Friday, January 29, 2016
Wednesday, January 27, 2016
245. සටහනක් පමණයි
මම සාමාන්‍යයෙන් බ්ලොග් වල පීර පීරා ලිපි කියවන එක කරන්නේ හරිම අඩුවෙන්. එහෙම කියෝන බ්ලොග් හරිම රසවත් උනාම කොමෙන්ටු දන්නා ඉක්මන් වෙන්නෙත් හරිම අඩුවෙන්. මොකද ලියාගෙන යන කෙනා කවුරු උනත් මම කැමතියි මගේ අදහස් වලින් ගැස්සෙන්නේ නැතුව යනවා නම්.
මම නිතර දැකපු බ්ලොග් එකක් ගැන තමයි අද කියන්නේ. ඒ බ්ලොග් එක මම වෙනත් අයගේ බ්ලොග් වල එල්ලිලා ඉන්නවා දැක්කත්, නම නිසාද මන්ද මම ගියේම නැහැ. ඒකෙ නම 'මගේ කතාව'. මම චරිතාපදාන කියවන්න කැමතියි, නමුත් මම ලංකාවේ කෙනෙක් තමන්ගේම ජිවිතේ ගැන කියන දේවල් කියවන්න කලින් දෙතුන් පාරක් නෙවෙයි, හැට පාරක් හිතනවා. මොකද ඒ හැම තැනකම ගොඩක් වෙලාවට තියෙන්නේ තමන් ඉස්මතුවෙන ලියවිලි. ( මමත් ඇතුළුව) එහෙම නොවෙන තැන් හරිම අඩුයි. විශේෂයෙන් බ්ලොත් අවකාශයේ.
ඊයේ මම නිකමට මේ බ්ලොග් එක කියෙව්වා. ඇත්තටම මම මුල ඉඳල ඔක්කොම කියෙව්වා අකුරක් නෑර. කියෝලා ඉවරවෙලා තමයි මේ කවුද කියල බැලුවේ. මට පුදුම හිතුනා!
Wednesday, January 20, 2016
244. විභාග ,අධ්‍යාපනය සහ අනවශ්‍ය කථාවක් - කොමෙන්ටු පෝස්ටුවක්
ඔමාගේ ලිපිය කියෙව්වම මට වක්කඩ කැඩුවා වාගේ එක එක අදහස් මතක් වේගන මතක් වේගන ආව. ගොඩක් දවස්වලට වෙන්නේ ඒ හිතෙන දේවල් එහෙම්මම හිතෙන්න ඇරලා, ලොකුවට ඔලුව ඇතුලේ සංවාදයක් ගොඩනගලා ආයෙත් ඔලුව නමාගෙන ඔෆිස් වැඩක් කරන එක උනත් මම මේ පාර හිතුවා ඒ මොහොතේම ලියල දන්නා ඕනේ කියල මට හිතෙන දේවල්. නැත්තම් මේ දැන් හිතෙන දේට වඩා සමහර දේවල් ( පොඩි පොඩි සරල තර්ක මිසක් මුලික තර්ක නෙවෙයි) ටික වෙලාවකින් වෙනස් වෙන්න පුළුවන් මටත් පුදුම හිතෙන විදියට.
ඕමා ලියලා තිබ්බ ගලායාමට අනුවම මමත් ලියාගෙන යන්නම්.
මුලින්ම එයාගේ අවධානයට ලක්වෙලා තිබ්බේ ළමයින්ගේ බාහිර ස්වරුපය. ඇත්තටම බැලුවම ලංකාවේ ඉස්කෝලේ ළමයින් කුඩුවේ දාල හදන චිම්පන්සි වගේ. මමත් ඒ කාලේ එහෙම හිටිය නිසා මට මතකයි. නමුත් මගේ මතය නම් ළමයෙක්ට ඉස්කෝලෙකට යුනිෆෝම් එකක් ලැබෙන එක වටිනවා වෙනත් ඇඳුම් වලට වඩා ( ලංකාවේ හැටියට). ඒකෙන් ළමයා හඳුනාගන්න ලැබෙනවා පහසුවෙන්. ලංකාව වගේ රටක ළමයි නිදහසේ හැදෙනවා අඩු හින්දා ඒ ක්‍රමයට පිටින් යන්න ගියොත් ඉතින් වැඩේ කොයිල් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මගෙත් අදහස ළමයාගේ යුනිෆෝම් එක උනත් පොඩි පොඩි වෙනස්කම් එක්ක තිබ්බොත් හොඳයි. කොටින්ම සමහර ඉස්කෝලවල ටයිපටි හිරකරගෙන ඉන්න එක වදයක්. ඊට වඩා සරල යුනිෆෝම් එකක් ලැබෙනවා නම් වටිනවා.
