Showing posts with label මිනි කවි. Show all posts
Showing posts with label මිනි කවි. Show all posts

Tuesday, May 10, 2016

277. ඔයා මගේ







ඔබේ අත ,
කොට්ට වැනි - උණුහුමට

ඔබේ උර,
පෙරවනය - මත සුවඳ

ඔබේ සිත,
මගෙ නොවන - මා සිටින

මගේ නෙත,
දුර සිටින - ඔබ දකින 



Friday, May 6, 2016

276. වැස්සකට






විසල් අහසට දරා ඉනු බැරි - වැහි බින්දු පොදි බිම වැටි
උපුල් සිහිනෙක රැඳුනු සිරි ඇති - පෙඟුණු නල හමනා හැටි
තැවුල් නොමදෙන සිනා කැන් ඇත - අතුපතර අතුරින් හිටි
සියල් ගිම් බිඳ හරිනු රිසිලෙස - අහස්කුස මා මත වැටි.




පින්තුර: කොහෙන්වත් හොරකම් කලේ නැහැ මේ පාර. මේක පෙරේදා හවස ගත්තේ.


Sunday, April 10, 2016

266 . අත්


Source: Rachel Urista



ලුණුදෙහි තලිය
බෝතල් අඩිය තුල,
ඔබේ අත දිග මදි
මගේ අත තර වැඩි



Thursday, March 31, 2016

261. මත්



හිටපු මුහුදු කොටින්ගේ සහයෝගයෙන් දකුණට පැතිරෙන කේරළ ගංජා වසංගතය - පුවතක් 

රිවිර - 2016 පෙබරවාරි මස 28


Art by : Tom-French



මත් 

මත්වී අවියෙන්
එකෙක්,
මත්වී 'මතින්'
අනෙකෙක්





Wednesday, March 30, 2016

260. සුසාන සයන

Art By : Walter H.Everett





ප්‍රියාවිය,
සුසානය සයනයකි
උට්ඨාන විය යුතු,
දිනපතා මැරියයුතු...



ප්‍රස්තුතය:

සිතුම් පැතුම් ලියන රයිටර් ගේ 'විරසක සයන' කවිය 

Wednesday, March 16, 2016

254. වන කතර




එකම එක ගසක්වත්
පෙනෙන මානෙක
නොමැති
කතරක්ය මේ
'වනය'
එක විටෙක....




Friday, November 13, 2015

234. මග බලමි




අනුන් වෙනුවෙන් ඇරුණු
කවුළුවක සරනේරු
හඬකටද  - තිගැස්සෙන,
මකුළුදැල් හිමිකාර
හදවතකි....

Saturday, October 31, 2015

231. දුනේෂ් ප්‍රියශාන්තට ලියන වග නම්........





මුලදී
අය්ය කියන විදියට

දැන්
කළු ලෝගු වල ඕනෙකමට

එන්නකො
දේශපාලනේට

අපි
වැඩකරමු එකට




Friday, October 23, 2015

226. වරදට දඬුවම







සත්‍ය ප්‍රේමයට
නිගා දුන්නෙන්,
ආදරය
මා රැවටීය...