Saturday, October 31, 2015
Friday, October 30, 2015
230. ගහෙන් වැටුණු එකාට දේවාලේ පාත්විම
මේ පාර නම් බොලේ ඉල්ලමක් වගේ පෑදුනේ.
මොකද දන්නවද, මට මේ කතාව මතක බැරි වෙලා තිබිලා මගේ 'මුන්ට ලූස්' පෝස්ටුව කියෝපු ලූස් උන්නාන්සේලා දාපු කොමෙන්ටුවක් හින්දා මතක් වෙච්ච එකක්. ( දැක්ක නේද මුලක් මැදක් අගක් හොයාගන්න බැරිවෙන්න ටපලලා ලියන හැටි?)
ඉල්ලමක් කියල කිව්වේ, අපේ අය්යා ගැන මට ලියන්න වෙන්නෙම 'රජ්ජුරුවෝ උඩයි උඩයි... ___ කෙල්ලෝ බිමයි බිමයි' වගේ පෝස්ටු හින්දා උගේ ඇදයක් කුදයක් ලියන්න ලැබෙන්නේ බස් එකේ නිදාගන්නේ නැති දවසක් ලැබෙනවා වගේ හින්දයි.
අපි පොඩි කාලේ අපේ ගෙදර වටේම තිබ්බේ ගස්. ( නැතුව ඉතින් ගිනි කඳු තියෙන්නය?) ගස් කියන්නේ කැළෑ වගේ කොටස් තිබ්බ ගෙවල් අතරින් පතර. එක පැත්තක කෝපි ගාලක්. (ඒකෙ තමයි අපේ සටන් කලාප ) තවත් හිස් ඉඩමක් තිබ්බ ඒකෙ එක කොටසක් තනිකරම කොකෝව වගාවක්. මුල කොටස හබරල විමානයක්. ඔය හබරල කොළ වල ප්‍රමාණය ගැන කිව්වොත්, අපේ සෙල්ලම් ගෙවල්වල වහලෙට හෙවිල්ලන්න ගන්නේ ඔය හබරල කොළ.
අපි ඒ දවස්වල හෙන 'පොෂ්' නිසා දවස ගානේ වහලේ අලුත් කරමින් ඒ හබරල ගාල මත්තෙම නැහුනා. ඒ වත්තේ අයිතිකාරයින් උනත් හිටියේ අහල පහල උනත්, අපිට ඒවායේ වගක් තිබ්බේ නැහැ. කොකෝව හැදිලා තිබ්බ නිසාත්, පිවිසීම් මාර්ගයේ ඉඳන්ම තණකොළ අපේ දනියක් විතර වැවිලා තිබ්බ නිසාත් ඒ වත්ත මට මතක තිබ්බේ භයානක , අත්භූත කතාවක එන මකර රාජධානියක දොරක් වගේ.
Monday, October 26, 2015
229. කැසිනෝ රෝයලි (casino royale)
අපේ ගෙදර ඉස්සර තත්වය තිබ්බ කාලේ ( ඒ කියන්නේ දැන් තත්වය මිට හුගාරියක් වෙනස් හින්ද) වෙච්ච වැඩ දුසිමක් විතර මම ලියලත් ඇති. තව ලියන්න තියෙන ජාති ඉතින් ඉසේ කෙස් ගානට. සමහර ඒවා මට මතක් වෙන්නේ ලියන්න ගත්තම මිසක් මට එතෙක් ඔතරම් ඩිටෙල් මතක තිබිලා නැහැ. ඒවත් අර මැජික් කාරයා තොප්පිය අස්සෙන් අර කෙළවරක් නැති රෙදි පටියක් එලියට අදිනවා වගේ, කොනක් අල්ලගත්තම මතක් වේගන වේගන එනවා, ආයේ නැහැ පාචනේ වගේ!
මම ඉස්සරත් කියල ඇති මම පැංචි කාලේ අපේ ගෙදර හිටියා මාර සෙනඟක්. කොටිම්ම කැරම් බෝඩ් එකක් දිගෑරියොත් කිසි ගේමක් නැතුව කණ්ඩායමක් හදාගෙන කැරම් අතක් ගහන්න පුළුවන්. ඒවාට ඕනේ කරන අඩුම කුඩුම විදියට ඒකටම වෙන කරපු ඩෙස්ක් බංකු, පවුඩර් කොට්ට ( මට මතක විදියට ඒ දවස්වල කැරම් බෝඩ් එකට දාන පවුඩර් තිබ්බේ හතරැස් රෙදි පොට්ටනියක දාල, මහලා. හරියට ඉස්කෝලේ ඩස්ටර එක වගේ. දැන් නම් ඩස්ටර් ඉස්කෝල වලත් නැහැ මම හිතන්නේ) ඕක මැදැගිල්ලෙනුයි, මහපට ඇඟිල්ලෙනුයි අල්ලලා බෝඩ් එක මැද්දේ 'ටුහ් ටුහ්' ගාල ගැහුවම ඕනේ තරමට පවුඩර් වැටෙනවා.
