Saturday, June 29, 2013

16. විල - පියුම - දිය



තෙත් බිමක් සොයාගෙන 
මෙතෙක් දුර පිපාසෙන් 
ආයෙමි - මම 

ඔය හිතේ කෙම්බිමෙහි 
අස්වනු නෙලන්නට - නොවේ 
මේ නෙළුම්  දඬු දැමුයේ...

15. කවිකම - සොරකම...

මගේ කවිහිත 
හොරාගෙන?

අනේ මට දී යන්න 
යනවිට - මගේම 
ඒ කවිකම.....
අහා.... ඔබ යාද එහෙනම්??
මගේ හිත හොරකම්කර 

දෙසිත් පොඩිවී රිදී, තැලී - හඬා 
සැඩපහරකින් විසිකළ 
අප දෙදෙන...
කිසි දිනෙක සමුනොවෙන ගොඩබිමක 
විසිරුණිය - ඒ රුවල් නැව !

14. වරදක්....



දුටුවාද මම 
පෙති විදාන උන් හැටි 
අරුනෝදෙටත් පෙරම.....?

දුටුවාද ඒ වරදට 
හිරු දුන් කමටහන 
පුරන්නට 
ඔබ නැතිව 
මේ විලෙහි පියුමක්ව.....!

Monday, June 24, 2013

13. හැංගිමුත්තම්


මේකත් මගේ පුංචි කාලේ උන සිද්දියක්.....
ඇත්තටම මට තිබුනේ ගොඩක් දේවල් එකට එකතු උන ජාතියේ ළමාකාලයක් .. මම එහෙම කියන්නේ, සතුට, දුක ත්‍රාසය, විප්ලවය වගේ ගොඩක් දේවල් තිබුන හින්ද.

අපි අලුතෙන් ගේ හදන කාලේ අපේ ගෙදර පුදුම සෙනගක් හිටියේ.. මට නම් ඕනේ තරම් අය්යල, අක්කල හිටිය හැබැයි ඉතින් මම බට්ටෙක් වගේ පොඩි නිසා එයාලගේ වැඩ වලට මාව  ගාවාගන්නේ නම් හරිම අඩුවෙන්.. ඒ ගැන මම තව කියන්නම්කො පස්සේ..

නිවාඩු කාලේ කියන්නේ මට නම් වසන්ත සමයක්.... මම දන්නේ නැහැ අපේ දවස් වල නම් නිවාඩු කාලේ කියන්නේ කොතරම් නිවාඩුද කියනවා නම් ආපහු ඉස්කෝලේ යනකොට මට නම් අකුරුත් අමතක වෙන තරම්! ඒ දවස්වල හැම නිවාඩුවටම අපේ මාමා ගේ ළමයි අපේ ගෙදර එනවා. එයාල ලොකුයි... කොටින්ම එහෙ හතරදෙනාගෙන් බාලම අක්කත් අපේ අය්යටත් වඩා අව්රුදු කීපයක් වැඩිමල්... 
එහෙ අක්කල ආපු ගමන් අපේ අක්ක කරන්නේ මාව තඹේකට  මායිම් නොකර අරින එක. ඒ ගැන නම් මට අදටත් තියෙන්නේ පපුව පැලෙන තරම් දුකක්.... මොකද මට සෙල්ලම් කරන්න කිසි කෙනෙක් නැහැ එතකොට ඉතින් මමත් බට්ට වගේ ඉගෙන ඇත අරින්නේ නැහැ game  එක! මම කරන්නේ මාව ගන්නේ නැත්තම් පැත්තකට වෙලා හොරෙන් හරි බලාගෙන ඉන්න එක.... දැන් නම් මම පව් කියල හිතෙනවා.... හික් හික්.....

Monday, June 17, 2013

12. මගේ කවිය...

දොරගුළු නොලන්නෙමි 
යා හැකිය ඔබහට 
ඔබට රිසි වෙලාවක - පිටවෙලා....
නමුදු - යනවිට කියා යන්න 
කිසිදිනෙක යළි  නාරින ලෙස 
යලිදු මට දොරගුළු ලා ගන්න 
එවිට  මට හැකිවේවි......


Friday, June 14, 2013

11. ඔව්... මම බොහොම සතුටින්...!

දුකක් දැනිල තියෙනවද? ඔව්.. හැමෝටම දැනිල තියෙනවා... ඒ ඇයි  දුකක් දැනෙන්නේ? අපිට ඕනේ දේ කලේ/ උනේ නැති උනහම.....
එහෙනම් තමන්ට ඕනේ දේ කරාම ???
කරලා බලල තියෙනවාද? තමන්ට ඕනේ දෙයක්... ඕනේ විදියටම.. ඒ වෙලාවේම???
සමහර  වෙලාවට හරිම වේදනාකාරී දෙයක් උනත් හිතන්නේ නැතුව කරාම එක අතකට හිත නිදහස්....
මට දුකක්  නැහැ........ මම මේ ලියන දේවල් ඔයා කියවන්නේ නැති බව මම හොදටම දන්නවා.. ඒ නිසා මේ ගැන ඔයාට පොස්ට් එකක් දාන්න හිතාගෙන කලේ නැහැ...
ඔව්... මම බොහොම සතුටින්...!


