Thursday, August 13, 2015
Wednesday, August 12, 2015
200. සරාගී ස්පොන්ජ්
හිත කියන්නේ ස්පොන්ජ් එකක්.......
ආදරේ කියන්නේ පාටක් නැති වතුරක්.....
බැරිවෙලාවත් වතුරට වැටුනොත්? ඉක්මන් වෙන්න ඕනේ කාරණයක්!
ගිලෙයි , වතුර පෙවෙයි කියල නෙවෙයි. පෙගෙයි කියල.....
ඉතින් හරි අමුතුයිනේ මේ කතාව, එකම දෙයක් ගැන දෙන්නෙක් දෙවිධියකින් ලියන එක?
මම කියනවා එයා කියල, එයා කියනවා මම කියල.
අපි දෙන්නම... නෑ දෙන්නම එකම වෙලාවේ කතා කරන්නේ නැති එක තමයි මැජික් එක.
එයා කියනවා, මට තියෙන්නේ වලත්ත ඇස් කියල. ඒක මගේ වරදක් වෙන්නේ කොහොමද කියල මම මගෙන්ම නිතර අහනවා.
ඒ වලත්ත ඇස් දෙකෙන් එයා දිහා, ඇත්තටම කිව්වොත් එයාගේ කුෂන් එකක් වගේ තියෙන ඇඟ දිහා බලනෙකට ඉතින් ඔතරම් අරියාදු වචනයක් කියයි කියල මට හිතුනේ නැහැ මුලින්ම. මම හිතුවේ විහිළුවක් කියල, නැහැ එයා එහෙම කියපු එක නෙවෙයි , මම එයා දිහා එහෙම බලන එක තමයි විහිළුව.
Friday, August 7, 2015
199. කලාම්ගේ මැත සහ උපදෙස්
අපි හැම දෙනාම හිටියේ තිගැස්මෙන්. කොටින්ම එකෙක්ට එකෙක් මුමුණන්න වත් අපිට ඉස්පාසුවක් තිබ්බේ නැහැ. මම ආයෙමත් කලේ අපේ කාලසටහන මුද්‍රණය දීපු කොලය නැවතත් බලපු එකයි.
'Discrete Mathematics and Statistical Analysis'
කියල පැහැදිලිව සටහන් වෙලා.
හිතේ ගැස්ම තවත් වැඩි වෙන්න හේතු කාරනා නොඅඩුව අපිට තිබ්බ. මිට දවසකට කලින් පටන් ගත්තු අපේ උපාධි පාඨමාලාවේ දේශන වලට සවන් දුන්නු අපි ඇත්තටම පොල්ගස් ගැන අහගෙන ඉන්න එස්කිමෝවරු වගේ. ඉන්ඩස්ට්‍රී එකෙන් ආපු සියලුම දේශකයින් අපිව එතරම් භිත කරවලා තමයි තිබ්බේ.
කෙනෙක් ලෝකේ තියෙන පරිඝනක භාෂා ගැන සාගරේ කලම්බනකොට, තව කෙනෙක් නොපෙනෙන ඩේටා සහ සංකල්ප ගැන මායාකාරී චිත්‍රයක් මැව්වා. ඒ සියල්ල අහසේ මකරුන් වගේ අපි දිහා හිනා වේවි බලන් ඉන්නකොට අපි ආවේ වැරදි තැනකටදෝ කියල විතරයි අපි කතා උනේ..
ටික වෙලාවකින් විදුරු දොර තුලින් කුඩා මුහුණක් මතු උනා. ඒ මුහුණ සමාන වෙන්නේ 'අබ්දුල් කලාම්'ට පමණයි. පෙනුමෙන් වගේම බැල්මෙනුත් තිබ්බේ එහෙම උනත් එකවරම දුටුවම අපිට හිනා යන්න තමයි ගියේ. ඒත් ඒක හිනාවෙන වෙලාවක් නෙවෙයි. අපි සීරියස් විෂයකට සුදානම් වේවි හිටපු මොහොතක්. පොඩියට එබුනු මුහුණට අපි හිනාවෙන කොට කිසිම හිනාවක් නැතුවම ඒ මුහුණේ අයිතිකාරයා බයෙන් වගේ ( ඔහුගේ ඇස්දෙක විශාලව නෙරලා තිබ්බ නිසා අපිට හිතුනේ ඔහු බයෙන් ඉන්නවා කියල) වටපිට බලමින් ශාලාවට ඇතුල් උනා.
