Wednesday, August 12, 2015

200. සරාගී ස්පොන්ජ්



හිත කියන්නේ ස්පොන්ජ් එකක්.......
ආදරේ කියන්නේ පාටක් නැති වතුරක්.....

බැරිවෙලාවත් වතුරට වැටුනොත්? ඉක්මන් වෙන්න ඕනේ කාරණයක්!

ගිලෙයි , වතුර පෙවෙයි කියල නෙවෙයි. පෙගෙයි කියල.....

ඉතින් හරි අමුතුයිනේ මේ කතාව, එකම දෙයක් ගැන දෙන්නෙක් දෙවිධියකින් ලියන එක?

මම කියනවා එයා කියල, එයා කියනවා මම කියල.

අපි දෙන්නම... නෑ දෙන්නම එකම වෙලාවේ කතා කරන්නේ නැති එක තමයි මැජික් එක.

එයා කියනවා, මට තියෙන්නේ වලත්ත ඇස් කියල. ඒක මගේ වරදක් වෙන්නේ කොහොමද කියල මම මගෙන්ම නිතර අහනවා.

ඒ වලත්ත ඇස් දෙකෙන් එයා දිහා, ඇත්තටම කිව්වොත් එයාගේ කුෂන් එකක් වගේ තියෙන ඇඟ දිහා බලනෙකට ඉතින් ඔතරම් අරියාදු වචනයක් කියයි කියල මට හිතුනේ නැහැ මුලින්ම. මම හිතුවේ විහිළුවක් කියල, නැහැ එයා එහෙම කියපු එක නෙවෙයි , මම එයා දිහා එහෙම බලන එක තමයි විහිළුව.



ඒ උනාට මොකද්දෝ කාන්දමක් විසින් එයාගේ ඒ ලස්සන බලන්න මාව දෙතුන් පාරක් නෙවෙයි සිය දහස් වතාවක් පොළඹවන එකට, මට මැරෙන්නද කියන්නේ? කෙල්ලෝ මගේ බැල්මට ආසයි කියල එයාට කොහොමත් විස්තර කරලා දෙන්න මට වෙලාවක් තිබුනේ නැහැ. මට ඊට වඩා දහසකුත් එකක් වැඩ තිබ්බ.

උදේ නැගිට්ට වෙලේ ඉඳන් , ආයෙමත් නින්දට වැටෙනකල් මනෝ විකාර ඇතුලේ එයත් එක්ක ප්‍රේමයෙන් ගත කරන්න තිබ්බ හැම තප්පරේම මට වටිනවා කියල මම ඔලුව නරක් කරගෙන හිටිය. ඉතින් මට පිස්සු කියල එයා කියන්න ගත්ත.

ඔන්න එතකොට මට මතක් උනා පිස්සු කියල කියන්නෙත් එක ජාතියක ප්‍රවේශපත්‍රයක් කියල. ඔව්, පිස්සෙක්ට ඕනේ දෙයක් කියන්නත්, කරන්නත් පුළුවන්..! ඉතින් වතාවක් දෙකක් මම උත්සහ කරලා බැලුව, නරකමත් නැහැ... මම ඉගෙන ගත්ත ඈට තියෙන්නේ කුෂන් එකක් වගේ ඇඟක් කියල. ගුටි හතරක් පහක් කෑවත්, සතියක් විතර ඇස්මානෙන් ඈත්වෙලා මාව දැක්කහම සර්පයෙක් දැකපු කැරපොත්තෙක් වගේ වෙන එකත් ඇරුණුකොට වැඩි හානියක් නැතුවම මම ඒ පරීක්ෂණය ඉවර කරගත්ත.



හම බටර් පාට නොවුනත් මොකද්දෝ කාන්දමක් විසින් මාව එයා දිහාට අද්දනවා. මම රහත් වෙලාය කෙල්ලෙක්ට ඔහොම නොබැඳි ඉන්න? මම හිතන්නේ එයා ඒක දන්නවා.

එයාට ඒ මදිවට තිබ්බ සරාගී කකුල් දෙකක්. ඔව්... ඇත්තටම ඒවා සරාගියි. කෙල්ලෙක්ගෙ කකුල් දෙකක් ගැන ඔතරම් මැරෙන්න හදන්න මට පිස්සුය කියල හිතෙන්න පුළුවන්.. මොකක් කරන්නද ඉතින් මට හිතෙන දේවල් වලට? සමහර වෙලාවට අව්වට කරකුට්ටන් වෙච්ච පැපොල් කොලයක් වගේ පොඩ්ඩ ඇත්තන් 'කරස්' ගාල පොඩිවෙන්න බලාගෙන ඉන්න මම වගේ එකෙක්ට ඇරුනම වෙන එකෙක්ට ඕක කොහොමත් දැනෙන්නේ නැහැ.