බෙදුම් :
නොදන්න මගුල් කතා කිරීම,
පිළිතුරු පෝස්ටු
Wednesday, January 13, 2016
243. එයා
අපි දෙන්නා හිටියේ ගුලි වෙලා...
එකට නෙවෙයි. වෙන වෙනම.
දුම් දමන කෝපි වලින් නැගෙන මනස් කලම්බන වායුවක් නිතරම මේ උඩුමහලේ තියෙන නිසා මට මෙතන හිසරදයක් වෙච්ච කාලෙකුත් තිබ්බත් කවුරුත් වගේ මමත් කාලයට අනුගත වෙලා ඉගෙන ගත්ත, එහෙම මොලේ කොලොප්පන් වෙන ජාතියේ සුවඳවල් හොයාගෙන එන්නේ ලස්සන කෙල්ලොය කියල. ඉතින් මමත් ඒ මත්විල්ලට ඉබේම හුරු උනා.
එයා හිටියේ මගේ මේසයට ඉතා ආසන්නයේ. ඒ කියන්නේ මේස දහයක් පහළොවක් විතර ළඟින්. මුළු ඇඟම ආවරණය වෙන්න හිතාගෙන ඈ ඇඳලා තිබ්බ කබාය , ඊට යටින් තිබුණු අගේ සුන්දර සිරුර පිළිබඳව මගේ පරිකල්පනය අඩපණ කරන්නට සමත් උනේ නැහැ.
මම වගේම එයාත් හිටියේ අත්දෙකේ අල්ලවල් එකට පිරිමදිමින් හින්දා අපේ ඇස් එකිනෙක පැටලෙන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ.
එකවරම ඒ කදම්බය හරහා ඇවිදගිය අයෙක් විසින් එයාව සැපපහසු සෝෆාවේ කොනකට තල්ලු කළා වගේ මතකයි. මගේ දුරබනුව නාද වෙන්නට ගත්තා.
'මරියා.... අපෝ අද නම් එපා කෙල්ල... මම දැන් බොහොම ආසන්න අවස්තාවක ඉන්නේ..'
මම දුරබනුවට ඇති තරම් වෙව්ලන්නට ඉඩ දීලා මේසයේ කොනකටම තල්ලු කරලා දැම්මා.
කෝ මේ සුරංගනාවී?
ඒ වෙනකොට එයා තනිවම මෙනුපතක් අතර එයාගේ පුංචි ඇස් උඩටත් පහළටත් යවමින් උන්නා. වෙනම ගත්තහම නම් විශේෂයක් කියන්න නැති ඇස් දෙකක් උනත් මට ඕනේ කළා විශේෂත්වයක්. ඉතින් මම හිතුව ඒ ඇස්වල යන්තමට වගේ තවරලා තිබ්බ මස්කාරා ඉතාම සිත්ගන්නාසුලුයි කියලා.
'දෙවියන් අතරට යන පාපියෙක් උනත් මුලින්ම්ම යන්න ඕනේ.. ' එහෙමයි මම හිතුවේ.