Thursday, July 23, 2015
198. මගුලේ යෑම - 2
මෙතෙක් කෑම.....
ඔන්න ඉතින් අපි තුන්දෙනා වැඩ ඉවර වෙලා එන්න පිටත් උනා.
සයිමොන් ඉදිරියෙන්.. අපි පිටුපසින්.
වෙනද වගේ නැතුව මුණ හෝදලා , කබ එහෙම කඩලා ඌ මම හිතන්නේ මොනවා හරි මුනෙත් ගෑවා. වෙනදට පිස්සු බල්ලෝ පන්නනකොට දුවන පොලිස් රාලහාමි වගේ දුවන සියදෝරිස් එදා යන ලලිත ලතාව දිහා පාරේ ටැප් එකේ රෙදි හෝද හෝද හිටපු ගෑනු විතරක් නෙවෙයි අපි සමහර දවස් වලට පේර ගන්න කරත්තේ එකාත් ඔක්කොම වැඩ නතර කරන බලන් හිටිය.
අපේ ඔෆිස් එකට ඉස්සර යන්න තිබ්බ පාරවල් දෙකෙක් එකක් ෂෝර්ට් කට් වගේ එකක්. යන්න තියන පාරේ දෙපැත්තේම තිබ්බේ මුඩුක්කු වගේ ගෙවල්. ඉතින් ගෙවල් වල රෙදි වැල් , සාලේ ඔක්කොම තියෙන්නේ පාරේ. ඒ ගෙවල් අඩුම තරමේ ඇඳක් වත් දාන්න ඉඩ නැහැ වගේ පේන්නේ . ඒ උනාට එක පාරක් ඔහොම තියෙන පොඩි පටියක් වගේ ගෙයක් ඇතුලෙන් මම බලන් ඉන්නකොට එකෙක් ආව එලියට, ඔන්න තව එකෙක් ආව, ඊට පස්සේ තව එකෙක්... ආව ආව ආව... මට නිකමට හිතුන ඔය ගෙවල් අර ඇලිස්ගේ විසමලන්තය වගේ එකක්මයි කියල. ඔතරම් සෙනඟ කන්දරාවක් නැත්තම් කොහොම ඉන්නද?
ඈතින් ලලිත ලතාවට පැද්දෙන සියදෝරිස් ය...
මෑතින් එකට ගුලිවී යන අප දෙදෙනාය.. ( මොකද එන්න එන්නම මුගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයේ තිබුණු අවුල නිසා අපි අතේ දුර උනත් කකුලේ දුර දක්වා දීර්ඝ කළා.)
Wednesday, July 22, 2015
197. මගුලේ යෑම - 1
මම අද කියන්න යන්නේ ළමායි.. ඔෆිස් වගේ ඔෆිස් කතාවක්.
චරිත: ඇල්වින් ඇන්ඩ් ද චිප්මුන්ක්ස් හි එන ඇඩ්ඩින් , සයිමොන් සහ සියදෝරිස් එක්ක සෙසු චරිත
මම මේ සීරීස් එකේ කතා කීපයක් කියල තියෙනවා. ඒ නිසා මම මේ සයිමොන් හෝ සියදෝරිස් ගැන අමුතුවෙන් වගපල කියන්න හිතන්නේ නැහැ. ( ඌ ගැන ඇත්තටම කතා කරලා වැඩක් නැහැ ඒකයි ) මම ගැන නම් ඉතින්..... හොඳමයි අහන්න ලැබුනේ පින්වතුනි!
මේ මුල් හඳුන්වාදීම
මේ සියදෝරිස් ගේ කතා 1 , කතා 2
මම ඔය කම්පැනි එකට එනකොට අපේ සයිමොන් හාදයා ඒ කම්පනියේම කොලුගැටයෙක් එක්ක ඇයි හොඳයියක් තිබිලා , අවසානෙදි අපේ සයිමොන්ට හොඳවයින් සපත්තු ජෝඩුවක් දීලා ඌ කම්පැනි එකෙනුත් ගිහින් තිබ්බ. මම ඉතින් තැනකට අලුතෙන් ගියාම ඉබ්බෙක් වගේ ඉන්නවා මිසක් කතාබහ අඩුයි. සපත්තු ජෝඩුව ලැබීමේ ප්‍රීතියෙන් හිටපු සයිමොන්ට ඉතින් හුලන් ගැහුවේ ඉතින් අපේ සියදෝරිස් තමයි. ඌත් අර බස්සිගේ දුකා වගේ තමයි. දුකක් කොතනද, ඌ එතන!