228. පේලි අතරින් (Reading between the lines..)
නුඹ
'නොදකින්' කියන
සැමවිට
පසෙක සිට
ඔල්වරසන් දෙන....
නිතර සොරු බිඳින
ගෙදරක
මිදුලේ මල් වවන... - මම
දිහා බලාගෙන
සිනාසෙන
ප.ලි:
මම සාමාන්‍යයෙන් විරාම ලක්ෂණ සහ විශේෂ සලකුණු එක්ක කතා, කවි කියවන කෙනෙක්. මේ කවියේ අදහස් ඔබ ඒ විරාම ලක්ෂණ වලට දෙන ප්‍රමුඛතාවය මත වෙනස් වන්නට ඉඩ තිබේ. ලිව්වා මිස කියවීමේ අපහසුතා වලට සමාවන්න.
Friday, October 23, 2015
227. පිටුවක් .............
"හරි හරි... මාත් එනව"
මට කරගන්න දෙයක් නැහැ. හොස්පිට්ල් එකට යන්න මූත් එන්න ලෑස්තිය. මරන්නයැ? බොරුවක් කියලා හලලා යන්න ඕනේ.
"මම චිරනිව බලන්නත් යනව"
"කමක් නෑ "
මම තනියෙම දත්මිටි කෑව. චලනයාට නිකිණිව මුණගැහෙනවට මගේ කොහෙත්ම කැමැත්තක් නැහැ. ඒක නිකන් අමුතු හොරයක්, කිචියක් වගේ දෙයක්.
"ඇයි , උඹට ඉරිසියාද?"
"නැහ් ...!... ඔව්! මට ඉරිසියයි තමයි"
"ඇයි , ඒකි ලස්සනද?"
මට හිනා ගියා. ඔලුවත් ඉහල පහල වැනුනා.
Wednesday, October 21, 2015
225. මුන්ට ලූස් ?
මේක මම මේ නිකන් ඉන්න වෙලාවට කල්පනා කර ජාතියේ එකක් නෙවෙයි. මම නිකන් ඉන්න වෙලාවට කල්පනා කරන එව්වා ගැන මෙතැන ලියන්න ගිහින් හොම්බ ඇනගෙන තියෙන්නේ එකපාරක් දෙපාරක් එහෙම නෙවෙයි උනාට..මේක ඒ ජාතියේ නෙවෙයි.
මම කල්පනා කළා කාරණයක් ගැන, හදීස්සියෙන් වගේ..
මොකද මම මේ ලඟකදී දැක්ක බ්ලොග් වල ( එක එක ජාතියේ) ලියල තියෙනා ළමා හිංසනය, ගුරුවරුන්ගේ කායික දඬුවම් වගේ දේවල් ගැන. එකකටවත් උත්තරයක් ලියන්නේ නැතුව මම පෝස්ටුවකට හොරගල් ඇල්ලුවට කෝ ඉතින්? මම ලියන කෙහෙල්මල!
මට හිතුනා මගේ කෝණයෙන් මේ ගැන ලියන්න. මොකද කිව්වොත්.... මටත් ඉතින් කැසිල්ල නේ.!
ළමා කාලයේදී දෙමවුපියන් දක්වන්න ඕනේ මොනවගේ සැලකිල්ලක්ද කියන එක ගැන තාමත් තියෙන්නේ මතවාද. මොකද මේක ට්‍රයල් ඇන්ඩ් එරර් මිසක් තියරියක් අනුව කරන්න පුළුවන් එකක් නොවෙන නිසා. එකම අවුල තියෙන්නේ, ට්‍රයල් ඇන්ඩ් එරර් විදියට කලත් කොහොම කලත් අවසන් ප්‍රථිපලේ ආපසු හරවලා ඩිලීට්, undo බොත්තම් ඔබන්න නොලැබෙන එක. ඒ කියන්නේ තමුන් වගාකරපු දේ රස බලන්න වෙන්නේ තමුන්ටමයි.