ඉතින් මම මගේ කොණ්ඩයට ලෙලදෙන්න ඉඩදෙන ගමන්ම උනත් මගේ මේසයෙන් එයාගේ මේසයට පාවෙලා ගියා. ඒ අතරතුරේ මගේ කකුලට කම්පනය උන පුටුවක් නිසා එයා බලමින් හිටපු මෙනුපතෙන් හදිසියේම මුහුණ මගේ දෙසට හැරෙව්වා. එකපාරටම බය උනා වගේ පෙනුමක් ආවත් එයා ඉක්මනටම ඇස්දෙක ඉවතට හැරෙව්වා.
Tuesday, January 12, 2016
Friday, January 8, 2016
241. ඉහ ඉද්දර මම ඉන්නම්..........
මේක මේ ඔෆිස් කතාවක්.
එහෙම නැතුව ශාස්ත්‍රීය ලිපි හරි වැඩදායක ලිපි හරි කියවන්න බලාගෙන ආපු අය අන්න අර බංකුවෙන් වාඩිවෙලා ඉන්ට.... ( ටිකට් දෙන කෙනා තාම ආවේ නැහැ)
මේක මට හදිස්ස්යිමේ මතක් උනේ අර අම්බලන්ගොඩයා ඔෆිස් එකේ නිදාගන්න කතාවක් කියපු නිසා.
ඔන්න මම මේ ඔෆිස් එකට කලින් වැඩකරපු ඔෆිස් එකක් තිබ්බ. ( චඃ... එකෝමත් එක රටක කියන්න බැරි උනානේ. එක්කෝ කමක් නැහැ.. එකම රටයිනේ මේ ඔක්කොම සිද්ද වෙන තියෙන්නේ) මේ ඔෆිස් එකේ වැඩකරපු උන් ඇත්තටම කොටස් දෙකක් හිටියා. පිස්සෝ සහ පිස්සු නැති අය ? අපෝ නැහැ.... ඔක්කොම හිටියේ පිස්සෝ. කොටින්ම අල්ලපු රටෙන් අපිට ලොක්කෝ විදියට ඇවිල්ල හිටියෙත් පිස්සෝ ජාතියක්. හිටියේ වවුලන් සහ කොවුලන්.
ඒ කියන්නේ වවුලෝ නම් ඉතින් කියාපු ගමන් තේරෙනවනේ... උන් දවල් දවසේ කෙසේ වෙතත් රෑට තමයි ඇහැරිලා ඉන්නේ. උන් වැඩ කලේ ශිෆ්ට් එකට. කොවුලෝ නේද? ( මම හිටියේ ඒ කොටසේ.. අප්පේ කියනකොටත් දැනෙන ආඩම්බරේ) ආ නෑ නෑ.. කොවුලෝ කියන එකේ ඇත්තම අදහස ගායනයට කිසිම සම්බන්ධයක් නැහැ. කොවුලෝ එන්නේ අවුරුදු මාසේ හරි දවස් කීපයකට හරි නේ. ආන්න ඒ අදහසින් තමයි කොවුලෝ කියන්නේ. ඒ කියන්නේ හිටපු ගමන බිසී වෙනවා මිසක්ක එතකල්ම කරන්නේ බුද්ධිය වර්ධනය වන කැරම් ගැහිල්ල, 304 හෝ ඕමි ගැහිල්ල වගේ සාමුහික ක්‍රියාකාරකම් කරමින් තමයි ජිවත් උනේ. ( ඒවා පළදුන්නේ පස්සේ.. ඒක වෙනම කතාවක්)
ඔය කොවුලන් අතර ඉපදුනත් මම තිබ්බෙම වවුලන් එක්කම ගතකරන නැකතක්. ( කුඩැල්ල කෝට්ටේ තියන්න බැහැ කියනවනේ. කොයි වෙලෙත් මෙට්ටේට බහිනවා!) ඉතින් මම කොවුල් රාජකාරි නැති වෙලාවට ( එහෙම වෙලාවල් තමයි වැඩිපුර තිබ්බේ) වවුලන් එක්කම තමයි ජිවිතේ. අපිට වැඩේ නෙවෙයි වවුලන්ට ශිෆ්ට් එකක් තිබ්බ. ඒ වගේම බොස්ලා හිටියා. උන් බොහොම තදයි. ( කොච්චර තදද කියනවා නම් එක බොස් කෙනෙක් කලිසම පවා ඇන්දේ බඩ මැද්දෙන්) අපේ රටේ ලොක්කා ( ඒ කියන්නේ කන්ට්‍රි මැනේජර්) උන්නේ අල්ලපු රටේ එකෙක්. වැඩිය කතා නොකරන, නමුත් කතා කරන්න ගත්තොත් ඉවරයක් නැතුව කියෝන, අන්තිමට ක්‍රිකට් වලින් කෙලවර වෙන කෙනෙක් තමයි මේ අපේ රටේ ලොක්ක.
