Tuesday, April 19, 2016

269. ගැහැණු - පිරිමි




ගැහැණුය, පිරිමිය,
මල්ය , පලතුරුය...
සත්තුය, නගරය.....
හැමකක්ම කොටුය.
එකසේම බියකරුය.

කොයි මොහොතක වුව ,
එකම වචනෙට 
ලකුණු කැපිය හැකිය.

අවසන ලකුණුය






ප.ලි.
නොතේරුණාට කමක් නැත. ඒවා හැමදාම එලෙසය.


20 comments:

  1. කොටුවෙම හිට
    සෙල්ලම කලවිට
    නොකැපෙයි ලකුණු

    ReplyDelete
    Replies
    1. පැණි කූ... ට කියන්න පැණි කූ... මම ඔතන 'කොටුව' කියන කොටසට විරාම ලක්ෂණයකුත් දාල ආයේ අයින් කළා. කවියේ ඒ වචනේ ප්‍රභලයි. කොටුවේ අදාළ දේ තිබුනොත් හොඳයි.. නැතිනම් තමයි

      Delete
  2. එකම වචනෙට
    ලකුනු කැපිය හැක,
    එකම වචනෙට
    ලකුණු එක් විය හැක,
    අවසන
    ලකුණුය,
    අවසන
    දිනුම
    හෝ
    පැරදුම
    ලකුණු මත ඇත...

    ReplyDelete
    Replies
    1. 'වචන'ය, 'ලකුණු'ය
      කැපීමට
      නියමිතය

      Delete
  3. මං දැකල තියේ පොඩි උං ඔය සෙල්ලම කොරනව.. ඇත්තටම කියන්නෙ ජීවිතේට කරල නෑ හිහි..
    හැබැයි මේ කවිය නං කියන්නෙ වෙනස් දෙයක් කියල හිතෙනව. ඒත් හරි හමං උත්තරයක් දෙන්නයි බැරි

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම කියන්නෙ ජීවිතේට කරල නෑ හිහි..// උඹ පොඩි වෙලා හිටියේ නැද්ද කවදාවත්ම? අපි නම් ඉස්සර වැස්ස වෙලාවට කරන්නෙම ඔය සෙල්ලම.. ගේ ඇතුලේ නේ.. :)

      Delete
    2. හැඃ ? කරලා නැහැය කිව? ඔය කිව්වට නොතේරුම් කමට කියනවා කියල මම දන්නවා. මේක දැන හෝ නොදැන කරන්න පුළුවන් සෙල්ලමක්. හෙහ් හෙහ්

      Delete
  4. හැක්...අපිත් කොලා නේන්නම් පිප්පි කාලේ ඔය සෙල්ලම. ඒ දවස් වල අමාරුම වැඩේ ඩයන්නෙන් ගමක් හොයා ගන්න එක. පස්සේ තමා දැනගත්තේ ඩයගම කියල එකක් තියෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ අපි නම් ඩයන්න ආවම හිතේ බයක් නැතුව ලියනවා ඩයගම කියල. කොහොමද ඔයන්න වගේ ආවම සනීපෙ?

      අන්න ඒ වගේ තමයි දරුවා මේ සෙල්ලමත්.... අකුර වැදගත්...... කොටුව වැදගත්.....

      Delete
    2. O is easy. Oruwala, okkampitita, Opanayaka, obadaella, oliyamandiya.. etc. D - Diabara. ☺ mokda kiyanne sellam karala balamuda watayak?

      Delete
    3. ඔයන්නෙන් කියනවකො එහෙනම් සත්තු ජාති දෙක තුනක්. ඔරන් ඔටන් ලිව්වට හම්බෙන්නේ ලකුණු 5යි. මොකද ඔතන 'ඔමායා' කියල ලියන්නය? හෙහ් හෙහ්

      අනේ මෙහ්.. සිංහල ලියාගන්නත් බැහැ.. එනවා මෙතැන ගෑනු-පිරිමි කොරන්ට! හුහ්

      Delete
    4. ඕලු මුවා -Barking Deer

      Delete
    5. එහෙම එකෙක් ඉන්නවය කියල ඔප්පු කරගන්න එක මම හිතන්නේ නොබෙල් තෑග්ග හිමිවෙන ජාතියේ එකක්. මොකද ඒ කාලේ ඉතින් ගුගල් සර්ච් කරන්නය?

      ස්තුතියි මෙයා

      ( අර කවිය මකල දාල මට දැන් හිතෙනවා 'ගෑනු-පිරිමි-මල්-පලතුරු' කරන්න. ඒකට නොවැ මෙතරම්ම කොමෙන්ටු වැටෙන්නේ..)

      Delete
    6. ගෑණු පිරිමි මල් පලතුරු හයිකුවලින් කරන්න පුලුවන් වෙයි මං හිතන්නෙ.


      M. m. malabaricus, South India and Sri Lanka

      Delete
    7. මම දැක්ක හයිකු 'කැශිල්ලක්' හැදිලා ඉන්නවා ඔබතුමාට. දැන් කියයි කයිකු වලින් බස් එකට ටිකට් ගන්නත් පුළුවන් කියල....

      Delete
  5. අර පොඩියට තිබ්බ කොටස කෝම හරි magnifying ග්ලාස් දාල බැලුව නෙහ් ?

    ReplyDelete
  6. එක පාරක් අපි ඔය සෙල්ලම කරද්දි එක්කෙනෙක් "ට" යන්නෙන් සතෙක්ට ටයිගර් කියලා ලියලා තිබ්බලු..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.... අපේ අය්යත් ඔය වගේ වැඩ කරන්න දෙය්යා!

      Delete
    2. ගෑනු පිරිමි
      මල් පළතුරු!!

      එකම වචනෙට ලකුණු කපන එක අසාධාරණ වුනත්...එක තමා නීතිය!!

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...