මෙතරම්ම උණුහුමක්
කිසිකලෙක දැනී නැත...
මෙතරම්ම මියුරුවට
සියොත් ගී ඇසී නැත....
මෙතරම්ම සිනහවක්
දෙතොල තුල රැඳී නැත...
මෙතරම්ම ප්‍රේමයක්
මිහිමතට උරුම නැත...
ක්ෂිතිජ ඉම මත රැඳුනු නැවුබඳ - නිසල මුහුදක ලකුණු දනවයි
වෙරළ අසබඩ පෙලෙන ජලකඳ - සසල රැලි හා පෙරලි කරවයි
ජලජ මිහිමත මැවුණු කතරද - විරල මිරිඟුව කැරලි අවුලයි
ධවල පිරුවට මතින උන්වද - කිරුළ පසෙකින ගිලී ඇවිලෙයි
සිහින සතකින පසුව එළැඹෙන - මුරුගසන් වරුසාව උසුලා
බැවින සසොබන පලස වියමන - පිරියමෙන් ලියකමින් උදුලා
සිතින ඇවිලුණු නුවරු බලමින - මදහසින් පිරියම විපුල්ලා
පිරුන සඳ දිසි අහස අරගෙන - බබලමින් කුමරිය නිදැල්ලා