Monday, April 4, 2016

262. එහෙම වෙන්නේ ඇයි ? I don't know why....



මට පිස්සුය කියල හිතෙන හැම වෙලේම මම කරන්නේ මගේ යාලුවෙක් හරි, කොටිම්ම මගේ අක්කව මතක් කරගනන් එක. එතකොට වැඩේ ලේසියි. සාපේක්ෂතා වාදය අනුව, මගේ පිස්සුව සාධාරණ බව ඔප්පු කරන්න වැඩි කාලයක් ඕනේ නැහැ.

මම උඩින් ලියපු ජේදය ලිව්වේ නිකන් කික් ස්ටාර්ට් එකක් ගණන් මිසක් වැඩකටම නෙවෙයි. හරියට පුහුල් හොරා මහමුදලි කමටත් වඩා වටිනවා කිව්වා වගේ!

මම ලිව්ව ඔය දෙවැනි ජේදේ ලිව්වේ පොඩ්ඩක් වත් හිතල නෙවෙයි. නිකම්ම ලිය උනා අය්යෝ.


දැන් තමයි හොඳම හරිය. ඒ කියන්නේ පටන් ගන්නේ මෙතන. ලියන්න ගියහම ඉතින් දන්නේ නැද්ද, හදිස්සියට කෙහෙල්කනට අතදාගන්න බැරි වෙනවා කියන්නේ ඕකනේ. ලියන්න යන්නේ එකක්, ලියවෙන්නේ තව දෙකක්.

මම හරිම ආසයි ඔය රහස් වැඩ වලට! කොටිම්ම ගෙදර යසට උයල තියෙන දෙයක් උනත් කාටවත් ඇහැ ගැහෙන්නේ නැතුව, හොරෙක්, බැට් මෑන් කෙනෙක් වගේ ගිහින් බෙදාගෙන කන්න තියෙනවා නම් මාර කික් එකක් දැනෙනවා. ඒ වගේම ඔය අභිරහස් දේවල් කියවන්න විතරක් නෙවෙයි කරන්නත් පුදුම කැශිල්ලක් තියෙන්නේ.

මතකනේ එක පාරක් මම ඔය වගේ ඩිටෙක්ටිව් වැඩක් බාරගෙන ඒක අකුරටම ඉෂ්ඨ කරපු හැටි!



මට තියෙන්නේ අභිරහස් විදියට වැඩකරන, හම්බානක කොම්ප්ලිකේටඩ් , ලොවි ගහෙත් නැති ජාතියේ මොලයක් කියලා මම ඒ කාලේ ඉඳලම තේරුම් අරන් තිබ්බ හින්දා මට ඔය අබිරහස් වැඩ දකිනකොට ඉබේම මගේ ටැලන්ට් එක උඩට එන්නේ කුණුවතුරේ මුනින් අතට ගිල්ලපු ප්ලාස්ටික් බාල්දියක් වගේමයි!

මම නිරන්තරවම කල්පනා කරමින් තමයි හිටියේ මේ ලෝකේ තියෙන අභිරහස් මොනවද, ඒවා විසඳන්නේ කොහොමද සහ ඒවා වළක්වන්නේ කොහොමද කියන එක.

හත්ඉලව්වේ එතකොට තමයි මට මතක් වෙන්නේ මේ ලෝකේ විසඳිච්ච නැති අබිරහස් නම් කොතරම් තියෙනවද කියල!

ඒ කියන්නේ අපේ ගෙදර උදේ ඉහින් බහින අසනීපයක් නැතුව හිටපු බළල් තඩියා අම්ම හවස ගෙදර එනකොට කිසිම සලකුණක් නැතුව අතුරුදහන් වෙනවා වගේ සරල සිද්ධියක් ගැන නෙවෙයි. ( මේක ඇත්තටම වෙනම කතාවක්. ඉඩක් ලැබුණු වහාම ලියන්නයි හිතන් ඉන්නේ. බිහිසුණු කතා මාලාවක් වෙයිද මන්ද) මම මේ කියන්නේ මේ මුළු ලෝකෙම ගත්තහම විසඳන්න බැරිවෙච්ච මහා ලොකු අභිරහස් සිද්ධීන් ගැන.

