Friday, April 29, 2016
Wednesday, April 27, 2016
Tuesday, April 26, 2016
271. ස්වප්නෙහි හමුවෙමු මැරයෝ
"චුටි නංගි....."
අඳුර කපාගෙන අක්කගේ වචන මට ඇහෙන්නේ ඇඳේ එක එක අතට පෙරලෙන අතරේ.
"හ්ම්ම්..."
"නින්ද යන්නේ නැහැ හලෝ"
"හ්ම්ම්..."
මමත් හුස්මක් හෙළුව.
මට අඳුරේ උනත් අක්කගේ ඇඳේ ඉඳන් ආපු හුස්මේ සද්දෙත් ඇහුනේ ඒ වෙනකොට කෑලි කපන අඳුර වගේම, අල්පෙනිත්තක් උනත් බිමට වැටෙන නිහඬතාවය රජකරන වෙලාව හින්ද.
මට වෙලාව පෙනුනේ නැහැ. කොටිම්ම මට වෙලාව ගැන නිච්චියක් තිබ්බෙත් නැහැ. නින්දට ආවේ හරියට ඒකට සැරසිලා නොවන හින්දද මන්ද නිදිමතක් තිබ්බෙම නැහැ.
ඒ හැමදේකටම වඩා හිත ඔද්දල් වෙලා තිබ්බ නිසා වෙන්න ඇති දෙන්නම ඇඳට ආවෙත් කකුල් අද්ද අද්දා, ගෙදර හැටියට 'නීතිවිරෝධී' විදියට. ඒ වෙනකොට නීතිවිරෝධී කියන වචනෙත් අපි දෙන්නට පෙනුනෙම අපිත් එක්ක අරෝවක් තියෙන වචනයක් වගේ.
පපුව පැලෙන දුකක් දැනෙනකොට, නින්දක් දැනෙයිද කෙනෙක්ට? ඊටත් වයසක නොවෙන හිතකට??
"පව් හලෝ..."
"හ්ම්ම්..."
මගේ උගුරත් පැටලෙන්න වගේ ආව හින්දා මම කතාකලේම නැහැ. හුමිටි තිබ්බ විතරයි.
'විකාර... ඌ මැරයෙක්... මිනිමරුවෙක්... ඌට එහෙම වෙච්ච එකමයි හොඳ. ඒ වගේ උන් හින්දා තමයි හොඳ මිනිස්සුන්ට ජිවත් වෙන්නත් බැරි'
මගේ ඇතුලේ හිටපු එකෙක් මගේ කන්දෙක දෙදරන්න කෑගහුවම ඇතුලෙන් ආපු දෝන්කාරය අන්තිමට 'කුඋං' ගාමින් ඉවර උනා. ආයෙමත් අඳුරේ ගිලුණු නිහඬ රාත්‍රිය. එකම කාමරේ අල්ලපු ඇඳේ නින්දක් නැතුව නොසන්සුමට ඉන්නා අක්කා ආයෙමත් සුසුමක් හෙළනවා ඇහුනා.
"කමක් නැහැ හලෝ. ඇත්ත එකක් නෙවෙයි වෙන්න ඇති. එහෙම උනත් සත්‍යා හොඳ එකෙක් නෙවෙයිනේ. දැන් නිදාගම්මු"
Wednesday, April 20, 2016
270. එදා මල් වරුසාවමයි
ප්‍රේමය කෙතරම් සුන්දරද කිවහොත් විරහ වේදනාව පවා රසවත් සුන්දර විඳීමක් බව ඕනෑම අයෙකු පිලිගන්නවා නොඅනුමානයි. බොහෝවිට ප්‍රේමය ප්‍රස්තුතයක් වශයෙන් ගනිමින් කළා නිර්මාණ බිහිවන්නේත්, ඒවායේ එකිනෙකට වෙනස් රසයන් උත්පාදනය කරගැනීමට හැකිවන්නේත් ප්‍රේමය එතරම්ම පරාසයක් තුල රසයන් ජනිත කිරීමේ හැකියාවක් ඇති නිසා බව නොකියයුතුමනාය.