බෙදුම් :
පාසල් මතක,
පිස්සු වැඩ,
පොඩි කාලේ,
යාළුවො
Monday, October 19, 2015
Friday, October 16, 2015
Wednesday, October 14, 2015
221. ඌ ඌ ඌ ඌ අම්මෝ
තුක් විතරක් මුසල බල්ල... අදත් කෑගහන්න පටන් අරගෙන.
එක අතකට ඌ මක් කරන්නද? දඩාවතේ යන බල්ලෝ එහෙම යන්න නොදී උන්ට පිහිට වෙන්න කියල, ගෙදරකට ගාල්කරවගන්න හිතල මිසිස් ගුරුසිංහ ඌව දරුකමට හදාගන්න හිතල ඇතිකලාට , එහෙම පුළුවන්ද බල්ලෝ හදන්න? එක්කෝ දඩාවතේ යන්න දෙන්න ඕනේ, නැත්තම් දවල් වරුවේ ගෙදර ඉන්න කාලෙක එපැයි බල්ලෙක් උනත් ගෙනත් දාගන්න.. නැද්ද?
කණ්නාඩිය ඉස්සරහ මම බලන් හිටියේ අදවත් මේකෙන් මාව නැතුව වෙන එකෙක් පෙනෙයිද කියල නිකමට හිතන ගමන්.
ඇත්තටම වෙන්න බැරිද? නෑ මම කියන්නේ අර හිම කුමාරිගේ පච නොකියන කණ්නාඩිය වගේ නැතුව ඉඳල හිටලවත් පචයක් කියල හරි මාව රවට්ටන කණ්නාඩියක් තියනෙක වටිනවා. පුලුවන්ද මේ කෙරුවාව කරන්න, ඒ කියන්නේ එකම මුණ දැක දැක , නොදැක්කා වගේ ඉන්න? ඊටත් ඒක තමන්ගෙම මුණ වෙච්චිකොට!
මම ඇස්දෙකේ පාමුල තියෙන පුංචි කුහරෙට නියපොත්තෙන් ඇනල බැලුව. හරියට හරි, එතන තියනවා හොඳ කබ තලියක්ම. ඔන්න දැන් මම ඇස්දෙක සුද්ද කරන්නෙ නැතුවම මුණ හෝදන්න යනවා.
මුණ හෝදන වෙලාවට ඒක කරන්නේ. මගේ නැහැනේ එකම දේ දෙපාරක් කරන ගතිගුණ. වන් ෂොට්!
වන් ෂොට් දැන් මොකක් කරනවද දන්නේ නැහැනේ.. ඉස්සර නම් කොයි වෙලෙත් කැමරාව ඉස්සරහ. නෑ මම මේ කිව්වේ ඇක්ෂන් කියන එක ඉස්සරහ නෙවෙයි, මිඩියා කැමරා එක ඉස්සරහ. මට බැහැනේ ඔය කැමරා ඉස්සරහ වැඩ.
අප්පා... අදත් දොර ඇරලනේ නිදාගෙන තියෙන්නේ. බාත්රුම් එකෙන් කැරපොත්තෝ ආවද දන්නේ නැහැ කාමරේට. ආවත් මොකද, කටේ වහන්නේ නැත්තං .
කණ්නාඩිය කතාකරනවා නම් හොඳයි, නැද්ද? මම කියන්නේ බාත්රුම් එකේ කණ්නාඩිය නෙවෙයි. කාමරේ තියෙන එක. බාත්රුම් එකේ එක නම් කට ඇරපු ගමන් කියයි දන්නා කුණුහබ්බ ටික ඔක්කොම. හෙහ්..
කොහොමත් දොර වහගත්තම බාහිර ලෝකයෙන් වහන්වෙලා ඉන්න පුළුවන් ස්වාධිනම , අතිරමණිය තැනක් තමයි බාත්රුම් එක. ඒ හින්ද කතාකරන කණ්නාඩියක් තියාගෙන ඉන්නෙක ඇත්තටම ජිවිත අවධානමක් තියෙන දෙයක් වෙන්න පුළුවන්.
හැඃ මේ මොකද්ද?
