Wednesday, April 6, 2016

264. බිළිදීම





එදත් අද වාගේම
බිළිකරයි උන්
ගැහැණු,   - බේරුමට...
මුහුදක් ගලන විටදිද ,
සතුරෙක් ලුහුබඳින විටදිද,
රථයක්, පිරිමි විලවුනක් අලෙවිකරනටද ,
තුරුම්පුවට.

අදත්
වෙහෙරමව් තෙම,
සාමා බිසව් තෙම,
මගබලාගෙන හිඳී
එනු පිණිස
කැඳවා, රිසියෙන
උන් පිනූ
ගිනිකන්ද පාමුල.




22 comments:

  1. එදා ඉඳලම වුනේ බිලි දෙන එකයි, කැමැත්තෙන් බිලි වෙන එකයි තමා.

    ReplyDelete
    Replies
    1. බිළිදෙන්න ගැහැණුන්ම තෝරාගන්නේ ඇයි කියන එක මට ගැටළුවක්

      Delete
  2. කොයි තරම් කාලෙකින් ද ආවේ.. මරණයෙන් කෙළවර නොවුනත් තම ජීවිතය බිලි දෙන වෙලාවක් කොතරම් ද ?අපූරුයි නුවර කුමාරි

    ReplyDelete
    Replies
    1. බිළිදෙන්නේ මරණය බලාගෙනම නෙවෙයි, මරණය හා සමාන වේදනාවක් නම් බලාපොරොත්තුවෙන්.

      ඔයාගේ පලවෙනි කොමෙන්ටුව වෙන්න ඕනේ.. ස්තුතියි.

      Delete
  3. සුපිරියි........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      නිකමට මේ අහන්නේ. මගේ බ්ලොග් එකේ වැඩියෙන්ම එකම වචනය භාවිතා කරලා තියෙන්නේ කු.ගෑ.ගී.ප වෙන්න ඕනේ. ඒක අඩවියේ සම්මත වචනයක්ද??

      Delete
  4. ආවා. කියෙවුවා. අයෙත් එන්නං.

    ReplyDelete
    Replies
    1. කෝ ඉතින් හිතුවා, කොමෙන්ටු ගැහුවා කොටස?

      හරි හරි අවුලක් නැහැ

      Delete
  5. ජයවේවා"!""!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.. මේ ඉන්නේ අනිත් එකම වචනය රිපීට් කරන එක්කෙනා. දැන් වැඩිකිරීම ඉවරයි? බෙදීම පාඩම පටන් ගන්නේ කවද්ද?

      Delete
  6. ඇයි බිලි දෙන්නේ ගැණුන්වම
    බිලි ගන්න උන් කැමති ගැණුන්වම හින්දයි.

    ReplyDelete
    Replies
    1. එතකොට බිලි ඉල්ලන්නේ පිරිමිද?

      Delete
  7. මූ කවි ලියන්නත් දන්නවා නොවැ,

    ReplyDelete
    Replies
    1. ඇයි.. ලව් පුස් හිතුවද ඔයා වගේ ගස් නගිනවා, තැඹිලි බානවා විතරයි කියල. හුහ්.. අපිත් කවියෝ තමයි හරිද.

      මේ ඒක නෙවෙයි.. මම හිතාගෙන උන්නේ ඇඟේ හැපුනොත් කෙටිකතා දෙකතුනක් විසිවෙන සයිස් කියල. එක්කෝ එදා එහෙම එකක් තියා සාක්කුවක දාගෙන හිටපු කෙටිකතාවක්වත් මාටියා ගහගන්න කියල හිතාගෙන උන්නේ. චා චා... ඔක්කොම ප්ලෑන් මෙව්වා උන

      Delete
  8. http://lankanian.blogspot.com/2016/04/blog-post.html?showComment=1460009239077#c6209095747245918977

    ReplyDelete
    Replies
    1. දුටුවෙමි.

      කට්ටිය ගානට වංගුව අරගෙන ගිහින් තිබ්බ තමන්ගේ වාහන හප්පගන්නේ නැතුව. හෙහ් හෙහ් අපි රැවටෙයි!

      Delete
    2. මේ ගැටලුවට කොමෙන්ට්වලින් නොවේ උපේක්ෂෝ පෝස්ට් එකකින්ම උත්තර දෙන්නයි කල්පනාව.. මේ මතවාද මෙහෙම කවියකින් හෝ වෙනස් කරන්න පටන් ගන්න තුරු මෙව්වා මෙහෙම්මම තියේවි..

      Delete
    3. මම මේ හුනා කිව්වා වගේ කියන්නද වෙන වැඩේ...
      කට්ටිය කන් පාත් කරගෙන ඇවිත් 'එහෙමයි... අනේ එහෙමයි' කියල කොමෙන්ටු කොටලා යයි. හෙහ් හෙහ්.... වෙන දෙයක් ලියමු ඒ පෙට්රෝල් වලින්..

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...