Wednesday, March 9, 2016

252. වෙඩිබෙහෙත් පොහොර






කොතරම් සුන්දරද ජීවිතය
උණ්ඩ වෙනුවට -
වවන එක - මල් ?

ගොම පාට ඇඳුම හින්දම
පැටලුනත් ඉඳහිට
බෝවිටිය, බෝගන්විලා අතර
මල් වවන උඹ,
මට හොඳයි
වෙඩිතියන උන්ට වඩා
මගේ 'දෙමළාට' !



ප්‍රස්තුතය :
විහාරමහාදේවි පාක් එක ළඟින් ඇවිදගෙන යන හැමවෙලේම ( නෑ යකුනේ මම මල් කඩන්න යන ගමනක් නෙවෙයි. නිකම්ම ඇවිදගෙන යනවා පිදුරු පඹයෙක් වගේ..) එතැන හැමදාම තියෙන මල් ( මේ දවස්වල නම් රොබරෝසියා ඕසේට ) අතුගාන අය (ගොම කොලපාට ඇඳපු 'අය' ) දැක්කම මට ඇති උනේ වෙන එවුන්ට එනවා වගේ 'පව් අප්පා' කියන අදහස නෙවෙයි. ( මගේ කොහොමත් ටියුන් එක අවුල් කියල දන්නෝ දනිති) , මට ඇති වෙන්නේ 'අම්මෝ ඇති යන්තං' කියන අදහස.
මගේම සහෝදර රටවසියෙක්ට 'ඩෝන්' තියන්නේ නැතුව, මල් එක්ක ගතකරන්න දෙන ඒ රැකියාව කොතරම් හොඳද කියල හිතෙනවා.

( ආ දැන් එන්ට ඔය එක එක ලේ තියෙන උන්දලා පෝලිමේ..... 'සොරි දොස්තර මහත්තයෝ.. ලෙඩා තාම ආවේ නැහැ.. චුට්ටක් ඉන්ටකො ඈ !')

39 comments:

  1. අපි හිතුව ජනවාරි 8 න් පස්සෙ මේව ඉවරයි කියල

    ReplyDelete
    Replies
    1. පසුගාමී හින්ද එහෙම හිතුවද.. නැත්තම් ගෝත්‍රික හින්ද එහෙම හිතුවද හැබෑට?

      Delete
  2. මමත් උදේට ට්‍රැෆික් එකේ ඉන්නකොට දකිනවා..
    එතකොට හරිද වැරදිද කියල හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. හරිද වැරදිද කියන්න නම් මට හිතාගන්න අමාරුයි. මම හිතුවේ හරිවත් වරදිවත් කියන්න නෙවෙයි. වෙඩිතියන්න කියල අණදෙන්න තියෙනවට වඩා හොඳයි කියල

      Delete
  3. නියමයි! කෙටියෙන් වුණත් ඉස්තරම් විදිහට කියලා තියෙනවා !!!

    ReplyDelete
    Replies
    1. මිටවඩා ලියාගන්න තේරෙන්නේ නැහැනේ අප්පා. ස්තුතියි

      Delete
  4. බ්ලාහ්... ඔය වැඩේ කරන ගමං පස් පඩංගුවෙ බියන තරං උපේස්ස දන්නව නං මේම කියන්නෙ නෑ හැක්...

    ReplyDelete
    Replies
    1. හික් හික්.... බනිනවත් ඇති. ඊටත් වඩා මමත් උන්ට බනිනවා.. වෙන මොනවටවත් නෙවෙයි, රොබරෝසියා අතුගානවට!

      Delete
  5. Replies
    1. එසේම වේවා. ( මටද අතුගාන උන්ටද?)

      Delete
  6. කාට උනත් වෙඩි තියෙනවාට වඩා මල් වවන එක කොච්චර හොඳයිද? මල් කියන්නෙ 'මල්' නෙමෙයි හොඳේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ ලඟදි ගොවි සංගම් සැසියකදීද කොහේදෝ ඒ ගොවියෝ ඉල්ලීමක් කරනවා නිලධාරීන්ගෙන් පොඩියට හරි ගංජා වවන්න ඉඩදෙන්න කියල. ඔය සාකච්චාවකට යවන්න තිබ්බ හොඳම නිලධාරියා දන්නවද? අර අනුන්ගේ ගෙදරකට වෙලා , බස් වල යන ගමන් බවලතුන්ට හේත්තු වෙන 'රවිය'!! හෙහ් හෙහ්

      Delete
    2. තෝ මට මගෙ පාඩුවෙ ඉන්ට දෙනවද නැද්ද?