Person 1 : I'm sorry........... I couldn't help it
Person2  :  Yes I need you!

Tuesday, June 11, 2013

10. කඩෙන් බඩු ගැනීම ...


මෙන්න මේකත් අර මගේ අපූරු  යාලුවට උන වැඩක්! අනේ මන්ද උන වැඩක් කිව්වට එයා විහින් කරගන්න වැඩ!

මගේ යාලුවට අපි දාමුකෝ නමක්... "අමාලි" කියල...
මම මේ කියන දවස්වල අමාලි හිටියේ යාලුවෝ කට්ටියකුත් එක්ක annex එකක් අරගෙන. (එයාගේ ගෙවල් කොළඹ නෙවෙයි) යාලුවෝ හතරපස්දෙනා එක්ක ඉතින් උයාගෙන තමයි කෑවේ. ඇත්ත කියන්න එපෑ , අමලිගේ කැම රසයි.  ඒ උනාට උයන්න ගියාම ගෙවල් දෙකක බඩු  ඕනේ. වලං 6ක් ඕනේ කෑම ජාති 2ක් හදන්න.... අනේ මන්ද no  comments !

මෙයා  ඉතිං  වැඩට ගිහිං  එන ගමන් තමයි උයන්න පිහන්න බඩු ගේන්නේ, ළග තියෙන පොඩි කඩේකින්. ඔන්න එකෝමත් එක සුන්දර නිවාඩු දවසක.... මේ කට්ටියට හිතුණා  සුන්දර නිවාඩු දවස තවත් සුන්දර වෙන්න කියල fried  rice එකක් සුපිරිවට හදන්න! ඉතින් අමාලිත්  පිරිසිදු සිතින්, එක පයින් එකග වෙලා, සල්ලිත් අරගෙන කඩේ ගිහින් අඩුම කුඩුම ගේන්න .... සම්බා හාල්... එළවලු, තව තව ජාති.....
කඩේට ගිහින් ඉල්ලුවලු සම්බා හාල්.... අනිත්වත් ඉල්ලලා.... මෙය වටපිට බල බල ඉදලා ...... 

"මෙන්න නෝනා බඩු ටික....." කියල මුදලාලිත් ෂොපින් කවරෙක දාල දුන්නලු.... මෙයාට සිහියක් නැහැ නේ..... එතකොට තමයි සල්ලි ඇදල  දීල තියෙන්නේ.... සල්ලිත් දීල මිනිහ බදුටිකත් අරගෙන ඇවිත්.
ගෙදර ඇවිත් බඩු අස් කරනවලු....

"මොකද්ද අනේ.... මම මේ මනුස්සයට කිව්වේ සම්බා හාල් දෙන්න කියලනේ.... මේ මොනාද මේ කැකුළු හාලක් දාල තියෙන්නේ......"
බෑග් එකේ තියෙන බඩු එකින් එක අයින්කරනගමන් අමාලි කිව්වලු...

Thursday, June 6, 2013

09. බස් කතා......



බස් එකේ යද්දී වෙන කතාවක් ලිව්වා නිසා මට මතක් උනා තව බස් කතා ටිකක්...

මට ඉන්නවා යාලුවෙක්... කිව්වට විශ්වාස  කරන්න.... එයත් එක්ක බස් එකේ ගියොත් ටික දුරකට හරි... මොකක් හරි අටමගලක් වෙනවා වෙනවමයි.....

ඔන්න එකෝමත් එක දවසක අපි දෙන්න ගියා පොඩි වැඩකට බස් එකේ... යන්න තිබ්බේ හෝල්ට් 3ක් විතර... මම බස් එකට නගින්න යනකොටම එයාගේ අතට ගමන් ගාස්තු වලින් මාරු ටිකක් දුන්නා  එයාගේ අතේ තියෙනවා කිව්ව  හින්ද.

ඔන්න අපි ඉතින් බස් එකේ ඉඩ තිබ්බ නිසා වාඩිත්  උනා  හැබැයි තැන්  දෙකක..... දැන් හොදටම traffic එක... හෙමින් හෙමින් බස් එක ඉස්සරහට යනවා... 

හෝල්ට් එකායි ...... හෝල්ට් දෙකායි ... ඔන්න යන්තම් බහින හෝල්ට් එක පේන  මානයට ආවා. පුදුම traffic  එකක්.... move  වෙන්නෙම නැති තරම්. හිටියා  හිටියා... යන්නෙම නැහැ. අපි දෙන්න මූණෙන් මුණ බලාගත්ත.... 

"බහිමුද?"

මම හෙමින් ඇහුවා. මෙයත් ඉතින් ඔලුව වැනුවා....

traffic  එකේ බස් එක තිබ්බ නිසා අපි දෙන්නා බස් එකෙන් බැස්සා. මට නම් නිතර පලදෙන සත්‍යයක් තියෙනවා.. ඒ තමයි.... පැයක්  කල්පනාකරලා ගන්න තීරණේට  වඩා ටුක් කියල කරන වැඩේ හරි යනවා. උදාහරණයක් කිව්වොත්... bank  එකකට ගිහින් ගොඩක් කල්පනා කරලා කරලා move  වෙන පෝලිමකට එකතු උනොත්...... එකතු උන මොහොතේ පටන් අනිත් සියලුම පෝලිම් අපි එකතු උන පෝලිමට වඩා ඉක්මනින් move  වෙන්න පටන් ගන්නවා! බොරුද කියල බලන්නකෝ මට නම් ඒක  90% සත්‍යයි!!


