකුත් කියන්නෑ "

අත් දෙකම උඩට උස්සල මෙලංග යටත් උනා. මටත් හිනා, මම යන ගමන නතර කරලා ඉක්මනට මුහුණට බොරු රව්ද්‍ර ගතියක් මවාගත්ත.

එතැන් පටන් හැමදාම මෙලංගත් සමග කලණ ත් මාව මුණගැහෙන්න ආව.

කලණගේ කතාව මම ලිව්වේ එහෙමයි. අන්තිමට ඔහු මගේ ළඟම හිතවතෙක් උනා. හැම දෙයක්ම ඔහු මට කිව්වා. ඔහුගේත්- නිකිණිගේත් අනුවේදනීය පෙම් කතාව!!

ඒත් මම ??

"ඔයා මොනවද මෙලංග ගැන හිතන්නේ?"
කලණ එක දවසක් මගෙන් ඇහුව. මම අහක බලාගත්තා

"කියන්න බැහැ කිසිම දෙයක්"
"දැන් අවුරුදු දෙකකටත් ලඟයි නේද අහන්න අරගෙන"
"හ්ම්ම්ම්...." මගේ පපුව දැවෙන්න අරගෙන, ගම්මිරිස් ඇතිල්ලුව වගේ..
"ඌ ඔයාට පණ යන්න ආදරෙයි... "
"ඒක තමයි ප්‍රශ්නේ" මම කිව්වේ ඇහෙන නෑහෙන ගානට..

කලණ හිනාවුනා...
" වෙන කොල්ලෝ ඔහොම බලන් ඉන්නේ නැහැ මැට්ටි.."
"මම දන්නවා මැට්ටෝ.."
"මම දන්නවා ඔයාට වෙන කවුරුත් කොල්ලෙක් නැහැ කියල, ඇයි මෙලංගව..."
"... මඩවන්නේද .." මම ඔහුගේ වචනේ සම්පුර්ණ කළා

"නැහැ.... ඇයි ඌව එපා කියන්නේ? "
"ඒ ගැන කතා නොකර ඉන්න කලණ... මෙලංග මට හොඳ වැඩි.. ඔයා මට වඩා මෙලංග ගැන දන්නවනේ.."
"ඔව්.. මම හිතන්නේ නැහැ ඌ වෙන කිසි කෙල්ලෙක්ට මෙහෙම පස්සෙන් ගිහින් ඇති කියල... "
"කලණ ..."

මම ඔහුගේ කතාවට බාධා කරමින් කඩාපැන්න
".... ආයෙත් ඔය ගැන කතා කරන්න එපා... ඔයාගේ පොත තව දවස් තුනක් යන්න කලින් මම ඉවර කරනවා. හැබැයි, ඔරිජිනල් එක මගේ ගාව තියෙද්දී, ඕනේ නම් ෆොටෝකොපියක් ගහගන්න "

කලණ නිශ්ශබ්දව බංකුවෙන් නැගිට්ට
"තෑන්ක්ස්.... ඒ ටික ඔයාට කිව්ව එකම ඇති මට.. ලොකු ස්ට්‍රෙස් එකක් රිලීස් උනා. මෙලංග හරි, උගේ තේරීමත් නිවැරදියි... ඔයා පුදුම කෙල්ලෙක්!"

එක පාරටම වාහනේකට වැදුන වගේ දැනුන. මෙලංග ! මම වගේ නපුරිච්චියක් !

මෙලංග ..... ඔබ මේ බ්ලොග් කියෝනවද? කියවන්න එපා... මට මා ගැනම බයයි!

Monday, April 29, 2013

03. මගේ කතා කියවපු කව්රු හරි මේ cyber අවකාශයේ ඉන්නවද?

සිංහල බ්ලොග්ස් කීපයක් මම කියෙව්වා. ඒවා දැක්කම  මට ආයෙත් ලියන්න හිතුනා. මම ලියන්න ගත්තේ මොන කාලේද කියල මට හරියට මතක නැහැ ... ඒත් මගේ පාසල් කාලේ යාලුවෝ දන්නවා මම ලියපු නවකතා ගැන නම්.. හි හි හි .... දැන් නම් මතක් වෙනකොට හිනා යනවා.

මට නවකතා ලියන්න නම් හිත ආවේ හරි අපුරු විදියකට. මගේ පාසලේ main hall එකේ   තිබිලා මට දවසක් හම්බ උනා නවකතාවක්. මට ඒකේ තිබ්බ කතාව හොදටම මතකයි. පින්තුරෙකුත් ඇදල තිබුණා. ඒක මගේ හිතේ කොතරම් තදට තැන්පත් උනාද කිව්වොත් මම ඊට සතියකට පස්සේ පුංචිම පුංචි කොළ කැල්ලක ලිව්වා කතාවක්... හි හි... ඒ කතාවේ ලිව්වේ මම ජේද තුනයි.. එකේ පාඨකයා දක්වපු ප්‍රතිචාර නිසා එතැනම නතර උනා. මගේ පාඨකයාගේ වයස එතකොට අවුරුදු 10 යි !! ඇය මගේ අසල්වාසී නංගියෙක්.මට ඒකාලේ තේරුනේ නැහැ කාටද ඒක පෙන්නන්න ඕනේ කියල.

දෙවනියට මම ලිව්වා ඇත්තටම නව කතාවක් ... එකේ නම "කුමරුණි  මගේ ලොව දිණු "... (කොහෙන්ද මට ඒ නම ඔලුවට ආවේ?.. දන්නේ නැහැ!)මගේ ලියන පොතක් ( Exercise book) තමයි පාවිච්චි කලේ. අතින් ඇන්දා චිත්‍ර ඒ ඒ තැන් වලට ගැලපෙන්න. කවරේට කතාවේ ප්‍රධාන චරිත ටිකක් මගේ හිතේ ඇදුන විදියට ඇන්දා. මේ පාර නම් මගේ පාඨකයෝ උනේ මගේ පාසැල් යාලුවෝ! පුදුම පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණා . ඒක මුළු පාසැල පුරාම අතින් අත ගියා. මම ඒ පොතේ අගට පිටි ටිකක් ඉතුරු කළා පාඨක ප්‍රතිචාර ලියන්න කියලා. පළවෙනිම ප්‍රතිචාරය ලැබුණ දවස මට නින්ද ගියෙත් නැහැ. සතුටුයි. 

මගේ කතා ඊට පස්සේ හරියට ජනප්‍රිය උනා . ලොකු කමකට කියනවා නෙවෙයි. මම හොද සිංහල ඉතා හොදින් ඒ හැම පොතකම හැසිරෙව්වා. මේ වගේ නෙවයි, හොද ව්‍යාකරණ එක්ක! කතාවක් ලියන්න මට හොද වස්තුබීජ තිබුණා මගේ පාසැල තුලම . හැබැයි හිනා යන වැඩේ කියන්නේ... මම කතාව ඉවර කරන්නේ පොතේ පිටු අඩුම තරමේ 10 ක් වත් ඉතුරු කරලා... නැත්තම් මම කොහොමද පාඨක ප්‍රතිචාර ගන්නේ? හි හි හි... 
මගේ කතා කියවපු කව්රු හරි මේ cyber  අවකාශයේ ඉන්නවද?..............................??