Monday, June 29, 2015
Monday, June 22, 2015
185. අමුතුයි නේද?
පුදුමයි මෙහෙම හිතෙන එක?
බරක් පතලක් නොතේරෙන කාලේදී, බරපතලවට හිතල ගන්න තීරණ කොතරම් නිවැරදි උනත් අවුරුදු ගණනාවකට පස්සේ දුක්වෙන්නේ ඇයිද කියල මට කියාදෙන්න ඔබ ළඟ නැති එක ගැන මම අද උදෙත් දුක් උනා.
හැමදාම උදේ පාන්දර මගේ කවුළුවේ එළිපත්තට වෙලා කන්දෙක 'කුං' ගැන තාරතාවයකින් සින්දුකියන පොල්කිච්චට, කෑම නොදී උනත් හිතින් ආදරේ කරන්න මට හිතුනේ අදක ඊයෙක නෙවෙයි. කොහොමත් අව්කුටකෙට කරවෙච්ච ගොම මැටි පොළවක් ජීවයක් පෙන මානයකට ගේන්න වතුර පනිට්ටුම කීයක් හලන්න කියලද? ඊටත් හැමදාම??
Friday, June 19, 2015
Thursday, June 18, 2015
Tuesday, June 9, 2015
182. දැන් මටද පිස්සු? උන්ටද?
මේක හැබැයි ගොඩක් කාලයක් තිස්සේ ලියන්නම් කිය කියා හිටියා මිසක් ලිය උනේ නැහැ. හේතුව ඉතින් මුලිකවම කම්මැලිකම. අනිත් එක මේ සිංහල කොටන එක ඔෆිස් එක අමුතු කෙලියක් වෙලා නිසා අනිත් උන් සෝමාලියාවෙන් ආපු තරබාරු එකෙක් දිහා බලනවා වගේ බලන් ඉන්න පටන් අරගෙන. ඉතිං අලුත් තැනකට මාරු වෙනකල් එක දිගට ලියාගෙන යන දෙයක් පටන් ගන්න තිබ්බ නොහැකියාව.
ඔන්න මම ගැලවිජ්ජාවට අවශ්‍යටික උඩ ජේදේ ලිව්වා, මේ ජේදේ ලියන්නේ පුරසාරම් ටික. ඒ කියන්නේ මම පොඩි කාලේ කොරපු...
අනේ අම්මප කොතරම් කිව්වත් මේ පුරාජේරුව අඩුවක් නැති හැටි? කොයි වෙලෙත් පොඩි කාලේ එව්වා ලියනවා කියනවා මිසක්ක ලොකු කාලේ එව්වා ලියන්න හිතෙන්නෙම නැති හැටි? ඒකත් එහෙම වෙන්නේ පොඩි කාලේ මක්කා කොලත් ලොකු කාලේ කරපු කියපුවයින් සායම ඔක්කොම දියබත් වෙලා ගොහින් තියෙන නිසා ජාමේ බේරගන්න පොඩි කාලේ එව්වා කියන්නම වෙනවා. එව්වා ඔක්කොම කිව්වත් අන්තිමට 'අනේ ඇත්තට ඒවා කලේ උඹමද හැබෑට? කොහොම හිටපු එකෙක්ද නේද? දැන් මේ විදියට ඉන්නේ?' වගේ අදහස් දැක්වීමකින් නතර වෙනවානම් හොඳයි. ලොකු කාලේ කරපුව ඉතින් මෙව්වගෙ තැනක කොහොමත් ලියන්න අමාරුයි. මොකද බැරිවෙලාවත් අපේ උන්දලා සර්ච් කරන සර්ච් කිරිල්ලේ තරමට වැරදිලාවත් මේවා අහු උනොත්, තක්කෙටම දන්නවා මේ කියන්නේ මම ගැන කියල, මොකද උන්ට මතක හිටින විදියට වැඩේ කරන්න මම හැමවෙලේම වගකියනවා. හරි හරි දැන් ආපහු පුරාජේරු ජේදේ !
Friday, May 29, 2015
Tuesday, May 26, 2015
179. දවල් කෙයාර් - 2
මේ ලිපියේ කලින් කොටස කියවන්න බැරිඋන අය මෙතැනින් කියවන්න...