ඔන්න ඉතින් සුපුරුදු පරම න්‍යාය අනුව.. අපි බැස්ස ගමන් මෙතෙක් වෙලා traffic  හිර වෙලා තිබ්බ බස් එකත් ඔන්න ඉතින් move වෙන්න පටන් ගත්ත... අපි යන ගානටම ඔන්න බස් එකත් යනවා... බස් එකේ මිනිස්සුන්ට ඉතින් වටපිට බලන්න තහනමක් නැහැ නේ... ගොඩ දෙනෙක් බිම බලාගෙන යන අපි දිහත් බලන් ඉන්නවා අපිට දැනුන.. ඒ අතරේ ඉස්සරහ දොරේ එල්ලිලා හිටපු කොන්දත් හිටිය..... 

එකපාරටම සු... සු... ගාන  සද්දයක් ඇහුන.... 

ලොකුකමකට කියනවා නෙවෙයි.. මම නම් සු... සු.... ගාවට කිසිම දවසක බලන්නේ නැහැ...... ඔය වැඩේ හින්ද මම සමහර යාලුවන්ගෙන් බනුමුත් අහල තියෙනවා ලොකු කමට බලන්නේවත් නෙතුව ගියා  කියලා.
මම බැලුවේ නැතුවට මගේ යාලුවට බැලිල.... මට ඇහුන කියනවා..

"සල්ලි දුන්නේ නැහැ නේද ?"

දෙය්යනේ..... ඒ කොන්දොස්තර....!!! බස් එකේ ඉදගෙනම කියනවා ඇහෙනකොට මට මගේ යාළුවගේ මුණ බැලුන..

"එයි... තමුසේ සල්ලි දුන්නේ නැද්ද?" මම මගේ යාලුවගෙන් ඇහුව...

"අහ් ... මට අමතක උනා ..." ඒකි  කිව්වා.... මම දැක්ක මම දීපු සල්ලි ටික තාමත් එයාගේ අතේ තියෙනවා....

අපොයි.... වස ලැජ්ජාවයි...!! බස් එකේ මිනිස්සු ඔක්කොම ඒ පාර අපේ දිහා බලන් ඉන්නවා... අපි යන ගානටම බස් එකත් traffic එකේ ඇදෙනවා.. 

"සල්ලි දෙන්න සල්ලි දෙන්න....." කොන්දොස්තර බෙරිහන් දුන්න..... මට නිකන් කන් දෙකෙන් දුන් පිටවෙනවා වගෙත් දැනුන...

අපේ man ට කිසි අවුලක් නැහැ... එයා අතේ තිබ්බ සල්ලි ටික ගිහිං  මෙලෝ ගානක් නැතුව අර කොන්දොස්තර අතට දීල ආවා !!!

"මට අමතක උනා අනේ"! ඔන්න උත්තරේ!!! 

මල් පොකුරු පොකුරු ඈ  යනමග ඈ  දෙසටම නැමියන් !!!!! (පසුබිම් ගීතය)
---------------------------------------------------------------------------------------------------------------------------
ආයෙත්  එක දවසක මෙයාගේ මේ බස් සමග තියෙන සදාතනික බැදීම ගැන අපි දැනුවත් වෙලා හිටපු නැති කාලෙක මෙයත් එක්ක බස් එකේ ගියා.. 

වැඩිය සෙනග හිටිය නැති නිසා පිටිපස්සේ දොරෙන් බස් එකට නැගල අපිටවත් අල්ලගන්න වෙලාවක් ලැබුනේ නැහැ.... බස් එක අර ගාල කඩාගත්තා  වගේ එකපාරට ඇද්දුව ..... මාවත්  කැරකිලා  ගිහින් වෙන තැනකට විසික් උනා . මම බැලුව මගේ යාලුවට මොකද උනේ කියල... එයා පේන්න  නැහැ... බිම පොදියක් වගේ එකක් නම් තියෙනවා.... හපොයි දෙය්යනේ මේකි බිමට වැටිලා! බස් එක ඇතුලේ පොට්ටනියක් වගේ (මෙය පොඩ්ඩක් මහතයි...)

මිනිස්සු කෑ  ගහන්න ගත්ත. මිනිස්සුන්ගේ කෑගැහිල්ල කොහේ ඇහෙන්නද බස් එක පස්සපැත්ත  ගිනිඅරන් වගේ කඩාගෙන යනවා... මෙයා  බිම දොයි!! කොන්දොස්තරත් ඉස්සරහ හිටියේ... ඔන්න යන්තම් හෝල්ට් දෙකක් විතර ගිහින් මිනිස්සුන්ගේ විලාපෙ  කන වැටුන ඩ්‍රයිවර් උන්නැහේ ගැහුවා break  පාරක්!.... බිම දොයියගෙන හිටපු මෙය බස් එකේ බාගයක් දුරට ලෙස්සල ගියා  හරියට නිකන් අර typewriter  එකක් වගේ... මට ඔක්කොටම වඩා හිනා.... මිනිස්සු වට වෙලා දහසක් ප්‍රශ්න අහනවා! 