ප්‍රේමයේ ඇති සුන්දර අසුන්දර භාවය ගීතය තුල භාවිතයේදී යොදා නොගත් රචකයෙක් වේනම් එය නිකිණි සොයනවා වැනි විය යුතුය. එසේ වන්නේ ප්‍රේමය වනාහි යොවුන් සෘන්ගාරාත්මක ප්‍රේමය ඉක්මවා ගිය දාරක ප්‍රේමය දක්වා අක්මුල් කේශනාලිකා සහිතවූ අතිශය ගැඹුරු සහ සියුම් භාවරුපයන්ගෙන් සමන්විත නිලයක් බැවිනි.
දාරක ප්‍රේමය බොහෝවිට රැඳෙන්නේ මව-දුදරුවන් අතරේ බැවින්, 'පියසෙනෙහසට කවි ගී ලිය උනා මදියි' කියා යමෙක් පවසද්දී , මට දැනෙනෙන්නේ එය එතරම්ම සුමට වක්‍රයක් නොවන බවයි. ඊට වඩා අවිෂය වූ ප්‍රේමයේ භාවයන් තිබිය නොහැකිද?
ප්‍රේමය අස්වද්දන කෙතක් බඳු විවාහයේදී අයෙක් සැමියාත්, අනෙකා බිරිඳත් ලෙස උපදිති. ගීත රචකයින් මෙම සුසංයෝගය නොයෙකුත් කෝණයන්ගෙන් බැලුවද ඒ සෑම විටකදීම ප්‍රේමයේ තවත් පැතිකඩක් පිළිබිඹු වීම වලක්වාලිය නොහැකිය. නමුදු ඒ අතුරින් වියත් රචකයින් පමණක් මෙම වලගොඩැලි සහිත මාර්ගය තරණයේදී රසිකයින් තුල සියුම් රසවින්දනයක්ද , එසේ නොවන්නන් අතුරින් ඉතා කටොර ගමනක අවසානයේදී රසිකයින් තුල ප්‍රාථමික වින්දනයක්ද ශේෂ කරනු දක්නට ලැබෙන කාරණයකි.
බෙදුම් :
ගීත - පදරචනා,
නොදන්න මගුල් කතා කිරීම,
විචාර
Tuesday, April 19, 2016
Monday, April 18, 2016
268. යාළු
ඒක පැතිරෙන්න පටන් ගත්තේ හුළගෙන් බෝවෙන ලෙඩක් වගේ.
උතුරු පැත්තෙන් හමාගෙන ආපු හුළඟට වසන් වෙන්න කියල ඊසානට හැරුනම බටහිරින් ආපු හුළඟට අහුවෙලා අපි ඔක්කොම හිත හදාගත්ත.
ඔන්නොහෙ ලෙඩ වෙලාම බලනව කියල ඒකායන අරමුණකට නැති , සම්මුතියකට ආවා වගේ අපිත් ලෙඩේට ගොදුරුවෙන්න පටන්ගත්ත.
මුලිම්ම උනේ මට අලුත් යාලුවෙක් හම්බ උන එක. ඒක මුලිම්ම උන දේ නොවුනත් මම හිතන්නේ එතැනයි මුලින්ම වෙන්න ඕනේ දේ සිද්ද උනේ කියල.
එයා හිටියේ පැසිපන්දු පිටියේ ලොකු පඩිපෙල් වලින් දෙවැනි පඩිපෙලේ මැද්දට වෙන්න වාඩිවෙලා. ටෙනිස් රැකට් එකත් කරක - කරක මම එතැන පහුකරනකොට හොඳටම හවස් වෙලා තිබ්බේ. මම කොහොමත් කාත් එක්කවත් ඇයිහොඳය්යක් තිබ්බ කෙනෙක් නෙවෙයි.
"ඔයා 'බී' පංතියේ නේද?"
එයා එහෙම කිව්වේ 'බී' කියන වචනේ අමුතු උරුවට සද්ද කරමින්, ඒ කියන්නේ වෙනමම තියෙන පංතියක් වගෙයි. එතකොට තමයි මම එයාව යන්තමට මතකෙට ආවේ. අපේ ශ්‍රේණියේ එහෙම ළමයෙක් ඉන්න බව මතක් උනෙත් ඒ මොහොතෙමයි.
