Saturday, August 23, 2014
Friday, August 22, 2014
67. ක්‍රීඩා තරග මාධ්‍ය ආවරණය
මම කැම්පස් යනකාලේ....
අනේ මේ.... හැමදාම ඔය පම්පෝරිය කියවන්නේ නැතුව කියනවකො කතාවක්, හරියට...
ඔන්න ඒ හින්ද මම ලියනවා වෙන විදියකට. අපේ අක්කත් එක්ක බෝඩිමක ගෙවපු කාලයක් තිබ්බ.
ඒ කාලේ තමයි කාලේ.
ඒ කියන්නේ වෙන මොනවත් හින්ද නෙවෙයි, අපේ අක්කත් එක්ක ඉන්නවා කියන්නේ පලාලි කෑම්ප් එකේ අවුරුදු ගානක් ලැබෙන පුහුණුවට වඩා ඉවසීම, විනය, ත්‍රාසය, භීතිය, කුතුහලය, මතක ශක්තිය ඕය එකී මෙකි සියලු දේ ගැන අත්දුටුවයි සත්තයි ජාතියේ පුහුණුවක් ලැබෙනවා ආයේ ජීවිතේට අමතක නොවෙන්න. අනේ ඔව්...
බොරුනම් අහල බලන්නකෝ අපේ අක්කගෙන්ම.. එයා කියයි එයා තරම් කිසි අවුලක් නැති රූමියක් වෙන කොහෙවත් නැහැ කියල.. ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ..
වැඩි කතාවක් බහක් නැති මම කොහොමත් බෝඩිමට එන්නෙත් බිං කරුවල වැටිලා, කැම්පස් එකේ දොරවල් වහන වෙලාවට. ඒ වෙනකොට අපේ අක්කා බෝඩිමේ සියලු නෙට්වර්ක් සම්බන්ධතා සාර්ථකව පවත්වාගෙන , උන්ගේ කෑම පිඟන් වලටත් වැඩේ දීල මම එනකල් දොර දිහා බලන් ඉන්නවා. මේ බෝඩිමේ හරි අපූරු දේවල් සිද්ධවුනා. වෙන වෙනම කියන්නම්කො.
මම කියලත් ඇති මේ බෝඩිම කියන්නේ බෝඩිම් අයිතිකාර ආන්ටිගේ පරණ මහ ගෙදර. එයාලගේ අලුත් ගෙදර තිබ්බෙත් ඒ වත්තෙමයි. එකම ගේට් එක තිබ්බේ. මුළු ගෙදරම එක එක රූම්ස් , වෙන වෙනම කෙල්ලොන්ට දීල තිබ්බේ. අපි වගේ ගොඩක් රූම්ස් ෂෙයාර් කරලා තිබ්බේ සහෝදරියෝ. සමහර රූම්ස් තනියෙන්.
බෝඩිමේ ආන්ටි හෙන නීතිකාරි. ඒ හින්ද හරි පරිස්සමෙන් තමයි වැඩකරන්න ඕනේ. බෝඩිමට මුලින් එනකොට අනිවාර්යයෙන් දෙමවුපියෝ දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිත් භාරදෙන්න ඕනේ. ගේට් එක ඇරෙන සද්දෙට කොහේ හරි ඉඳන් එයා එබිලා බලනවා, කවුද, කොයි වෙලේද , කොහොමද ආවේ කියල. කිසිම අමුත්තෙක් වැද්දගන්න තහනං ! ඒ වගේම ඉතින් විනය කියන්නේ ( කෙහෙල්මල් විනය) එයාට නැතුවම බැරි දෙයක් කියලයි කියන්නේ. කතාවට වැඩිය සෙට් උනත් අවුල්, නැතත් අවුල්... මම නම් කලේ කිසිම ඉන්ටරැක්ෂන් එකක නොකර ඒ කොටස අපේ අක්කට බාරදීලා බිල්ලෙක් වගේ ඉන්න එකයි. අපේ අක්කටත් ඉතින් ඒවා පුළුවන් එල කිරිවට! ආලවට්ටම් දාල ෂේප් එකේ ඉන්න දන්නවා, ඉතින් මම මොකටද නිකන් පෙට්‍රල් පුච්චගන්නේ?

බෙදුම් :
අදහස්,
කැම්පස් කාලේ කතා,
නිකම්ම කතා,
පිස්සු වැඩ,
බෝඩිම් කතා,
යාළුවො
Thursday, August 21, 2014
66. කාන්ති - 02
මෙතෙක් කතාව
මට හරියටම මතක නැහැ ඊට පස්සේ මොනවද උනේ කියල. පස්සේ දැනගත්ත විදිය විතරයි කතාව ගොතාගන්න උදව් උනේ. මට හිතාගන්න බැරි දේවල් ගොඩක් වෙන්න ඇති. කොහොමත් වැඩිහිටි දේවල් අපේ කනට (මගේ) නොඑන්න හැම වෙලේම අපේ අම්මි සැලකිලිමත් උනා කියලා නම් මට මතකයි.
කාන්ති එකපාරටම අපේ ගෙදරින් අතුරුදහන් උනා.
මගේ සගයා නැති උන හින්ද මම නිහඬවම දුක් උනා. කොහොමත් මම පොඩි කාලේ ගෙදරදී මගේ හැඟීම් එලියට පෙනපු කෙනෙක් නෙවෙයි. කාන්ති ගෙදර නැති එකෙන් මම මගේම කටුවක ඇතුලට වෙලා ඉන්න එක තමයි කලේ.
ඔහොම ගියපු දවසක.....