"වැදුනද වැදුනද...... කොහෙද වැදුනේ...... තුවාලද...කෝ මොකද උනේ..."

මේ බඩුවට මේවට උත්තර දෙන්න විදියක් නැහැ හොදටම හිනා! වැඩියම හිනා උනේ ලජ්ජාවට! දැන් මතක් උනත්  හිනා  යනවා.... (ඔයාලට හිනා ගියේ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නැතෝ....)

--------------------------------------------------------------------------------------
මේ කියන සිද්දියේ කතානායිකාවත් මගේ මේ යාළුවම තමයි.... මෙයාට  හිටපු ගමන් වෙන සිහියෙන් වැඩ කරන මූඩ් එකක් එනවා ..... කොයි වෙලේ මොකට එනවද කියල ඉතින් දෙය්යෝ තමයි දන්නේ...


ඔන්න ඉතින් වෙන සිහියකින් ඉන්න දවසක මෙය බස් එකට නැගල වාඩි වෙලා හොදට මනෝපාර  ගහගෙන ඉන්නවලු. ඒ අතරේ ඔන්න බස් එකට හිගන්නෙක් නැගල ඔන්න යාදින්නක්  එහෙම කියාගෙන ඉස්සරහ පැත්තෙන් එනවලු... මනෝපාර අතරේ මෙයාට  එකත් ඇහිලා මෙය හිගන්නට දෙන්න සල්ලි ටිකක් එහෙම අතට අරගෙන 

එත් එක්කම වගේ සෙනග අතරින් සල්ලි ඉල්ලන අතක් ඇවිල්ලා .. මෙය හිගන්නට දෙන සල්ලි ටික දීල. එකපාරටම...

"මේ කොහෙට යන්නද...." කියල අහුනලු. එතකොට තමයි මනෝ පාර බිදිලා මෙයාට පොඩ්ඩක් සිහිය ඇවිත් තියෙන්නේ....

බලනකොට හිගන්නාගේ සල්ලි දීල තියෙන්නේ කොන්දොස්තරට.... මෙය ගත කටටම....

"ඕක අර හිගන මනුස්සයට දෙන සල්ලි" කිව්වලු (කට පියන් ඉන්න බැරි කමට!)

"එහෙනං  ඒ මිනිහට දෙනවා! මට දෙනවා බස් එකට සල්ලි" කිව්වලු  කාරුණික කොන්දොස්තර...

මෙයත් ඉතින් අතෑරල  නැහැ....

"එහෙනම් දෙනවා ඕක මෙහාට" කියල ඒ සල්ලි ටික අරගෙන . වෙන සල්ලි ටිකක් දුන්නලු..... 

"පිස්සු case " කියල ගිහින් ඒ කොන්දොස්තර....
----------------------------------------------------------------------------------------------------------

ආයෙත් දවසක මෙයාගේ මනෝ ගහන දවසක් උදා වෙලා..... බස් එකට සුපුරුදු විදියට නැගල වැඩි වෙලා මනෝපාර  ගහගෙන ඉන්නකොට කොන්දොස්තර ඇවිත් සල්ලි ඉල්ලලා... 
රුපියල් 50 කොලයක් දීල 

"අඹගස් හතර එකයි.." කිව්වලු.... ඉතින් කොන්දොස්තර සල්ලි ටික අරගෙන ඉතුරු ටික මෙයාගේ අතට දීල ඉස්සරහට ගියාලු...

කොන්දොස්තර ඉතින් කොයි  වෙලෙත් "ටිකෙට්... සල්ලි.."ගගා බස් එකේ පිස්සෙක් වගේ එහෙට මෙහෙට දුවනවා නේ....

ඉතින් සුපුරුදු විදියට මේ කොන්දොස්තරත් ආයෙත්  "සල්ලි ගන්න...." කියාගෙන ආවලු..... මෙයා ලගට ආපු ගමන්..

"අඹගස් හතර එකයි...." කියල ඉතුරු උන සල්ලි කොළෙත් දික් කරලා ආයෙත් ticket  ගත්තලු......

කොන්දොස්තර එකපාරටම ඩිම් වෙලා ගිහින්...... ඒත් ticket එකට සල්ලි අරගෙන!!


බැහැල කඩේට යන්න හිතාගෙන බලනකොට තමයි ඉතින් මෙයා දන්නේ!... මදැයි නේද!!!

මෙයාගේ තව පිස්සු වැඩ කීපයක් තියෙනවා.. පස්සේ ලියන්නම්කො...

Monday, June 3, 2013

08. 120 බස් එකේ ගියෙමි



ඔන්න ඉතින් මේකත් අපේ නට්  අක්කත් එක්ක ගියපු ගමනක්...

එකෝමත් එක දවසක අපේ අක්කයි මමයි කොළඹ ඉන්න දවස්වල exhibition and convention  හෝල් එකේ තිබ්බ ප්‍රදර්ශනයක් බලන්න ගියා . මේකට ඉතින් අක්කගෙයි, මගෙයි පවුලේ යාලුවෙක් උන හර්ෂණ අය්යත් එකතු උනේ ඒ දවස්වල අපිට කොළඹ ආගන්තුක නිසා. අනේ අපේ අක්කගේ ඕනේ කටුවක් කන දුප්පත් හර්ෂණ අය්යත් සහෝදරකමට අපිත් එක්ක යන්න එකතු උනා. හර්ෂණ අය්යා මට වඩා වැඩිමල්, අක්කට වඩා  බාලයි.  