"ඔව්... ඔයා බාස්කට්බෝල් ගහනවද?"
Monday, April 11, 2016
Sunday, April 10, 2016
Thursday, April 7, 2016
265. ජෙලි 02
ජෙලි 01
විල්ෆ්‍රඩ් හිටියේ වෙඩිකාපු කළු වලහෙක් වගේ මගේ දිහා ඔරෝගෙන කියන එක මට වැටහෙන්න ගියේ තත්පර බාගයක් විතරයි උනත් මමත් උන්නේ ඒ විදියටම ගල්ගැහිලා. ඒ වෙනකොටත් මිට මිනිත්තුවකට කලින් අඬනකොට ගලාගෙන ගියපු කඳුළු ඔහුගේ කිළුටු කම්මුල් වල කළුපාට රටාවක් මවල තිබ්බ එක මම දැක්කේ උඳුනේ තිබ්බ ගිනිදැල් වලට පිං සිද්ද වෙන්නයි.
"උඹ... උඹ... මොකද මෙතන කරන්නේ?......."
මම කොයි විදියෙන්වත් අපේක්ෂා කරන්නේ නැති මෘදු මොලොක් හඬකින් මට ඇහුනේ නාකි විල්ෆ්‍රඩ්ගේ කටහඬමද කියල දැනගන්න මම කටත් අරගෙන බලාගෙන උන්නා මිසක් කිසිම දෙයක් කිව්වේ නැහැ.
"... මෙහෙ වරෙන්.. මෙහෙට වරෙන්.. මගෙ පුතා.."
විල්ෆ්‍රඩ් ඔහුගේ කිළුටු දකුණු අත, හැන්දක් වනනවා වගේ හොලවමින් මට කතා කරනකොට මොකද්දෝ අත්භූත බලයකින් වගේ මාව ඒ පැත්තට ඇදිල යන්න හේතුව 'මගේ පුතා' කියන වචනේ වෙන්නත් පුළුවන්.
"මෙතනින් වාඩිවෙයන් මගේ කොල්ලෝ... ඔන්න ඔතැනින්... හ්ම්ම්... උඹේ තාත්තත් ඉස්සර ඔහොම්මමයි. කොතන වාඩිවෙන්න දුන්නත් වාඩිවෙන්නේ කකුල්දෙක කතිරේ හිටින විදියටමයි. කොටිම්ම.. ... කොටිම්ම.... ( පරුවතයක් සේ එහෙට මෙහෙට පැද්දෙමින් ) අනේ මගේ දරුවා...! මගේ අහිංසක කෙල්ල... ඇයි එහෙම උනේ..."
මම බලාපොරොත්තු උනේ තමන්ගේ ගෙදරට හොරෙන් පැනපු 'අසමජ්ජාති' කොල්ලෙකුට දෙන කම්මුල්පාරක් වගේ එකක් මිසක්, මගේ ඉස්සරහ අඬන නාකි; කිළුටු ; වලහෙක් නෙවෙයි, කොහෙත්ම!
තාමත් මේසේ උඩ දුම්දාන 'ජෙලි' භාජනේ මගේ ඇහැට අහු උනේ ඒ මොහොතෙයි. විල්ෆ්‍රඩ් හිටියේ ඔලුව බිමට බාගෙන හින්දා මගේ අදහස කලිම්ම නොතේරුනා වෙන්නත් ඇති.
Wednesday, April 6, 2016
Monday, April 4, 2016
263. ජෙලි - 01
එත් ඉතින් ඒ වෙලාවේ හැටියට මට කරන්න වෙන යමක් තිබ්බේ නැහැ කියන එක හැමවෙලේම නඩු හොයමින් ඉන්න හෙලේනා නාකිච්චිට උනත් යසට තේරෙන්න පුළුවන්.
මොකද මට 'විල්ෆ්‍රඩ්', මේ නාකි උන්දා මුණගැහෙනකොට මම හිටියේ අලීම අලි අමාරුවක වැටිලා හින්දා මට ඉත්තේරුවෙන්ම සිද්ද උනා උන්දැගේ ගෙදර යන්න වෙන විදියට පුළුවන් දහන්ගැට ඔක්කොම දාන්න.
