Wednesday, August 12, 2015

201. ළිඳේ මියුසික්






මියුසික් කියන්නේ මොකද්ද කියන්න මම හදාරලා නැහැ. නමුත් අපේ ලේ වලට දැනෙන මියුසික් තියෙන බව මම විස්වාස කරනවා. ඒක මොන රටකින්ද  පොඩ්ඩක්වත් අදාළ නැහැ කියලයි මම අදහන්නේ.

මේ බලන්න මේ ශ්‍රිරාම්




මේ ඔහුගේ ඊළඟ වටයන්හිදී ගායනය






මේ එකක් ගායනයක්වත් මට ඇඟේ හිරිගඩු නොපිපි අහගෙන ඉන්න බැහැ. අපේ ඇඟේ ලේ වලට දැනෙන ගායනයක්!



මේ තමයි අපේ අසල්වැසි රටේ ඉන්දියන් අයිඩ්ල් තෝරන අකාරය. බලන්න ඒ ජජ් පැනල් එක! බලන්න ඔවුන්ගේ ටැලන්ට් එක?? මෙහෙ අපි ඔක්කොම කරන්නේ වෙනම නාට්ටියක් නේද? මොනවද අපි ටැලන්ට් කියන්නේ?

අහෝ.. අපි කොහෙද ඉන්නේ???? මොනවද අපේ මේ ටැලන්ට් හන්ටින්?? ( මම පහත කරලා කතාකරනවා නෙවෙයි) අඩුම තරමේ අපේ රටේ මෙහෙම ගීත හැදෙන්නේ නැත්තම් විදෙස් රටක ගීතයක්වත් ( ඕනෙම භාෂාවක්) ගයන්න දෙනවා නම් හෝ එහෙම ගායනයක් කරනවා නම් හිතන්න තිබ්බ.

අපි ළිඳක ඉන්නේ. තාම දනගාන්න වත් හිතල නැහැ වගේ.

29 comments:

  1. ලස්සනයි තමයි....

    ReplyDelete
    Replies
    1. ලස්සන කියනවාට වඩා මට හිතෙන්නේ 'ඇති විශිෂ්ඨයි' වගේ වචනයක් තමයි ඔබින්නේ.

      Delete
  2. ළිඳේ ඉන්නේ කියුවේ අපේ මියුසික් 'ගෙම්බෝ බක බක' ගානවා වගේද? හැක හැක.. මියුසික් නම් නෙවෙයි මං හිතන්නේ ටැලන්ට් හන්ටින් වගේ රියලිටි ෂෝ වලින්නම් අපි තාම බඩ ගානවා..

    ReplyDelete
    Replies
    1. මෙතන තිබෙන්නේ සංගීතයේ ඇති ලුහුඩුකම මිසක් ටැලන්ට් එක නැතිකමදෝ කියලත් හිතෙනවා. මම ජජ් පැනල් එකේ තියෙන පවර් එකට. ඒ කියන්නේ එයාල දන්නවා ලොකු පරාසයක්.

      Delete
  3. ඒකනම් ඇත්ත උපේක්ශා. අපේ රටේ මේ වගේ තරඟ වලදී හොයන්නේ නටන්න පුලුවන් ලස්සන කොල්ලෝ. කෙල්ලෙක්නම් මාර්කට් කරන්න පුලුවන් එකියක්. අපේ රටේ තරඟ පටන්ගන්නකොටම දිනන එකා හොයාගෙන ඉවරයි. ඉතින් කොහොම ද හොඳ සංගීත කාරයෝ මේ රටේ බිහි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට රියලිටි ෂෝ ඔක්කොම වගේ පෙනෙන්නේ වඳුරු නැටුම් පෙන්නන සංදර්ශන වගේ. හරි අපහසුවක් දැනෙන්නේ ඒ දිහා බලාගෙන ඉන්න. ගීතයේ අවධානය ගිලිහෙනවා. මගුල් ගෙවල් වගේ ඇඳගෙන එනවා , ගීතය වැහිලා ඒක තමයි පෙනෙන්නේ. ඇයි අපිට බැරි සරල ඇඳුමක් අන්දන්න? ගායනය නේද වැදගත්? මේ නිසා තමයි තරුණකමට SMS වදින්නේ.

      Delete

  4. ඉන්දියාවේ හින්දි වගේම ආශ්‍රිත භාෂාවල අමුතු ගීතවත් බවක් තියනවා. මේ සමහර ගායනා ස්ටෝත්‍ර, භජන් , මන්ත්‍ර වගෙ කියල මට හිතෙන්නෙ.