65. කාන්ති - 01
කලින් කතාවක් ලියනකොට මතක් වෙච්ච තව කතාවක් උනාට මට මේ කතාව මගේ ජිවිතේ වැඩිපුරම ආවර්ජනය වෙච්ච කතා වලින් 'එකක්'..
කලින් මම අපේ ගෙදර හිටපු සේවිකාවන් ගැන කියනකොට යන්තම් කියල නොකිය හිටපු කතාව තමයි මේක. මොකද ඒ මුඩ් එකයි, මේ මුඩ් එකයි හොඳටම වෙනස් හින්ද.
මම දන්න කාලේ ඉඳන්ම අපේ ගෙදර අපේ අත්තම්ම ( අම්මගේ අම්ම ) හිටිය. එහෙම උනේ මම හිතන්නේ මගේ අත්තා මියගිහින් තියෙන්නේ අපේ අම්මි කැම්පස් ඉන්න කාලෙම හින්ද, අත්තම්ම එයාගේ මහගෙදරින් පිටමන් වෙලා අපේ අම්මි යන යන තැනට ආපු හින්ද. රජයේ නිලධාරියෙක් වෙච්ච අපේ අම්මිට, අපිව අත්තම්මට තියල යන්න තමයි වෙලා තිබ්බේ.
ඒ මදිවට කියන කියන පළාතට මාරු වේවි, එක එක පළාත්වල මිනිස්සු අතරේ අප අම්මි ගතකරන්න ඇත්තේ මහා කටුක ජිවිතයක් කියල මට නම් දැන් හිතෙනවා. උපතින්ම හම්බානක මලපනින අප්පච්චි අන්තිමට රජයේ රස්සාවට පයින් ගහල රට ගියාට පස්සේ ඒ ජිවිතේ තවත් කර්කශ වෙන්න ඇති. තනියෙන් දරුවෝ තුන්දෙනෙක්ගෙ වැඩ කරනවා කිව්වම? ඒ අතරේ රස්සාවත් කරගෙන? කොතරම් සල්ලි ලැබුනත්, මම නම් හිතන්නේ ඒ කර්කශ බව අඩුවක් නැතුව ඇති. දැන් කාලේ වගේ ඒ වගේ සිද්ධි කොමන් නැහැ නේ....

Tuesday, August 19, 2014
64. සීයාගේ කැඩිලැක් ටෙරටරිය
වයසක සීයලා පාරේ ඩ්‍රයිව් කරනකොට ඔයාලට මොනවා හිතෙනවද?
ඇත්තම කිව්වොත් තමන් කව්ද, ඉන්න තැන සහ කරමින් ඉන්න වැඩේ අනුව හිතෙන දේවල් කැරට් - බීට් වගේ වෙනස් වෙනවා... කොටින්ම කිව්වොත්
- ඔයා තරුණ කොල්ලෙක් නම් - මේ පිස්සු හුටන් මොනවා කරනවද මන්ද... මොකට එලෝනවද මන්ද
- ඔයා ඊට පස්සෙන් යන කෙනෙක් නම් ( ඕනෑම ජෙන්ඩර් එකක්) - $##^%^(!@# අම්මප මුව හප්පලා දාන්න බැරිහැටි! එක ලේන් එකක යන්නෙත් නැහැ, ඉඩ දෙන්නෙත් නැහැ
- පාරේ යන මගියෙක් නම් - මේ මිනිහද පාරේ? මමද පාරේ? බ්‍රේක්ද ? නැද්ද? මාව හප්පයිද? මූ හැපෙයිද ?
- ඕනෑම වයසක පුරුෂයෙක් නම් - අඩේ අප්පා, මුගේ වයසටද මේ ඈ ?
- ඒ රිය ඇතුලේ ගමන් කරන (අසරණ) මගියෙක් නම් - මම තව පව් කරලා තියේද? මේකෙන්ම ගෙවෙයිද? හැප්පිලා මැරෙනවද? මැරෙනකොට හිනා වෙලා මැරෙනවද? අන්තිම වතාවට සමාවගන්න, ආදරෙයි කියන්න බැරිවුන කවුරුත් ඉන්නවද?
- මම වගේ අන්දොස් කෙල්ලෙක් නම්- අනේ හෙන කියුට් අනේ... මෙලෝ විචාරයක් නැහැ.. දාන්න හිතෙනවා වෙට්ටුවක්!
ඔය වගේ දහසකුත් දේවල්!
බෙදුම් :
අදහස්,
පාසල් මතක,
පිස්සු වැඩ,
පොඩි කාලේ
Monday, August 18, 2014
63. 1ට කලින් 2
එකපාරක් කියල කට/අත ගන්න ලැබුනේ නැහැ.. ආයෙත් ඒකම කරලා!
හැබැයි මේ පාර නම් තත්වේ දරුණුයි... කරලා තියෙන්නේ සැලසුම් සහගතව.
කොච්චර සියුම්ද කියනවා නම් ෂර්ලොක් හෝම්ස් දැම්මත් හොයා ගන්න බැරි වෙයි කොහොමද මේක කරේ කියල. මට දැන් අලුතෙන් හිතන්න වෙලා කොහොමද මගේ දේවල් පුළුවන් තරම් රහසිගතව තියාගෙන ඉන්නේ කියල.
කියන්න බැහැ , ලියන්න බැහැ , අඩුම තරමේ හිතන්නවත් බැරි වෙලා...
මම කියලත් ඇති මගේ පරිකල්පන හොරාගෙන ලොකු ලොකු අය කරලා තියෙන දේවල් ගැන. කොටින්ම මගේ පේටන්ට් නොදී හිටපු ගැන. ඒකත් කමක් නැහැ කියමුකෝ...
දැන් වෙලා තියෙන්නේ ඊටත් එහා ගියපු වැඩක්...
කොටින්ම කියනවා නම්,