ඒ මොහොතේ මම හිටියේ මගේ මල්ලිගේ ; අපෝ ඒ සෝමාරි එකා මතක් වෙනකොටත් මගේ ඇඟේ මාළු නටන එක වෙනම කතාවක්; ඔලුව පැලෙන්න වැඩක් සිද්ද කරලා හින්දා මට ඉක්මනින්ම ඕනේ කළා හැංගෙන්න තැනක්. නගරයේ පොලිසියට උනත් ;කොටිම්ම ෂෙරිෆ් ටවත්; සැකයක් හිතෙන්නේ නැති පොඩ්ඩක්වත් මගෙත් එක්ක ඇයි හොඳය්යක් නැතිය කියල හිතෙන , කොටිම්ම මේ නාකි විල්ෆ්‍රඩ්ගේ වගේ ගෙයක්!
කිසිම විදියකින් ගෙදරකට වැද්ද නොගන්න, ලැවූ ගින්නක් ආවත් හොයල බලන්නේ නැති කාන්ඩේ උන් අපේ නගරයේ ඉන්නේ දෙන්නයි. ඒකෙන් එකෙක් තමයි මේ විල්ෆ්‍රඩ් නාකියා කියන්නේ. ඉතින් එහෙව් තැනක, මම වගේ එකෙක්ව අපේ අම්මලා නම් කොහොමටවත් බලාපොරොත්තු වෙන්නේ නැති බව මට විස්වාසයි.
මම පුළුවන් චාටු සේරෝම කියල පස්සෙන් වැටුනත් මේ නාකි මනුස්සයා වෙනදා වගේම වෘකයෙක් වගේ කඩන් පැන්නට , මම හීන් සීරුවේ උගේ ඇස්දෙකට අහු නොවී ගෙට රිංගාගත් එකම ඇති මගේ සුවිශේෂී හැකියාවන් ගැන වරු දෙක තුනක් දේශනාවක් පවත්වමින් ඉස්කෝලේ ගතකරන්න.
තාත්තගේ තාත්තා උනාට විල්ෆ්‍රඩ් නාකියා ගැන අපි කවම කවදාවත් ගෙදර කතා වෙලා තිබිලත් නැහැ, ඊටත් අම්මා කියන විදියට ඌ නිකම්ම නිකන් 'මිනීමරු' නාකි පිස්සෙක්! ඇත්තටම කියන්න, මේ මොහොත වෙනකල්ම මම මේ 'මිනීමරු' කියන කොටස ගැන කිසියම්ම හෝඩුවාවක් දැනගෙන හිටියේ නැහැ කියල සහතික කරන්න පුළුවන්.
ඒ උනත් මෙහෙම හෙනගෙඩියක් මම බලාපොරොත්තු උනේ නැහැ.
262. එහෙම වෙන්නේ ඇයි ? I don't know why....
මට පිස්සුය කියල හිතෙන හැම වෙලේම මම කරන්නේ මගේ යාලුවෙක් හරි, කොටිම්ම මගේ අක්කව මතක් කරගනන් එක. එතකොට වැඩේ ලේසියි. සාපේක්ෂතා වාදය අනුව, මගේ පිස්සුව සාධාරණ බව ඔප්පු කරන්න වැඩි කාලයක් ඕනේ නැහැ.
මම උඩින් ලියපු ජේදය ලිව්වේ නිකන් කික් ස්ටාර්ට් එකක් ගණන් මිසක් වැඩකටම නෙවෙයි. හරියට පුහුල් හොරා මහමුදලි කමටත් වඩා වටිනවා කිව්වා වගේ!
මම ලිව්ව ඔය දෙවැනි ජේදේ ලිව්වේ පොඩ්ඩක් වත් හිතල නෙවෙයි. නිකම්ම ලිය උනා අය්යෝ.
දැන් තමයි හොඳම හරිය. ඒ කියන්නේ පටන් ගන්නේ මෙතන. ලියන්න ගියහම ඉතින් දන්නේ නැද්ද, හදිස්සියට කෙහෙල්කනට අතදාගන්න බැරි වෙනවා කියන්නේ ඕකනේ. ලියන්න යන්නේ එකක්, ලියවෙන්නේ තව දෙකක්.