හරි හරි දැන් කොටිම්ම කියමුකෝ මෙහෙම, ලංකාවෙන් පටන් ගත්තම සමහර ඉතිහාසගත සිද්ධිවල උනත් තියෙන්නේ බරපතල අභිරහස් බවක්. ගොඩක් වෙලාවට කෙනෙක් මරපු වගේ සිද්දියක් ගත්තහම අපි හිතපු ඒකට නඩුවක් ගිහින් වරදකරු/නිවැරදිකරු වගේ දේවල් තීරණය කරනවනේ.

ඇත්තෙන්ම බැලුවොත් නීතියෙන් වරදකරු කවුරු උනත් ඔතන යටයන සත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ 'ඇත්තටම මොකද උනේ' කියන කතාව. එතැනදී එක්කෙනෙක් හෝ කීපදෙනෙක් මුළු සිද්ධියම දන්නවා. නමුත් ලෝකෙට වසන් කරලා ( නීතියට හරි පවතින සමාජයට හරි බයෙන්) තියාගෙන ඉඳල අන්තිමට ( ගොඩක් වෙලාවට) ඒ රහස ඒ මනුස්සයා හෝ දෙන්නා එක්කම වැළලිලා යනවා.

මොන තරම් අපරාධයක්ද??

ඔහොම මට හිතුන දේවල් වලින් වැඩියෙන්ම අවධානයට ලක්වුන දේවල් කීපයක් තමයි,
1. රාවණාට ඇත්තටම මොකද උනේ?
2. උපාලි විජේවර්ධනට ඇත්තටම මොකද උනේ? ( මොකක් හන්දද මන්ද මම ඒ මනුස්සයට ව්‍යාපාරිකයෙක් විදියට ගරු කරනවා, මම එයාගේ කාලේ ඉපදිලා නොහිටියත්)
3. ඇත්තටම ප්‍රෙමදාස මැරුම් කෑවේ කොහොමද ?
4. ලංකාවේ ඝාතනයට ලක්වෙච්ච ප්‍රභූන්ට ඇත්තටම මොකද උනේ? ( කවුරු විසින් මැරුවත් ඇත්තටම සැලසුම දන්නා එකෙක් හරි දෙන්නෙක් ඉන්නවා සම්පුර්ණ කතාව දන්න. )
5. මර්ලින් මන්රෝ ඇත්තටම මැරුනේ කොහොමද?
6. අතුරුදහන් වෙනවයි කියන ගුවන්යානා වලට ඇත්තටම මොකද උනේ?
7. බර්මියුඩා ත්‍රිකෝණයේ ඇත්තටම මොකද වෙන්නේ? ( මේ ගැන දන්නා එකෙක් හරි ඉන්නවා)


මෙහෙම එකක් ගැන දිනේෂ් මෙතන ලියලා තිබ්බා

ඇමීලියාගේ මරණයේ අභිරහස


තව ඉතින් ඕනේ තරම් නම් කරගෙන යන්න පුළුවන්.

මම කියන්නේ මේකයි. මේ හැම සිද්ධියක්ම 90% හෝ ඊට වැඩියෙන් දන්නා කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා.

කොටිම්ම අපි උපාලි විජේවර්ධනගේ සිද්ධිය ගත්තොත්... ඒ ගැන ගොඩක් තර්ක තියෙනවා. සමහරු කියනවා එය වෙනත් රටක මත්ද්‍රව්‍ය විකුණ විකුණා යහතින් ඉන්නවා කියල. තවත් සමහරු කියනවා එයාගේ බිරිඳ විසින් එයාව අතුරුදහන් කරා කියල. සමහරු කියනවා එයාව පිටසක්වල ජීවියෝ ගෙනිච්චා කියල. නමුත් ඇත්තටම වෙච්ච දේ දන්නා කෙනෙක් ඉන්නවා. කවුරු හරි.. නමුත් ඒ කෙනා දන්නවා උනේ මොකද්ද කියල. සමහරවිට ඔහුම වෙන්නත් බැරි නැහැ. නමුත් ඇත්ත  හැංගෙනවා මොකක් හරි හේතුවක් නිසා.