Friday, October 2, 2015
219. ලෝක ළමා - දිනය / ලෝකළ - මා - දිනය / ලෝ කළ - මාදි - නය
ස්ථානය: ගේට්ටුව අසල - ළදරු පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය
වෙලාව: උදෑසන 8.12
ඔව් මිස්,
අද 'චිල්රන්ස් ඩේ පාටිය' නේ මිස්,
අනේ,
බබාගේ පාටි ගවුම ලස්සනයි මිස්,
දෙන්න මිස්
මේක ඩෝනට් දුසිම නේද මිස්?
මේ මොකද්ද මිස්...
නෑ මිස් අද ඩේකෙයාර් නැහැ මිස්
දවල් එකට කලින් ගන්න මිස්
දවල් කෑම කවන්න විදියක් නැහැ මිස්
බැරිවෙයි මිස්,
ඇඟ හෝදවන්න බැරිවෙයි මිස්,
ඇඳුම් මාරු කරන්නත් බැරිවෙයි මිස්,
ඔව් මිස්,
කූඩේ ගෙනියන්න මිස්.
'බායි' කියන්න බබා...
ඔව් මිස්...
බවුන්සර් එක උදේ දැම්මේ මිස්
වෙලාවට පෑයුවේ මිස්..
හරි මිස්....
Thursday, August 13, 2015
Wednesday, August 12, 2015
200. සරාගී ස්පොන්ජ්
හිත කියන්නේ ස්පොන්ජ් එකක්.......
ආදරේ කියන්නේ පාටක් නැති වතුරක්.....
බැරිවෙලාවත් වතුරට වැටුනොත්? ඉක්මන් වෙන්න ඕනේ කාරණයක්!
ගිලෙයි , වතුර පෙවෙයි කියල නෙවෙයි. පෙගෙයි කියල.....
ඉතින් හරි අමුතුයිනේ මේ කතාව, එකම දෙයක් ගැන දෙන්නෙක් දෙවිධියකින් ලියන එක?
මම කියනවා එයා කියල, එයා කියනවා මම කියල.
අපි දෙන්නම... නෑ දෙන්නම එකම වෙලාවේ කතා කරන්නේ නැති එක තමයි මැජික් එක.
එයා කියනවා, මට තියෙන්නේ වලත්ත ඇස් කියල. ඒක මගේ වරදක් වෙන්නේ කොහොමද කියල මම මගෙන්ම නිතර අහනවා.
ඒ වලත්ත ඇස් දෙකෙන් එයා දිහා, ඇත්තටම කිව්වොත් එයාගේ කුෂන් එකක් වගේ තියෙන ඇඟ දිහා බලනෙකට ඉතින් ඔතරම් අරියාදු වචනයක් කියයි කියල මට හිතුනේ නැහැ මුලින්ම. මම හිතුවේ විහිළුවක් කියල, නැහැ එයා එහෙම කියපු එක නෙවෙයි , මම එයා දිහා එහෙම බලන එක තමයි විහිළුව.
Friday, August 7, 2015
199. කලාම්ගේ මැත සහ උපදෙස්
අපි හැම දෙනාම හිටියේ තිගැස්මෙන්. කොටින්ම එකෙක්ට එකෙක් මුමුණන්න වත් අපිට ඉස්පාසුවක් තිබ්බේ නැහැ. මම ආයෙමත් කලේ අපේ කාලසටහන මුද්‍රණය දීපු කොලය නැවතත් බලපු එකයි.
'Discrete Mathematics and Statistical Analysis'
කියල පැහැදිලිව සටහන් වෙලා.
හිතේ ගැස්ම තවත් වැඩි වෙන්න හේතු කාරනා නොඅඩුව අපිට තිබ්බ. මිට දවසකට කලින් පටන් ගත්තු අපේ උපාධි පාඨමාලාවේ දේශන වලට සවන් දුන්නු අපි ඇත්තටම පොල්ගස් ගැන අහගෙන ඉන්න එස්කිමෝවරු වගේ. ඉන්ඩස්ට්‍රී එකෙන් ආපු සියලුම දේශකයින් අපිව එතරම් භිත කරවලා තමයි තිබ්බේ.
කෙනෙක් ලෝකේ තියෙන පරිඝනක භාෂා ගැන සාගරේ කලම්බනකොට, තව කෙනෙක් නොපෙනෙන ඩේටා සහ සංකල්ප ගැන මායාකාරී චිත්‍රයක් මැව්වා. ඒ සියල්ල අහසේ මකරුන් වගේ අපි දිහා හිනා වේවි බලන් ඉන්නකොට අපි ආවේ වැරදි තැනකටදෝ කියල විතරයි අපි කතා උනේ..
