Wednesday, April 27, 2016

272. කවි කොලේ




අපි ලියමු
එකම කොලයේ දෙපැත්තක,

ඔබ එක පෙළක් ලියනවිට
මම තව පෙළක් ලියමි - පිළිතුරට

තහනම්ය සපුරාම
පිළිතුර කියවීම ,

උත්තරය හිතාගෙන
ප්‍රතිපිළිතුරු සැපයීම,

කාබන් වෙනුවට
ඔබේ රුධිරය සැපයීම!



25 comments:

  1. කණ්නාඩියක් ගැනද?

    ReplyDelete
  2. ‍//තහනම්ය සපුරාම
    පිළිතුර කියවීම// එහෙම කොහොමෙයි

    ReplyDelete
    Replies
    1. නැත්තන් මොකද දන්නවද.... උත්තරේ හොරෙන් බලල, උත්තර නැති ප්‍රශ්න ලියනවා.

      Delete
  3. //උත්තරය හිතාගෙන
    ප්‍රතිපිළිතුරු සැපයීම,//
    like life

    ReplyDelete
    Replies
    1. උත්තරේ හිතාගන්නත් කොතරම් හැකියාවක් තියෙන්න ඕනෙද නේද?

      Delete
  4. හාංකවිසියක් තේරුනේ නෑ...

    ReplyDelete
    Replies
    1. හපොයි දෙයියනේ එහෙම කියන එක හොඳද?
      අපි කිසිම අල බෝලයක් තේරුනා නැතා සම්බාව්ය විදිහට කමෙන්ට් කරනවනෙ

      (ෂ් ෂ්....කවිය තේරුනෙත් නෑ උදයගෙ හැර අනිත් අයගෙ කමෙන්ට් තේරෙන්නෙත් නෑ ඒත් පින්තූරෙ බලාගෙන කවිය තේරුනා වගේ කමෙන්ට් කලා. එහෙම තමයි සම්බාව්ය විචාර)

      Delete
    2. Pra, හෙක් හෙක් ඒකත් ඇත්ත. මටත් හිතුනා හිතට ආපු අදහසක් ලියන්න. එත් ටින්කිරි ගා ගැනීමක්දෝ කියල ඔන්න ඔහේ ඇත්තම ලියුවා :)

      Delete
    3. උදය:
      මොකක් නැතත් ඇත්ත කියපු එක ගැන නම් මාරම සතුටුයි.

      ප්‍රා:
      ඔයා ගැන හිතන මමත් කාව්‍යාභාදිත කෙනෙක් බව අනුකම්පාවෙන් හිතන්න.

      Delete
  5. කොහොමත් අපි එහෙමනේ

    ReplyDelete
    Replies
    1. එහෙමද? එහෙත් එහෙමයි එහෙනං ඈ

      Delete
  6. බොහෝ විට අපි හැමෝම පිළිතුරු නොදැන ප්‍රශ්න අසා... අපේ පිළිතුරු වලින්ම සෑහිමකට පත් වෙනවා, අන් සිතුම් අමතක කරමින්. මට මෙහෙම අදහසක් දැනුනේ...

    ReplyDelete
    Replies
    1. අහන ප්‍රශ්නේ දැනගෙන ඒක මගාරින්න අපි මොකද එතකොට කරන්නේ? බෝධිනී කලකිරෙන්න එපා මගේ කවි දැකල. ඒවා ආබාධ සහිතයි. දැක්කනේ කියෝපු උන්ට වෙලා තියෙන දේවල්!

      Delete
  7. ප්‍රශ්ණය අහන එක්කෙනා කැමති උත්තරේ හම්බු උනේ නැති උනාම බඩුම තමයි...

    ReplyDelete
    Replies
    1. ඔන්න අපි නෙවෙයි, අතැඹුලක් වගේ දන්නා කෙනෙක් කිව්වහම පිලිනොගෙනත් බැහැ නොවැ

      Delete
  8. වදේ මිනී මරන කවියක් නොවැ..

    ReplyDelete
    Replies
    1. කවියෙන් මිණිමරන්න පුළුවන් අප්පේ... වංගෙඩියත් කරපු එකේ

      Delete
  9. මේ මේ උඹ ඔය හදන්නෙ නැති පස්න ඇති කොරන්න
    ඒව ඔට්ටු නෑ..

    ReplyDelete
    Replies
    1. ගැලවෙන්න විදියක් කිව්වේ. කෝ ඉතින් ඒවා තේරෙන එකක්යැ...

      Delete
  10. අපි ලියමු
    එකම කොලයේ දෙපැත්තක,

    ඔබ එක පෙළක් ලියනවිට
    මම තව පෙළක් ලියමි

    මම මේ කල්පනා කලේ මෙහෙම කොහොමද ලියන්නේ කියල...

    ඔබ එක පෙළක් ලියුවිට නම් ඔන්න පුළුවන්..


    ඔන්න අදනම් කවිය කියෙව්වා හරි ද?

    ReplyDelete
    Replies
    1. ඕක තමයි කියන්නේ සයන්ස් කාරයෝ නැසෙන සුළුය කියල..... බලල නැද්ද විහිලුවට වත් රැජිනි කාන්ත් ගේ ෆිල්ම් එකක්... අඩුම තරමේ බියුටි ඇන්ඩ් බීස්ට් වත්??
      මේකත් ඒ වගේ එකක්.

      අනේ වාසනාවන්... කවිය කියෙව්වා නම්. දැන් මට සැනසීමෙන් ඇස්දෙක පියාගන්න පුළුවන්

      Delete
  11. නහයට මොකද උනේ? ඇස්දෙකයි කටයි විතරයි නෙව?

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...