මම නම් කියන්නේ එහෙම අභිරහස් තියාගෙන ඉන්න එක ලෝකෙට කරන ලොකු අසාධාරණයක් කියල.මම නම් කියන්නේ මැරෙන්න මොහොතකට හරි කලින් ඒ දේවල් එක්කෝ ලියල හරි තියන්න ඕනේ කියල.

පිස්සු අදහසක් තමයි, ඒ උනාට මම වගේ දක්ෂ රහස් පරික්ෂකවරියන්ට ඒවා මතු ප්‍රයෝජනයට ගන්නත් පුළුවන් නේ? නැද්ද??




54 comments:

  1. ඔයාගෙ ලිස්ට් එක හරිම සිත් ඇදගන්නාසුළුයි.නරකද අංක අටට 'පිටසක්වළ යානාවල අබිරහස කුමක්ද?' කියල දැම්මොත්.

    ReplyDelete
    Replies
    1. ඒක ටිකක් පුළුල් කතාවක් නේද? කොටස් ගානට කඩන්න පුළුවන් ප්‍රශ්නයක්. සමහර පලාත්වල රටාවකට වගාවන් පිච්චිලා තියෙන එක වගේ. ඒවා ගැන දන්නා කවුරු හරි ඉන්නවා කියල හිතෙන්නේ නැද්ද? එක්කෝ ඇත්තටම ඒකට වගකියයුතු පිටසක්වල උන් ටිකක්, නැත්තම් මිනිස්සු නොමග යවන්න හිතාමතා ඒ රටාව හදපු එකෙක් හෝ එවුන් ටිකක්?

      මේ ලිස්ට් එකට වැඩියෙන්ම එකතු වෙන්නේ මිනීමැරුම් වෙන්නත් පුළුවන්. මොකද සමහර මිනීමැරුම් උවමනාවෙන්ම වහනවා. අනිත් දේවල් තමයි කුමන්ත්‍රණ. මතකද කොබ්බැකඩුව මැරුණම ඒ ගැනත් ලොකු සැකයක් ආව. ඒ වෙනුවෙන් චිත්‍රපටියක් පවා කළා නේද? ඇත්තටම ඔහුව ඝාතනය උනේ කා අතින්ද කියන එක ලොකු ප්‍රශ්නයක් මට නම් තාමත්.

      Delete
    2. විදානේ මොකද මේ වැඩිකරන්නේ?

      Delete
  2. අනේ අපිනං නෑ ඕවාට හරිද???? අපිනං ඕවා දන්නෑ.... දන්නවා කියන්න බෑනේ..ඊළගට ප්‍රකාශ්‍යක් ගන්න තියෙනවා අරෙහෙට එන්න කියයි... හැක්

    ReplyDelete
    Replies
    1. නෑ කියන්නේ කොහොමද ඉන්නවා! ඔහේ හිටු!!
      මම කියන්නේ නීතියේ දඬුවම් වලට බයෙන් එහෙම හංගගෙන හිටපු දේවල් කොහේ හරි ලියල තියන්න උන්ට වගකීමක් තියෙනවය කියල.. හෙහ් හෙහ්...

      Delete
  3. මෙතන ලිස්ට් එකෙන් බර්මියුඩා ට්‍රෑන්ගල් අභිරහස " තරමක් දුරට විසඳී තියෙනවා. . ලංකාවේ සිද්ධි වලට සතාසිවම් ගේ බිරිඳගේ ඝාතනය එකත් කරන්න.

    ReplyDelete
    Replies
    1. සතාසිවම්ගේ බිරිඳගේ ඝාතනය අබිරහසක් නොවේ.
      http://helapakade.blogspot.com/2015/10/blog-post_13.html

      Delete
    2. බර්මියුඩා ට්‍රෑන්ගල් අභිරහස ගැන ඒ ලිපියත් හරියටම කවර් කරනවද? මම කියන්නේ ඒ හරහා ගියපු අයට උනේ එහෙම දෙයක් කියලා එයාල උපකල්පනය කරනවා විතරයි නේද? මම අහන්නේ සිරාවටම ඒ මොහොතේ උනේ මොනවද කියන එක.... ඒක නොවෙන්නත් පුළුවන් නේද?