ඔන්න ඉතින් කොහොමහරි.... ප්‍රදර්ශනෙත් බැලුවා... දැන් ගෙදර යන වෙලාව. අපි හිටියේ කොහුවල බෝඩිමක. ඉතින් අපිව බස් එකෙන්ම ගිහින් ඇරලවන්න හිතාගෙන හිටපු හර්ෂණ අය්යත් එක්ක අපි තුන්දෙනා ආව කොටුවේ ලේක්හවුස් එක ලග තියෙන බෙන්ඩ් එකේ හෝල්ට් එකට (අනේ මන්ද කොහොමද හරියටම කියන්නේ කියල. ඒ හෝල්ට් එක තියෙන්නේ ටෙලිකොම් එකට ඉස්සරහ... )

ඔන්න ඉතින් බස් එනවා... දන්නා අය දන්නවා 120, 138 බස් කොයිතරම් පරිස්සමෙන්, හෙමින්ද යන්නේ කියල. අපි තුන්දෙනා ඉතින් බස් එකකට දුවනවා.. ඔන්න ඒක  ඇදලා යනවා... (අපේ අක්කා  නැලවී නැලවී එනකල් ඉතින් කරත්තයක්වත් නතරකරන් ඉන්නෙත් නැහැ ඉතින්...)


ඔහොම බස් 2ක් විතර මග ඇරුන . මම දැන් ටිකක් එයාල දෙන්නට ඈතට වෙන්න තමයි හිටියේ. ඔන්න එතකොට තව 120 බුස් එකක් ආව . මම අපේ අක්කගේ අතේ තිබ්බ පර්ස් එක මගේ අතට අරං කිව්වා..

"මේකට නගිමු.... ඉක්මනට එන්න කියල..."

මම දුවගෙන ගිහින් නැග්ග... අප්පා ඇති යන්තම්.... නැගල හැරිලා බලනකොට... මෙන්න අර දෙන්නම බිම!!!!! බස් එකත් කඩාගෙන බිදගෙන යනවා. 

දැන් ඉතින් මොනා  කරන්නද... ඒ දෙන්නා  ආපුවාවේ  කියල මම හිතුව යන්න කියල. අක්කගේ පර්ස් එක ඇරලා සල්ලි ගන්න හැදුව...

"හාහ්!!!!! කෝ සල්ලි?" 

අක්කගේ පර්ස් එකේ කිසිම දෙයක් නැහැ!! මම දඩ බඩ  ගාලා හැම පොකට් එකම ඇදල බැලුව.... අනේ මගේ කරුමේ... අඩුම තරමේ සත පනහක් වත් නැහැ!!! මෙහෙමත් පර්ස්!! මම මගේ බෑග් එකත් හර්ෂණ අය්යාට  දීල තිබ්බේ එයා  ඉල්ලපු නිසා. 

දැන් මොකද කරන්නේ.... මට හීන් දාඩිය දාල... ඔන්න මගේ ටිකිරි මොලේ වැඩ කරා. ඒ දවස්වල මම මගේ දුප්පත් ෆෝන් එක ගත්ත අලුතමයි. ටක් ගල ගත්ත කෝල් එකක් හර්ෂණ අය්යට (අපෝ මේ වගේ වෙලාවල්වල අක්කට කෝල් කරොත් මට හාර්ට් attack එකක් හැදෙනවා එයාගේ කෑගැහිල්ලට...)

"අය්යා  පර්ස් එකේ සල්ලි නැහැ..... ඔයාලට බස් එකට නගින්න බැරි උන නේද?"

"හරි නංගි  බය වෙන්න එපා..... ඔයා මගින්  බහින්න. අපි ඊලග බස් එකේ එනවා."



අනේ ඉතින් කරුමේ.....  ප්‍රයිවෙට් බස් වල කොන්දොස්තරලා ගැන ඉතින් දන්නවනේ..... විශේෂයෙන් 120/138 බස් වල ඉන්න ය ඉතින් කඩියෝ වගේ තමයි... කී  දෙනෙක් නැග්ගත් හෝල්ට් එකක් පාස්  වෙන්නත් කලින් සල්ලි ටික ගන්නවා... මගේ කරුමෙට කොන්දොස්තරත් ආවා ......

"සල්ලි.... පස්සෙන් සල්ලි ගන්න..."
(පස්සෙන් සල්ලි ගන්න පුළුවන් නම් අපි බස් එකේ එනවද කියල අහන යාලුවෙකුත් මට හම්බ උන ඊට ගොඩ කාලෙකට පස්සේ... හි හි හි...)

ඔන්න ඉතින් මම මගේ ටිකිරි මොලේ පාවිච්චි කළා ...

"මේක කොට්ටාව යනවද...."

මේ වෙනකොට ඉතින් බස් එකේ කීපදෙනෙක් හිටගෙන හිටිය... ඒ වගේම සලාකා  හරියට කිට්ටු කරලා. ඉස්සර මම මේ කියන දවස් වෙනකොට 120/138 බස් route වෙනස් පාරවල් වල තමයි ගියේ. දැන් නම් ගොඩක් වෙලාවට එකම පාරේ යන්නේ. කොළඹ කැම්පස් එක හරියේ දැන් one-way  කරලා නේ... සලාකා  කියල හෝල්ට් එකක් නැහැ දැන් මම හිතන්නේ....