මම කලින් කොටසේදී විස්තර කලේ ඩේ කෙයාර් මධ්‍යස්ථාන වල අවශ්‍යතාවය සහ එහි සාමාන්‍ය සේවාවන් වල තත්වය ගැනයි. තව දෙයක් කියන්න ඕනේ. ඒ ලිපියට කොමෙන්ටු දාපු අයගේ අදහස් මේ ලිපියට ගාවගන්න අදහසක් නැත්තේ ලිපියේ මම ලියාගෙන යන්න හිතාගෙන ඉන්න දේ ඕනෙවට වඩා රබර් වෙයි කියල. ඒ හින්දා කොමෙන්ටු දාපු පින්වතුන්ට මම ඒ තැන්වලදී උත්තර දෙන්නම්. ( දැක්කද ලිස්සල යන විදිය. අවුලක් නෑනේ?)
මේ කොටසින් මම ලියන්න හදන්නේ මේ මධ්‍යස්ථාන සහ සේවාව ගැන සංවාදයක් ඇතිකලයුතු කරුණු ගැන.
අපි මෙහෙම කියමු. දිවා සුරැකුම් මධ්‍යස්ථාන කොතරම් තියනවද? ඒවා ඇත්තටම කොයිවගේද? ඒ හැම එකක්ම සමානද?
Friday, May 22, 2015
178. දවල් කෙයාර් - 1
අද මම කියන්න හදන්නේ.... ( ඔන්න ඉතින් පටන් ගත්ත... හරි හරි කියන එකක් කියනවා කෙටියෙන්...) ටිකක් වෙනස් දෙයක්. මේ කාරනාව කෙලින්ම අදාළ වන අය ඉන්නත් පුළුවන්, ඒ වගේම වක්‍රව ඒ දෙස බලාසිට මතයක, සංකල්පනාවක ඉඳල අදහසක් ඉදිරිපත් කරන්නෙක් ඉන්නත් පුළුවන්. ඒ මොන කැටගරියේ හිටියත් මම හිතන්නේ මේ මාතෘකාව මට නම් හරිම සුලබයි.
කොටින්ම මම අද කතාකරන්න යන්නේ දවල් කෙයාරින් කරන එක ගැන. අපෝ අපෝ එහෙම එකක් නෙවෙයි. කට්ටිය කලබල වෙන්ට එපා, මම කිව්වේ පොඩි දරුවන්ව දවල්ට බලාගන්න 'දිවා සුරැකුම් මධ්‍යස්ථාන' හෙවත් 'ඩේ කෙයාර්' ගැන! ( ආන්න එහෙම එන්ටකෝ මල ජවුසන් නැතුව!)
මේ සංකල්පය ලංකාවට අමුතු උනාට ( මම කියන්නේ සංවිධානාත්මක ලෙස හරි ආයතිනකව හරි පරිපාලනයකින් ඉටුකරන විදියට සැලසුම් කරපු) ලෝකයේ නොයෙකුත් රටවල් වල සහ සමාජයන් වල මෙහි එක එක ලක්ෂණ සහිත සංකල්ප ක්‍රියාත්මක වෙනවා. මට මේ ගැන ලියන්න හිතුනේ අදක ඊයෙක නෙවෙයි. ගොඩක් කල්, නමුත් ඒ අදහස අලුත් උනේ ඔමායා ලියල තිබ්බ මේ ලිපියේ ඒ ගැන කෙටියෙන් හරි සඳහන් කරලා තිබ්බ නිසා.
Friday, May 15, 2015
Thursday, May 14, 2015
Tuesday, May 12, 2015
174. හී - ටර්
මම මාරම මාර වැඩ කිසි දෙයක් කරන්නේ නැහැ. ඔක්කොම කරන්නේ වැටමාර වැඩ විතරයි. මට ඒකට හරියන ජාතියෙන්, ඒ ගානට මොළයක් දීල තියෙන නිසා වැඩිය මොලය වෙහෙසන්න මම කොහොමත් උත්සහ කරන්නෙත් නැහැ. මොකද ඒවාට රටේ ලෝකේ කට්ටිය ඕනේ තරම් ඉන්නවා.
අද මම කියන්න යන මේ වැඩේ උනේ මගේ කීර්තිමත් බෝඩින් ජිවිතේ එක නවාතැන්පලක ඉන්න අතරතුරේ. මම හිටිය නුගේගොඩට අද්දර නගරයක බෝඩිමක. අපේ වැදගත්, සුකොමල, ලෝකේ ගැන හසල දැනුමක් තියෙන ( එක ඇනෝ මහත්මයෙක්/මහත්මියක්/ මියක් මට එහෙම තමයි අපේ අක්කණ්ඩි ගැන කිව්වේ) ඒ උනාට හුළඟට ගහක් හෙලඋනත් ගම දෙදරවන අපේ අක්කා එක්ක මම ඒ ගතකරපු අවුරුදු කීපය...... අම්මේ මට නම් කල්පයක් වගේ. මොකද දිනපතාම තකට තක විදියට අපි දෙන්නාම පුදුම දැනුම් සම්භාරයක් තමයි එකතු කරගත්තේ. ඒ බෝඩිමේදී තමයි මේවා උනේ.