ඔන්න ඒ අතරේ අපේ සයිමොන්ට ගෙදරින් මගුල් තුලා එහෙම හොයන්න ගත්තේ මුගේ අන්දොස් ගතිය දුරින් දුරු වෙන්න තියෙන එකම ප්‍රතිකර්මේ මූව කාගේ හරි ඇඟේ එල්ලන එක බව එක පයින්ම වැටහුණු නිසා. පතෝල කරලට කරවිල වැල එතුනා වගේ ඉන්න මූට අහුවෙන එකා ගැන අපිටත් නිකන් කොස්සක් වගේ හිතුනත්, සුදු කෙල්ලන් හොයන උන් නිසා ඉතින් බයක් වෙන්න දෙයක් තිබ්බෙත් නැහැ. සර්කිට් එක අවුල් උනත් උගේ මුණ සුදුයි!
Monday, July 20, 2015
197. මැටි මෝලෙක් සමඟ ඈ
එදා බොහොම සාමාන්‍ය දවසක්.
මම කවදත් සාමාන්‍ය දවස් වලට බයයි. මොකක් හරි අසාමාන්‍ය දෙයක් වෙන එකම දැන් මගේ ජිවිතේ කොටසක් වගේ.
වැහිබර අහසක් තියෙන ඒ පළාතට මම කොහොමත් යන්නේ පොඩි තිගැස්මක් එක්කමයි. දාහය රුහිරු තැවරුණ මේ පොළවෙන් එකපාරටම ඉහලට එසවිලා මාව පියාසර කරන කුරුල්ලෙක් කරවන්න දරන උත්සහයක් වගේ තමයි කඳු පන්තිය පිහිටලා තිබ්බේ.
ටිකින් ටික ඉහලට එසවිලා වට පිටෙන් හැමතැනම පෙනෙන දියසිරාවට අමතරව කොලපාට නිම්නයක් පේනකොට මට හැමදාම හිතෙන්නේ ඉගිලෙන්න හිතාගෙන මම කන්දක් මුදුනට නගිනවා කියල. එදා නම් එහෙම හැඟීමක් මට තිබ්බෙම නැති තරම්.
"මචං මේ සීතලට මම මාර ආසයි..."
මම එහෙම කිව්වේ බුරියා ගෙන් උත්තරයක් බලාගෙනම නෙවෙයි. ඒත් ඌ මගේ දිහා බලලා දැම්මේ අවලන් හිනාවක්.
".... අද බියර් බොන්න බෑ මෝඩයෝ.. දන්නවනේ මගේ මැච් එක අද"
ක්‍රීඩාගාරයට යනකොට එතැන හිටියේ බොහොම ටික දෙනයි. පිවිසෙන තැනම පොඩි බංකුවක උන්නු කෙල්ලෙක් අපි එනකොටම ගැස්සිලා වගේ අපි දිහා ඔලුව උස්සලා බැලුව. හරියට ඒකිගේ කාමරේට අපි එබුනා වගේ. මම කටකොනෙන් හිනාවක් දාගෙන ඒකිව පහුකරන් ගියා.
"අඩෝ.... මේක කාන්තාරයක් නේ"
Tuesday, July 14, 2015
Monday, July 13, 2015
Friday, July 10, 2015
193. ශෝකය පලකිරීමේ නිවැරදි ක්‍රමය
මගේ යාලුවෝ... ( අප්පා උන් ගැන මෙතන ලියන එක භයානකයි. උන් මගේ මේ බ්ලොග් කට්ට කන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා හොඳයි. ඒත් මේවා කිරිමේල් කඩෙන වැඩ!) ඉන්නවා එක එක ජාතියෙන්. සැලඩ් වගේ. එකෙක් තක්කාලි ගෙඩියක් වගේ. ඒ කියන්නේ බතලයි; රවුම්? නෑ නෑ හලෝ ඒ හින්ද නෙවෙයි. ඌ ගිය තැන වැඩේ චොර කරනවා. තවත් එකෙක් ගෝවා සහ කැරට් වගේ...
ඔහොම කියන්න ගියොත් එළවලු ජාති ටිකේ නම් ඉවර වෙනවා මිසක් කියල ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙහෙම කියන්නම්...
