Friday, February 12, 2016

248. කහපාට පෙම





අදත් මම එලියට බහිනකොටම... ඈතින් පේනවා හිටගෙන ඉන්න ඈ... මගේ හිත ප්‍රබෝධමත් වෙන එක අහන්නත් දෙයක්ද? දිලිසෙන කහපාටක් තියෙන ඇඳුමක් ඇඳලා , හිකි හිකි ගගා හිනා වෙන ගමන් ඇස්කොනකින් බලලා හිනාවෙන ඈ  දකින එක තරම් මිවිතක් තියෙයිද මම වගේ තනිකඩයෙක්ට?

හැමදාම උදෙන්ම එලියට බහින්න ඒ වගේ හිනාවක් උත්තේජනයක් සපයනවා කියල හිතන එක අමුත්තක්ද?

රත්තරන් පාට හමක් තියෙන එක හරියටම හිතාගන්න බැරි ඇගෙන් විහිදෙන කහපාට ආලෝකය හින්දමයි. හිමිදිරි පාන්දර සිහිලැල් අව්වෙන් තවන සිරුරක් රත්තරන් පාටම ඇති.

ඒ හැමදෙයක්ම වහගෙන බබළන්නේ ඇගේ ඇඳුම. හැබෑටම කහපාටට ලොබවෙච්ච කෙල්ලෙක් මම මේ දැක්කමයි. එකදිගට , එක එක මොස්තරෙන් මැහුවට ඈ අඳින්නේ දීප්තිමත් කහපාට. ඇස්දෙක වශීකෘත කරන ඒ කහ පාටට මම මෙතරම් ආසාකලේ නැහැ මිට කලින්.

ඇත්තමයි, කහපාට බබළන්නේ ඈ නිසා කියල මට හිතෙන්නේ ඒ හින්දයි.


බලාගෙන ඉන්නම බැරිතැන මම කලේ ඇගේ පින්තුරයක් ගත්ත එක. මම පින්තුරයක් ගන්නවා කියල වගේ වගක් නැතුවම එයා ආයෙත් දෙපැත්තට පැද්දෙමින් 'හිකි හිකි' ගානවා


මේ ඉන්නේ ඈ !



ප.ලි. 


හැමදාම උදේට , කහපාට මල් පිරිච්ච මේ ගස් දැක්කම මට ඇතිවෙන්නේ පුදුම රෝමාන්තික හැඟීමක්. සමහර වෙලාවට මම සංවාදයේ යෙදෙනවා, එයත් එක්ක තනියෙම. ඒ හැඟීම විස්තර කරන්න බැහැ. කොටිම්ම 'හිකි හිකි' ගගා හිනාවෙන ලස්සන, තරුණ කෙල්ලෙක් දැක්කම කොල්ලෙක්ට දැනෙන හැඟීම වගෙයි.

හැමදාම මම මේ ඇහැළ ගහට පුදුමාකාර විදියට ආදරෙයි. සමහර වෙලාවට කපුරු මල් එක්කත් මට මේ ගණුදෙනුව නොකර බැහැ.


පිස්සුය කියල හිතුනත්, කවුරු ගණන් ගන්නවද?






56 comments:

  1. අපේ ඉස්කෝලේ මතක් වෙනකොටත් ඔයාගේ ඔය යාළුවව මතක් වෙනවා මට...ඇහැළ ගස් ඒ තරමට අපේ ඉස්කෝලේ හැමතැනම තිබුන.මල් පිපුනම මාර ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලේ ඇහැළ මල්වලට අමතරව රොබරෝසියා ගස් දෙක තුනක් තිබ්බා. ඒ දවස්වල මම වහ වැටිලා හිටියේ ඇහැළ වගේ පෙනුමක් තිබුනත්, ලස්සනම දම් පාට මල් පිපෙන ගහකට. ඒ ගස් ඉස්කෝලේ ගේට්ටුව ගාව ඉඳන් පේලියක් තිබ්බා. මම ඉස්සර හිතෙන ඒ මල් වලට උදේට 'ගුඩ් මෝනින්' කියාගෙන එනවා.
      අපේ ඉස්කෝලේ තිබ්බ අමතක නොවන ගුරු උපහාර උළෙලක් මට අද වගේ මතකයි. මම ඒ කාලේ පොඩිම පොඩියි. අපේ පාසල් සිංහල ගීත කණ්ඩායම සින්දුවක් කිව්වා ඒ උපහාර උළෙලේ. කණ්ඩායමේ ළමාසාරියේ නිල වර්ණය ලා දම්. ඉතින් එයාලා මගේ ආසම ගස්වල පිපිලා තිබ්බ මල් ඉත්තක් අතේ තියාගෙන සින්දු කිව්වේ.