      Delete
    3. එහෙම දීල කොහොමද අප්පේ.....

      Delete
  7. යුද්ධකරන සෙබළුන්ට වඩා මල් වවන සෙබළු හොඳයි යැයි සිතීම ස්වභාවිකයි, දේශපාලනය කරන දේශපාලකයින්ට වඩා සිංදු කියන දේශපාලකයින් හොඳයි යැයි සිතීම ස්වභාවිකයි, රඟපාන නළුවන්ට වඩා දේශපාලනය කරන නළුවන් හොඳයි යැයි සිතීම ස්වභාවිකයි, කෝඩ් කොටන පරිගණක ඉංජිනේරුවන්ට වඩා බ්ලොග් ලියන පරිගණක අය හොඳයි යැයි සිතීම ස්වභාවිකයි.

    අදහස ඉදිරිපත් කිරීම කලාත්මකයි.

    ReplyDelete
    Replies
    1. රටකට සෙබළු ඉන්න ඕනේ.. නමුත් යුද්ධ කරන්න 'විතරක්' ඉන්නවා කියන එකට මම කැමති නැහැ. යුද්ධ කාලේදී මැරුණු වේගෙට සාපේක්ෂව ගොඩදෙනෙක් අලුතින් බඳවාගත් හින්දා දැන් සචුරේට්ට් ගතියක් ඇතිය කියල මම 'උපලාපනය' කරනවා. ඔවුන් ශ්‍රම හමුදාවට දායක කරගන්නත් ඕනේ නේද?
      දේශපාලනය කරන අය දේශපාලනය හැර ඕනෑම වෙනත් විධය පථයක් කිරීම ලංකාවේ ට්‍රෙන්ඩ් එකනේ. මම නම් සින්දු කියන, රඟපාන, විහිළු සපයන දේශපාලුවන්ට කිසිදවසක කැමැත්තක් දක්වන්නේ නැහැ. කවදාවත් කතිරේ ගහලත් නැහැ උන්ට නම්. මගේ ප්‍රශස්ත මට්ටම සාධනීය මට්ටමක 'හොඳ කරට්ටුවක් සහ හැසිරීමක්' ඇති අය වෙනුවෙන් පමණයි.

      කෝඩ් කොටන ඉන්ජොන්ට වඩා බ්ලොග් ලියන උන් නම් ඇත්තෙන්ම හොඳයි.. හෙහ් හෙහ් හෙහ්..... කෝඩ් කොටන උනුත් වරදක් නැහැ 'හොඳයි...' බ්ලොග් කොටන ඉන්ජෝ 'හොඳා.....................යි'

      ස්තුතියි

      Delete
  8. මමත් හිතුවා මල් වවන්න,

    හැමෝටම පුලුවන් නම් මල් වවන්න කොච්චර හොඳද

    ReplyDelete
    Replies
    1. වවහන්... බැරිය සෝටක් කාරිය ගහගෙන, බුට්ස් දමාගෙන , බිම දන ගහගෙන තණකොළ උදුරනවා බලන්න! මතක ඇතුව තට්ටේ වැහෙන්න ලොකු තොප්පියක් දාහන්!

      මම හමදාන යන එන ගමන් ගොලුබෙල්ලෝ මල්ල ගානේ විසික්කා කරගෙන යන්නම් මල් පාත්ති වලට හෙක්!!

      හැමෝම මල් වවන්නේ නැහැ ඉවානයෝ. මල් පෙන්නන්න බැරි උදවිය මම දැකල තියෙනවා එමට. මල් ගස් හෝ පෝච්චි ගාවින් යන ගමන් ඒවාට පයින් ගහගෙන යනවා. මම මේ කියන්නේ ඇත්ත. අපි අඳුරන ඇන්ටිලා දෙන්නෙක්ම ඉන්නවා ඒ ජාතියේ හස්බන්ඩ් ලා ඉන්න.හෙහ් හෙහ්..