Wednesday, August 13, 2014
Sunday, August 3, 2014
61. එන්න කණ්ණාඩියෙන් මුණ බලන්න!
මගේ ගොඩක් ලියවිලි වලට ප්‍රස්තුතයක් සාමාන්‍යයෙන් තියෙනවා.
මේ ලිපියේ ප්‍රස්තුතය ගැන කිව්වොත් - මේක කාලයක් තිස්සේ මගේ ඔලුවේ වැඩකරපු දේවල් වලින් එක කාරණාවක් හින්ද හරියටම කියන්න බැහැ 'මේකයි' කියල. ඒත් මෑතකාලයේදී මට වුනු, වටේ සිද්දවුනු දේවල් මේක ලියල තියෙන එක ස්ථිර කරා කිව්වොත් තමයි නිවැරදි. මේක ලියන්නේ කාටවත් රිද්දන්නවත්, ඇඟිල්ල දික් කරන්නවත් නෙවෙයි. මට හිතෙන විදියට අපි අපි ගැනම හැරිලා බලන්න ඕනේ වෙලාවට, අපි කැඩපතක් පාවිච්චි කරනවා වගේ මෙහෙම දේකින් අපි තමන්ගේම ස්වයන් විවේචනයක් කරගන්න එක වටිනවා. මොකද ගොඩක් වෙලාවට පිට කෙනෙක් කරන විවේචන දරාගන්න බැරි හින්ද.
මමත් ඉස්සර විවේචන වලට කැමතිම නැහැ. එහෙම වෙන්න මම හිතන විදියට බලපාපු කාරණා කීපයක් තියෙනවා (මට).

- එකක් තමයි, මට විවේචනයක් එල්ල කරන්න තරම් 'පොරක්' මට හමුවුනේ කලාතුරකින් හින්ද මගේ 'මම හරිමයි' කියන විශ්වාසය ,
- අනිත් එක තමයි විවේචනයක් ආවොත් ගොඩක් වෙලාවට ඒක 'කන්ස්ට්‍රක්ටිව්' නොවී මාව බිම දමන්නම එල්ල කරන ප්‍රහාරයක් මිසක් ( හරියට පුද්ගලික පළිගැනීමක් වගේ) එතැන වෙන අවකාශයක් , සංවාදයක් ඇතිවෙන්නේ නැති හින්ද කියන්නේ මොනවාද කියන එකට මගේ කිසිම අවධානයක් නොදැක්වීම.
බෙදුම් :
අදහස්,
ක්‍රීඩා මතක,
දහම්පාසල් මතක,
පාසල් මතක,
පොඩි කාලේ,
මත ගැටුම්
Wednesday, July 16, 2014
60. පූස් පින
මගේ කැම්පස් එකේ අවසන් කාලේ කැම්පස් එක අද්දරම වගේ තිබ්බ බෝඩිමට හිටිය. සමහර අයට මතකත් ඇති මම ඒ ගැන ලියල තියෙනවා මිට කලින්
අනේ මේ පණ්ඩිත නොවී ඉන්නවා, තමුසේ ලියන හැම මගුලම මෙහෙ එන උන් කියවන්නේ නැහැ. ඊටත් ඔයිට වඩා කොච්චර ජාති වෙන ඒවගේ තියෙනවාද, ඔක්කොම ටැපලෙනවා නේ කියෝන අයට.. ඔව්ව මතක තියන් ඉන්නේ කවුද? -ඕනේ නම් දානවා ලින්ක් ටිකක් පහළින් .. අනුකම්පාවක් හිතෙන උන් එතනට ගිහින් බලාගනී.. හිහ් -
ඒ අපේ අය්ය උඩ තියෙන එක වාක්‍ය දැක්ක ගමන් කියන වාක්‍ය ටික !
ඔන්න එහෙනම්, මම ලිව්ව අර බතලයාගේ කතාව? , ඒ කතාවේ බෝඩිම තමයි අද කතාවෙත් පසුබිමෙන් ඉන්නේ.
එහෙනම් කියන්න ඕනේ නැහැ නේ, අනිවාර්යයෙන් ඔය කතාවේ පැන්ඩා ඉන්නවා කියල.. හෙහ්.. පැන්ඩා නැති කතාවක් ඔය බෝඩිමෙන් හොයාගන්න හරිම අමාරුයි. මොකද, මම කොතනද, පැන්ඩා එතන... පැන්ඩා කොතනද මමත් එතන.. ඒ වගේම මොකක් හරි පිස්සු වැඩක් කොතනද.. අපි දෙන්නම එතන!
පැන්ඩා ගැන නොදන්නා කෙනෙක් ඉන්නවා නම්..... දන්නා අයගෙන් අහගන්න.. මට ලියන්න ගියොත් අන්තිමට ආපු එක ලියන්න වෙන්නේ නැති තරමට ඔය බඩ්ඩ ගැන රස කතා පොදියක් තියෙනවා.

බෝඩිම් කතා
Tuesday, July 8, 2014
59. උපේක්ෂාගේ රහස
තකතීරු වැඩක් කරලා හම්බානක නට්ටන් වෙලා , නහය ළඟට ගිලිලා ඉන්න වෙලාවක කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද?
තවත් ඒ වගේම තකතීරු වැඩක් කරන එක!!!
හෙහ්.. හෙහ්... මොකද දන්නවද? නහය ලඟට ගිලිලා නම් ඉතින් අහවල් දේකට කරදර වෙනවද? ඊට උඩින් කොච්චර ගියත් එකම සෙතේ...
'හොඳ වැඩේ උඹට... හෙහ්.. මම කිව්වා ඔය මගුල ලියන්නේ නැතුව මෙන්න මේ මගුල ලියන්න කියල, ඇහුවද? ඇහැව්වද ??'
ඔන්න මගේ ඇතුලේ උන්නු එකෙක් මට ඔහොම කිව්වා... ඒ හින්ද ( ඌට ඕනේ හින්ද) මම මේ මගුල ලියනවා..
එහෙමමත් නෙවෙයි, කරපු තකතීරු වැඩේට හුඟක් කලින් ඉඳලයි මම මේ වැඩේට තප්පුලන්න පටන් ගත්තේ. කාර් එකේ, බස් එකේ යන ගමනුත් ; ලොම්බ විකන ෆැෂන් හින්ද අමාරුවෙන් යන වෙලාවල් වලදීත් මට අනේක වාරයක් මේක මතක් වෙනවා..
අද ලියනවා, හෙට ලියනවා කිය කියා හිටියට කෝ කොහෙද ලැබුනේ නැහැනේ. මොකද්ද දන්නවද? ඒක සහසක්! සහස තමයි...
'මම හෙන නාකිච්චියක් අනේ!'