      '... නිරිත දිගින් වැඩි හිරු කුමරුන් සේ
      සදෙව් ලොවේ සක් දෙව් රජිඳුන් සේ
      දැයට එලියට දුන් දැයට සවිය දුන්
      ගුරු මෑණියනි........
      ගුරු පියාණෙනි....'

      ( ඔතන නිරිත කියන වචනේ මට ෂුවර් නැහැ. නැත්තම් මුන් ටික බෙරිහන් දෙන්න ගනියි මෙතන!)

      එදා උපහාර උළෙලෙන් පස්සේ අඬපු නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්! මාර විදියට දැනුනා. ඒකට ඒ දවස්වල හිටපු HP හේතුව වෙන්නට ඇති. ඇය පුදුමාකාර ලස්සන චරිතයක්.

      මල් එක්ක මගේ කොහොමත් ලොකු ගනුදෙනු තියෙනවා. හි හි

      Delete
  2. ඇහැළ පිපෙන්නෙ ඇහළ මාසෙට කීවට මේ දවස් වල තියෙන පට්ට රස්නෙට හිටු කියල මල් පිපෙනව
    ඒ අස්සෙ සමහර ගෙවල් ඉස්සරහ වවල තියෙන ඇහැළ ගස් වල අම්ම මෝ නැතිව මල් පිපෙනව. එයාල නං ඒවට කියන්නෙ බට් ඇහැල කියල මං තාම කම්පනා කොරන්නෙ බට් ඇහැළ කියන්නෙ මක්කද කියල

    ReplyDelete
    Replies
    1. ඒකනේ ... මමත් ආස ඒ තියෙන ලස්සන පිරිච්ච ගතියට!

      මම දන්නා විදියට ඇහැළ ගස් මැයි ගස් වගේ ලොකුවට හැදෙන්නේ නැහැ. ඊටත් වඩා පොඩියට හැදෙන්න හදපු ගස් ඇති. ඇහැළ ගහක් ගේ ඉස්සරහ තියෙනවා නම් මට සතුටක් තියෙන එකක් නැහැ. ඒ වගේම මම දිනපතා දකින්න ආස ගහක් තමයි පිච්ච කියන්නේ. අපේ පිච්ච ගැහෙ ඉන්නවා කටුස්සෙක්. මම ඌ එක්ක කතා කරන ගමන් මල් කඩන්නේ. කට වහප්!
      (තව ඩින්ගෙන්.... වැඩ දන්න හින්ද බේරුනා... හුහ්)

      Delete
  3. මේ දවස්වල අපේ වැට අයිනේත් තද රතු මල් පිපිලා...කලින්දා පරවුණු මල් වැටිලා බිමත් රතු...උඩත් රතු... :)

    ReplyDelete
    Replies
    1. මැයි ගස්??
      කිව්වට විස්වාස කරන්න මට ඔය ගහක් ගාවින් මොන ගමන යන්න ගියත් ( දැන් මේ බල්ලෙක් පන්නගෙන එනවා කිව්වත්!) ඔතන වැටිච්ච මල්පෙති අහුලන්නේ නැතුව යන්න හිතෙන්නෙම නැහැනේ අප්පා. කොටිම්ම මේ ළඟදි , මහා ටවුම මද්දාවේ , - කිට් බිට් ගහගෙන රස්සාවට යන අතරේ... මම ඉතින් මල්පෙති අහුලා අහුලා ඉන්නවා දැකපු ඔෆිස් එකේ එකෙක් මම එනකොට විලේජ් ඊටින් කරලා! මම සැලෙයි ඔව්වට! හුහ්... කොට සායවල් තියා මොකක් ඇඳගෙන හිටියත් මට ඒ මල්පෙති අහුලන එකනම් ඕනෙමයි! ඒවා පොත් අස්සේ දාල ගානට ප්‍රෙස් කරලා මම හදනවා එක එක විකුරුත්තම්...