      Delete
  9. කාලෙකින් ඔය කියන විහාරමහාදේවි එක ගාවින් යන්න බැරිවුන නිසා මටනම් ටිකක් කොයිල් වගේ... මල් නම් ඉතින් මල් තමයි... මල් සුවඳක් දැනුන කාලයක් මතක නැහැ බොලව්...

    ReplyDelete
    Replies
    1. මේක ඉතින් විහාරමහාදේවි එකේ විතරක් නෙවෙයි අලුතෙන් හදපු ගොඩක් පාක් වල සුලබ දර්ශනයක් නේද? ගොඩක් තැන් වල මේන්ටේන් වැඩ කරන්නේ හමුදාවෙන් නේද? ඒවා ඒ නිසාද මන්ද ඉත්නාම හොදින් නඩත්තු වෙනවා කියලයි මගේ හැඟීම නම්. නගර සභාවෙන් දැම්ම අයට වඩා හොඳ ෆිනිෂින් එකක් දකින්න ලැබෙනවා. හිතලුවක්ද මන්ද..

      මල්? අනේද කියන්නේ .... දිකිරට බළල්ලු සාක්කි ලු

      Delete
  10. මට මේක කොයිල් බං....

    ReplyDelete
    Replies
    1. මටත් කොයිල්..... කියාගන්න දන්නෙත් නැහැ

      Delete
  11. තුවක්කුව හුරු දෑතට මල් අකැපද ?

    තුවක්කු අරන් යුද්දෙට යන කෙනෙක්ට වඩා ගහක්,කොලක් වවන් ඉන්න මිනිසෙක් කොහොමත් සුන්දරයි නේ.

    ReplyDelete
    Replies
    1. ඒ දෙක එකිනෙකට පරස්පර උනාට.. කොතරම් සමීපද කියල හිතෙනවා

      Delete
  12. බේරෙ වැව අද්දර රොබරෝසියා මල් අතුගාන අය දැකල මා අතින් මෙහෙම කවියක් ලියවුණා..

    තර්ජනයක් ද ආරක්ෂාවට
    ==================

    හිමිදිර ම
    තණ පත් මත විසුල
    රොබරෝසි මල්...

    සිසිර නිද්‍රාවේ දොඩමළු වු
    තුරු අගිසි ශීත සළු මුදා හැර
    වසත් දොරගුළු හැර නොපමාව
    රෝස පෑ සිලිටි හසරැල් පාන...

    කිලිටි කොල පෑ බේරෙ දිය තල
    දුඟද නොතකන දාංගල් හිරු
    පළිඟු මිණි ඇස් සහස් අනුහස්
    පා රඟන යුරු නෙතින් දැක දැක...

    අවි දැරූ දෑත වෙර ගෙන
    අතු ගා දමනු කිම හිමිදිර ම
    තර්ජනයක් ද ආරක්ෂාවට
    නිකළැල් රොබරෝසි මඳහස....

    ‘‘තරු ඇස් රහස්‘‘ කවි පොතේ ඇති මේ කවිය...

    ReplyDelete
    Replies
    1. අනේ රසි.....

      ඔයාටත් එහෙම හිතුනද? ඔන්න බලන්න මටත් ඔය රොබරෝසියා අතුගානවා දැක්කහම අරුගේ ඉදල උදුරලා තට්ටේ පලන්න හිතෙනවා. ඊටත් ඔතනින් යන එන ගානට ඒ මල් අතුරනයේ පෙරලිලා ඉන්න තියෙන ආසාම මම මැඩගන්න දරන උත්සාහය ගැන කිව්වොත්... අම්මෝ.... එහෙම උත්සහයක්!


      ලස්සන කවියක්. මම වගේ රළු වචන නැතුව සුමටවට ලියල

      Delete
    2. තට්ටෙ පලන්න නම් හිතෙන්නෙ නැහැ.. ඒත් කොයිතරම් ලස්සනද ඒ මල් පලස.. ඒක එහෙම්මම තියෙන්න අරිනවනම් ඉවරයිනෙ.. ටික කාලයයිනෙ..