    එකසැරයක් මම සිංගප්පුරුවෙ ලිට්ල් ඉන්ඩියාවල දි පුදුමාකාර ලස්සන ගායනයක් ඇහුවා රෙකෝඩ් විකුණන කඩයක දාල තිබුන. හින්දු ආගමික ගීතිකාවක් වගෙ. ඒවෙලාවෙ මට ඒක ගන්න යන්න බැරි උනා. පස්සෙ දවසක ගිහින් මට ඇහුන විදිය කඩේ එකාට කිවුවා මොන ඌට බැරිඋනා හොයල දෙන්න.

    ලංකාවෙ මියුසික් වගෙම පද මාලාත් එන්න එන්න පිරිහෙනවා. මට හිතෙන විදියට භාෂාව ගැන පද රචකයන්ට තියන අඩු දැනුම, වගේම මියුසික් ගැන තියන අඩු දැනුම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. කොහොමත් හින්දි , තෙලිඟු වගේ භාෂාවන් වලින් යන ගීත එක්ක මගේ මොකද්දෝ සම්බන්ධයක් ඇති. ඒ විතරක් නෙවෙයි, බලන්නකෝ මේ ඔක්කොම Idol වල මුලාරම්භය වෙච්ච American Idol වැඩසටහන. එහි හඬට මිසක් වෙන වර්ණ වලට හෝ සිම්පති වොට්ස් වලට අවසන් තරඟය තෙක් ඉඩක් ලැබෙන්නේ නැහැ.

      Delete
  5. ඇයි අනේ ඔයා අහල නැද්ද....

    රම්බරි කියපන් උබෙ නොම්බරේ.
    තන්දුරි කමුද නොදා බරබරේ
    වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
    අම්පාරෙ මල්ලි නිදිද කාමරේ....



    මගෙ ස්වීට් කෙල්ල තැබිලි ගෙඩිය රත්තරන්
    මම ආදරෙයි ඔයාට ලොවෙත් නැති තරම්...


    සංගිත රස උතුරා යනවා

    ReplyDelete
    Replies
    1. ඒ සින්දු නරක නැහැ. ඒවත් තියෙන්න ඕනේ. වැඩේ තියෙන්නේ ඔක්කොම ඒ ජාතියෙන් නේ කියන්න හදන්නේ? විශේෂයෙන් ටැලන්ට් හන්ටින් කරන වැඩසටහන් කියන්නේ ඒ වගේ ගීත කියන අයව හන්ට් කරන තැනක් වෙන එක කණගාටුවක්. ඔය රම්බරි කියන ගීතයේ ගායකයා ලස්සන ගීත කීපයක් කියල තියෙනවා මම දැක්ක. 'සවසක මා' 'ලබැඳීයේ' කියන ගීත යම් තරමකට හොඳයි.

      MG දනුෂ්ක දක්ෂයි තමයි. නමුත් ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකකින් බලාපොරොත්තු වන්නේ එවැන්නෙක් බිහිකිරීමද කියන එක තමයි ප්‍රශ්නේ.

      Delete
  6. ලංකාවේ රියැලිටි.... නෝ කමෙන්ට්ස්

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ.. මහදැනමුත්තා වගේ.. හුහ්

      Delete
  7. ලංකාවෙ රියලිටි...? වෙන කතා කරන්න දෙයක් නැද්ද අප්පා... මිනිසුන් ගොනාට අන්දා මුදල් ගැරීමේ ලොකුම මාෆියාව... සක්විති රණසිංහ හොඳයි තව....

    ReplyDelete
    Replies
    1. මිනිසුන් SMS ගහනවට මගේ අමනාපයක් නැහැ. නමුත් අවසන් ප්‍රතිපලය බැලුවහම බෙරේ පළුව නැති එක ගැන තමයි දුක.

      Delete
  8. මාරක ලිඳේ මෝටර් සයිකල්....

    ReplyDelete
    Replies
    1. හෙහ්... ඒක ඇත්තටම මිට වඩා හොඳයි.

      Delete
  9. සහතික ඇත්ත ඒ රටේ තියෙන්නෙ සුපිරිම ස්ටාර් ම තෝරන එකක්. . අපේ රටේ වගේ මාකට් කරලා හදන, දේශපාලනේ ගෑවුණු ස්ටාර් ල වගේ නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මට වැටහෙන්නේ නැත්තේ ඉන්දියාව වගේ රටක් පවා එහි කොලිටිය තියාගන්නවා නම් ( අනික් ඒවා අතින් ලෝ කොලිටි කියල කියන) ඇයි ලංකාවේ එහෙම වෙන්නේ?