      සතාසිවම්ගේ නඩුව කියෝන සාමාන්‍ය ළමයෙක්ට මිනීමරුවා ගැන සැකකරන්න ඉඩ ඕනේ තරම්. එහෙනම් මොන හත් ඉලව්වකට එහෙම නඩු තීන්දුවක් දුන්නද? පුදුම නීතියක්නේ... මතකද අර දොස්තර කෙනෙක් ආසනික් දීල තමන්ගේ බිරිඳව මරපු එක. ඒකත් පස්සේ ඇපිල් කරලා චුදිතය නිදහස් උනානේ. ඇත්තටම මොකද උනේ කියන එක එකෙන් වැහුන නේද?

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. විසඳුමක් සොයා ගන්න බැරි උභතෝකෝටික ප්‍රශණයක් මටත් තියෙනවා ඒක විසඳන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. බලමු,ප්‍රශ්නෙ කියන්නකො.

      Delete
    2. හැලපෙ මේකයි අභිරහස. පිස්සු ඩබල් ට්‍රිබල් ෆෝබල් වෙලා හීනෙන් අඟහරු ලෝකයට යන, බත් එකක් උයාගන්න බැරිවුණාට ලෝකෙම තියෙන ඔක්කොම ප්‍රශ්ණ එයාලට විසඳන්න පුළුවන් කියන එක දරුණු ලෙසම විස්වාස කරන කට්ටිය කීප දෙනෙක්ම මම දන්නවා, බ්ලොග් ලෝකයේ දැක තියෙනවා (උපේක්ශා වගේ) , තවත් අය ගැන අසා තිබෙනවා. අරුමය කියන්නේ මේ ඔක්කොමලා බවලත් උදවිය. මේ අංජ බබල් ලෙඩේ ගැහැණු උදවියට පමණක් වැළඳෙන්නේ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි.

      මම මේක ප්‍රසිද්ධියේ කියන්න හිටියේ නැහැ. හැලපෙ අහපු නිසා තමයි කිව්වෙ. ඒක නිසා මේ ගැන කවුරු හරි යුද්ධ ප්‍රකාශ කරනවනම් හැලපෙට විරුද්ධව තමයි එය කළයුත්තේ.

      Delete
    3. දුප් කිව්වේ!

      අංජබජල් ලෙඩේ බවලත් උන්ට හැදෙනවා නම් වෙන මොකවත් හින්ද නෙවෙයි. පිරිමින්ට ඒ ලෙඩේ උපතින්ම තියෙන හින්ද.

      Delete
  6. ඇයි සෝම හිමිට මොකද උනේ?
    ශ්‍රීලංකා හමුදාවෙන් මරාදැමුවා යයි අමුවටම චෝදනා එල්ල කරන පුද්ගලයින් ඉන්දියාවෙන් හා වෙන රට වලින් පණ පිටින් හමුවන්නේ කොහොමද?
    ජයරාජ්ට බෝම්බෙ තිබ්බෙ කවුද?
    දුටුගැමුණු රජතුමාගෙ මරණය සිදුවූයේ කෙසේද?
    හිටි හැටියේ හඳුනා නොගත් රෝග නිසා අප්‍රිකාවේ හුදෙකලා ගම්මාන පිටින් මිය යන්නේ කෙසේද?
    චෞර රැජින පොතේ තියෙන්නෙ ඇත්තද?

    ප්‍රස්න ගොඩයි ....
    ජයවේවා..!!

    ReplyDelete
  7. මටත් තියෙනවා ප්‍රශ්න කීපයක්ම.. ලොකුම එක 7 වෙනිදා පේපර් එකට මොකද වෙන්නේ? :(

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ප්‍රශ්ණවලට "නෙළුම් යාය" කියල ලියපන්. උඹ පාස්.