      Delete
  4. සක් මම හිතුවේ උඹට කහ උණ හැදිලා කියල

    ReplyDelete
    Replies
    1. කියන හැටි ඉතරක්!! දුප් යන්න

      Delete
  5. yela'' කහ පාට පෙම “ආදරය“???

    ReplyDelete
  6. කියවන්න පටන් ගන්න කොට ආදිකාලේ ටියුශන් පන්තියේ කෙල්ලෙක් මතක් වුනා. 'ඈ' කියල දැක්කම හිතුණෙ උපේක්ශා ආප්ප සමිතියේද කියල. (උපේක්ශා දැන් කියයි කොටියම කාපිය කියල ) කොහොම නමුත් සුදු කෙල්ලන්ට ලා කහ ගවුම හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින්. කොහෙන් ගියත් ඉතින් මෙයාලට 'ටොයින් ටොයින්' වෙනවා. ඉසේ කෙල්ලෝ හිටියාම වෙන්නේ ඔහොම තමයි. නෑ මම කිව්වේ එහෙම උනාම තමයි ඔහොම කෙස් නැති වෙන්නේ කියල

      කොටිය! කොටිය නෙවෙයි දීයම කාපිය!!

      සුදු නේද?? කිව්වාය කියල හිතාගන්ට

      Delete
  7. කහ මල් අත්තක් සැලුනා
    රන්වන් දෑතක් පෙනුනා
    කිංකිණිරාවක් නැගුනා
    රන් මැණිකේ මල් නෙලුවා

    -ලක්ෂ්මන් හිල්මි-

    ReplyDelete
    Replies
    1. ඇහළ මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
      පුන් පෝයදාට සඳ විලසින් මුහුණ පෙනෙන්නා

      Delete
    2. ඩිෂ්කි දිඩින්...
      ඩිෂ්කි දිඩින්...

      Delete
    3. ඩිෂ්කි දිඩින්...
      ඩිෂ්කි දිඩින්.

      ඒ තාලෙ ඇල්ලිල්ල නම් මල් හතයි.නියමෙට සද්දෙ ගත්තෑකි...;)

      Delete
  8. හම්මෝ.. පොටෝත් ගහල.. අපිනම් නෑ ඕවට..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. පොටෝ එක ගැන කියද්දීම මතක් උනා.. හෙහ් හෙහ්.... අන්න මතක සටහන්!

      Delete
  9. මම මේ වෙන එකක් හිතාගෙන කතාව කියවගෙන ආවේ.
    අපේ ඉස්කොලේ පිට්ටනිය අයිනේ තිබුන ඇහැල ගහට අපි කිව්වේ ලව් ගහ කියලා.

    ReplyDelete
    Replies
    1. වෙන එකක්ය කිව්වේ... මොන එකද?

      ඒ මොකද? ඒ ගහ වටේද ඉස්කෝලේ පෙම්වතුන් මුකුළු කරන්නේ?

      Delete
  10. මං හිතුවා කහ උණ හැදිච්ච ගෑල්ලමයෙක් ගැනය කියල..))

    ReplyDelete
    Replies
    1. අම්මප මේවා දැක්කම තමයි මට වහ කාල කැලේ රිංගන්න හිතෙන්නේ!

      Delete
  11. මම මේ කල්පනා කරන්නේ උදේ පාන්දර ඇහැල ගහක් යටටවෙලා ගහත් එක්ක කතාකරන ඇන්ටි කෙනෙක් දිහා බල බල ඔය පාරෙන් වැඩට යන කොල්ලන්ට මොනවා හිතෙනවද කියලයි...

    නම දැක්කගමන් මතක්වුනේ තිලක් සිතේ තිබුන "කහපාට ආදරේ" හරි මොකක් හරි එකක කතාව.

    ReplyDelete
    Replies
    1. ඒ පාරෙන් වැඩට යන 'පතොක් පඳුරු' කොල්ලන්ට වඩා දාහෙන් සම්පතයි මේ ගහ! ඔබතුමාට කියන්ට, උන්ගේ කෙස්සේ උඩ කටුස්සෙක් උනත් උලතියන්න පුළුවන් 'ස්පයික්ස්' බොලේ...