රටේ ලොක්කගේ නිල කාමරේ හැදුවේ පස්සේ. ඒකත් ඒ මනුස්සය ඔහුගේ රටට ගිහින් එන්න ගියපු වෙලාවක තමයි හැදුවේ. ඒ වෙනකොට අපේ කියුබිකල් එහෙම ගහල ඉවර වෙලා තිබ්බ නිසා අපේ කියුබිකල් වලට ගොඩක් එහාට වෙන්න ලොකු ඉඩක් ඉතුරු වෙලා තිබ්බේ. අපි හැමෝම ඉතින් හොරෙන් හොරෙන් ඕමි ගහන්නේ ඔය ඒරියා එකේ. ඊට අමතරව ඔය වවුලෝ එහෙම නයිට් ශිෆ්ට් එක කරනකොට වැඩිපුරම රාජකාරිය කෙරෙන්නේ ඒ පළාතේ. ඒ කියන්නේ එතන කාර්පට් එකත් අලුත් සහ පිරිසිඳු නිසා සහ කවුරුවත් එන්නේ නැති නිසා වවුලෝ සැතපෙන්නේ ඔතන. උන්ගේ ලොක්කෝ පවා ඒක දැනගෙන හිටියේ නැත්තේ කොවුලෝ වෙච්ච අපේ කියුබිලක් අස්සේ එයාල එන්නේ නැති හින්ද. ( එයාලට පොඩ්ඩක් උන එහෙම තිබ්බ)
Wednesday, January 6, 2016
240. නුවර පැත්තේ කුමාරි - ගිහින් ලෝකේ සවාරි...
කලින් පෝස්ටුවේ මම යවපු නයාට උත්තරේ විදියට කීප දෙනෙක් කියල තිබ්බ තව විස්තර ලියන්න කියල. ( බයෙත් බැහැ අප්පා, කැලෑ පත්තරේ වදියිද කියල..) ඔන්න එහෙනම් තොරණේ විස්තරේ.
ප්ලෑන් කරන්නේ නැතුව අතුරුදහන් උනා කිව්වට, හැබෑටම උනේ අතුරුදහන් වෙන එක විතරයි ප්ලෑන් නොකළේ. සවාරිය නම් ප්ලෑන් කරලා ගියේ. යන්න ඕනේ කියල හිත හිත ඉඳල ඉතින් ටිකට් වල තත්වේ බල බල උන්නා. ඔන්න එකපාරටම අපේ රටේ නිල දියබරියාස් ගුවන් සේවයේ 29 වෙනිදට හිටපු ගමන් අඩුවෙන් ටිකට් එකක් ආව. ආව කිව්වට ඉතින් හැමදාම මම කලේ සර්ච් කරමින් හිටපු එකයි. එතකොට පොසිබල් දවස් කිහිපයක් එක්කම පෙන්නනවනේ. 29 ගිහින් 3 එනවා නම් අනිත්වට වඩා ගොඩක් අඩුවට තිබ්බා. පැනපු ගමන් මම ඉතින් ටිකට් එක ගත්ත. එතකොට දෙසැම්බර් මාසේ මුල්ම සතියේ වගේ. සාමාන්‍යයෙන් දෙසැම්බර් කියන්නේ ටිකට් ගණන් යන මාසයක් , කොහේ ගියත්. මේක නම් පිනා චෑන්ස් එකක්, මට බුදු ෂුවර්. අනිත් එක මම ටිකට් ගත්තේ කෙලින්ම එයාර් ලයින් එකේ සයිට් එකෙන්.