මම වැඩකරපු කම්පැනි වල සහ වැඩ නොකරපු කම්පැනි වල මට අනේක විධ යාලුවෝ ඉන්නවා. උන් ඇති වෙන්නේ එක්කෝ මගේ නැතිවීම සඳහාමයි. ඒ කියන්නේ උන් සෙට් වීම නිසා මගේ වහගෙන හිටපු කොයිල් ගති මතු වෙලා ඇවිත් කොක්ටේල් පාටියට ආපු බිකිනි කෙල්ල වගේ මට සලකන්න අනිත් උන් පෙළඹෙනවා.
අර ඉස්සෙල්ල කියපු තක්කාලි යාළුවා ගැන මම මේ පෝස්ට් එක සහ මේ පෝස්ට් එක ලිව්වා. අර ගෝවා එක්කනා ගැන මෙහෙම ලිව්වා. තව තියෙනවා, ලියන්න නිකං මොකද්ද මොකද්ද වගේ...
අද මම කියන්න යන්නේ ළමායි , යාලුවෝ ගැන කතාවක්ම නෙවෙයි. ඒ උනාට නොවේ මත් නොවේ... තෙරුනානේ?
Tuesday, July 7, 2015
191. දුම ( කෙටි කතාව) - 4
මුල් කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිය කබායේ ඇතුල් සාක්කුවට සිය වමත යොමුකළ කමල් ඉන් පිටතට ගත්තේ කඩදාසි ගුලියකි. තමා දිවගෙන එනවිට නැංවුණු දහදියෙන් විවර කරන ලද ලිපිය පෙඟී ගොස් තිබුනද, විවෘත නොවූ ලිපි තුන එතරම් හානියක් නොමැතිව ගුලිවී තිබුණි. ඒ සියල්ලගේම ලියුම් කවරයේ 'කෝප්‍රල් මිලින්ද කොඩිතුවක්කු' යයි කුරුමිණි අකුරු වලින් සඳහන් වී තිබිණි.
"මල්ලි.... බස්සෙක කීයටද යන්නේ?"
රියදුරු අසුනේ සිට සිය බුලත් විට සරිකරමින් ආ කොන්දොස්තර අමතා කමල් ඇසුවේ සිය උඩු කබායෙන් ගත් ලේන්සුවෙන් මුහුණ පිසදමමිනි. සිය ගමේ තැපැල් මහතා හඳුනාගත් කොන්දොස්තර තැන, සිය වියලි මුහුණට යන්තම් සිනහවක් නගාගනිමින් විට පොදිය මුවේ රුවා ගත්තේය.
"තව ඩින්ගෙන් යනවා මහත්තය, මොකෑ මේ හදිස්සියේ? ගමේ යනවෑ ?"
"යාලුවෙක්ගෙ මළගෙදරක යනවා, හදිස්සියේ"
කමල් කතා කලේ කොන්දොස්තර තැනගේ ඇස් මගහරිමිනි.
"කොහේ? කැකිරාවේ?"
"නෑ , ඉපොලෝගම හරියේ. හොයාන යන්ඩ වෙන්නේ. හරියටම දන්නේ නැහැ..."
Friday, July 3, 2015
190. දුම ( කෙටි කතාව) - 3
මුල් කොටස
දෙවන කොටස
"ලියුම් ටික තෝරලා ඉවරද ජානක ?"
තමන් අසලින් කිහිප විටක් සිය සුපුරුදු විලාසයට වඩා වෙනස් ආරකින් ගමන්ගත් කමල්ගේ හඬට යන්තමට සිය උරහිස ඉහලින් බැලු ජානක
"නෑ සර්...."
කියද්දී ඔහුගේ ලියුම් ගණන නැවතත් වැරදි ගියේය.
මෙය නම් හරියන රාජකාරියක් නොවේ. නමුත් කරන්නට යමක් නැත. කමල් මහත්තයා බාරදුන්නු වැඩක් නොකර බැරිය.
ඒ ප්‍රතිචාරයෙන් ඉදිරිපස කවුන්ටරයට ගමන්ගත් කමල්, ලියුම් බාරගන්නා මේසයේ ඉහල ලාච්චුව බියපත් කමකින් මෙන් විවෘත කර, එහි වූ ලියුම සිය කබායේ ඇතුල් පැත්තෙහි වූ සාක්කුවේ රුවා ගත්තේ වටපිට කිසිවෙකුත් නොමැතිව උනත් හාත්පස බලමිනි.