      ඔව් ඔව්. තිලකේ ලියලා තිබ්බේ 'කහපාට ආදරේ' තමයි. සදා මතකයේ රැඳෙන කතාවක් නේද?

      Delete
  12. මල් වලට ආස අය බොළඳයි කියල රොටියගේ අඩවියේ කොමෙන්ටුවක් දැක්ක. එතනින් කෙලින්ම ආවම දැක්කේ මේ බොළඳ උපෙක්ෂගේ ලිපියනේ.

    ReplyDelete
    Replies
    1. හෑ ? එහෙමද ඈ ?? අම්මප??
      මට නම් කියන තරමක් උන් කියන්නේ 'කාලතුවක්කුව' වගෙයි කියල. හෙහ් හෙහ්... මගේ සුකොමල හර්දයේ නියම ස්වභාවය! හික් හික්..

      ඇත්තටම අජිත්, මම මගේ පරණ පොස්ටු වලත් කියල තියෙනවා මම ලියන දේවල් කියෝන අයයි , මාව හැබැහින් දන්නා අයයි අහසට පොළව වගෙයි කියල. ඒ කියන්නේ උන් හිතන් ඉන්නේ මම පට්ටම රොමැන්ටික් කියල. හැබැහින් දැක්ක ගමන් 'හැඃ !' ගෑවෙනවා... හි හි හි... ඉස්සර මම බොළඳ ;දෙකයි පනහේ නවකතා දුසිමකට වඩා ලිව්වා ඉස්කෝලේ යන කාලේ. ඒවායේ ඔක්කොම තිබ්බේ පැණි බේරෙන කතා. මම ඉතින් බටු ඇටේ වගේ කියල දැක්කම ඒවා කියෝපු උන් කටවල් තලාගන්නවා.. හික් හික් හික්...

      Delete
    2. මාත් බටු ඇටයක් සයිස් නේ ඒ හින්ද අවුලක් නැහැ.

      Delete
    3. ආන්න දැක්කද... විශිෂ්ඨයෝ එන්නේ පුංචියට කොම්ප්‍රෙස් කරපු බහාලුම් තුල... නැද්ද? ;-)

      Delete
  13. අපේ තාත්තා ඔය හද්දා ක්ලැසිකල් සිංහල සින්දුවක් යනවා ඇහුනොත් කිව්වේ ඒක හරිම කහපාට සින්දුවක් කියලා.
    මම පෞද්ගලිකව මැරීගෙන ප්‍රියකරන පාටක් නොවුනත් සමහර කහපාට ගවුම් තිබිලා තියෙනවා සමහර නෑම්බියන්ට මුලු පරිසරයම out of focus වෙලා, නෑම්බිව SHARPLY FOCUSවෙන.එහ්හෙනං.

    කහපාට තමයි කැටපිලර්, බුල්ඩෝසර්, මෝටර් ග්‍රේඩර්, ෆෝක් ලිෆ්ට් වලට වගේම සමහර කාර් සහ බයික් වලටත් හොඳම පාට. ඇත්තෙන්ම ස්කූල් බස් වගේම හැම වාහනයකටම ආරක්ෂිතම පාට කහ පාටලු බං. ඒක දවාලට රෑට, වැස්සට, මීදුමට කොයිකටත් ගැලපෙනවා. තමන් එන බවා ඈතට පේන නිසා.

    මටත් පිස්සු.

    ReplyDelete
    Replies
    1. ඈ???? එහෙමද ඩුඩ් ??? ඩුඩ්ට කියන්න ..මෙයා... මටත් ඔය වගේ සමහර සින්දු වලට පාටක් සෙට් වෙනවනේ!!! වැඩියෙන්ම එන්නේ කහ සහ දම්පාට. සුදුපාට, අළු පාට දැනෙන්නේ අමරසිරි පීරිස්ගේ , එල්විස් ප්‍රෙස්ලිගේ ස්ලෝ ඒවාට. තව විස්තර ඇතුව ලියන්නම්.


      අන්න නියම පොයින්ට් එක! ඇත්තටම කහපාට ඇන්දහම එහෙම අමුතු ග්ලෝ එකක් 'සමහරුන්ට' ලැබෙනවා.

