කලින් පෝස්ටුවේ මම යවපු නයාට උත්තරේ විදියට කීප දෙනෙක් කියල තිබ්බ තව විස්තර ලියන්න කියල. ( බයෙත් බැහැ අප්පා, කැලෑ පත්තරේ වදියිද කියල..) ඔන්න එහෙනම් තොරණේ විස්තරේ.
ප්ලෑන් කරන්නේ නැතුව අතුරුදහන් උනා කිව්වට, හැබෑටම උනේ අතුරුදහන් වෙන එක විතරයි ප්ලෑන් නොකළේ. සවාරිය නම් ප්ලෑන් කරලා ගියේ. යන්න ඕනේ කියල හිත හිත ඉඳල ඉතින් ටිකට් වල තත්වේ බල බල උන්නා. ඔන්න එකපාරටම අපේ රටේ නිල දියබරියාස් ගුවන් සේවයේ 29 වෙනිදට හිටපු ගමන් අඩුවෙන් ටිකට් එකක් ආව. ආව කිව්වට ඉතින් හැමදාම මම කලේ සර්ච් කරමින් හිටපු එකයි. එතකොට පොසිබල් දවස් කිහිපයක් එක්කම පෙන්නනවනේ. 29 ගිහින් 3 එනවා නම් අනිත්වට වඩා ගොඩක් අඩුවට තිබ්බා. පැනපු ගමන් මම ඉතින් ටිකට් එක ගත්ත. එතකොට දෙසැම්බර් මාසේ මුල්ම සතියේ වගේ. සාමාන්‍යයෙන් දෙසැම්බර් කියන්නේ ටිකට් ගණන් යන මාසයක් , කොහේ ගියත්. මේක නම් පිනා චෑන්ස් එකක්, මට බුදු ෂුවර්. අනිත් එක මම ටිකට් ගත්තේ කෙලින්ම එයාර් ලයින් එකේ සයිට් එකෙන්.
ඔන්න දැන් ටිකට් එක හරි.
ඊළඟ එක තමයි ගමනේ ඉතුරු ටික බලාගන්න එක.
වෙලාවේ හැටියට යන්න තිබ්බේ පාන්දර බැංකොක් වලට.
ඉතින් මම කලේ agoda එකේ සහ bookings එකේ හෝටල් බලපු එකයි. මම ඉතින් වැඩිය සැප හොයන එකියක් නෙවෙයි. මට ඕනේ ඇවිදින්න සහ වෙනස් අත්දැකීම් ගන්න. කොහොමත් දවලට හෝටලේ ඉන්නෙත් නැති හින්දා මම තරු 4 එකකට වඩා එකක් හොයන්න ගියෙත් නැහැ.අනිත් දේ තමයි, හෝටලේ බලනකොට මම වැඩිපුරම අවධානය යොමුකළේ ළඟපාත ස්ටේෂන් ( කෝච්චි ) තියෙනවද කියලත්, ෂොපින් ඒරියා වලට යන්න තිබ්බ පහසුවත් තමයි. ඊට අමතරව යන්න ගොඩක් තැන් තිබ්බත් මම තෝරගත්ත තැන් තමයි
1. Aquarium (මැලේෂියා වල තියෙන එක වගේමයි. නමුත් වෙනස් අත්දැකීමක් ගන්න පුළුවන්. ඒකෙ මගේ ආසම පෙන්ගුයින් හිටියේ නැහැ. මෙහෙ එකේ ඉන්නවා. උන්ට කන්න දෙනවා බලන්න පුළුවන්.)
2. Dream world ( මෙතන ගොඩක් දේවල් කරන්නත් පුළුවන්, ගොඩක් ඇක්ටිවිටිස් තියෙනවා. ඊටත් දවසම ගතකරන්න දේවල් තියෙනවා. ඊට අමතරව ස්නෝ වල්ඩ් එකක් තියෙනවා - මම ස්නෝ වලට මාර ආසයි)
3. Safari world ( නිදැල්ලේ ඉන්න සත්තු බලන්න , උන්ට කන්න දෙන්න වගේම එක එක ෂෝ තියෙනවා - බර්ඩ් ෂෝ, ඔරන් ඔටන් ෂෝ, එලිෆන්ට් ෂෝ, කවුබෝය් ෂෝ, ස්පයි ෂෝ, සීල් ෂෝ , ඩොල්ෆින් ෂෝ වගේ)
4. City tour ( නගරයේ තියෙන පන්සල් ආදිය බලන්න යන්න)
මම උදේ එහෙට යන්නේ පාන්දර හින්දා මම බැලුව හෝටලයේ early check -in නීතිය. එහෙම බැලුවම 12 ට කලින් තිබ්බ නිසා මම කලින් දවසත් එක්කම හෝටලේ බුක් කළා. ආපහු යන්න තිබ්බේ රෑ හින්දා ඒකනම් late check -out එකකින් හදාගන්න පුළුවන්. ඒ හැමදේම මම කලින්ම හොටලටයත් එක්ක මේල් මගින් සහ චැට් එකෙන් අහලා කන්ෆර්ම් කරගත්තේ කලින්මයි. මොකද එහෙට ගියාම උන් කරන්නේ පිස්සු වැඩ කියල මට අහන්න ලැබුන නිසා.