ඔන්න දැන් ටිකට් එක හරි.
ඊළඟ එක තමයි ගමනේ ඉතුරු ටික බලාගන්න එක.
වෙලාවේ හැටියට යන්න තිබ්බේ පාන්දර බැංකොක් වලට.
ඉතින් මම කලේ agoda එකේ සහ bookings එකේ හෝටල් බලපු එකයි. මම ඉතින් වැඩිය සැප හොයන එකියක් නෙවෙයි. මට ඕනේ ඇවිදින්න සහ වෙනස් අත්දැකීම් ගන්න. කොහොමත් දවලට හෝටලේ ඉන්නෙත් නැති හින්දා මම තරු 4 එකකට වඩා එකක් හොයන්න ගියෙත් නැහැ.අනිත් දේ තමයි, හෝටලේ බලනකොට මම වැඩිපුරම අවධානය යොමුකළේ ළඟපාත ස්ටේෂන් ( කෝච්චි ) තියෙනවද කියලත්, ෂොපින් ඒරියා වලට යන්න තිබ්බ පහසුවත් තමයි. ඊට අමතරව යන්න ගොඩක් තැන් තිබ්බත් මම තෝරගත්ත තැන් තමයි
1. Aquarium (මැලේෂියා වල තියෙන එක වගේමයි. නමුත් වෙනස් අත්දැකීමක් ගන්න පුළුවන්. ඒකෙ මගේ ආසම පෙන්ගුයින් හිටියේ නැහැ. මෙහෙ එකේ ඉන්නවා. උන්ට කන්න දෙනවා බලන්න පුළුවන්.)
2. Dream world ( මෙතන ගොඩක් දේවල් කරන්නත් පුළුවන්, ගොඩක් ඇක්ටිවිටිස් තියෙනවා. ඊටත් දවසම ගතකරන්න දේවල් තියෙනවා. ඊට අමතරව ස්නෝ වල්ඩ් එකක් තියෙනවා - මම ස්නෝ වලට මාර ආසයි)
3. Safari world ( නිදැල්ලේ ඉන්න සත්තු බලන්න , උන්ට කන්න දෙන්න වගේම එක එක ෂෝ තියෙනවා - බර්ඩ් ෂෝ, ඔරන් ඔටන් ෂෝ, එලිෆන්ට් ෂෝ, කවුබෝය් ෂෝ, ස්පයි ෂෝ, සීල් ෂෝ , ඩොල්ෆින් ෂෝ වගේ)
4. City tour ( නගරයේ තියෙන පන්සල් ආදිය බලන්න යන්න)
මම උදේ එහෙට යන්නේ පාන්දර හින්දා මම බැලුව හෝටලයේ early check -in නීතිය. එහෙම බැලුවම 12 ට කලින් තිබ්බ නිසා මම කලින් දවසත් එක්කම හෝටලේ බුක් කළා. ආපහු යන්න තිබ්බේ රෑ හින්දා ඒකනම් late check -out එකකින් හදාගන්න පුළුවන්. ඒ හැමදේම මම කලින්ම හොටලටයත් එක්ක මේල් මගින් සහ චැට් එකෙන් අහලා කන්ෆර්ම් කරගත්තේ කලින්මයි. මොකද එහෙට ගියාම උන් කරන්නේ පිස්සු වැඩ කියල මට අහන්න ලැබුන නිසා.
Tuesday, January 5, 2016
239. හිටිය - නෑ
අතුරුදහන් වෙනවා නම් හොඳම තැන මොකද්ද කියල මම මිට කලින් අත්හදා බලල තිබ්බේ නැහැ.