      අන්තිම ජේදේ..... ( ඩෝන්... ඩෝන්... ඇන්ඩිගේ පියා මෙන් දෙබස් කියමින් ඔලුව ගහගන්න සද්දේ!)

      Delete
    2. මැලේසියාවේ කහ පාට කාර් තියෙන උන් ඉන්නේ අනිත් උන්ට වඩා පොඩ්ඩක් උඩින්.. උන් හිතන්නේ කහ පාට හෙන ස්පොර්ටි කියල හෙහ් හෙහ්

      Delete
    3. එහෙනම් බැකෝ කියන්නෙත් පට්ට ස්පොර්ටි වාහනයක් මැලේසියාවේ!

      Delete
  14. ///තරුණ කෙල්ලෙක් දැක්කම කොල්ලෙක්ට දැනෙන හැඟීම වගෙයි.///
    උඹ කොහොමද මේක දන්නේ...

    ReplyDelete
    Replies
    1. මගේ ෆිට්ම යාලුවෙක් හිටියා. එයා කියනවා ඒ දවස්වල. මම ඉතින් ඉබ්බා සේ ඉඳල අහන ගොන් ප්‍රශ්න තවදුරටත් දරාගෙන ඉන්න බැරුව ඌ කියන එක නතර කළා. හැබැයි දැන් මට එහෙම හිතන එක 'predict ' කරන්න පුළුවන්කම ලැබුනා ඒ හින්ද.. හි හි...

      Delete
    2. මම හිතන්නේ නැහැ ඌ ඔක්කොම කිව්වා කියලා...

      Delete
    3. එව්වා ඉතින් දැන් මෙතන කියල ඔප්පු කරන්නද? හි හි.... මම හිතන්නේ සැහෙන කොටසක් කිව්වා. පස්සේ ඌ තේරුම් ගත්ත තේරුමක් නැතිම වැඩක්ය කියල.... හි හි...

      Delete
  15. කහ පාට මල් පිපෙන ඇහැළ ගස් වගේම රෝස පාටින් ගහම වසා ගන්නා රොබරෝසියා ගස් වලටත් මමත් හරිම ආදරෙයි.ලස්සන ලොකු රොබරෝසියා ගහක් ඉස්සර අපේ ගෙවල් පාරේ හැරෙන තැනම තිබ්බා එත් පස්සේ කලර් ලයිට් වලට බාධා කරනවා කියලා එයාව එතනින් කපලම දැම්මා.

    ReplyDelete
    Replies
    1. අන්න රොබරෝසියා!!

      ඔයාට කියන්න මෙයා..... මට ඔය ගස් එක්කත් තියෙනවා විසඳගන්න බැරි ප්‍රේම පලහිලව්වක්. ඕක හින්දා මම කි දවසක් නම් පේරාදෙණිය කැම්පස් එකේ ඇතිද?? එහෙම කරන්න වටිනවද මම අහන්නේ!!?? අදටත් මම ඒ ගස් පේලිය දැක දැක සුසුම් හෙලනවා... ( ඉස්සර ඔය ගස් වලට පොහොර වෙච්ච පනුවෙක්ද කොහෙද.. )

      මට මතකයි කවුරුහරි කැම්පස් වලේ තිබ්බ රොබරෝසියා ගහ කැපුව එකට පොස්ට් එකක් දාල තිබ්බ හුඟක් කාලෙකට කලින්. ( තිලක සිත වෙන්න පුළුවන්) පේරාදෙණිය මාව මොකද්දෝ නොදන්නා අතීතෙකට ගෙනියනවා ඒ මල් ගස් එක්කම

      Delete
  16. ඉස්සර මම යාලු වෙලා හිටිය ගෑනු ළමයෙක් අදින්නෙම කහ පාට . ඒ දවස් වල ඇහැළමලී කියල කියන්නේ.

    ReplyDelete
    Replies
    1. හි.. හි හි....
      ඔය කියන්නේ........

      ගිනිකනවැටිලා උන්නද කහපාටට?

      ;-)

      Delete
  17. ඈ.. පෙම් කතාවක් කියලා හිතලා පස්සේ නිවිහැනසිල්ලේ කියවන්න හිටියා. මදැයි බලන් යනකොට මල් කතාවක්.