      අපේ ගේ ඉස්සරහ අරලිය ගහක් තියෙනවා. ගෙදර ඉන්න කාලෙ උදේට අරලිය මල් වැටිල මිදුල පුරා.. මම කරන්නෙ පර නොවුණු අරලිය මල් සීරුවට ආපහු විසුරුවනවා.. පර මල් අතුගානවා...

      සේපාලිකා ගහ යටත් හැලුණු මල් එහෙමම තියෙද්දි තමයි අතුගාන්නෙ... මම ගෙදරින් ආවට පස්සෙ අම්මත් පුරුදු උණා අරලියා, සේපාලිකා මල් තියෙන්න ඇරල මිදුල අතුගාන්න...

      අනේ මන්දා අපිට පිස්සුද කියල...

      Delete
    3. තට්ටේ පලන කතාව නම් ඉතින්.. හෙහ් හෙහ්... අර මගේ ඇඩ්වෙන්චර් කතා කියෙව්වා නම් තේරෙයි... හික් හික්

      ඉස්සර අපේ මිදුලේ වැලි තිබ්බ කොටසේ මම ඉදලෙන් රටාවට අතුගානවා. ඔය මිදුල අතුගෑම කියන්නේ මට නම් සුන්දර දෙයක්. අදටත් කොහේ හරි කොළ ගොඩාරියක් වැටිලා තියෙනවා දැක්කහම අතුගාන්නම හිතෙනවා. ( ඔව් අනේ... අනුන්ගේ මිදුලක්, පබ්ලික් තැනක් උනත් ඒක හිතෙනවා.. හික් )

      මල් ඉතුරු කරලා අතුගෑවම 'බාගෙට අතුගාල' කියන කැටගරියේ දාන්න අපේ අත්තම්ම පුරුදු වෙලා හිටිය. ඒ වෙනුවට ඒ මල් දාල ගේ ඉස්සරහ දිනපතා අලුත්වෙන වතුර භාජනයක් හදාගත්ත. හැමදාම උදේට ඇවිත් ඒ වතුර භාජනේ සිතල වතුරට ඇඟිල්ලක් දාගෙන ඉන්න මම ආසයි. ඒ වතුර එක අස්කරනකොට 'කනගාටුවෙන්' අස්කරන්න වෙන දියාරු වෙච්ච මල් වලට මම හිත හැදෙන්න වචනයක් කියනවා. ඒ හින්දා ඒවා ආයෙමත් පොහොර වෙලා එන්න බලාගෙන කොම්පෝස්ට් එක ඇතුලට 'ටටා' කියල යනවා.


      ඔයාට නම් මන්ද.. අපෝ මට නම් පිස්සු නෑ.. කොහෙත්තම නැහැ...

      Delete
    4. වෙන්න බෑ.. මගේ පිස්සු එහෙම්මම ඔයාටත් තියෙනවා.. පොල් අතු රටාවට මිදුල අතුගාන එක, මං කැමතිම වැඩක්. ඇත්තටම ගෙදර ඉන්න කාලෙ කළේ ගේ, මිදුල අතුගාන වැඩේ විතරමයි..

      මට මතකයි අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙක් බඳින දවසෙ මට කිව්වා අනේ නංගි උදේම ඇවිත් අපේ මිදුල අතුගාල දෙන්න. ඔයා අතුගෑවම ලස්සනයි කියල.

      මැටි භාජනයකට මල් දාන එක.. මාත් කළ වැඩක්.. ඉතින් ඔය බලන්න එක වගේ නෙවි ද?

      Delete
    5. තව කියන්න දේවල් වැලනොකැඩි මතක් වෙනවා. පිස්සු මාට්ටු වෙයි කියල දැනට 'කට වහප්' කියාගන්නවා.

      Delete
    6. වෙලාවට.. නැත්නම් තව පොඩ්ඩෙන් මේක ලේඩිස් හොස්ටල් එකක් වගේ වෙනවා.. නියම නට් එක නියම බෝල්ට් එකට සෙට් වුනේ.. හැක හැක..