ඇත්තද මන්ද - බොරුද මන්දා,
නිකම්ම කතා,
පිස්සු වැඩ,
හැඟීම්
Monday, July 7, 2014
58. නිල් නුවන් - 02
පළමු කොටස
ප්‍රධාන පාරෙන් රථය හරවා මැයිමාර ගස් අතුරේ දිවෙන නිස්කලංක මාවතේ මද දුරක් රථය පදවාගෙන එන නුවන්ගේ සිත ශරීරයෙන් වෙන්වී ඇත්තා සේය. වෙනදාට මෙහි එන ඔහුගේ සිතත්, අද සිතත් හාත්පසින්ම වෙනස්ය.
රථගාලේ රථය නතරකල නුවන්, සුක්කානම පොඩිපට්ටම් කරන තරමේ ආවේගයකින් එය මිරිකාගද්දී, අනායාසයෙන් ඇස් වලින් කඳුළු කුට්ටි කිහිපයක් ඔහුගේ කමිසයට වැටුනේ, මුරුගසන් වරුසාවක දිය බිඳු විලාසයෙනි. සෙමින් හිස සුක්කානමේ ඉහල කෙලවරේ රැඳවූ ඔහු, කුඩා දරුවෙකු සේ ඉකි බිදින්නට විය. ගතවුයේ මිනිත්තු කිහිපයකි, සෙමෙන් හිස ඔසවා සිහියෙන් කඳුළු පිස දැමු ඔහු, සාක්කුවෙන් ගත් ජංගම දුරකථනය ඔබා කනෙහි රඳවා ගත්තේය.
"අම්මේ... මම මේ... අහ් ... ඔව් ඔව්... මම පොඩ්ඩක් පරක්කු වෙයි. සෝමදාස කිව්වද?"
අනෙක්පසින් ඇසුන තම මවගේ හඬ සුපුරුදු සිතල කෝමාරිකා ඇතිරිල්ලක්ම විය.
"හොදයි පුතේ.. පරක්කු වෙන්න එපා. රෑ උනහම බීපු උන් පිස්සෝ වගේ එළවන්නේ "
"නෑ , පරක්කු වෙන්නේ නැහැ."

ඇමතුම විසන්ධි කොට සුපුරුදු සන්සුන් විලාසයෙන් හාත්පස බැලූ ඔහු, නැවත රථය හරවා ගත්තේ ආරක්ෂකයා පුදුමයෙන් බලාසිටියදිමය.
උමයංගනා ... උමයංගනා.....
Saturday, July 5, 2014
57. නිල් නුවන් -01
වෙනදාටත් වඩා වැඩ අඩුවෙන් කලත්, තෙහෙට්ටුව නිසා කලින්ම කාර්යාලයෙන් පිටවුණ නුවන් ඈතින් දකිත්ම ඔහු අසලට දුව ආ රියදුරු ඉක්මනින් අතේ වූ පරිඝනක බෑගය අතට ගෙන දොර විවර කර දුන්නේය.
"සෝමදාස, අද සුපර්මාකට් යන්න ඕනේ , හන්දියේ නෙවෙයි. එහා තියෙන එකට. අක්කට ඕනේ කිව්වා එතන තියෙනවා කියල බඩුවගයක් "
සෝමදාසගේ සිනහවෙන් මදක් සමහන් වුනු සිත අතගාමින් නුවන් පසුපස ආසනයට බරවිය. වෙනදාටත් මේ වැකිය සොමදාසට හුරුය. එලෙසම මෙවන් විඩාපත් මුහුණත්! නුවන් මහත්තයා ගැන ඔහු තුල ඇති පහන් හැඟීම වසර ගණනාවක් තිස්සේ තිරව පවතින්නට ඒ කිසිවකින් බලපෑමක් නොවුනද, ඔහු ගැන අනෙක් රියදුරන් එක්කාසුවන රථගාලේදී පලවන අදහස් මැඩීමට ඔහුට හැකියාවක් නැත.
රිය පණගන්වා ප්‍රධාන පාරට හරවා, පදවාගෙන යන අතරතුර සෝමදාස වරින්වර කණ්ණාඩියෙන් පසුපස අසුනෙහි සිට නිසොල්මන්ව දෑස පියාගෙන ඉන්න නුවන් දෙස බැලුවේ යමක් කියවන්නට මෙනි.
".. ඔය කිව්වට ලොකු මහත්තුරු... හෙහ්.. අපි නොදන්නවාද.. නැතුවද ගෑණු රට වටේ.... හෙහ්.. හෙහ්... පේනවනේ අපේ මහත්තය.. හෙහ් හෙහ්... ගෙදර පුස වගේ.. බලන්ට එපෑ ඔපිස් එකේ... හාහ් හාහ්.."
නිමල් ගේ වදන් ඔහුගේ කන් වල දෝංකාර දෙන්නා සේය. වසර පහක් තිස්සේ තමන් සේවය කලත්, ඔවුන් කියන ආකාරයේ අසම්මත සබදකම් තමන්ගේ කිසිම ගමනකදී හෝ නොදැනුණි. පෙනුමෙන් වුවත් කිසිවෙකුත් වරකට වඩා හැරී බලන ,තවමත් විවාපත් නොවුණු ස්වාමියෙක් ඉන්නා එකම රියදුරු තමන්ද?