      Delete
    2. කමී- උඹට අමාරු දෙයක් තියනවනම් ලැජ්ජවෙන්නේ නැතුව අහපන්.මම කියල දෙන්නම්.

      Delete
    3. පෙපරේට නේද?

      ඒකට වෙන්නේ මෙහෙම දෙයක්. බරපතලයි උනත් වැඩියෙන් හිතට ගණන් එපා හිත තැලෙයි.

      පේපර් එක ගෙනෙයි. ඔයාට බෙදයි. ආයෙමත් නියමිත කාලෙකින් ඔයාගෙන් උදුරාගෙන යයි. මතක ඇතුව ඔක්කොම කියවන්න හරිද. කොටු කපන්න තියෙනවා නම් රටාවකට කපන්න. පේලි තුන හතරක් උත්තරේ දිග නම් කවියක් වගේ ගලපලා ලියන්න.

      මම කිව්වාය කියල නම් කියන්න එපා. උන්ට මාව තාමත් මතකද කවුද දන්නේ

      Delete
  8. උපාලි විජේවර්ධන ගැන නම් මමත් පට්ට ඉන්ටරස්ටින්.. මොකෝ දන්නේ නෑ. දැකලවත් නෑ.

    ReplyDelete
    Replies
    1. මට තාමත් පුදුමයි ඒ ගැන.... කොහෙන්වත් හොයාගන්න බැහැ නේද ඒ ගැන තොරතුරක්. හිතෙන්නේ නැද්ද ඒ ගැන දන්නා කවුරුහරි ඇතිය කියල.

      Delete
  9. රාවනා උණ මටත් කාලයක් හැදිලා තිබුනා.. දැන් නම් හොඳටෝම සනීපයි... නිට්ටාවටම...
    අතීත ෆැන්ටසි චරිත ගැන හොයන එකනම් මටත් ටිකක් අල්ලලා යන වැඩක්.. හැබැයි නුතන දේශපාලකයින්ට මොකද වුනේ කියන එක නම් කම්මැලි ජනක වැඩක්

    මෙන්න මේක මම ටික කාලෙකට කලින් ලිව්වා
    http://biththiya.blogspot.my/2013/09/no-survivors-then-where-do-stories-come.html

    ReplyDelete
    Replies
    1. මම මේ රාවනා කියල කියන්නේ දැන් මේ කරන විගඩම් නෙවෙයි. දැන් කරන්නේ වෙනම මනෝ රාජ්ජයක් මවාගෙන ඉන්න එකනේ. මම කිව්වේ රාවණා කියන්නේ ඔතරම් සිරා නම් එයාට ඇත්තටම මොකද උනේ කියන එකයි. මැජික් හොයන එක නම් නිකං පෙට්‍රල් පුච්චන වැඩක් අප්පා.

      නුතන දේශපාලකයෝ නම් මැරුණත් මොකෝ ගානයි. මම කියන්නේ අභිරහස් විදියට වෙන වැඩ ගැන. ලිපිය කියෙව්වා. මම ලියපු දේ ඒ ලිපියේ කොටසක් විතරයි වගේ නේද?

      ඈ පැතුමෝ.. එහෙනම් මේ දේවල් හිතන එක කෝඩ් තැලීම නිසා වෙච්ච දෙයක්ද කියල සක හිතෙන එක වලක්වන්න බැහැ වගේ. මොකද මමත් මේ ලිපිය ඇදල ගත්තේ 2013 draft එකෙන්!

      Delete
  10. මාර ප්‍රශ්ණ නේ මෙයාට තියෙන්නේ... අපිට නම් තියෙන්නේ හෙට කොහොමද කන්නේ කියන ප්‍රශ්ණේ....

    ReplyDelete
    Replies
    1. දැන් යහපාලනේනෙ...

      දැන් හොරා නෑනෙ

      සල්ලි කදු ගනන් ඉතුරු වෙනවනෙ

      කඩේ ගිය හැටියට

      ඉස්මුරුත්තාව එනකං කන්න බැරියැ

      Delete
    2. මමත් ඒකමයි කල්පනා කරන්නේ. හෙට කොහොමද වෙන එකෙක්ගේ දවස/ඔලුව/සතුට කන්නේ කියල. ඕ යේස්!!