"කොට්ටාවේ??? නෑ  නෑ ... බහින්න බහින්න.. 138ක යන්න......." කොන්දොස්තර මහතා බෙල් එකත් ගහල මාව  සලාකා  හරියෙන් බිමට දැම්ම. මම බැහැල ඉක්මනට හර්ෂණ අය්යට කෝල් එකක් ගත්ත...

"හලෝ අය්ය ... මම සලාකා ඉන්නේ... ඔයාල කොහෙද..."

මට යන්න විදියක් නැහැ.. සල්ලිත් නැහැ නේ....... 

"ඉන්න නැඟී අපි බස් එකේ ඉන්නේ.... සුදුපාට බස් එකක් යටින් නිල ඉරක් තියෙන.... ඔය එකට නගින්න.... දැන් අපි ඔතනට ළගයි "

කෝල් එක මම කට්  කරලා බැලුවා  හොදට.... පෙන්න නම් නැහැ... ඒත්  මම බලාගෙන ඉන්නකොටම ආවා සුදුපාට බස් එකක් නිල ඉරක් තියෙන... මම අමාරුවෙන් නතර කරගෙන දුවල ගිහිල්ල නැග්ග... වැඩිය සෙනගත් නැහැ...... කෝ?? හැමතැනම බැලුව.... කෝ.. අක්කයි... හර්ෂණ අය්යයි නැහැ නේ... මට දවල් තරු!!! ආයෙත්  ගත්ත කෝල් එකක්...

"මම බස් එකේ... කෝ ඔයාල කොහෙද...."

"හැඃ !!!?? අපි තවම සලාකා  හරියට ආවේ නැහැ.... මළකෙළියයි ....... ඔයා  වැරදි බස් එකටනේ අනේ නැගල තියෙන්නේ.... බහින්න බහින්න....."


මම හැරුන...

"සල්ලි.... සල්ලි ගන්න..." කොන්දොස්තර මගේ මුනට රවල බලල කිව්වා....

"මේක කොට්ටාවේ යනවද...?" පුරුදු තැටිය දැම්ම....

"කෝ..ට්ටාවේ ...............??? පිස්සුද මේ බස් එකට නැග්ගේ????"

දෙනෝදාහක් මැද්දේ කොන්දොස්තර ලතෝනියක් තිබ්බ... ඉස්සරහ හිටපු මිනිස්සු හිටන් හැරිලා බැලුව... මොනා  කරන්නද.....

...."බහින්න බහින්න...."

කොන්දොස්තර ඊලග හෝල්ට් එකෙන්ම මාව බිමට බැස්සුවා...... මට දැන් හොදටම එපා වෙලා.... 
ඔන්න ආයෙත් ෆෝන් එක වදිනවා..

"මොකද? මම ඉන්නේ town  hall ..... "

"හරි නංගි ..... මම ජනේලෙන් කතා කරන්නම්...." 

හර්ෂණ අය්යා ඔන්න කිව්වා... දැන් ඉතින් මට මොකක් උනත් එකයි.... ඔන්න එතකොටම එනවා තවත් සුදු බස් එකක් නිල ඉරක් තියෙන..... එකේ පැත්තකින් අතක් කොඩියක් වගේ වනනවා.. හරියට අපි ඉස්කෝලේ ට්‍රිප් ගියාම වගේ.... මම නැග්ගේ නැහැ.. 


"නංගි .... නගින්න...." මෙන්න හර්ෂණ අය්යා  බෙරිහන් දෙනවා බස් එක ඇතුලේ. හරියට නිකන් මිනිහ drive  කරගෙන ආපු car එකට නගින්න කියනවා වගේ....... 

ඇති යන්තම්........ ඔන්න බස් එකට නැග්ග..... මට වෙච්ච දේ ඉතින් අක්කට කියල වැඩක් නැහැ. "ආ..... නේ....." කියයි... එච්චරයි...



අනේ මන්ද... මේකෙන් ගන්න ආදුරුස එහෙම තියෙනවද කියල....... 

07. අපේ අක්කා සහ පැපොල් ගෙඩිය...




අපේ අක්කත් හරි නට් කේස්  එකක්! අපි දෙන්නා  අතරේ වයස අවුරුදු කීපයයි ගැප් එක.....  පොඩි කාලේ  නම් ගොඩක් ෆිට් නැහැ ඒත්  වයසින් වැඩෙද්දී  අපි දෙන්නා  හරිම එකමුතුයි.

මේ සිද්ධිය වෙනකොට අක්කා  A/L  කරලා ගෙදර ඉන්න දවස්. ඒ දවස්වල A /L  කරලා ටික කාලයක් ඉන්න වෙනවා විශ්වවිද්‍යාලයට යන්න. මම ඉතින් A /L  වලට සුදානම් වෙනවා. එකෝමත් එක දවසක මම ක්ලාස් ඉවර වෙලා සුපුරුදු විදියට ගෙට ගොඩ උනා. අම්මත් මොකක් හරි වැඩකට එළියට  ගිහිං , අය්යත් ගෙදර නැහැ. තාත්තත් ඒ කියන දවස්වල රට. ඉතින් අක්ක විතරයි ගෙදර..