56. කණගාටුව
පොඩි සෙටින් අවුලක් හින්ද, මගේ draft පොස්ට් වගයක් පොස්ට් වෙලා.. සිදුවූ අපහසුතාවයට මගේ කුණාටුව !! සමාවෙන්න
Friday, July 4, 2014
හදේ කොතැනක හෝ හිඳී ඔබ....
සුපුරුදු විදියට මගේ මග සලකුණු ඔස්සේ එන යහළුවන්ගේ , (ඔව් ඔහුගේ යහළුවන් ) නොයෙකුත් කටහඬවල් වලින් අතරින් පතර විසිවෙන , මා සම්බන්ද විහිළු... මගේ නිහඬ , තනිවම සිනාසීම්.... මේ පුරුදු පාර... ඔව්.. ඔහු.........
සුපුරුදු පරිදි ඔහු!
ඔහු..... දැනට වසර එකහමාරක් තිස්සේ මගේ සෙනෙහස ඉල්ලමින් එන , මෙලංග!
"දකුණට සිග්නල් දාල හරවන්න, අන්න අතනින් පාක් කරලා.. ය.. මූ....."
කියාගෙන මා පසුකරගෙන ගිය ඔහුගේ යහළුවන්, සුපුරුදු පරිදි කැෆටේරියා එකේ ඉහළ මාලයට යන තැනින් නතර වුනා. මම ගියේ පයින්, සිග්නල් දානවා කියන්නේ මගේ යහළුවන් මගහරින්න බව මම නොදන්නවාද? කැෆටේරියා එක ඉදිරිපිට සිට ඉහළ මාලයට නගින ඔහුගේ කකුල් පමණයි දැන් පෙනෙන්නේ..
" මට අද යන්න ඕනේ... බස් නැතිවෙයි"
මම මෙහෙම කියන්නේ ඔහුගේ යාළුවෙක්ට , නමින් 'ඉන්ෆාස්'
" අරූ එහෙනම් උඩ තට්ටුවෙන් පනී , මළගෙයක් වෙන්නේ එහෙනම් මෙතන! අය්යෝ මේ.. උඩට යනවද.. අපි ගෙනිහින් දාන්නම් ඕනෙනම් ගෙදරටම"
ගැලවිල්ලක් නැති කතා! ඕනෙම දේකට උත්තරයක් ඇති කටක් වේනම් ඒ ඉන්ෆාස් ගේ කටයි! මාව පඩිපෙළ ලඟට විසි උනා.. හැමදාම වගේ පපුව ඇතුලේ බේස් ඩ්‍රම් ගහනවා කව්දෝ.. 'ඩික් ... ඩික් ...' පඩිපෙළ උඩම පඩියේ හිටගෙන මගේ දිහා බලන් ඉන්න ඔහු!
"කොහොමද"
මාව දියවෙලා වැක්කෙරෙන්න ගත්ත. බෙල්ල ලඟින් බිමට නැමුන, කන් දෙක රත් වෙලා... මූලික රෝග ලක්ෂණ ඔක්කොම! වෙලාවට ඔහු වගේ සුදු නොවුනේ.. කම්මුල්, කන් රතු වෙලා කියල පෙනෙයි..
"හො .. ද.. යි.."
"උඩට එන්න, බය වෙන්න එපා... අරුන් ඉන්නවා පහළ...."
ඔහුගේ ආරක්ෂක බටයෝ!
".... එනවද?... මම......"
ඊළඟට කියන්නේ මොකද්ද දන්නා හින්දම මම උඩ පඩියට පැන්නවුනා. මිට කලින් දවසක, එන්න කිව්වම ආවේ නැති වරදට මගේ අතින් අල්ලලා උඩට ඇදල අරගෙන වෙච්ච සන්තැසිය මට අමතක නැහැ.
එදා ඔහු මාව තුවාල කළා... අතපය නෙවෙයි, හිත!! මම විදෙව්වා හොඳටෝම!!
කැෆටේරියා එකේ උඩ තට්ටුවේ කිසි කෙනෙක් නැති බව මට විස්වාසයි.. එහෙම තමයි හැමදාම වෙන්නේ.
"I want you to meet, 'Kalana'.."
මගේ ඔළුව ඉස්සුනේ විශ්මයෙන්... ඔළුව ඔසවනකොටම පුටුවක් තල්ලු කරගෙන නැගිට්ට 'කලණ ' මට අත දිගු කළා ...
"Hello, nice to meet you"
විශ්මයෙන් හිටපු මගේ දිහා මෙලංග හිනාවක් සමග බැලුව
".... උඹ හිතුවද ෂේක් හෑන්ඩ් කරයි කියල?"
"ඔහ් වැරදුණා .... ඔව් ඔව් අහල තියෙනවා ඔයා ගැන, ඔයාගේ 'හැටි' ගැන"
ඔහු දිහා කෙලින් බලාගෙන හිටපු මට ඔහුගේ දීප්තිමත් හිනාව පාමින්, ලජ්ජශිලිව කලණ තමන්ගේ දිගුකල අත හකුලවා ඔලුව පිටුපසට ගෙනිච්චා.
'අපූරු හිනාවක්! හරි අපූරු ඇස් බැමි!!'
කලණ ඔහුගේ පළමු දැක්මෙන්ම මගේ ඇස් අලව ගත්ත.
"මෙයාට ඔයාට කියල එයාගේ කතාව ලියෝගන්න ඕනෙලු" මෙලංග කිව්වා.
මම ඔලුව හරවලා කෙලින්ම කලණ දිහා බැලුව. මෙලංගගේ වගේ මාව කම්පනයට පත් කරන පෙනුමක්, බැල්මක් කලණට තිබ්බේ නැති හන්ද මට එහෙම කරගන්න පුළුවන්කමක් තිබ්බ. කොහොමත් ප්‍රබල පර්සනලිටි ඉස්සරහ මම කම්පනය වෙනවා.. වෙන සංක්යාතයකින් !
කලණ ගේ මුහුණ බලන් ඉන්නකොට වෙනස් උනා..
මාව පළවෙනියට මුණගැහුණ කලණ තමයි ඒ....
ඒ මදිවට ඔහු වගේම පෙනුමක් තියෙන 'චලන'ත් මට හම්බ උනේ එදා තමයි. කලණ - චලන දෙන්නා ට්වින්ස් ලා!!! මේ දෙන්නගේ වෙනස හොයන්න මටත් කාලයක් ගත වුනා. වැඩ අතින් තමයි වෙනස් !
මොඩ්ල් කෙනෙක් වගේ පෙනුමක් තියෙන ඔහු..
රැලි ගැහුණු කොන්ඩේ , පිටතින් මුහුණේ අලවාගෙන ඉන්න ලස්සන දීප්තිමත් හිනාව! සරාගී ඇස් සිමාවේ තිබ්බ අපූරු ඇස් බැමි... ඔව්.. කලණ ට ඕනේ කරලා තිබ්බේ එයාගේ කතාවක් මට කියල ලියෝ ගන්න.. මම ලියන්න හදන්නේ කෙනෙක්ගේ ජිවිත කතාවක්! කවදාවත් කරලා නැහැ..
"දැන් මම හැම දෙයක්ම කියන්න ඕනෙද?"
කලණ මගේ දිහාත් මෙලංග දිහාත් බලන ගමන් ඔලුව කස කස ඇහුව
"මචං... කිස් කරපුව... මිරිකපුව වගේ ඒවා කියන්නේ නැතුව වෙන සිද්දි ඔක්කොම කියපං "
මෙලංග ගත කටටම කිව්වා. මගේ කන් දෙකෙන් දුන් පැන්න... දෙන්නම හිනාවෙනවා.. මම ආපහු හැරුන
".... අම්මෝ හරි හරි.... යන්න එපා යන්න එපා.... ඕනේ දෙයක් කියපන්, ඕනේ දෙයක් අහගන්න... ඔන්න මම මුකුත් කියන්නෑ "
අත් දෙකම උඩට උස්සල මෙලංග යටත් උනා. මටත් හිනා, මම යන ගමන නතර කරලා ඉක්මනට මුහුණට බොරු රව්ද්‍ර ගතියක් මවාගත්ත.
එතැන් පටන් හැමදාම මෙලංගත් සමග කලණ ත් මාව මුණගැහෙන්න ආව.
කලණගේ කතාව මම ලිව්වේ එහෙමයි. අන්තිමට ඔහු මගේ ළඟම හිතවතෙක් උනා. හැම දෙයක්ම ඔහු මට කිව්වා. ඔහුගේත්- නිකිණිගේත් අනුවේදනීය පෙම් කතාව!!
ඒත් මම ??
"ඔයා මොනවද මෙලංග ගැන හිතන්නේ?"
කලණ එක දවසක් මගෙන් ඇහුව. මම අහක බලාගත්තා
"කියන්න බැහැ කිසිම දෙයක්"
"දැන් අවුරුදු දෙකකටත් ලඟයි නේද අහන්න අරගෙන"
"හ්ම්ම්ම්...." මගේ පපුව දැවෙන්න අරගෙන, ගම්මිරිස් ඇතිල්ලුව වගේ..
"ඌ ඔයාට පණ යන්න ආදරෙයි... "
"ඒක තමයි ප්‍රශ්නේ" මම කිව්වේ ඇහෙන නෑහෙන ගානට..
කලණ හිනාවුනා...
" වෙන කොල්ලෝ ඔහොම බලන් ඉන්නේ නැහැ මැට්ටි.."
"මම දන්නවා මැට්ටෝ.."
"මම දන්නවා ඔයාට වෙන කවුරුත් කොල්ලෙක් නැහැ කියල, ඇයි මෙලංගව..."
"... මඩවන්නේද .." මම ඔහුගේ වචනේ සම්පුර්ණ කළා
"නැහැ.... ඇයි ඌව එපා කියන්නේ? "
"ඒ ගැන කතා නොකර ඉන්න කලණ... මෙලංග මට හොඳ වැඩි.. ඔයා මට වඩා මෙලංග ගැන දන්නවනේ.."
"ඔව්.. මම හිතන්නේ නැහැ ඌ වෙන කිසි කෙල්ලෙක්ට මෙහෙම පස්සෙන් ගිහින් ඇති කියල... "
"කලණ ..."
මම ඔහුගේ කතාවට බාධා කරමින් කඩාපැන්න
".... ආයෙත් ඔය ගැන කතා කරන්න එපා... ඔයාගේ පොත තව දවස් තුනක් යන්න කලින් මම ඉවර කරනවා. හැබැයි, ඔරිජිනල් එක මගේ ගාව තියෙද්දී, ඕනේ නම් ෆොටෝකොපියක් ගහගන්න "
කලණ නිශ්ශබ්දව බංකුවෙන් නැගිට්ට
"තෑන්ක්ස්.... ඒ ටික ඔයාට කිව්ව එකම ඇති මට.. ලොකු ස්ට්‍රෙස් එකක් රිලීස් උනා. මෙලංග හරි, උගේ තේරීමත් නිවැරදියි... ඔයා පුදුම කෙල්ලෙක්!"
එක පාරටම වාහනේකට වැදුන වගේ දැනුන. මෙලංග ! මම වගේ නපුරිච්චියක් !
-----------------
සාලිය කුමාරයා අශෝකමාලට තියෙන ප්‍රේමෙන් රජකම අතැරිය කියල මහා පොත් ඔක්කොගෙම තිබ්බත්, ඊට පස්සේ ඔහුගේ වීරකම්, පරිත්‍යාගයන් ගැන ලියවිලා තියෙනවද? කොහෙවත්?
දිදුලන්න ඕනේ තරුවක් තනියෙන් අයිති කරගත්ත කියල වෙන්නේ ආලෝකේ වෙනත් අයට නොදී ඉන්නෙක විතරයි... මට ඒක ඕනේ නැහැ... මම කැමති තරුව දිහා ඈතින් බලල, තවත් කෙනෙක්ටත් විඳින්න දෙන්න..
මෙලංග ..... ඔබ මේ බ්ලොග් කියෝනවද? කියවන්න එපා... මට මා ගැනම බයයි!