මම හරිම ආසයි ඔය රහස් වැඩ වලට! කොටිම්ම ගෙදර යසට උයල තියෙන දෙයක් උනත් කාටවත් ඇහැ ගැහෙන්නේ නැතුව, හොරෙක්, බැට් මෑන් කෙනෙක් වගේ ගිහින් බෙදාගෙන කන්න තියෙනවා නම් මාර කික් එකක් දැනෙනවා. ඒ වගේම ඔය අභිරහස් දේවල් කියවන්න විතරක් නෙවෙයි කරන්නත් පුදුම කැශිල්ලක් තියෙන්නේ.
මතකනේ එක පාරක් මම ඔය වගේ ඩිටෙක්ටිව් වැඩක් බාරගෙන ඒක අකුරටම ඉෂ්ඨ කරපු හැටි!
Thursday, March 31, 2016
Wednesday, March 30, 2016
260. සුසාන සයන
Wednesday, March 23, 2016
258. ටැක්ෂි... හරේ යාං හර්රේ....
ලංකාවේ දැනට ජනප්රියව පවතින සහ මෑත කාලයේ ඉතා වේගයෙන් දියුණුවට පත්වූ ගමනාගමන ආකාරයක් තිබේ නම් ඒ අන් කිසිවක් නොවේ ටැක්සි සේවයයි. ගමනාගමනයේදී ඉතා විශාල කාර්යභාරයක් ඉටුකරන මෙම ටැක්සි සේවයේ වැඩි බරක් දරන්නේ ත්‍රිරෝද කිවහොත් එයද මුසාවක් හෝ අතිශෝක්තියක් නොවනු ඇත.
ත්‍රිරෝද රථ සහ ඒවායේ ඇති උපසංස්කෘතිය ගැන කාලෙකට ඉහතදී ඉවාන් හොඳ ලිපියක් ලියලා තිබුනා. ඊට අමතරව මේ ලඟකදී නාඩියා හොඳ ලිපියක් ලියලාත් තිබුනා. මම මේ කාරනා ආයෙමත් ප්‍රතිරාවය කරන්න හදනවා නෙවෙයි. මම කාලාන්තරයක් තිස්සේ හොයාගත්ත කරුණු ගොඩක් අලලලා ලිපියක් ලියන බලාගෙන හිටියේ. ඒවා කල් ඉකුත්වෙන්න කලින් ලියල තියෙන එක හොඳයි කියල හිතුන නිසා මේ ලිපිය draft එකෙන් එලියට අදින්න හිතුනේ.
සමස්තයක් විදියට ගතහොත්, මගේ මේ ලිපියට ඇතුලත් වන්නේ ලංකාවේ දැනට තදාසන්න පලාත්වල ක්‍රියාත්මකවන 'ටැක්සි' සේවා ගැනයි.
මෑතකාලය තුලදී හඳුන්වාදුන් මීටර් සහිත ටැක්සි සේවය ත්‍රිරෝද වලට ලබාදීමෙන් වාසි සහ අවාසි යන දෙකම විඳින්නට සිදු උනා. මීටර් යෙදු ටැක්සි මිට පෙර ජනප්‍රියව සහ වැඩි භාවිතාවක් තිබුනේ කාර් සහ කැබ්රථ සඳහා උනත්, ත්රිරෝදරථ සඳහා මෙය දීමෙන් මගීන්ගේ පහසුව ඉටු උනා කිවහොත් නිවැරදියි. එනම්, 'හිතේ දුරට' අය කරනලද ගාස්තු යම් පමණකට සාධාරණ මට්ටමකට පැමිණියා යයි කිවහැකියි.