සතියකට කලින් මම ඒක අත්හදා බැලුව.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාව අතුරුදහන් උනහම, හොයන්න මෙතෙක් කාලෙකට, කිසිම කෙනෙක් උත්සහ කරලා නැති හින්ද, මට දැනිල තිබ්බේ මහා නස්පුට් හැඟීමක්! කොටිම්ම මම අපේ ගෙදරින් අතුරුදහන්උනහම ; 'ඔය ගියපු තැනකින් කොහොම හරි එන්නේ නැතෑ' වගේ වාක්‍ය මිසක්කා පොලවේ පස් කකා හෙවිල්ලක් ලොවෙත් අහල නැති එකෙක් විදියට ; අර බස්සිගේ යාලුවෝ වගේ හෙවිල්ලක් මගේ යාලුවෝ නම් කරලා නැහැ.
ඒකටත් එක හේතුවක් තියෙනවා. යාලුවන්ට ඉතින් දොසක් කියන්න බැහැ ඉතින්, මම එක එක සෙට් එක්ක එක එක වෙලාවට ඉන්න හින්දා එක සෙට් එකක නැති වෙලාවට උන් හිතන් ඉන්නේ අනිත් උන් එක්ක ඇතිය කියල, අනිත් සෙට් එක හිතන්නේ වෙන සෙට් එකක් එක්ක ඇතිය කියල. ඉතින් මොකට පෙට්‍රල් පුච්චගෙන හොයනවා.. නැද්ද?
Thursday, December 10, 2015
238. පිච්ච සුවඳ
මට තියෙන පිස්සු වලින් කීපයක් ගැන මම ලියලත් ඇති. ලියන්න බැරි පිස්සු සහ ලියාගන්න බැරි කියන ජාති දෙකේ ඒවා ලියන්න මම උත්සහ කරනවා.
එකක් මට අද උදේ එනකොට ආයෙමත් මතක් උනා. ඒ තමයි ඔය කෝවිල් ළඟදී මට දැනෙන අමුතු පිස්සුව!
කොයිල් වගේ ඇති නේද?
මෙහෙමයි...
ඔය කෝවිල් සහ කෝවිල් වලට යන පාරවල්වල තියෙන මල් විකුණන කඩවල් දකිද්දී මට මොකද්දෝ අමුත්තක් දැනෙනවා. වැඩියෙන්ම මල් කඩවල් දකිද්දී. ඒ මල් විකුණන කඩවල් වල තියෙන පිච්ච පිරුණු මල් මාලා දැක්කහම මාව පාවෙලා වගේ යනවා. මොනයම්ම හේතුවකට හරි ඒ මල් මාලයක් දාගන්න හරි ඒ පිච්ච මල් වලින් ඔලුව සරසාගන්න හරි හිතෙන එක වලක්වා ගන්න හරිම අමාරුයි. හැමදාම ඒ මල් කඩ පහුකරගෙන යන මම ඒ පාට පාට මල් මාලා හිතින් තෝරන්න දහස් වාරයක් උනත් අමතක කරන්නේ නැහැ. සුදුපාට ලොකු මල් එක්ක දම්පාට මිශ්‍ර කරලා හදලා තියෙන එකට තමයි වැඩියෙම්ම හිත ඇදිලා යන්නේ.
Monday, December 7, 2015
237. සිත්තර පැංචි
මම කලිනුත් එක එක තැන්වල පම්පෝරි ගහලා ඇති මට පොඩි කාලේ චිත්‍ර වලට පොඩි හැකියාවක් තිබ්බා කියල. දැනට අවුරුදු දහයකටත් වඩා කලින් මම මගේ චිත්‍ර අඳින වැඩේ නතර කරලා හින්ද පොඩි පොඩි බලිකුරුටු මිසක් මම චිත්‍රයක් ඇඳපු කාලයක් තිබ්බේ නැහැ. මේ ලඟදි මට හිතුන, මේ මොන විකාරයක්ද... ඇඳපන් යකොව් චිත්‍රයක් කියල!
එවෙලේම ගත්ත පොඩි එකෙක්ගේ චිත්‍ර පොතක මැද පිටුවක මම ඇන්ද චිත්‍රය මේක තමයි.
Saturday, November 21, 2015
236. සිතුවිලි සිරවී
"ලස්සන? ලස්සන කියන දේ සාපේක්ෂයි..."