    ReplyDelete
  18. අපේ කැම්පස් එකෙත් ලොකු ඇහැල ගහක් තියනව දැක්කම හරි ආසයි :) ඒ මල් පොකුරක කහ තදකහ පාට ඉඳන් ලා කහ පාටට පාට වැටිලා.මල් පිපෙද්දි ගහේ කොල පෙන්නේ නැති තරමට තද කහපාට මල් හිත ඇදල ගන්නවා.අපේ ගෙදරත් පැලයක් හිටවන්න ආසයි ඒත් ගහ ලොකුවට හැදෙන නිසා තාත්ත කැමති නැහැ ....

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ ඒ කහපාට ප්‍රීතිමත්! හිතෙන්නෙම රොමැන්ටික් කියල. මටත් වෙලා තියෙන්නේ ඕකම තමයි. තව බෞද්ධාලෝක මාවතේ අරලිය ගස් ( රෝසපාට වගේ) උනත් දැනුනේ කොමල පාන කෙල්ලන් පේලියක් වගෙයි.

      Delete
  19. මට මතක් වෙන්නෙ පේරාදෙනියෙ කැම්පස් එක...!

    ReplyDelete
    Replies
    1. එහි ඇති ප්‍රසිද්ධ කහපාට මල්ගහ/මල්වැල ගැන? හම්මේ මොකද්දෝ විරහවක් දැනෙනවා මතක් කරනකොටත්

      Delete
  20. දැන්නම් දොස්තර කෙනෙකුට පෙන්නන්න කාලේ හරි වගේ..

    ReplyDelete
    Replies
    1. හි හි..... අදට මේ වෙනකොට මෙහෙම කියාපු හතරවෙනියා තමයි මේ!

      Delete
    2. සිරාවට..!! කියවපු ගමන් මට හිතුනේ පිස්සු හොඳ එක කියල..හෙහ් හෙහ්

      Delete
    3. අහල තියෙනවද අර මානසික වාට්ටුවේ ලිඳක් දිහා බලාගෙන
      "පහායි... පහායි.."

      ගගා හිටපු රෝගියෙක්ගෙන් දොස්තර ළඟට ගිහින්

      "මොකද මේ පහායි.. පහායි .."

      ගාන්නේ කියල ඇහුවම ඌ මොකද්ද කිව්වේ කියල???

      මොකක්කත් කියල නැහැ.... එකපාරටම දොස්තර ඇදල ළිඳට දාල

      "හයායි... හයායි...."

      කියල ආයෙම කියන්න ගත්තලු.



      Delete
  21. මෙන්න මං ආවෝ. මේ කතාව කියවනකොට මතක් වුණේ ඉස්කෝලේ . පටු පාර අයිනේ අරලිය ගස් වලට මෙහායින් තිබුණේ . ඇහැළ මල් වැස්සේ තෙමෙන්න පුදුම පෙරේතකමක් තිබුණේ . එයින් එක දවසක් බොහොම සුවිශේෂී . ස්තූතියි මතකයන් අවදිකලාට . ආයෙත් එන්නම්කො

    ReplyDelete
    Replies
    1. අපෙයි.. ආවද...

      මේකයි වැඩේ.. මෙව්වා නැහැ වෙන කාටවත් කියනවා එහෙම නෙවෙයි ඔන්න!

      අන්න නියම අදහස.... කෝ ඉතින් රට්ටු බල බල යනවනේ මම ගස් හොලවන්න ගත්තම

      Delete
  22. ඇහැල මල් වට නම් මමත් හෙන ආසයි.. හැබැයි උපේක්ෂට තරම් ම අවුල් යන්නේ නෑ මට.. හෙහ් හෙහ්.. හෙන කාලෙකින් අදයි බ්ලොග් ටිකක් බැලුවේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් කුළුහරක් කුලප්පු වෙන්නේ රතුපාට දේවල් දැක්කමලු !

      ඔව් ඔව් දැක්ක දැක්ක.. දිගට හරහට කොමෙන්ටු දාල බ්ලොග් වල! මොකෝ දඬුකඳේ ගහල උන්නද?
      නෑ මම කිව්වේ අර සමහර දෙබස් එහෙම කලින් පෝස්ටු වල ( එපා උන ඉපෝ ගමනේදී) දාල රාජ උදහසට ලක් උනාද කියල සාධාරණ සැකයක් තියෙනවා

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...