      Delete
    3. ඇනෝ :

      හැබෑට... කළුවරේ යන්න නාකයි මේ දවස්වල. ඉතුරු උන සල්ලි එහෙම පාරවල්වල ගොඩගහල.. කරුවලේ හැප්පෙයි කියල බයයි. මොකක්? පස් කඳු කිව්වා..?? නෑහ් !

      Delete
  11. එදා අජිත්ගේ පොත පබ්ලිශ් කරපු දවසේ ඉදලා මටත් තියනවා ප්‍රශ්නයක්.ගෑණු ළමයි උඩ බලාගන පාරේ හයිස්පීඩ් යන්නේ ඇයි? ට්‍රැෆික් පොලීසිය වාහනවල විතරක් හයිස්පීඩ් අල්ලන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. අනේ සුටි කසුට්ටෝ....
      මෙන්න මේ බිස්කට් එක කන්න අන්න අරෙහෙට ගිහිල්ල හොඳ ළමය වගේ....

      Delete
  12. උපාලි විජේවර්ධන මොන අභිරහසක්ද ?

    ඊට අවුරුදු 30ක් ඉදිරියට දියුණු තාක්ෂණය තියන කාලෙක මැලේසියන් බෝයින් ගුවන් යානයට වෙච්ච දෙයක් හොයාගන්න බැරිකොට උපාලිගෙ ලියර් ජෙට් එක මොකක්ද?

    ජබොක් ගාල මුහුදට වැටෙන්න ඇති..ෂුවර්..!

    ReplyDelete
    Replies
    1. අන්න එකනේ! මමත් කියන්නේ... ඔතන වෙච්ච දේ දන්නා කවුරුවත් නැහැය කියන්නත් බැහැ නේද? කිසිම සාක්ෂියක් නැහැ කියන්නත් බැහැ වගේ. මුහුදට වැටුන නම් මොකක් හරි සලකුණක් තියෙන්න එපැයි. අනිත් එක ඉඳිකටුවක් වගේය්ය?

      ඒක නෙවෙයි.. ඒ ගුවන්යානය එහෙම ගියපු එකත් අබිරහසක් නේද? පයිලට් හිතාමතා එහෙම කළා කියලත් සැකකරනවා නේද? ඒ ගැන දන්නා වෙන කිසි කෙනෙක් නැහැය කියන්න බැහැ නේද එතකොට?? අන්න ඒකයි මගේ ප්‍රශ්නේ

      Delete
  13. මදි මදි මදි හොඳටම මදි . මං හිතුවා හෙනම දිග ලිස්ට් එකක් තියෙයි කියලා . අයිෂූ . ඉතිං ඔය එකක් දෙකක් වත් හොයන්න ගහපු පැලෑන් හෙම නැතෙයි?

    ReplyDelete
    Replies
    1. ලිස්ට් එක නම් ලියාගෙන ලියාගෙන යන්න පුළුවන්. වැඩේ කියනේ එතකොට තියෙන අබිරහස් යටපත් වෙලා මම ගැන අභිරහස් එළිවෙන්න ගන්නවනේ. ඔව්ව මම හොයන්න ගත්තේ නැහැය කියන්නත් බැහැ. එකත් අර පර්යේෂනාගරේ තිබ්බනම් ලෙසටම කරන්න තිබ්බ. කෝ ඉතින් එක 'කාලයේ වැලිතලාවට යට උනානේ'. ඒ කියන්නේ අපේ ගෙදර හදන්න ගේන වැලි ලෝඩ් බාන්න එතන යොදාගත්තා.

      ඔන්න දැක්කද. බිහුසුණු අභිරහස් එළිවෙන්න තිබ්බ අන්තිම අවස්ථාවත් මගෑරිලා ගිය හැටි!

      Delete
  14. මට තියෙන්නෙ එක අබිරහස් ප්‍රශ්නයයි...




