ඒ උනත් කෙල්ලෙක් හොයාගෙන ආපු ගමනක් නෙවෙයි මම එදා ආවේ, ඇත්තටම පිරිසිදුවෙන් කිව්වොත් මම හිතුවේ ඒකිගේ ඔළුවට වඩා මවාගත්ත මහන්තත්තකම ඔලුවට වඩා ගුලියක් මවල තිබ්බ නිසා ඒ ගුලිය බිමට තබ්බලා මිසක් පස්ස බලන්නේ නැහැ කියල. බලනකොට ඒකිට එහෙම ඉන්න වෙන එකේ වැරැද්දක් නැහැ.

අවුරුදු ගානක් තිස්සේ පොල්ගෑවද කියල මට හිතෙන්නේ ඇයි ?



~~~ M ~~~

28 comments:

  1. අපොයි පැපොල් කොලේ මාර විදියට වේලිලා තියෙන්න ඇත්තේ.

    මොකක්ද අප්පා අර යටින් තියන M අකුර.W

    ReplyDelete
    Replies
    1. පැපොල් කොලේ විතරයි නේද හිතට වැදුනේ?

      ඕනෙම අකුරක හැඩ දෙකක් තියෙනවා. කැමති හැඩයක් තෝරාගන්න පුළුවන්.

      Delete
  2. ඔහොම තමා... දැන් කාලේ හරි....... මොකක් හරි කරමු නේද??????? නැත්තම් සමාජ විරෝධි දේවල් වෙන්න ඉඩ තියෙනවා

    ReplyDelete
    Replies
    1. අනේ අපි කවදාක...? හෙහ් හෙහ්

      Delete
  3. දැන් නං යන පාර ටිකක් විතර පැහැදිලිවෙනවා

    ReplyDelete
  4. කමින් කලර් එක නම් හොඳ නෑ වගේ..... ඔය ලෙඩේ හැදුනොත් බෙහෙත් නෑ කොහෙවත්...

    ReplyDelete
    Replies
    1. බෝ වෙච්ච එකා කවුද කියල මම කල්පනා කලේ?

      Delete
  5. සිදුරු සියගණනක් ඇතත් වතුර රඳවාගතහැකි එකම දේ......ස්පොන්ජ්.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ... ඔය කිව්වේ.... ඔන්න කිව්වා...

      Delete
  6. // අවුරුදු ගානක් තිස්සේ පොල්ගෑවද කියල මට හිතෙන්නේ ඇයි ?// මටත් එහෙම හිතෙනවා.. මං ගැන නෙවෙයි. M ගැන.. :)

    ReplyDelete
  7. එන පොට නං හොද නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. කෙල්ල ගං ගෙට....
      බය වෙන්ට කාරී නැහැ, එයා මේ පාර චන්දෙට නැහැ

      Delete
  8. අනේ...! මම ආසයි මේ වගේ ඒවා කියවන්න. තව එකක් ඕනා.

    ReplyDelete
    Replies
    1. මෙව්වා මිනීමරන පෝස්ටු ! වැඩිය හොඳ නැහැ, ඇඟට ගුණ නැහැ...

      Delete
  9. අන්න බලහං ඒකෙත් හැටි,,

    ReplyDelete
    Replies
    1. එකනේ බලන්නකෝ ඒකෙ හැටි නේ?

      Delete
  10. ඒ කලේ ඉදන් පොල් වත් ගෑවනම් මේ වෙද්දි කිරි හොද්දක් වත් හදා ගන්න තිබුන නේද?

    ReplyDelete
    Replies
    1. හොද්ද හැදුවට හැඳිගාන්නේ කවුරුද එහෙනං ?

      Delete
  11. ඔහ් අර දුන්නයි මල් ඊතලයි ඇරං යන හාදය මොකක් හරි හුටස්පරයක් කරන්න වගේ හදන්නෙ මේක නං හරියන්නෙ නෑ බුවාට විරුද්දව නඩුවක් දාන්ට වෙයි හිහික්

    ReplyDelete
    Replies
    1. මොන දුන්න ඊතලේ ද? කෙලිම්ම කඩු කිනිසි තෝමර තමයි බස්සන්නේ...

      Delete
  12. අනේ උපේස්සා .. තව කතන්දරයක් කියන්නකො...

    ReplyDelete
  13. මේවට ඉතින් මුකුත් නොකියමි..

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්. දැන් තමයි ඇඟට ලේ ඉනුවේ

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...