"සාපේක්ෂයි...? කොහෙන්ද ඔය වචනේ හොයාගත්තේ? හි.. හි.."
මම ඇඳුම් රාක්ක අතරින් ඇවිදගෙන ගියේ හිත ඇතුලේ ඇවිදින ක්‍රමයට. ඒ කියන්නේ ආස හිතෙන වගේ රාක්ක පහු කරලා , ගන්න වැඩක් නැති රාක්ක දිහාම ඇස් තියාගෙන.
"කොහෙන් උනාම මොකද? බොරු නෙවෙයිනේ. දැන් බලන්න... මෙන්න මේ ඇඳුම. ඔයා ඇන්දා නම්........."
මම ඔලුව උස්සලා බලනකොට උවමනාවෙන්ම නොබලා හිටපු ඔහුගේ මුහුණ පෙනුනත්, ඔහු අතේ තිබුණු ඇඳුම දිහා විතරක් බලන්නට මම වෑයම් කළා. ඔහුගේ අතේ තිබුනේ අතිශය කෙටි, සරාගී ඇඳුමක්.
"අනේ මේ....!"
Friday, November 20, 2015
Friday, November 13, 2015
Sunday, November 1, 2015
Saturday, October 31, 2015
Friday, October 30, 2015
230. ගහෙන් වැටුණු එකාට දේවාලේ පාත්විම
මේ පාර නම් බොලේ ඉල්ලමක් වගේ පෑදුනේ.
මොකද දන්නවද, මට මේ කතාව මතක බැරි වෙලා තිබිලා මගේ 'මුන්ට ලූස්' පෝස්ටුව කියෝපු ලූස් උන්නාන්සේලා දාපු කොමෙන්ටුවක් හින්දා මතක් වෙච්ච එකක්. ( දැක්ක නේද මුලක් මැදක් අගක් හොයාගන්න බැරිවෙන්න ටපලලා ලියන හැටි?)
ඉල්ලමක් කියල කිව්වේ, අපේ අය්යා ගැන මට ලියන්න වෙන්නෙම 'රජ්ජුරුවෝ උඩයි උඩයි... ___ කෙල්ලෝ බිමයි බිමයි' වගේ පෝස්ටු හින්දා උගේ ඇදයක් කුදයක් ලියන්න ලැබෙන්නේ බස් එකේ නිදාගන්නේ නැති දවසක් ලැබෙනවා වගේ හින්දයි.
අපි පොඩි කාලේ අපේ ගෙදර වටේම තිබ්බේ ගස්. ( නැතුව ඉතින් ගිනි කඳු තියෙන්නය?) ගස් කියන්නේ කැළෑ වගේ කොටස් තිබ්බ ගෙවල් අතරින් පතර. එක පැත්තක කෝපි ගාලක්. (ඒකෙ තමයි අපේ සටන් කලාප ) තවත් හිස් ඉඩමක් තිබ්බ ඒකෙ එක කොටසක් තනිකරම කොකෝව වගාවක්. මුල කොටස හබරල විමානයක්. ඔය හබරල කොළ වල ප්‍රමාණය ගැන කිව්වොත්, අපේ සෙල්ලම් ගෙවල්වල වහලෙට හෙවිල්ලන්න ගන්නේ ඔය හබරල කොළ.
අපි ඒ දවස්වල හෙන 'පොෂ්' නිසා දවස ගානේ වහලේ අලුත් කරමින් ඒ හබරල ගාල මත්තෙම නැහුනා. ඒ වත්තේ අයිතිකාරයින් උනත් හිටියේ අහල පහල උනත්, අපිට ඒවායේ වගක් තිබ්බේ නැහැ. කොකෝව හැදිලා තිබ්බ නිසාත්, පිවිසීම් මාර්ගයේ ඉඳන්ම තණකොළ අපේ දනියක් විතර වැවිලා තිබ්බ නිසාත් ඒ වත්ත මට මතක තිබ්බේ භයානක , අත්භූත කතාවක එන මකර රාජධානියක දොරක් වගේ.