55. මම වෙනස්කරන්න ඕනෙද?
ජිවිතේ කවදාහරි දවසක, ආපහු හැරිලා බලනකොට.. සමහර කරපු කියපු දේවල් ගැන , හිතපු -දරපු මත ගැන පසුතැවිලි වෙලා තියෙනවද? ඊට වඩා වෙනස් ආකල්ප, ප්‍රතිචාරයක් දෙන්න පුළුවන්කම තිබ්බ නේද කියල හිතිලා තියෙනවද?
මම මෙහෙම කියන්නේ, ජිවිතේ සැන්දෑ කාලය ගෙවන අයට කියල හිතනවා නම් වැරදියි... මම මේ කියන්නේ වයසින් තාමත් විශ්‍රාමික දශකයටවත් පාතබල නැති අය ගැන.. කොටින්ම තරුණ අයට..
මොකටද එහෙම හිතන්නේ?
මොකටද එහෙම නොහිතන්නේ?
ගිය දේ ගියා, තියෙන්නේ ඊළඟට මොකද කරන්නේ කියලයි... මුල ප්‍රශ්නෙත් අහන ගමන් ඊළඟට එන සාධාරණීකරණ උත්තරේ ඒක තමයි.. එහෙම තමයි පොසිටිව් තින්කින් කියන්නේ... ඇත්තටම ඒක එහෙමද? ඒකද පොසිටිව් තින්කින් කියන්නේ?
දෙවනියට කියපු විදියට හිතුවොත්... අපි එහෙම පරණ දේවල් හිතල, හැදෙන්න බලන්න ඕනේ.. ආයෙත් ඒ වගේ සිටුවේෂන් එකකදී වෙනස් තීරණයක් ගන්න.. ඔව් එහෙම හිතන එක වැරදිද?