      Delete
  13. රොබරෝසිය අතුගාන එකට නං මන් කැමති නෑ....පාර්ක් එක අයිනේ ඒවා වැටිලා තියන කොට ලස්සනයි...
    ගොම කොළ පාට ඇදුමත් උණ්ඩ වලට වඩා මල් වලට ආස ඇති...ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. රොබරෝසියා අතුගන්න දෙන්න නරකයි.... මොන පාට ඇඳගෙන උන්නත් උන්ගේ තට්ට පලන්න ඕනේ නැද්ද? හික් හික්... ඒ උනාට මං අහකබලාගෙන යනවා යන්න!

      අර උඩ ඉන්න හාදයෙක් කියල තිබුනී ඒවා කරන්නේ බැන බැන කියල? වෙන්නත් ඇති..... වෙඩිතියන්න බලාගෙන ආවම..?

      Delete
  14. මට ඕක මුල් කාලේ දකිද්දී පොඩි අවුලක් වගේ හිතුණා.. ඒත් උඹට කියන්න පස්සේ පස්සේ උඹට වගේම එකතකින් එහෙම හොඳයි කියලා හිතුනා..

    ඒක නෙවෙයි.. මාත් විහාරමහදේවි පාක් එක ලඟින් නිතර යන එකා වෙච්චි.. යමන්කෝ දෙන්නත් එක්ක දවසක රොබරෝසියා මල් කඩන්න.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. අවුල වෙන මොකවත් නෙවෙයි, අපි තුල 'අපි විසින්ම හදාගත්ත' ප්‍රතිරුපවල ගැටුම. ඒවා වෙනස් වෙනවට අපේ ඇති අකමැත්ත.

      "මම අහවලා , මම කරන්නේ අහවල් දේ විතරයි. අර කම්කරුවා, ඔහු කලයුත්තේ කම්කරු වැඩේ. මම කොන්දොස්තර, මට තියෙන්නේ බස් එක ගෙනියන්න විතරයි..."
      එහෙම නේද?

      අවසන් මිනිමරුමකින් හරි යුද්දේ ඉවර උණු එක ගැන මට තියෙන්නේ සතුටක්. හැමෝම එහෙම සතුටුවෙන්නේ නැති බව තමයි දැන් දැන් පෙනෙන්නට තියෙන්නේ. ඒකට මේ 'කොලපාට ඇඳුම් අඳින අය ' ගාවගන්න පුදුම උත්සහයක් තියෙන්නේ. ඔවුන්ගේ වෘතිය ගෞරවේ ගැන පුදුම ඇමමක් ඒ උන්දලාට ඇතිවෙලා.. හික්... ඒවාට කියන්නේ ජාති ආලේ නෙවෙයි...

      රොබරෝසියා මල් කඩන්න?? අම්මප ඔලුව නරක වෙලාද? කිසි අවුලක් නැතුව හැම විනාඩියකටම සැරයක් හමන මදනලට පවා මලක් වට්ටවන ගහේ නැගල මල් කඩන්නේ දෙය්යන්ගේ හාල් කැවිලද ආ?? ඔන්න අහුලන්න කිව්වා නම් කමක් නැහැ. අහුලන්න ගියත් ඔය 'කොලපාට' උන්දලා අපිව එලෝලා දාල ඒ මල් අතුගායි නේද? එතකොට මට පුළුවන් ඔබතුමාට කියල උන්ගේ තට්ටේ පලවන්න නේද? ඔබතුමා උන් එක්ක ගුස්ති අල්ලනකොට මම හිතේ හැටියට එහෙනම් මල් අතුරනේ පෙරලෙන්නම්කො.... අන්න නියම ප්ලෑන් මෙව්වා එක!

      Delete
  15. මල් කොහොමත් ලස්සනයි බං............ එච්චරයි..............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....

      ( මට තේරුනේ නැහැනේ අප්පා... එක්කෝ කමක් නැහැ... තේරුනා වගේ ඉන්නවා)

      Delete
  16. මම ආසම කෑල්ල - "ආ දැන් එන්ට ඔය එක එක ලේ තියෙන උන්දලා පෝලිමේ"

    ReplyDelete
    Replies
    1. හි හි..
      ඔබට විතරයිද මන්ද ඕක නෝට් උනේ... එහෙම නැත්තම් ආපු උන් ඔක්කොම ඕක දැකල හැරිලා ගිහින් පොලිමේද දන්නේ නැහැ තාම ?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...