මේ පොර පුදුමාකාර බයයි තනියෙන් ඉන්න. ඒක  අදටත් වෙනස් වෙලා නැහැ. පව් දෙය්යනේ අර කසාද බැදපු අය්යත් මේවට ඔරොත්තු දෙනවා! හි හි හි..... තනියෙම ගෙදර ඉන්න වෙලාවක හය්යෙන් ගහක් හෙලවුනත් ගම දෙවනත් වෙන්න කෑගහනවා... අපේ අම්මත් එයාව තනියෙන් තියල යනවා නම් පොඩි වෙලාවකට විතරයි. මම ක්ලාස් ඇරිලා ඉක්මනට එන නිසා ඒ වෙලාව බලල තමයි අම්ම යන්න ඇත්තේ...

06. ටිකෙට්??


ඔන්න ඉතින් මේකත් පල්ලෙහා ගෙදර නංගි  සම්බන්ධ කතාවක්... එය ගැන ඉතින් මම කියල ඇති මිට කලින් වතාවක්.

මෙයා ඉස්කෝලේ ගියේ, සෙල්ලම් කලේ ඔක්කොම මමයි අපේ අක්කයි එක්ක තමයි.(ඒ නංගි  ඉස්කෝලේ ගියේ අපේ අක්කගේ එකටමයි) අපි යන ඕනේ තැනක එයාගේ ආච්චි අම්ම එයාට එන්න අවසර දීල තිබ්බේ. (එහෙම් ... එහෙම් ..... අපි හොද ළමයි නිසා තමයි හරිද?...) 

මේ කියන කාලේ මගේ වයස අව්රුදු 11-12ක් විතර ඇති. අපි දහම්පාසලට  යන නිසා ඔන්න ඉතින් මේ නංගිවත් අපේ දහම්පාසලට යවන්න පටන් ගත්ත. මෙයා  ඉතින් හැමදාම වගේ පරක්කුයි. (අපි කියල ඉක්මනට ලෑස්ති වෙන්නේ නැහැ... මේ කෙල්ල අපිටත් වඩා පරක්කුයි හි හි හි.....)

අපිට ඉතින් නිදහසේ ඉස්කෝලේ යන්න ලැබෙන්නේ නැති නිසා මම නම් හරිම කැමතියි මේ දහම්පාසැල්  ගමනට! ඉස්කෝලේ යනකොට ඉතින් van එකේ ගිහින් බහිනවා ආයෙත් හවස වෙලාවට ගන්නවා! අපොයි මට ඒක මහා කරදරයක් වෙලා තිබ්බේ. කිසිම නිදහසක් නැහැ. ඕකෙන් ගැලවෙන්න මම එක එක උපක්‍රම පාවිච්චි කලා  පොඩි කාලේ  හි හි හි..... ඒවා ගැන ඉතින් මම පස්සේ වෙනම කියන්නම්....

Friday, May 31, 2013

05. හිතේ තියෙන දේවල්..


කියාගන්න බැරුව හිතේ තියාගෙනම ඉන්න පුළුවන් ජාති කීයක්  තියෙනවද?
1. ආදරයක් 
2. වෛරයක් 
3. පිළිකුලක් 
4. අතිශය භයංකර රහසක් ( කීමෙන් පිහිඇනුමක් , ජිවිත හානියක් ඇතිවියහැකි)

තව මට මතක් වෙන්නේ නැහැ නේ.......
මම අංක දැම්මේ හේතුවක් ඇතුව. මොකද ඒ තියෙන පිළිවෙලට තමයි මගේ ලිස්ට් එක නම්.

කියාගන්න බැරුව හිතේ තියන් හිටපු සහ තියන් ඉන්න ආදරයන් ගැන නම් ඉතින් මම කියන්න ඕනේ නැහැ නේ. 

වෛරයක් ගැන උනත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හිතේ තියාගෙන ඉන්න වෛරයන් එලියට එනකොට එක එක හැඩතල ගන්නවා. කැපිලි, හින්ට් ගැහිලි වගේ...

පිළිකුල උනත් එක එක හැඩරුව ගන්නවා හිතේ තියාගෙන හිටියොත්. ගොඩක් වෙලාවට මම දැකල තියෙන දෙයක් තමයි සේවා ස්ථානයේ තියෙන සදාකාලික 'බොසා විසින් පිළිකුල් කරන සේවකයා' සහ 'සේවකයා විසින් පිළිකුල් කරන බොසා' (ඉදල හිටලා ඊට වෙනස් කතා තියෙනවා)

මම බය මේ අන්තිම ජාතියේ එකට! කව්රුහරි ඔයාට කිව්වොත් ඒ වගේ රහසක්???? එහෙම නැත්තම් ඔයාට ඒ වගේ රහසක් තියෙනවා නම්????? අපොයි දෙය්යනේ.... නින්ද යන්නේ නැහැ අප්පා..........

Thursday, May 9, 2013

04. පල්ලෙහා ගෙදර නංගිගේ රෙකොර්ඩ් පොත


අපේ ගෙදරට පහළ ගෙදරට අපි හැමෝම විතරක් නෙවෙයි අහල පහළ හැමෝමත් කිව්වේ "පහළ ගෙදර " කියලා. ඒකෙ ඉතින් අමුත්තක් නැහැ නේ.