දුර ප්‍රමාණය , නතරකිරීමේ ගාස්තු ( වේටින් ) ආදියද සටහන් වන නිසා රියදුරාටත් එයින් යම් සාධාරණයක් ඉෂ්ඨවෙනවා යයි කීම අසාධාරණ නොවේයැයි මම සිතමි. අවම ගාස්තුව පවා එයින් පාලනයකට ලක්වූ නිසා එය මගී ජනතාවට පවා සහනයක් ලෙසයි මට පෙනුනේ. නමුත් ගම්බදව මීටර් සවිකිරීම හයර් නොමැතිවීමට බලපාන බව මට කිහිපවිටක්ම අසන්නට ලැබුනා. එනම් ගම්බද මිනිසුන් තවමත් 'ගාන කතා කරගන්නා' එක ගැන වැඩිපුර විස්වාසය තබන බවයි. නාගරිකව මම දකිනා ආකාරයට නම් මිරටයක් සවිකොට තිබීම වාසියක් ලෙස පෙනෙනවා.
Monday, March 21, 2016
256. විද්‍යා පරමේශ්වර, සර්වබල ලංකේශ්වර උත්තමාවී
මේ දවස්වල වැඩ වැඩියි. එහෙම උනහම මට වෙන්නේ වැඩ අස්සේ මගේ පරණ කතා මතක් වේවි ඇතුලේ ඉන්න එකා පිස්සු නටන්න ගන්න එකයි.
කොහොමත් මට ඒ ලෙඩේ නම් සහසුද්දෙන්ම තියෙනවා. ඒ කියන්නේ ඔය මහා බැරෑරුම් විභාග හෝ සම්මුඛ පරීක්ෂණ, ක්ලයන්ට් මීටින් හෝ ප්‍රසන්ටේෂන් වගේ වෙලාවල් වලදී මට නොකඩවා සින්දු මතක් වෙනවා. හරියට රේඩියෝ සිලෝන් එකේ එකෙක්ටවත් මතක් වෙන්නේ නැති සරල ගීත, ශාස්ත්‍රීය ගීත, බයිලා , රිමික්ස් ඇතුළුකොට සියලුම ගීත ඔලුවේ වාදනය වෙනවා ආයේ නැහැ උපරිම වොලියුම් එකෙන්.
සමහර වෙලාවට මට මේසෙට මිටි කරලා ගැහිල්ලකින් හරි, මටම හය්යෙන් දෙකක් කියාගනිල්ලකින් හරි තමයි මේ ගංගාව නතර කරගන්න පුළුවන්. තප්පර කීපයක නිහඬතාවයකින් පස්සේ ; අර හීන් වතුර පාරක් හරහට ඉරක් ඇන්දම මොහොතකට ඒ පාර නතර වෙනවා වගේ ; ආයෙමත් ඔන්න තැටිය යනවා. ඒ වෙනකොට මගේ මේ තඩිගැහිල්ල හරි බෙරිහන්දිල්ල හරි ඇහුන වටේ ඉන්න උන් බිරාන්ත වෙලා බලන් ඉන්නවා පේනකොට මම පරක්කු වැඩියි!
උන් නිගමනයකට එනවා.... මම බලු වෙනවා.
ඔහොම බලු නොවෙන්න තියෙන එකම විසඳුම තමයි විසෙන් විස නසනවා වගේ ඔය එන පිස්සු විකාර ලියලම දාන එක. නැත්තම් මගේ තනතුර අනතුරේ!
මම මගේ පෝස්ටු කිහිපයකම කියලත් ඇති මගේ පොඩිම පොඩි එකා කාලේ කියපු මගේ අනාගත බලාපොරොත්තුව ප්‍රශ්නෙට උත්තරේ. ඒ තමයි විද්‍යාඥයෙක් වෙන එක?
Friday, March 18, 2016
255. බල්ලා , දොස්තර සහ බල්ලා දොස්තර (Dog , Doctor & Dog Doctor)
ඇත්තටම මම මේක කියනවා තියා හිතන්නවත් හීනෙකින් වත් හිතපු කෙනෙක් නෙවෙයි ඔන්න. ඒ උනාට මම මේ ලඟදි අන්දොස් වැඩක් කරනකොට අපේ අම්ම මතක් කොලානේ බොලේ මේ කතාව. ඒ වෙලාවේ මම මුලින්ම කලේ.. ( නෑ හලෝ හිනාවෙන එක නෙවෙයි) වටපිට බලපු එක. මගේ වෙලාවට ඒ වෙලාවේ එතන කවුරුත් හිටියේ නැහැ. ඊට පස්සේ මම 'හි හි' කියල අහිංසක හිනාවක් පෑවා.