Monday, October 26, 2015
229. කැසිනෝ රෝයලි (casino royale)
අපේ ගෙදර ඉස්සර තත්වය තිබ්බ කාලේ ( ඒ කියන්නේ දැන් තත්වය මිට හුගාරියක් වෙනස් හින්ද) වෙච්ච වැඩ දුසිමක් විතර මම ලියලත් ඇති. තව ලියන්න තියෙන ජාති ඉතින් ඉසේ කෙස් ගානට. සමහර ඒවා මට මතක් වෙන්නේ ලියන්න ගත්තම මිසක් මට එතෙක් ඔතරම් ඩිටෙල් මතක තිබිලා නැහැ. ඒවත් අර මැජික් කාරයා තොප්පිය අස්සෙන් අර කෙළවරක් නැති රෙදි පටියක් එලියට අදිනවා වගේ, කොනක් අල්ලගත්තම මතක් වේගන වේගන එනවා, ආයේ නැහැ පාචනේ වගේ!
මම ඉස්සරත් කියල ඇති මම පැංචි කාලේ අපේ ගෙදර හිටියා මාර සෙනඟක්. කොටිම්ම කැරම් බෝඩ් එකක් දිගෑරියොත් කිසි ගේමක් නැතුව කණ්ඩායමක් හදාගෙන කැරම් අතක් ගහන්න පුළුවන්. ඒවාට ඕනේ කරන අඩුම කුඩුම විදියට ඒකටම වෙන කරපු ඩෙස්ක් බංකු, පවුඩර් කොට්ට ( මට මතක විදියට ඒ දවස්වල කැරම් බෝඩ් එකට දාන පවුඩර් තිබ්බේ හතරැස් රෙදි පොට්ටනියක දාල, මහලා. හරියට ඉස්කෝලේ ඩස්ටර එක වගේ. දැන් නම් ඩස්ටර් ඉස්කෝල වලත් නැහැ මම හිතන්නේ) ඕක මැදැගිල්ලෙනුයි, මහපට ඇඟිල්ලෙනුයි අල්ලලා බෝඩ් එක මැද්දේ 'ටුහ් ටුහ්' ගාල ගැහුවම ඕනේ තරමට පවුඩර් වැටෙනවා.
228. පේලි අතරින් (Reading between the lines..)
නුඹ
'නොදකින්' කියන
සැමවිට
පසෙක සිට
ඔල්වරසන් දෙන....
නිතර සොරු බිඳින
ගෙදරක
මිදුලේ මල් වවන... - මම
දිහා බලාගෙන
සිනාසෙන
ප.ලි:
මම සාමාන්‍යයෙන් විරාම ලක්ෂණ සහ විශේෂ සලකුණු එක්ක කතා, කවි කියවන කෙනෙක්. මේ කවියේ අදහස් ඔබ ඒ විරාම ලක්ෂණ වලට දෙන ප්‍රමුඛතාවය මත වෙනස් වන්නට ඉඩ තිබේ. ලිව්වා මිස කියවීමේ අපහසුතා වලට සමාවන්න.
Friday, October 23, 2015
227. පිටුවක් .............
"හරි හරි... මාත් එනව"
මට කරගන්න දෙයක් නැහැ. හොස්පිට්ල් එකට යන්න මූත් එන්න ලෑස්තිය. මරන්නයැ? බොරුවක් කියලා හලලා යන්න ඕනේ.
"මම චිරනිව බලන්නත් යනව"
"කමක් නෑ "
මම තනියෙම දත්මිටි කෑව. චලනයාට නිකිණිව මුණගැහෙනවට මගේ කොහෙත්ම කැමැත්තක් නැහැ. ඒක නිකන් අමුතු හොරයක්, කිචියක් වගේ දෙයක්.
"ඇයි , උඹට ඉරිසියාද?"
"නැහ් ...!... ඔව්! මට ඉරිසියයි තමයි"
"ඇයි , ඒකි ලස්සනද?"
මට හිනා ගියා. ඔලුවත් ඉහල පහල වැනුනා.
Subscribe to:
Posts (Atom)















