Friday, May 8, 2015

171. අදර ඇරයුම








සුදර්ශන් එන්න
ආයෙමත් සෙල්ලම් කරන්නට
හැංගිමුත්තම් , කවඩි , ඔන්චිලි
පුලුවන්වේවි පිට්ටුත්!

එපා සෙල්ලමට වත්
හොරා පොලිස් අල්ලන්ට
උඹ හොරා - මම පොලිස් උනත්
ඕනේ නැහැ හිත පාරන්ට...
ඒත් සුදර්ශන්
හිතයි මට කඩු හටන් කරන්නට
හැබැයි මුත්තට නොපෙනෙන්ට!

11 comments:

  1. නුවරින් එන දුම් රියේ කුමරී
    කවුළුව ලඟට වෙලා
    නොරවන් මට කුමරියේ නැත මා
    කිසි වරදක් කරලා..
    - මීට සුදර්ශන් :)

    ReplyDelete
    Replies
    1. හි හි හි

      Delete
    2. කල්‍යාණ මිත්‍රයෝ.....

      ඔබ පුදුම වෙයි මේක ඇහුවම. ඇත්තටම දවසක් 'සුදර්ශන්' කියන කොල්ලා ඔය සින්දුව, ඔය විදියටම මට කිව්වනේ! පුදුමයි

      Delete
  2. තාත්තා හීනෙන් අැවිත්
    අත වනන තුරු කදවුරු දොරින්
    කාටවත් නැති පුතේ කවුරුන්
    නුඹ රකීවිද සෙනෙහසින්.....

    ReplyDelete
    Replies
    1. මේ ගීත පදපේලි ඇතුලින් එන අර්ථයක් තියෙනවා, අපි කවුරුත් සංවේදී නොවෙන

      Delete


  3. අය්යෝ නෝනා පොඩි කාලේ කරපුව දැන් බැ නෝනා. නෝනත් හරියට පොඩි බබා වගේනෙ නෝනා කෝම්පිට්ටු හදමු කියන්නේ..

    මිට,
    සුදර්ශන්

    ReplyDelete
    Replies
    1. මොක්කද කියන්නේ දෙන් ? යේක බේ... කියනවා? චා චා... බෝම නරකායි

      Delete
  4. බොහොම සරලයි..ලස්සනයි...

    ReplyDelete
  5. සරළව සෑහෙන්න ලොකු කතාවක් කියලා.. අපූරුයි..

    ReplyDelete
    Replies
    1. සරල? මේක ලියාගන්න දඟලපු හැටි දැක්කා නම් එහෙම කියන එකක් නැහැ. විනාඩි පහක් තිස්සේ වෙඩි කාපු ඊරි වගේ ලියාගෙන ගියේ.. හි.. හි... මේක කතාවක් නෙවෙයි කතන්දර ගොඩක්.
      ස්තුතියි.

      Delete
  6. හ්ම්ම්,, nice

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...