Saturday, June 28, 2014
54. 'වැඩකාරියන්' බලා ගැනීම
මේක මම ගොඩ දවසක ඉඳල කියන්න හිතාගෙන හිතපු දෙයක්... ඇත්තටම කාරණා දෙකක්..
එකක් මේක, අනිත් එක වෙනම ලියන්නම්. දෙකම එකට සම්බන්ධ උනාට, එකිනෙකට වෙනස් රසයන් වලින් යුක්ත හින්ද, කතා දෙකම එකට ලිව්වොත් වෙන්නේ දෙකේම රසය නැති වෙලා යන එකයි.. හරියට පුළුන් හොරා කරෙන් දැනේ වගේ... කොහොමද මගේ උපමාව? එළටම ගැලපෙනවා කියල මම දන්නවා, අහන්න දෙයක් නැහැ... හැමෝම මගේ උපමා ගැන මිට කලින් ලවක් දෙවක් නැතුව වර්ණනා කරලා තියෙන එකේ... මේක වරදින්න විදියක් නැහැ නේ.. ඔව්.. ඒක තමයි!
ඉස්සර අපේ ගෙදර වැඩට හිටපු අය අතුරෙන්, මගේ මතකයේ හැටියට අන්තිමට හිටියේ කාන්ති කියල මගේ ප්‍රියතම තරුණියක්. ඇගේ කතාව තමයි අනික් කතාව. මේ කතාව අපේ ගෙදර ඈට පස්සේ (හුඟක් කාලෙකට පස්සේ) අපේ ගෙදරට ගෙනාපු 'වැඩකාරියන්' ගැන.. ඇත්තටම එයාල වැඩකාරියෝම තමයි! මොකද එයාල කලේම අපිට වැඩ පෙන්නපු එක. ඒ අතුරෙන් මිට අවුරුද්දකට කලින් ගෙනාපු අන්තිමයාට කලින් එක්කෙනා ගැන තමයි අද ලියන්නේ..
අනේ ඇත්තමයි, වැඩකාරකම කොතරම්ද කියල තේරෙනවත් ඇති නේ... බ්ලොග් පොස්ට් හිටන් උන් ගැන ලියවෙනවා.. හුහ්.. අපි ගැන කොහෙවත් වෙන කෙනෙක් එහෙම ලියනවද ඈ ??? මම ගැන නම් මෙලෝ යකෙක් එහෙම ලියල නැහැ.. එහෙම ලියන්නේ වැදගත් 'වැඩ්ඩෝ' ගැන විතරනේ.. එක්කෝ ගලුත් පාවෙන යුගයක් වෙච්චි!