ටික වෙලාවකින් විදුරු දොර තුලින් කුඩා මුහුණක් මතු උනා. ඒ මුහුණ සමාන වෙන්නේ 'අබ්දුල් කලාම්'ට පමණයි. පෙනුමෙන් වගේම බැල්මෙනුත් තිබ්බේ එහෙම උනත් එකවරම දුටුවම අපිට හිනා යන්න තමයි ගියේ. ඒත් ඒක හිනාවෙන වෙලාවක් නෙවෙයි. අපි සීරියස් විෂයකට සුදානම් වේවි හිටපු මොහොතක්. පොඩියට එබුනු මුහුණට අපි හිනාවෙන කොට කිසිම හිනාවක් නැතුවම ඒ මුහුණේ අයිතිකාරයා බයෙන් වගේ ( ඔහුගේ ඇස්දෙක විශාලව නෙරලා තිබ්බ නිසා අපිට හිතුනේ ඔහු බයෙන් ඉන්නවා කියල) වටපිට බලමින් ශාලාවට ඇතුල් උනා.
Thursday, July 23, 2015
198. මගුලේ යෑම - 2
මෙතෙක් කෑම.....
ඔන්න ඉතින් අපි තුන්දෙනා වැඩ ඉවර වෙලා එන්න පිටත් උනා.
සයිමොන් ඉදිරියෙන්.. අපි පිටුපසින්.
වෙනද වගේ නැතුව මුණ හෝදලා , කබ එහෙම කඩලා ඌ මම හිතන්නේ මොනවා හරි මුනෙත් ගෑවා. වෙනදට පිස්සු බල්ලෝ පන්නනකොට දුවන පොලිස් රාලහාමි වගේ දුවන සියදෝරිස් එදා යන ලලිත ලතාව දිහා පාරේ ටැප් එකේ රෙදි හෝද හෝද හිටපු ගෑනු විතරක් නෙවෙයි අපි සමහර දවස් වලට පේර ගන්න කරත්තේ එකාත් ඔක්කොම වැඩ නතර කරන බලන් හිටිය.
අපේ ඔෆිස් එකට ඉස්සර යන්න තිබ්බ පාරවල් දෙකෙක් එකක් ෂෝර්ට් කට් වගේ එකක්. යන්න තියන පාරේ දෙපැත්තේම තිබ්බේ මුඩුක්කු වගේ ගෙවල්. ඉතින් ගෙවල් වල රෙදි වැල් , සාලේ ඔක්කොම තියෙන්නේ පාරේ. ඒ ගෙවල් අඩුම තරමේ ඇඳක් වත් දාන්න ඉඩ නැහැ වගේ පේන්නේ . ඒ උනාට එක පාරක් ඔහොම තියෙන පොඩි පටියක් වගේ ගෙයක් ඇතුලෙන් මම බලන් ඉන්නකොට එකෙක් ආව එලියට, ඔන්න තව එකෙක් ආව, ඊට පස්සේ තව එකෙක්... ආව ආව ආව... මට නිකමට හිතුන ඔය ගෙවල් අර ඇලිස්ගේ විසමලන්තය වගේ එකක්මයි කියල. ඔතරම් සෙනඟ කන්දරාවක් නැත්තම් කොහොම ඉන්නද?
ඈතින් ලලිත ලතාවට පැද්දෙන සියදෝරිස් ය...
මෑතින් එකට ගුලිවී යන අප දෙදෙනාය.. ( මොකද එන්න එන්නම මුගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයේ තිබුණු අවුල නිසා අපි අතේ දුර උනත් කකුලේ දුර දක්වා දීර්ඝ කළා.)
Wednesday, July 22, 2015
197. මගුලේ යෑම - 1
මම අද කියන්න යන්නේ ළමායි.. ඔෆිස් වගේ ඔෆිස් කතාවක්.
චරිත: ඇල්වින් ඇන්ඩ් ද චිප්මුන්ක්ස් හි එන ඇඩ්ඩින් , සයිමොන් සහ සියදෝරිස් එක්ක සෙසු චරිත
මම මේ සීරීස් එකේ කතා කීපයක් කියල තියෙනවා. ඒ නිසා මම මේ සයිමොන් හෝ සියදෝරිස් ගැන අමුතුවෙන් වගපල කියන්න හිතන්නේ නැහැ. ( ඌ ගැන ඇත්තටම කතා කරලා වැඩක් නැහැ ඒකයි ) මම ගැන නම් ඉතින්..... හොඳමයි අහන්න ලැබුනේ පින්වතුනි!
