නොලියාම ඉන්න හිතුවත් , හිත හදාගන්නම බෑ..
ඒ නිසා මේ සටහන තියන්නෙ
Ravi Weerasinghe - කොටින්ම 'වාංපතුල් රවියා'
මම ඔහුව දැනගන්නෙ බ්ලොග් ලෝකෙන්. ඒක වෙනම ලෝකයක්. ඇත්තටම ඒක පස්සෙ කට්ටියක් ඇවිත් පහරලා යන්න කලින් ඉතාම ව්‍යක්ත අදහස් හුවමාරු වුනු, ලස්සන දේවල් ලියපු පලාතක්
ඒ පලාතේ ලොකුම අය්යෙක් තමා රවී..
ඒ දවස්වල මොනවාහරි ලිව්වම මම refresh කර කර රවී කමෙන්ට් එකක් දානකල්ම බලාගෙන ඉන්නවා. ඇදයක් කුදයක් වගේම සමහර රසබර කාරණා තමා තියෙන්නෙ.
ආයෙ මාගල් වගේ ඒව!
හරිම ලස්සනම ලස්සන ලිවීම් සහ මතක.
කොච්චර කෙහෙවලු වටලවගෙන තියෙනවද ? ( ඒ උන්දට ඇති කෙස්සක් නෑ කියලා මං දන්නවෑ!)
කවදාවත් මට මුණගැහිලා නැති උනත්, රවී කියන්නේ ඒ වගේ මතක එක්ක මතක් වෙන කෙනෙක්.
ඊයෙ පෙරේදත් කැකිරි එක්ක බත් කෑව කිව්වහම මම කිව්ව රාබුත් එක්ක කාහං කියලත්. එච්චර හිතවත්!
සාමාන්‍යයෙන් මම කෙනෙක් අපෙන් වෙන් උනාම සංවේගයට පෝස්ට් දාන්නෙ නෑ. ඒත් මට ඒක දැන් නොකරම බෑ.
රවී..
වාංපතුල් එහෙම්ම තියලා
ගුරුවෙරියක් එක්ක හිටියා ඇති කියලා හිතුනද?
අහල්‍යා එක්ක ගියාද බොල?
සුබ ගමන් රවියෝ..
මට ලියන්න බැරි පෝස්ට් එකක් මේ ලිව්වෙ. බෝ හිටියා නං මේකෙත් ඇදයක් කියයි.
සුබ ගමන්!
13/06/2026
No comments:
Post a Comment
කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...