'කෝප්‍රල් මිලින්ද කොඩිතුවක්කු' යනුවෙන් ලිපිනය යොදා තිබුණු ලිපියේ මුද්දර ගසා නොතිබිණි. නිර්මලාට එහි මුද්දර ගසන්නට මුදල් දෙන්නට නොහැකි වුයේ අදත් එය ගස් බෙනය තුලින් ගන්නට සිදුවූ බැවින් වුවත් මුදල් අවශ්‍ය නොමැති බව කමල් කිහිප විටක්ම නිර්මලාට පවසනවිට ඇගේ මුහුණේ ඇඳුනු ස්තුතිපුර්වක සිනහව කමල්ගේ හිත පුරා විහිදී ගියේ සුර්ය කිරණක් පරිද්දෙනි.
තද හිසේ කැක්කුමක් ඔහුගේ සිතුවිල්ලට බාධා කරමින් නැගී එන්නට විය.
'කෑම කෑවනම් හරි' යයි සිතමින් කමල් ජානක කොතනදැයි හිස පොවා බැලිය. වරුවක් ගතවී ඇතත් තවමත් ඔහු ලිපි තෝරයි. කට තිබුනාට ජානකට සුළු වැඩක් හෝ කරගත නොහැක. සියුම් තරහක් නැගී එනවිටම කමල්ට සිහි වුයේ නිමල් පිටවී යනවිට කියා ගිය වදන්ය.
"..... මේ කැලෑ අස්සේ ලැගල අහවල් සේවයක් කොරන්ටද මලය? හුනා කියන්නැහේ කියන්නං , මේ කඳු බඩගාන එක උඹට තව තුන් මාසෙන් එපා වෙනවා. තනියෙන් ඉඳල එපා උන දවසට කසාදයක් කොරන් තොලොංචි වෙනවා ඇරෙන්න... හැක් !"
"ජානක.... මම කඩේට යනවා කන්න. මතක ඇතුව පස්ස දොරේ පොල්ල දාල යන්න. ඉස්සරහ මම වහගෙන යනවා"
189. දුම ( කෙටි කතාව) - 2
මුල් කොටස
".... ඔව් ඔව්... වංගුවේ තියෙන්නේ. වරෙන්කො මම හෙට පෙන්නන්නම්.. අහ් ! හෙට මම හදිස්සි ලියුම් වගයක ලිස්ට් එකක් දාන්න තියෙනවා. එන්න වෙන්නේ නැහැ. කමලා තමයි හෙටත් යන්නේ. මම කියන්නම් ඌට, උඹට පෙන්නන්න කියල..."
මද ආලෝකය ලැබෙන හුන්ඩු කෑම කාමරේ මුල්ලක සිටි කමල්ට ඔහුට පිටුපා හිඳ, බරට කතාබහේ යෙදෙන දෙදෙනාගේ දෙබස් කන වැකුනද , අවධානය යොමුවන්නට ගත්තේ වංගුවේ නිවස ගැන සඳහන් කරනවිටය. තමන් කෑම කාමරේ ඉන්නා බව ඔවුන් නොදන්නා බව ඉව වැටුණු සැනින් පපුවේ වේගය ඉහළටත්, හුස්ම ගැනීම මෘදුව පහළටත් වශයෙන් වෙනස් කල කමල් සර්පයෙකුගෙන් සැඟවෙන මීයෙකු සේ නිසල වී ගල් ගැසුනේය.
".... නියම... බලපන්.... එලම කිරි.... දවල් වෙලා ලියුම් අරන් පලයන්. ... කොනේ... ඔව් ඔව්... ළිඳ... දහයට විතර... ආයේ නැහැ ලයිව්... කොඳ කැකුළු වගේ.... හෙහ් හෙහ්.... "
නිමල්ගේ ඊළඟ වචන කොතරම් උවමනාවෙන් කන් යොමා සිටියද කමල්ට ඇසුනේ අතරින් පතර පමණක්මය. කමල්ගේ පපුව දෙමොලෙන් පිටි කොටන්නට විය. කමල්ගේ පිරිමි ඉව සැනින් අවධි විය.
මේ කියන්නේ අර තරුණිය ගැනයි!
පපුවේ වේගයට බත් පිඬක් සිරවී ඇතිකළ කැස්සෙන් නැවතුනු සතර කන්මත්‍රණය සමග දෙදෙනාම එකවරම ආපසු හැරී බැලුහ.