ඒ ගෙදර ගැන නම් ඉතින් ලියන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද අපේ ගෙදරට නිතර ආව ගිය අය  වගේම එයාලගේ ගෙදර අපිත් ඉස්සර නිතර යනවා එනවා.

මම මේ කියන දවස් වල ඒ ගෙදර හිටියා නංගි කෙනෙක්, අපිට වඩා අව්රුදු පහක් විතර බාල. එයාට ගෙදර කිව්වේ "බර්නි" කියල.

ලංකාවේ අයගේ තියෙනවා නේ විකාර පුරුද්දක්.. ගන පිහිටවලා... වෙලාව බලලා ... දන්නා සුත්තර ඔක්කොම කරලා උප්පනෙට දාල නමක්... ඒකට පොඩ්ඩක්වත් ලගින්වත් යන්නේ නැති විකාර නමක් කියල ගෙදරට කතා කරනවා!

Monday, April 29, 2013

03. මගේ කතා කියවපු කව්රු හරි මේ cyber අවකාශයේ ඉන්නවද?

සිංහල බ්ලොග්ස් කීපයක් මම කියෙව්වා. ඒවා දැක්කම  මට ආයෙත් ලියන්න හිතුනා. මම ලියන්න ගත්තේ මොන කාලේද කියල මට හරියට මතක නැහැ ... ඒත් මගේ පාසල් කාලේ යාලුවෝ දන්නවා මම ලියපු නවකතා ගැන නම්.. හි හි හි .... දැන් නම් මතක් වෙනකොට හිනා යනවා.

මට නවකතා ලියන්න නම් හිත ආවේ හරි අපුරු විදියකට. මගේ පාසලේ main hall එකේ   තිබිලා මට දවසක් හම්බ උනා නවකතාවක්. මට ඒකේ තිබ්බ කතාව හොදටම මතකයි. පින්තුරෙකුත් ඇදල තිබුණා. ඒක මගේ හිතේ කොතරම් තදට තැන්පත් උනාද කිව්වොත් මම ඊට සතියකට පස්සේ පුංචිම පුංචි කොළ කැල්ලක ලිව්වා කතාවක්... හි හි... ඒ කතාවේ ලිව්වේ මම ජේද තුනයි.. එකේ පාඨකයා දක්වපු ප්‍රතිචාර නිසා එතැනම නතර උනා. මගේ පාඨකයාගේ වයස එතකොට අවුරුදු 10 යි !! ඇය මගේ අසල්වාසී නංගියෙක්.මට ඒකාලේ තේරුනේ නැහැ කාටද ඒක පෙන්නන්න ඕනේ කියල.

දෙවනියට මම ලිව්වා ඇත්තටම නව කතාවක් ... එකේ නම "කුමරුණි  මගේ ලොව දිණු "... (කොහෙන්ද මට ඒ නම ඔලුවට ආවේ?.. දන්නේ නැහැ!)මගේ ලියන පොතක් ( Exercise book) තමයි පාවිච්චි කලේ. අතින් ඇන්දා චිත්‍ර ඒ ඒ තැන් වලට ගැලපෙන්න. කවරේට කතාවේ ප්‍රධාන චරිත ටිකක් මගේ හිතේ ඇදුන විදියට ඇන්දා. මේ පාර නම් මගේ පාඨකයෝ උනේ මගේ පාසැල් යාලුවෝ! පුදුම පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණා . ඒක මුළු පාසැල පුරාම අතින් අත ගියා. මම ඒ පොතේ අගට පිටි ටිකක් ඉතුරු කළා පාඨක ප්‍රතිචාර ලියන්න කියලා. පළවෙනිම ප්‍රතිචාරය ලැබුණ දවස මට නින්ද ගියෙත් නැහැ. සතුටුයි. 

මගේ කතා ඊට පස්සේ හරියට ජනප්‍රිය උනා . ලොකු කමකට කියනවා නෙවෙයි. මම හොද සිංහල ඉතා හොදින් ඒ හැම පොතකම හැසිරෙව්වා. මේ වගේ නෙවයි, හොද ව්‍යාකරණ එක්ක! කතාවක් ලියන්න මට හොද වස්තුබීජ තිබුණා මගේ පාසැල තුලම . හැබැයි හිනා යන වැඩේ කියන්නේ... මම කතාව ඉවර කරන්නේ පොතේ පිටු අඩුම තරමේ 10 ක් වත් ඉතුරු කරලා... නැත්තම් මම කොහොමද පාඨක ප්‍රතිචාර ගන්නේ? හි හි හි... 
මගේ කතා කියවපු කව්රු හරි මේ cyber  අවකාශයේ ඉන්නවද?..............................??

Friday, August 21, 2009

02. Cross stitch??

hmm I've become a cross stitch lover.


For those who are interested here are some good links

http://www.maurer-stroh.com/

http://www.cyberstitchers.com/

Monday, February 2, 2009

01. FB??

I was wondering why this Facebook is so popular among people? Its true that I also got the rare opportunity to get linked with some of my old buddies, but its full of gossips and no privacy at all!!!