Wednesday, March 23, 2016

257. සමනළ ඉර සේවය





ඉරසේවේ බලන්නම
සමනළ කන්ද නගිනෙමි...

ගල් බොරළු වදීහෙම
කියා බය නොවෙන්නෙමි...

නැන්ග කඳු , වැටුණු පල්ලම
නොබලන්න හිතාගෙන
නගින්නෙමි...



එහාපස කඳුබිමේ
පොඩිම පොඩි කවුළුවෙන්
එබෙන හිරු වගේමයි
කියා හෙම 'මුසා බස්' ,
නොතලන්න...

අදත් උඹ සයනයේ
පොඩිවෙච්ච ඇතිරිල්ල
නමා  - හිඳ
දොරවසා උඹට පෙර
පඩිපේලි බසින්නෙමි....


4 comments:

  1. හොඳ අදහසක් තියෙන බව තේරෙනවා. ඒ වුණාට ඒ හොඳ අදහස මොකද්ද කියල පැහැදිලි නැහැ. මේ කියන්නේ ලෝකි පරණම රැකියාව කරන යුවතියක් ගැනද?

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර එයට සම්බන්ධයි. නමුත් දිග කතාවක්.. කවිය හරියට ලියාගන්න බැරි නිසා පැහැදිලි නැතුව ඇති. ස්තුතියි කොමෙන්ටුවට

      Delete
  2. සීමා රහිත ආදරයක් වෙන්ටොනැ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආදරයක් ගැන කොහෙද මේකේ සඳහනක්? හි හි

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...