කමල් සිය ජංගම දුරකතනයෙන් බර කතාවකය. නිමල් සහ ජානක එකිනෙකාගේ මුහුණු බලාගත් අතර ජානකගේ මුහුණ බියපත් බවින් පිරි තිබිණි.
"කමල් මහත්තයට ඇහුනද දන්නේ නෑ "
කාම කාමරයෙන් එළියට පැනගත් දෙදෙනාගෙන් , හුස්මක් ඇල්ලු ජානක බියෙන් මෙන් ඇසුවේ පහත් හඬිනි. නිමල් බියපත්බව වසා ගනිමින් ඔලුව දෙපසට වනන්නට විය.
Thursday, July 2, 2015
188. දුම ( කෙටි කතාව) - 1
කමල් වෙනදා මෙන් නොවී, ගල්පඩියෙන් ඉහළට එසවුණු ඒ නිවස අසල නැවතී පැහැදිලි, උස් හඬක් නංවන පරිදි සිය පාපැදියේ සීනුව තෙවරක් නාදකළේය.
'ට්‍රින්... ට්‍රින්... ට්‍රින්'
සීනුව දෙවන වරට හඬනගද්දී වෙනදා මෙන්ම අඩක් අඩවන් කරනලද ජනෙල් පියන මුළුමනින්ම ඇරී යනවාත්, ඒ සමගම ජනේලයේ ආවරණය කරනලද තිරරෙදි තීරයේ ඉහල කොටසින් මතුවෙන තරු යුවලක් වැනි දෙනෙත පෙනීමත් යන කාරනා දෙකම සිදුවුවත් වෙනසක් නොපෙන්වා තෙවන වර සීනුව නාදකරන්නට කමල් පසුබට වුයේ නැත.
'ලියුම්... ලියුම්'
කමල් උස්හඬින් කියද්දී ඈතින් පෙනුනද ඒ ඇස්වල ඇතිවුණු දීප්තිය වසන් කල නොහැකි විය.
"අපිටද............? කාටද...........?"
වෙනදා මෙන්ම ඒ තරු නෙතැත්තිය උස්හඬින් අසද්දී, කමල්ගේ උගුර සිරකර දමන ලද කලෙක මෙන් බොල් බවින් සිරවී ගියේය. එකවරම හඬක් නිකුත් වුයේ නැතියෙන් තරු නෙතැත්තියගේ කුලී නිවසින් වෙනදා එලියට පනින රුව එකවරම දොර අසලින් මතුවිය.
"අපිටද? "
හැඩිදැඩි සිරුරැති මිනිසා බැරැන්ඩි හඬින් අසනවිටම කමල් සිය උගුර පාදා ගන්නට සමත්විය.
"නෑ නෑ ...... එහා ගෙදරට.... 23 න් 3 ගෙදරට "
එසැනින් තරු දෙනෙත් ජනේලය අසළින් අතුරුදහන්ව ගොස්, වේගයෙන් ඇරුණු දොරෙන් එළියට පනින කෙල්ලෙකුත් දර්ශනය වනවිට කමල්ගේ සර්වාන්ගයම ගල්වී ගොස්, බයිසිකලයේ හැඬලයට දෙඅත් කිටිකිටියේ තදවුයේ නිරායාසයෙනි.
Monday, June 29, 2015
Monday, June 22, 2015
185. අමුතුයි නේද?
පුදුමයි මෙහෙම හිතෙන එක?
බරක් පතලක් නොතේරෙන කාලේදී, බරපතලවට හිතල ගන්න තීරණ කොතරම් නිවැරදි උනත් අවුරුදු ගණනාවකට පස්සේ දුක්වෙන්නේ ඇයිද කියල මට කියාදෙන්න ඔබ ළඟ නැති එක ගැන මම අද උදෙත් දුක් උනා.
හැමදාම උදේ පාන්දර මගේ කවුළුවේ එළිපත්තට වෙලා කන්දෙක 'කුං' ගැන තාරතාවයකින් සින්දුකියන පොල්කිච්චට, කෑම නොදී උනත් හිතින් ආදරේ කරන්න මට හිතුනේ අදක ඊයෙක නෙවෙයි. කොහොමත් අව්කුටකෙට කරවෙච්ච ගොම මැටි පොළවක් ජීවයක් පෙන මානයකට ගේන්න වතුර පනිට්ටුම කීයක් හලන්න කියලද? ඊටත් හැමදාම??
Friday, June 19, 2015
Subscribe to:
Posts (Atom)


