    "උපේක්ෂා ඔහොම වෙලා තියෙන්නෙ උපතිම්මද? නැත්තං පොඩිකාලෙ ගස්ලබු ගෙඩියක් ඔළුවට වැටිලද?"

    ReplyDelete
    Replies
    1. ගස්ලබු ගෙඩියක් වැටිලා නොවෙයි කියා වගකීමෙන් ලියා දන්වන වගනම්..

      Delete
    2. හැබෑට...! උඹත් ඉන්නව නේද?

      Delete
  15. මට හෙන ඇබිත්තන් කාලෙ ඉඳල තිබුණ ගැටලුවක් තමා බර්මියුඩා ප්‍රශ්නෙ..

    නරකද අපි කට්ටිය එක්කහු වෙලා රහස් පරීක්ෂක කණ්ඩායමක් පටන් ගත්තනං.ඔයාට නැන්සි ඩ්‍රෝ වාගෙ අපිව ලිඩ් කරන්න පුළුවන්...))

    ReplyDelete
    Replies
    1. /.ඔයාට නැන්සි ඩ්‍රෝ වාගෙ අපිව ලිඩ් කරන්න පුළුවන්/

      එහෙනං මං රිදම් ඈ...

      Delete
    2. සංස්කරණයේදී ඉවත්කරන දර්ශන වල විතරක් රඟපාන්න පුළුවන් වෙයි. නැත්තම් නැන්සි වෙඩි තියනකොට ඈතින් ඉඳල වැටෙන වගේ දර්ශනයක්?

      Delete
  16. නෙළුං සම්මාන් උස්සවේදි උපේක්ශගෙ නම කියවෙද්දී ඕඩියන්ස් එකෙන් බැහැල ඇවිල්ල දොරෙන් එළියට ගිය ගෑනු කෙනෙක් වගේ පිරිමි ඩයල් එක ඇත්තටම උපේක්ෂාද, නැද්ද ?

    ඔන්න මගේ ප්‍රශ්නය .

    කිරිමේල් කේස් වලදි නියමිත අවුරුදු ගානකට පස්සෙ ඒක අහක් කරන්න ඕන. ඉං පස්සෙ ඒකට කාටවත් දඬුවම් දෙන්නෙ නෑ කියලත් කියන්න ඕනෑ .

    එතකොට "අපි තමයි ඕක කොලේ" කියලා හෙන සෙට්ටෙකක් එයි.

    ReplyDelete
    Replies
    1. ඕන්න බලාපල්ලකෝ ඒකෙත් හැටි.. ඔතන කීදෙනෙක් පණපිටින් උන්නද.. ඒ එකෙක්කත් මෙහෙම විජ්ජුම්බරයක් දැක්ක කියල කොහෙවත් සඳහනක් නැහැ. මුන් දෙන්නා සමාන්තර ලෝකේ සම්මාන උළෙලටද සහභාගී උනේ?? දෙන්නය කිව්වේ මම දන්නවා සුරන්ගයා ආපු මොහොතේ පටන් හුස්මක් කටක් නැතුව තව එකෙක් එක්ක කදේ දාගෙන උන්න කියල.

      ඔන්න ඉතින් දැන් අභිරහස් ඒ පාර අදිනවා.... දුහුප්!

      දැන් ඉතින් දඬුවම් දෙන්නේ නැහැය කිව්වහම ඇත්ත කියයිද? මට නම් සැකයි. දඬුවම තියෙද්දිත් මතකද පාපොච්චාරම් සංදර්ශනයක් තිබ්බ ලංකාවේ? එක්කෝ ඒ ජාතියේ උන් වෙන්න ඇති මේවා අභිරහස් කරවන්නේ. ස්වභාවික මරණයක් උනත් අභිරහසක් කරනවද දන්නෙත් නැහැ... හ්ම්ම් හ්ම්ම්ම්

      Delete
  17. ෂ් ෂ් ෂ් ..!! මම තමයි උපාලි විජයවර්දන. එත් ඕයි මම මරුන එක මටත් අබිරහසක්. දන්නවනම් මටත් කියපන්..!!

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...