      Delete
  10. ඔව් ඉතින් දැන් super star සියල්ලගෙම හිතේ ඉන්නෙ සිරසෙ මරික්කර්නෙ.
    ඕක තමා අපේ උන්ට වෙන්නෙ.
    පුම්බල තියනව මාධ්‍යට ඔනා විදියට සෙල්ලම් කරගන්න පුලුවන් වෙන්න.

    ReplyDelete
    Replies
    1. සිරස කන්සෙප්ට් එක ගෙනාවට/කොපි කලාට තව තව චැනල් ඒවා පටන් ගත්ත. මම හිතන්නේ ගුවන්විදුලියේ යම් තරමකට දෙයක් උනා. නමුත් එහි ජයග්‍රාහකයින් ඇත්තටම ජය ගත්තේ නැහැ වගේ. හිටපු තැනමයි. ඊට වඩා වරක් ජපුර කළා උළෙලේ ජයගත් ශෂිකා නිසංසලා සහ ඉමාන් පෙරේරා ඉදිරියට ආව.

      Delete
  11. මම මේ ඊයේ පෙරේදා ඔය ස්ටාර් ල කියන ලස්සන සිංදු ටිකක් ඇහුවනේ.. ඔය වැඩේ දැන් හැම රටේම තියෙනවා. එක එක විදියේ ටැලන්ට් හොයන ඒවා.

    ReplyDelete
    Replies
    1. ඒවායේ වරදක් නැහැ. මම කිව්වේ කරන විදියේ සහ අවසන් ප්‍රතිපලයේ ඇති නිෂ්පල බව.

      Delete
  12. රියැලිටි ෂෝ තියෙන්නෙ ලංකාවෙන් පරිබාහිරව වෙන්නට ඕනෑ මොකදලංකාවෙ තියෙන්නෙ සිරසට ඕන විදියට මොඩිෆයි කරල හදල ගත්ත වැඩසටහනක් කෙල්ලො තෝරන්න ඕන නං ඒකිට විකිනෙන්න වෙනව කොල්ලන්ට මොන මගුල් කරන්න වෙනවද එක එකාට කඩේ යනන වෙනව නැත්තං කැපෙනව ඒක තමයි මෙහෙ හැටි
    සිරස කුමරිය තෝරද්දි වෙච්ච දේවල් අහල ඇතිනෙ ආයෙ මොනවද සදාචාරය අන්තිමයි

    ReplyDelete
    Replies
    1. සිරස කුමරිය ගැන නම් මම හරියටම දන්නේ නැහැ. නමුත් සුපර් ස්ටාර් එකේ නදිනි හිටපු සීසන් එකේදී වෙච්ච සිද්ධි ටිකක් නම් දන්නවා. ඇත්තටම එතනට එන කෙල්ලොත් කුමන හෝ ක්‍රමයකින් උඩට එන්න තමයි හදන්නේ. මම දන්නේ නැහැ වරද කොහෙද කියල.

      Delete
  13. Checkout these two performances....
    .
    https://www.youtube.com/watch?v=ivIwqWXFk0A
    https://www.youtube.com/watch?v=cd6FzzLHiUo

    ReplyDelete
    Replies
    1. මම මේක දැක්කා. නමුත් මොකද්දෝ අවුලක් තියෙනවා මට නම්. පැහැදිලිව තේරෙන එක කාරණාවක් විතරක් කියන්නම්, 'උලත් එකයි' සිංදුව කියන්නට මම හිතන්නේ ගායනා තරගේකට එන්න ටැලන්ට් එකක් ඕනෙය කියලා මට නොහිතිම. අනිත් සිංදුව නම් වරදක් නැහැ. මම හිතන්නේ මේ වගේ ටැලන්ට් එකක් වෙනත් තරගෙක ( මම කලින් කියපු Indian Idol තරගේ වගේ) ඇවරේජ් වගේ කියලා. එතකොට තරඟයක් නැහැ.

      අනිත් එක දැකලා තියෙනවද මේ තරඟ වල අවසන් කොටස් වලට එනකොට ඇඳුම පැළඳුම උනත් විකාරරුපි වෙනවා. අවසන් ප්‍රථිපලය බැලුවම ( කිරුල ලැබුව කෙනා) ඔක්කොම වතුරේ ගියා වගේ. මෙයාද මේ කිරුල ගත්තේ කියල සාමාන්‍ය ගායනයන් තියෙන්නේ. ( උපේඛා නිර්මාණි නම් මට හිතෙන විදියට හොඳ ටැලන්ට් එකක් තිබ්බ කෙනෙක්.)

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...