120 බස් ගොඩක හෝල්ට් කීපයක් යාම
සාර්ථක ක්‍රීඩා තරඟ මාධ්‍ය ආවරණයක් සිදුකිරීම
යාළු ගම් යාම
ඔය ඔක්කොම නෙවෙයි. ඒ තියෙන්නේ ලියාගන්න පුළුවන් වෙච්ච එව්වා.
අද ලියන්න යන්නේ මම කරපු ටිකාක් විතර , හුඟාක් නැති වැටමාර වැඩක් ගැන. මිට සම්බන්ධ තවත් කතාවක් තියෙනවා. ඒක මම කතාව ඉවර වෙලා කියන්නම්.
ඔන්න එකෝමත් එක සුන්දර දවසක.....
Monday, May 11, 2015
172. හැබෑම බොරු උමතුව
වෙලාවකට මට හිතෙනව මම ඉන්නේ උමතුවකින්ද කියල..
වෙන්නත් බැරි නැහැ..
පොඩිම පොඩි උමතු ගතියක් මට කොහොමත් දවල් වෙනකොට දැනෙනවා. වැඩිපුරම එහෙම වෙන්නේ කාමරේ උණුසුම් තත්වය අයහපත් උනහම. අයහපත් උනහම කියන්නේ පොඩ්ඩක්වත් යහපත් කමක් නැතිකමට නෙවෙයි. පොඩිම පොඩි යහපත් කමක් තියෙනවා, හරියට අයහපත් කියලා ලියනකොට මුලින්ම 'අ' යන්න ලියනවා වගේ යහපත් කමක් ගැනත් අගට ලියවිලා තියෙනවා. ඇත්තටම යහපත්කමක් ඇත්තෙම නැති වෙලාවට අපිට බැරිද අයහපත් කියල ලියන්නේ නැතුව 'යහපත්' කමකට පොඩ්ඩක්වත් සම්බන්ධයක් නැති වචනයකින් ඒ ගැන ලියන්න? එතකොට අපිට සහතික වෙන්න පුළුවන් එතන යහපත්කමක් ඇත්තෙම නැහැ කියල... නැද්ද? එක අතකට එහෙම ලියන එක වැරදියි නොවැ ... පොඩ්ඩක් වත් යහපත් නැති, අයහපත් දේවල් තියෙනවද හැබෑටම?
හැබෑටම.....
Friday, May 8, 2015
Friday, April 24, 2015
Thursday, April 23, 2015
Wednesday, April 22, 2015
168. ~~~ ප්‍රබන්ධ~~~ - ඉතිරිය
මුල් කොටස
"පිස්සු කොල්ලෙක්නේ.... "
මම ශිවා දිහා බලලා ඔහුගේ එක උරපත්තකට තට්ටුවක් දැම්ම.
"...... පිස්සු නැතුව ඉන්න ශිවා. දැන් ගිහින් මොනවා කරන්නද?"
මේ වගේ පාලු වත්තක තමන්ගේ නිවාඩුවක් ගතකරන්නට තෝරාගන්න එක තරම් ඔලමොට්ටල වැඩක් මට නම් හිතාගන්න බැහැ. එහෙම දුවන් යන්නේ ලෝකෙන් ඈතට දුවගෙන ගිහින් හැංගෙන්න හේතුවක් ඕනේ උන්ට විතරයි මම හිතන්නේ.
මගේ දිහා පොඩි වෙලාවක් බලාගෙන හිටපු ශිවා මුකුත්ම උත්තරයක් දෙන්නේ නැතුව හිනා උනා. මාව උන්තැනම ගල් උනා වගේ උනේ ඒ හිනාවට. මගේ විලාසය දැක්ක ශිවාගේ හිනාව ඒ එක්කම තොල් පියවිල්ලකින් කෙලවර උනා.
"නෑ මිස්....."
මට නෝනා කියවිල්ල ගැන මම නොයෙකුත් දේවල් කිව්වට පස්සේ ශිවා ස්වයන් තේරීමකින් මාව 'මිස්' කරන්නට හිතලා තිබ්බ.
Subscribe to:
Posts (Atom)



















