
මේක තමයි මම මෙතෙක් කරලා තියෙන මරි මෝඩම , අන්තිම පල් මෝඩ වැඩේ!
එත් ඉතින් ඒ වෙලාවේ හැටියට මට කරන්න වෙන යමක් තිබ්බේ නැහැ කියන එක හැමවෙලේම නඩු හොයමින් ඉන්න හෙලේනා නාකිච්චිට උනත් යසට තේරෙන්න පුළුවන්.
මොකද මට '
විල්ෆ්‍රඩ්', මේ නාකි උන්දා මුණගැහෙනකොට මම හිටියේ අලීම අලි අමාරුවක වැටිලා හින්දා මට ඉත්තේරුවෙන්ම සිද්ද උනා උන්දැගේ ගෙදර යන්න වෙන විදියට පුළුවන් දහන්ගැට ඔක්කොම දාන්න.
ඒ මොහොතේ මම හිටියේ මගේ මල්ලිගේ ;
අපෝ ඒ සෝමාරි එකා මතක් වෙනකොටත් මගේ ඇඟේ මාළු නටන එක වෙනම කතාවක්; ඔලුව පැලෙන්න වැඩක් සිද්ද කරලා හින්දා මට ඉක්මනින්ම ඕනේ කළා හැංගෙන්න තැනක්. නගරයේ පොලිසියට උනත් ;කොටිම්ම ෂෙරිෆ් ටවත්; සැකයක් හිතෙන්නේ නැති පොඩ්ඩක්වත් මගෙත් එක්ක ඇයි හොඳය්යක් නැතිය කියල හිතෙන , කොටිම්ම මේ නාකි විල්ෆ්‍රඩ්ගේ වගේ ගෙයක්!
කිසිම විදියකින් ගෙදරකට වැද්ද නොගන්න, ලැවූ ගින්නක් ආවත් හොයල බලන්නේ නැති කාන්ඩේ උන් අපේ නගරයේ ඉන්නේ දෙන්නයි. ඒකෙන් එකෙක් තමයි මේ විල්ෆ්‍රඩ් නාකියා කියන්නේ. ඉතින් එහෙව් තැනක, මම වගේ එකෙක්ව අපේ අම්මලා නම් කොහොමටවත් බලාපොරොත්තු වෙන්නේ නැති බව මට විස්වාසයි.
මම පුළුවන් චාටු සේරෝම කියල පස්සෙන් වැටුනත් මේ නාකි මනුස්සයා වෙනදා වගේම වෘකයෙක් වගේ කඩන් පැන්නට , මම හීන් සීරුවේ උගේ ඇස්දෙකට අහු නොවී ගෙට රිංගාගත් එකම ඇති මගේ සුවිශේෂී හැකියාවන් ගැන වරු දෙක තුනක් දේශනාවක් පවත්වමින් ඉස්කෝලේ ගතකරන්න.
තාත්තගේ තාත්තා උනාට විල්ෆ්‍රඩ් නාකියා ගැන අපි කවම කවදාවත් ගෙදර කතා වෙලා තිබිලත් නැහැ, ඊටත් අම්මා කියන විදියට ඌ නිකම්ම නිකන් 'මිනීමරු' නාකි පිස්සෙක්! ඇත්තටම කියන්න, මේ මොහොත වෙනකල්ම මම මේ 'මිනීමරු' කියන කොටස ගැන කිසියම්ම හෝඩුවාවක් දැනගෙන හිටියේ නැහැ කියල සහතික කරන්න පුළුවන්.
ඒ උනත් මෙහෙම හෙනගෙඩියක් මම බලාපොරොත්තු උනේ නැහැ.