ඉහත ජේදය මවිසින් ලියන ලද්දේ, උදෙක්ම කියවන්නන්ගේ පහසුව තකාය. එනම්, මෙය කියවීමෙන් පසුව පළමුව වටපිට නිරීක්ෂණය කර පසුව අහිංසක ලෙස 'හි හි' යන ස්වරයෙන් මද සිනහවක් පමණක් දක්වා ඉතා ඉක්මනින් වෙන වැඩක් බලාගතයුතු බවයි.
සිද්ධිය මේකයි... ඇත්තම කියනවා නම් මේක සිද්ධියක්මත් නෙවෙයි. 'සීන්' එකක්! ( මාර පොෂ් නෙහ් ?)
Wednesday, March 16, 2016
Tuesday, March 15, 2016
253. Anywhere, Anytime
සිනමාව අපව ආනන්දයෙන් ප්‍රඥාවට යනවා කියන්නේ කියමනක්ම නෙවෙයි. අපේ හිත තුල ඇතිවෙන ආනන්දය නිසාම වැසීයන ප්‍රඥාවට පවා සිනමාවට වගකියන්නට සිදුවෙනවා.
එනම්, සිනමා කෘතියක් ආනන්දය නිසාම ඒ තුලින් මතුවෙන ප්‍රඥාව වැසියන්නට ඉඩකඩ බොහොමයි. නමුත් ඉතා සුළු පිරිසක් අධ්‍යක්ෂකවරුන් විසින් මෙම කැඳවාගෙන යාම ඉතාම සුමට වංගුවකින් පසුව හමුවන නිල් කෙතක් තුලින් අවසාන කරනවා. ඒ කෙතෙහි අස්වැන්න නෙලීම හෝ ඉවත බලාගෙන යාම අප සතු උනත් එහි දිශානතිය විසින් අපව ඒ සඳහා පොළඹවනවා.
සිනමා කර්මාන්තයේදී වැඩිපුරම කතාබහට ලක්වන්නට ආදරය සමත් උනත් එහි ස්පර්ශ කරන අන්තයන් එකිනෙකාට හාත්පසින්ම වෙනස්විය හැකියි. සමාජයේ එක් එක් තලවලදී එහි අර්ථකතන වෙනස් වුවත් සිනමාව තුලදී ඒවා විසිතුරු වන්නේ එබැවිනි. නමුදු ඒ කිසිදු මානයකට හසු නොවන්නා වූ ප්‍රස්තුතයන් අතර ඉතාම විරල එහෙත් සාර්ථක ඉලක්කයක් කරා ගෙනගිය සිනමා සිත්තමක අත්දැකීමක් ලබන්නට මට හැකිවිය.
කොලිවුඩය තුල මම දුටු වෙනස් වෙනස් මාතෘකා අතුරින් ඉතාම වෙනස් මාතෘකාවක මා අතරමං කරන්නට ඒ සිනමා අත්දැකීම උපකාර වූවායයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ.

எங்கேயும் எப்போதும் (Engaeyum Eppothum) සිනමා නිර්මාණය මම මෙතෙක් රසවිඳ ඇති ( රසවින්දා කියා කිවහොත් අර්ධ මුසාවකි. එහි අවසන් මොහොත දක්වා මම රසවිඳි බව සැබෑය. ) සිනමා නිර්මාණ වලට සාපේක්ෂව අනපේක්ෂිත ප්‍රෙක්ෂක කම්පනයකට මා පත්කරන්නට සමර්ථ වූ නිර්මාණයකි.
සිනමාපටයේදී දකින්නට ලැබෙන ආදර කතා යුගලක්ම ඇත. ඒවායේ එකිනෙකට ඉතාම වෙනස් ඒ වගේම ඉතා මටසිළුටු සිද්ධීන් ගණනාවක් අතරින් අපව ආනන්දයට පත්කරන්නට පිටපතටත් වඩා එහි නළුනිළියන් දක්වන දායකත්වය අපමණය.
Subscribe to:
Posts (Atom)
