Friday, June 27, 2014
53. කෝ බොලව් මගේ පේටන්ට්?
සමහර දේවල් ලියල තියෙන එක එක එක අතකට මහම මහා කරදරයක්!
මොකද, ඒවා පස්සේ දවසක කියෝනකොට ඒ හිටපු කුඩුවෙච්ච මුඩ් එකෙන් සහමුලින්ම රිකවර් වෙලා හිටියත්, ආයෙත් ඒවාට සම්බන්ධ සිතුවිලි, සිද්ධි අතර පටලවෙන්න පටන් ගන්නවා. ඊට වඩා හොඳයි විසිකරන්න ගන්න කොලේක ලියල, හති වැටෙනකල් ඒකෙ ලියල, විසිකරලා දාන එක...
හපොයි.. එහෙම කරන්නේ කොහොමද? කවුරුහරි ඒක අහුලාගෙන කියෙව්වොත්? එතකොට මට විෂුවල් වෙන්නේ අර 'ළමාතැනී' සින්දුවේ අඹ විකුණනකොට ඔතල දීපු කොලේ රස කර කර කියෝන ගමන්, රස අඹ ගෙඩිය විසි කරන කෙනාව....
හෑ ?? එහෙම වෙයිද? මම කියන, හිතන දේවල් තව කෙනෙක්ට මී අඹ වගේ රසවත් වෙයිද? මගේ පිස්සු පරිකල්පන...??? හීනෙන් තමයි! හි.. හි...
මම එහෙම පරිකල්පනය කරපු දේවල්, අහසේ ලියල මැකෙන්න දීල බලාගෙන ඉඳල තියෙනවා... ඒ හැඟීම හරිම අමුතුයි...මැකිලා ගියාට පස්සේ හරි සැහැල්ලුවක් දැනෙනවා...
මොකද කොහොමහරි මම මගේ හිත ඇතුලේ තෙරපුණ දෙයක්, කොහොමහරි විදියකින් එලියට දාගත්ත කියල. ගොඩක් එහෙම වෙන්නේ මගේ ඒ පරිකල්පන විතරයි. හිතේ තියෙන දේවල් ලියන්න නම් නැහැ ලොවෙත්... ලියපු හැම වෙලේම වෙන්නේ කුඩුවෙන්න! මොකද මගේ සාමාන්‍ය ජීවිතෙත් එක්ක ඒ පරිකල්පන සපුරා වෙනස් හින්ද මිනිස්සු මම ගැන පුදුම හිතනවා..

මත ගැටුම්,
හැඟීම්
Tuesday, June 24, 2014
52. ඔව්... ඔබ මේ සවන් දෙන්නේ.....
මගේ සුපුරුදු ජිවිතේ මේ ලඟදි වෙනස් උනා...
සිද්ධි කීපයක්ම එක පිට උන හින්ද මොකක් කලින් උනාද කියලවත් මතකයක් නැහැ. ඒ හින්ද, වෙනදට ඔෆිස් ඇවිත් කුළු හරක ඔලුව පාත් කරගෙන තණකොළ කනවා වගේ ලැප්ටොප් එකේ වැඩ පටන් ගන්න මම, දැන් මුලිම්ම මගේ බ්ලොග් එක චෙක් කරනවා. මොනවා හරි ලියන්න කියල ඇතුලේ මොකෙද්දෝ එකෙක් බඩට ඇනගෙන ඇනගෙන යනවා වගේ...
සීරියස් දෙයක් අදත් ලියන්නේ නැහැ... මම ඌට කියල වතුර එකක් බීලා ලියන්න ගන්නවා. එකම වැඩේ, මම ලියන සිංහල ඔෆිස් එකේ අනිත් උන්ට පේන එකත්, අකුරු පොතේ ලියන වේගේ ටයිපින් වේගෙට වඩා මගේ හුඟක් අඩුවීමත් හින්ද මට ලියාගෙන ලියාගෙන යන්න බැහැ මුළු පොස්ටුවම ... ඇයි හත්ඉලව්වේ බොසා මට ගෙවන්නේ මම ලියන බ්ලොග් එක පුරෝනවටද ?!
එව්වා ගියාවේ.... (වන්නාටය ! හි.. හි... )
දවසක් මම ලිව්වා නේ, මගේ ඇඩික් එකේ පොඩි පොඩි සිද්ධි ටිකක්? අදත් කියන්නේ එහෙම සිද්ධියක්..

Sunday, June 22, 2014
51. පිරිමි ගොඩයි.. මම (විතරයි?)
කෙල්ලනේ....
කොල්ලෝ ගැන උනන්දු නැති කෙල්ලෝ ඉන්නවද?
මට කියන්න එපා මේකට උත්තරේ.. පොඩි කොළ කෑල්ලක ලියල ගඟට විසි කරන්න. මට කොහොමත් මේකට අවංක උත්තරයක් හරියට ගන්න බැරි බව මම දන්නවා, මගේ සිරා ෆිට් කෙල්ලෙක්ගෙන් ඇරෙන්න.. මොකද කියන්නේ බොරු! අන්තිමට බැලුවම, පොඩි පොඩි වෙරියේෂන්ස් තිබ්බත් එකම උත්තරේ තමයි ඔක්කොම දීල තියෙන්නේ
" එහෙම කෙල්ලෝ නැහැ අය්යෝ.. මොන වැල් බයිලයක් කියනවද?"
ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ කොල්ලොන්ගේ ඒ ගැන තියෙන උනන්දුව ඉස්මතු වෙලා පෙන එක විතරයි. හා නැද්ද? තමන් උනන්දු කොල්ලගෙන් යාලුවෙන්න කෙලින්ම අහන කෙල්ලෙක් ගැන ඇහුනොත් කටත් බලියාගෙන
'හෑ ...... ඒ කෙල්ල ඇහුව?... නෑ .................."

Subscribe to:
Posts (Atom)