මේ මුල් හඳුන්වාදීම
මේ සියදෝරිස් ගේ කතා 1 , කතා 2
මම ඔය කම්පැනි එකට එනකොට අපේ සයිමොන් හාදයා ඒ කම්පනියේම කොලුගැටයෙක් එක්ක ඇයි හොඳයියක් තිබිලා , අවසානෙදි අපේ සයිමොන්ට හොඳවයින් සපත්තු ජෝඩුවක් දීලා ඌ කම්පැනි එකෙනුත් ගිහින් තිබ්බ. මම ඉතින් තැනකට අලුතෙන් ගියාම ඉබ්බෙක් වගේ ඉන්නවා මිසක් කතාබහ අඩුයි. සපත්තු ජෝඩුව ලැබීමේ ප්‍රීතියෙන් හිටපු සයිමොන්ට ඉතින් හුලන් ගැහුවේ ඉතින් අපේ සියදෝරිස් තමයි. ඌත් අර බස්සිගේ දුකා වගේ තමයි. දුකක් කොතනද, ඌ එතන!
ඔන්න ඒ අතරේ අපේ සයිමොන්ට ගෙදරින් මගුල් තුලා එහෙම හොයන්න ගත්තේ මුගේ අන්දොස් ගතිය දුරින් දුරු වෙන්න තියෙන එකම ප්‍රතිකර්මේ මූව කාගේ හරි ඇඟේ එල්ලන එක බව එක පයින්ම වැටහුණු නිසා. පතෝල කරලට කරවිල වැල එතුනා වගේ ඉන්න මූට අහුවෙන එකා ගැන අපිටත් නිකන් කොස්සක් වගේ හිතුනත්, සුදු කෙල්ලන් හොයන උන් නිසා ඉතින් බයක් වෙන්න දෙයක් තිබ්බෙත් නැහැ. සර්කිට් එක අවුල් උනත් උගේ මුණ සුදුයි!
Monday, July 20, 2015
197. මැටි මෝලෙක් සමඟ ඈ
එදා බොහොම සාමාන්‍ය දවසක්.
මම කවදත් සාමාන්‍ය දවස් වලට බයයි. මොකක් හරි අසාමාන්‍ය දෙයක් වෙන එකම දැන් මගේ ජිවිතේ කොටසක් වගේ.
වැහිබර අහසක් තියෙන ඒ පළාතට මම කොහොමත් යන්නේ පොඩි තිගැස්මක් එක්කමයි. දාහය රුහිරු තැවරුණ මේ පොළවෙන් එකපාරටම ඉහලට එසවිලා මාව පියාසර කරන කුරුල්ලෙක් කරවන්න දරන උත්සහයක් වගේ තමයි කඳු පන්තිය පිහිටලා තිබ්බේ.
ටිකින් ටික ඉහලට එසවිලා වට පිටෙන් හැමතැනම පෙනෙන දියසිරාවට අමතරව කොලපාට නිම්නයක් පේනකොට මට හැමදාම හිතෙන්නේ ඉගිලෙන්න හිතාගෙන මම කන්දක් මුදුනට නගිනවා කියල. එදා නම් එහෙම හැඟීමක් මට තිබ්බෙම නැති තරම්.
"මචං මේ සීතලට මම මාර ආසයි..."
මම එහෙම කිව්වේ බුරියා ගෙන් උත්තරයක් බලාගෙනම නෙවෙයි. ඒත් ඌ මගේ දිහා බලලා දැම්මේ අවලන් හිනාවක්.
".... අද බියර් බොන්න බෑ මෝඩයෝ.. දන්නවනේ මගේ මැච් එක අද"
ක්‍රීඩාගාරයට යනකොට එතැන හිටියේ බොහොම ටික දෙනයි. පිවිසෙන තැනම පොඩි බංකුවක උන්නු කෙල්ලෙක් අපි එනකොටම ගැස්සිලා වගේ අපි දිහා ඔලුව උස්සලා බැලුව. හරියට ඒකිගේ කාමරේට අපි එබුනා වගේ. මම කටකොනෙන් හිනාවක් දාගෙන ඒකිව පහුකරන් ගියා.
"අඩෝ.... මේක කාන්තාරයක් නේ"
Subscribe to:
Posts (Atom)


















