Thursday, October 18, 2018

282. තරණ|| Sailing again





ක්ෂිතිජ ඉම මත රැඳුනු නැවුබඳ - නිසල මුහුදක ලකුණු දනවයි 
වෙරළ අසබඩ පෙලෙන ජලකඳ  - සසල රැලි හා පෙරලි කරවයි 
ජලජ මිහිමත මැවුණු කතරද - විරල මිරිඟුව කැරලි අවුලයි 
ධවල පිරුවට මතින උන්වද - කිරුළ පසෙකින ගිලී ඇවිලෙයි 

සිහින සතකින පසුව එළැඹෙන  - මුරුගසන් වරුසාව උසුලා 
බැවින සසොබන පලස වියමන - පිරියමෙන් ලියකමින් උදුලා 
සිතින ඇවිලුණු නුවරු බලමින - මදහසින් පිරියම විපුල්ලා 
පිරුන සඳ දිසි අහස අරගෙන  - බබලමින් කුමරිය නිදැල්ලා 

19 comments:

  1. නුවර කුමාරි, සැහෙන කාලෙකින් !

    ReplyDelete
  2. හරිම ලස්සන පද ගැලපුමක්

    ReplyDelete
  3. හරිම ලස්සනයි... කාලෙකින් බ්ලොග් එක දැක්කම හුඟක් සතුටු හිතුනා...

    ReplyDelete
  4. ආයෙමත් ඇවිත්!! ආයෙමත් ඇවිත් !

    ReplyDelete
  5. අඩ්ඩා... මෙන්න මුන්දෑ..
    අපි බොලාව වර්ජනය කරනව හි⁣ටං :-D

    ReplyDelete
  6. අහ්!!!! නුවර කුමාරි......... ඔබ ආයෙමත් ඇවිදින්...

    ReplyDelete
  7. අහෝ නුවර කුමරිය, ඔබ නැති සොව දරාගත නොහැකිව සිටියෙමි!!

    ReplyDelete
  8. දියත යට කොට ගොඩට ගලනා රුදුරු රැළි නුබ සිඹින තරමේ
    නියත පසු පස ඇදෙන මර සෙන් රවති ගොරවති හෙන පිපුරුමේ
    පිටිත ගත් සිරි රැගෙන හද විද දමන කිවි යන් සිටින මෙහිමේ
    මිනිත නොහැකිය නිසලදිය යට නපුරු දිය වැල් ඇදෙයි මහිමේ

    දිවිය රැක ගන්නට හිමට වී බුදින විට කර කොල නියා
    වෙහෙස නිවමින් සිසිල සදමින් පසු පසින් මද නල ගියා
    රුදුරු වෙස් ගත් රැළි අතර ඉම වෙත ගියද ජය ගී ගයා
    පවන විය මා ඔබ එතෙර කොට නිසල වී සිට මිය ගියා




    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...